යෙදුමෙන් කියවන්න

20. වීසතිමවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

20. විසිවෙනි වර්ගය

අසඤ‍්චිච‍්චකථාවණ‍්ණනා

184. අසඤ්චිච්ච කථා

ඉදානි අසඤ‍්චිච‍්චකථා නාම හොති. තත්‍ථ “ආනන‍්තරියවත්‍ථූනි නාම ගරූනි භාරියානි, තස‍්මා අසඤ‍්චිච‍්චාපි තෙසු වත්‍ථූසු විකොපිතෙසු ආනන‍්තරිකො හොතී”ති යෙසං ලද‍්ධි, සෙය්‍යථාපි එකච‍්චානං උත‍්තරාපථකානං; තෙ සන්‍ධාය අසඤ‍්චිච‍්චාති පුච‍්ඡා සකවාදිස‍්ස, ලද‍්ධිවසෙන පටිඤ‍්ඤා ඉතරස‍්ස. අථ නං “යස‍්මා ආනන‍්තරියකම‍්මං නාම කම‍්මපථප‍්පත‍්තං. යදි ච අසඤ‍්චිච‍්ච කම‍්මපථභෙදො සියා, අවසෙසා පාණාතිපාතාදයොපි අසඤ‍්චිච‍්ච භවෙය්‍යු”න‍්ති චොදනත්‍ථං අසඤ‍්චිච‍්චපාණං හන‍්ත්‍වාතිආදිමාහ. ඉතරො තථාරූපාය ලද‍්ධියා අභාවෙන පටික‍්ඛිපති. සෙසං යථාපාළිමෙව නිය්‍යාති. න වත‍්තබ‍්බං මාතුඝාතකොති පුච‍්ඡා පරවාදිස‍්ස, රොගපටිකාරාදිකාලෙ අසඤ‍්චිච‍්ච ඝාතං සන්‍ධාය පටිඤ‍්ඤා සකවාදිස‍්ස. නනු මාතා ජීවිතා වොරොපිතාති පඤ‍්හෙපි අසඤ‍්චිච‍්ච වොරොපිතං සන්‍ධාය පටිඤ‍්ඤා සකවාදිස‍්සෙව. එවං අධිප‍්පායං පන අග‍්ගහෙත්‍වා හඤ‍්චීති ලද‍්ධිපතිට‍්ඨාපනං ඉතරස‍්ස. තං අයොනිසො පතිට‍්ඨාපිතත‍්තා අප‍්පතිට‍්ඨිතමෙව. පිතුඝාතකාදීසුපි එසෙව නයො. සඞ‍්ඝභෙදකෙ පන ධම‍්මසඤ‍්ඤිං සන්‍ධාය සඞ‍්ඝභෙදො ආනන‍්තරිකොති පුච‍්ඡා සකවාදිස‍්ස, “සඞ‍්ඝං සමග‍්ගං භෙත්‍වාන, කප‍්පං නිරයම‍්හි පච‍්චතී”ති වචනං අයොනිසො ගහෙත්‍වා පටිඤ‍්ඤා පරවාදිස‍්ස. පුන සබ‍්බෙති පුට‍්ඨො සකපක‍්ඛෙ ධම‍්මසඤ‍්ඤිං සන්‍ධාය පටික‍්ඛිපති, පරපක‍්ඛෙ ධම‍්මසඤ‍්ඤිං සන්‍ධාය පටිජානාති. ධම‍්මසඤ‍්ඤීති පඤ‍්හද‍්වයෙපි එසෙව නයො. නනු වුත‍්තං භගවතාති සුත‍්තං එකන‍්තෙනෙව ධම‍්මවාදිස‍්ස ආනන‍්තරිකභාවදස‍්සනත්‍ථං වුත‍්තං. ආපායිකො නෙරයිකොති ගාථායපි අධම‍්මවාදීයෙව අධිප‍්පෙතො. ඉතරො පන අධිප‍්පායං අග‍්ගහෙත්‍වා ලද‍්ධිං පතිට‍්ඨපෙති. සා අයොනිසො පතිට‍්ඨාපිතත‍්තා අප‍්පතිට‍්ඨිතායෙවාති.

දැන් අසඤ්චිච්ච කථා නම් වේ. එහි ආනන්තරිය වස්තු නම් ගරු වේ. බර වේ. එහෙයින් නොදැන ද ඒ වස්තු විරෝපනය (මව මැරීම ආදීය කළවිට) කළ කල්හි ආනන්තරික කර්මය වේ යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ ඇතැම් උත්තරාපථකයන්ගේ මෙනි. ඔවුන් සඳහා අසඤ්චිච්ච යයි විචාරය සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට යම්හෙයකින් ආනන්තරිය කර්මය නම් කර්මපථ බැවින්, ඉදින් නොදැන කර්මපථ භෙද වන්නේය. අවසේස ප්‍රාණඝාතාදිය ද නොදැන කර්මපථ වන්නේ යයි චෝදනාව පිණිස අසඤ්චිච්ච පාණං සනත්‍වා යනාදිය කීය. අනෙකා එබඳු ලබ්ධියක් නැති බැවින් ප්‍රතික්‍ෂේප කරයි. සෙස්ස පෙළ අනුව පමුණුවා ගන්න. න වත්තබ්බං මාතුඝාතකො යයි විචාරීම පරවාදියාටය. රෝග ප්‍රතිකාර කාලයෙහි නොදැන මරණ සඳහා ප්‍රතිඥාව සකවාදියාටය. නනු මාතා ජීවිතා වොරොපිතා යන ප්‍රශ්නයෙහි ද නොදැන දිවි ගැලවීම සඳහා ප්‍රතිඥාව පරවාදියාටය. මෙසේ අදහස නොගෙන හඤ්චී යයි ලබ්ධිය පිහිටුවීම අනෙකාගේය. එය අනුවණින් පිහිටුවන ලද හෙයින් නොපිහිටවූවා මෙනි. පිතුඝාතකාදියෙහි ද මෙම නයම වේ. සංඝ භේදයෙහි වනාහි ධර්ම සංඥාව සඳහා සංඝභෙදතො ආනන්තරිකො යයි විචාරීම සකවාදියාගේය. ‘සංඝං සමග්ගං භෙත්‍වාන කප්පං නිරයම්හි පච්චති’ යන වචනය අනුවණින් ගෙන ප්‍රතිඥාව පරවාදියාගේය. නැවත සබ්බෙති යයි විචාළේ නම් පක්‍ෂයෙහි ධර්ම සංඥාව සඳහා ප්‍රතික්‍ෂේප කරයි. පර පක්‍ෂයෙහි ධර්ම සංඥාව සඳහා පිළිගනී. ධම්ම සඤ්ඤී යන ප්‍රශ්න දෙකේම මෙම නයම වේ. නනු වුත්තං භගවතා සූත්‍රය ඒකාන්තයෙන් ධර්මවාදියාගේ ආනන්තරිකභාවය දැක්වීම සඳහා කියන ලදී. ආපාධිකො නෙරයිකො යන ගාථාවෙන් ද අධර්මවාදීන්ම අභිප්‍රේතය. අනෙකා වනාහි අදහස නොගෙන ලබ්ධිය පිහිටුවයි. එය අනුවණින් පිහිටුවන ලද බැවින් නොපිහිටියේමය.

අසඤ‍්චිච‍්චකථාවණ‍්ණනා.

ඤාණකථාවණ‍්ණනා

185. ඤාණ කථා

ඉදානි ඤාණකථා නාම හොති. තත්‍ථ දුවිධං ඤාණං – ලොකියඤ‍්ච ලොකුත‍්තරඤ‍්ච. ලොකියං සමාපත‍්තිඤාණම‍්පි හොති දානාදිවසෙන පවත‍්තං කම‍්මස‍්සකතඤාණම‍්පි; ලොකුත‍්තරං සච‍්චපරිච‍්ඡෙදකං මග‍්ගඤාණම‍්පි ඵලඤාණම‍්පි. ඉමං පන විභාගං අකත්‍වා “සච‍්චපරිච‍්ඡෙදකමෙව ඤාණං න ඉතරං, තස‍්මා නත්‍ථි පුථුජ‍්ජනස‍්ස ඤාණ”න‍්ති යෙසං ලද‍්ධි, සෙය්‍යථාපි හෙතුවාදානං, තෙ සන්‍ධාය පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස. පඤ‍්ඤාතිආදි ඤාණවෙවචනදස‍්සනත්‍ථං වුත‍්තං. තෙනෙතං දීපෙති – යදි තස‍්ස ඤාණං නත්‍ථි, පඤ‍්ඤාදයොපි නත්‍ථි. අථ පඤ‍්ඤාදයො අත්‍ථි, ඤාණම‍්පි අත්‍ථි. කස‍්මා? පඤ‍්ඤාදීනං ඤාණතො අනඤ‍්ඤත‍්තාති. පඨමං ඣානන‍්තිආදි සමාපත‍්තිඤාණස‍්ස දස‍්සනත්‍ථං වුත‍්තං. දානං දදෙය්‍යාතිආදි කම‍්මස‍්සකතඤාණස‍්ස. දුක‍්ඛං පරිජානාතීති ලොකුත‍්තරමග‍්ගඤාණමෙව දීපෙති, න ච ලොකුත‍්තරමෙව ඤාණන‍්ති.

දැන් ඤාණ කථා නම් වේ. එහි ලෞකික ලෝකෝත්තර වශයෙන් ඤාණය දෙයාකාරය. ලෞකික සමාපත්ති ඤාණය ද දානාදි වශයෙන් පවතින කම්මස්සකත ඤාණ ද වේ. සත්‍ය අවසන්කොට ඇති මාර්ග ඤාණය ද ඵල ඤාණය ද ලෝකෝත්තර වේ. මෙම විභාගය නොකොට ඤාණය සත්‍ය අවසන්කොට පමණක් ඇත. අනිත්වා ඤාණ නොවේ. එහෙයින් පෘථග්ජනයාට ඤාණය නැතැයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ හේතුවාදීන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. පඤ්ඤා යනාදිය ඤාණ පරියාය වචන දැක්වීම සඳහා කියන ලදී. එයින් මෙය දක්වයි. ඉදින් ඔහුගේ ඤාණය නැතිද පඤ්ඤාදියද නැත. එහෙත් පඤ්ඤාදිය ඇති ද ඤාණය ද ඇත. කුමක් හෙයින්ද? පඤ්ඤාදිය ඤාණයෙන් අනිකක් නොවේ. පඨමං ඤාණං යනාදි සමාපත්ති ඤාණය දැක්වීම සඳහා කියන ලදී. දානං දදෙය්‍ය යනාදි කම්මස්සකත ඤාණයද දුක්‍ඛං පරිජානාති ලෝකොත්තර මාර්ග ඤාණයම දක්වයි. ලෝකෝත්තර ඤාණයම නොවේ.

ඤාණකථාවණ‍්ණනා.

නිරයපාලකථාවණ‍්ණනා

186. නිරයපාල කථා

ඉදානි නිරයපාලකථා නාම හොති. තත්‍ථ “නිරයෙ නෙරයිකකම‍්මානෙව නිරයපාලරූපවසෙන වධෙන‍්ති, නත්‍ථි නිරයපාලා නාම සත‍්තා”ති යෙසං ලද‍්ධි, සෙය්‍යථාපි අන්‍ධකානං; තෙ සන්‍ධාය පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස. අථ නං “යදි තත්‍ථ නිරයපාලා න සියුං, කම‍්මකාරණාපි න භවෙය්‍යුං. කාරණිකෙසු හි සති කාරණා”ති චොදෙතුං නත්‍ථි නිරයෙසූතිආදිමාහ.

දැන් නිරයපාල කථා නම් වේ. එහි නිරයේ නේරයික කර්මයෙන්ම නිරයාපල රූප වශයෙන් වධ දේ. නිරයපාල සත්ත්වයන් නැත්තාහයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ අන්ධකයින්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඉදින් එහි නිරයපාලයෝ නොවන්නාහු නම් කර්ම කරණයද නොවන්නේය. කරන අය සිටින කල්හිම කිරීම ඇතැයි චෝදනා කිරීමට නත්‍ථි නිරයෙසු යනාදිය කීය.

අත්‍ථි මනුස‍්සෙසූති පච‍්චක‍්ඛෙන ඤාපනත්‍ථං. යථා හි මනුස‍්සෙසු සති කාරණිකෙසු කාරණා, එවං තත්‍ථාපීති අයමෙත්‍ථ අධිප‍්පායො. අත්‍ථි නිරයෙසූති පුච‍්ඡා පරවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස. න වෙස‍්සභූ නොපි ච පෙත‍්තිරාජාති පරවාදිනා සකසමයතො සුත‍්තං ආභතං. තං පන සාසනාවචරිකන‍්ති සකවාදිනා අනුඤ‍්ඤාතං. තත්‍ථ වෙස‍්සභූති එකො දෙවො. පෙත‍්තිරාජාති පෙත‍්තිවිසයෙ පෙතමහිද‍්ධිකො. සොමාදයො පාකටා එව. ඉදං වුත‍්තං හොති – අත‍්තනො කම‍්මෙහි ඉතො පණුන‍්නං පරලොකං පත‍්තං පුරිසං න එතෙ වෙස‍්සභූආදයො හනන‍්ති. යෙහි පන සො කම‍්මෙහි තත්‍ථ පණුන‍්නො, තානි සකානි කම‍්මානියෙව නං තත්‍ථ හනන‍්තීති කම‍්මස‍්සකතං දීපෙති, න නිරයපාලානං අභාවං. සකවාදිනා පන තමෙනං, භික‍්ඛවෙති ආභතානි සුත‍්තපදානි නීතත්‍ථානෙවාති.

අත්‍ථි මනුස්සෙසු ප්‍රත්‍යක්‍ෂයෙන් දැන්වීමට කියන ලදී. යම්සේ මිනිසුන් සිටින කල්හි කිරීම වේ. මෙසේ එහිද වේ. මෙහි අදහස මෙසේය. අත්‍ථි නිරයෙසු විචාරීම පරවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. න වෙස්සභුනො පිච පෙත්තිරාජා යයි පරවාදියා විසින් ස්ව සමයේ සූත්‍රය ගෙනෙන ලදී. එය වනාහි සාසනාවචර යයි සකවාදියා විසින් අනුදනී. එහි වෙස්සභූ යනු එක් දෙවියෙකි. පෙත්තිරාජා ප්‍රේත විෂයෙහි මහත් ඍද්ධිවන්තයෙකි. සෝම ආදිය ප්‍රකටමය. මෙය කියන ලදී. තමාගේ කර්මයෙන් ඉතො පනුණ්ණං පරලොකං පත්තං පුරුෂයෙක් නැත. මේ වෙස්සභු ආදීහු විනාශ කරති. යම් කර්මවලින් එහි උපන් හේ ඒ සකානි කම්මා සිය කර්මවලින්ම ඔහු තත්‍ථ හනන්ති එහි නසති යයි කම්මස්සකතය දක්වයි. නිරයපාලයින්ගේ අභාවයක් නොවේ. සකවාදියා වනාහි තමෙනං භික්‍ඛවෙ ගෙනෙන ලද සූත්‍රපද පැමිණවිය යුතු වේ.

නිරයපාලකථාවණ‍්ණනා.

තිරච‍්ඡානකථාවණ‍්ණනා

187. තිරච්ඡානගත කථා

ඉදානි තිරච‍්ඡානකථා නාම හොති. තත්‍ථ දෙවෙසු එරාවණාදයො දෙවපුත‍්තා හත්‍ථිවණ‍්ණං අස‍්සවණ‍්ණං විකුබ‍්බන‍්ති, නත්‍ථි තත්‍ථ තිරච‍්ඡානගතා. යෙසං පන තිරච‍්ඡානවණ‍්ණිනො දෙවපුත‍්තෙ දිස‍්වා “අත්‍ථි දෙවෙසු තිරච‍්ඡානගතා”ති ලද‍්ධි, සෙය්‍යථාපි අන්‍ධකානං ; තෙ සන්‍ධාය පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස. අථ නං “යදි දෙවයොනියං තිරච‍්ඡානගතා සියුං, තිරච‍්ඡානයොනියම‍්පි දෙවා සියු”න‍්ති චොදෙතුං අත්‍ථි තිරච‍්ඡානගතෙසූතිආදිමාහ. කීටාතිආදි යෙසං සො අභාවං ඉච‍්ඡති, තෙ දස‍්සෙතුං වුත‍්තං. එරාවණොති පඤ‍්හෙ තස‍්ස අත්‍ථිතාය පටිඤ‍්ඤා සකවාදිස‍්ස , න තිරච‍්ඡානගතස‍්ස. හත්‍ථිබන්‍ධාතිආදි “යදි තත්‍ථ හත්‍ථිආදයො සියුං, හත්‍ථිබන්‍ධාදයොපි සියු”න‍්ති චොදනත්‍ථං වුත‍්තං. තත්‍ථ යාවසිකාති යවස‍්ස දායකා. කාරණිකාති හත්‍ථාචරියාදයො, යෙහි තෙ නානාවිධං කාරණං කරෙය්‍යුං. භත‍්තකාරකාති හත්‍ථිආදීනං භත‍්තරන්‍ධකා. න හෙවන‍්ති තථා අනිච‍්ඡන‍්තො පටික‍්ඛිපතීති.

දැන් තිරච්ඡානගත කථා නම් වේ. එහි දෙවියන් කෙරෙහි ඒරාවණ ආදි දෙවිවරු ඇත් රූප අශ්ව රූප බවට පත්වෙති. තිරිසන්නු එහි නැත්තාහ. යමෙකුගේ වනාහි තිරිසන් වෙස් ගත් දිව්‍ය පුත්‍රයින් දැක දෙව්ලොව තිරිසනුන් ඇතැයි ලබ්ධි වේ. යම්සේ අන්ධකයින්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඉදින් දේව යෝනියෙහි තිරිසන්නු වෙත් නම් තිරිසන් යෝනියෙහි ද දෙවියන් විය යුතුයයි චෝදනා කිරීමට අත්‍ථි තිරච්ඡානගතෙසු යනාදිය කීය. එරාවණො යන ප්‍රශ්නයෙහි ඔහුගේ ඇති බවට ප්‍රතිඥාව සකවාදියාගේය. තිරිසන්ගත නොවේ. ඇතුන් බලන්නේ වෙත්යයි චෝදනා කිරීමට කියන ලදී. එහි යාවසිකා යනු යව දායකයෝය. කාරණීකා යනු ඇත් ඇදුරු ආදීහු. ඔව්හු නා නා විධ කටයුතු කරන්නාහුය. සත්තකරකා ඇතුන් ආදීන්ට ආහාර සපයන්නෝ. න හෙවං එසේ අකමැත්තේ ප්‍රතික්‍ෂේප කරයි.

තිරච‍්ඡානකථාවණ‍්ණනා.

මග‍්ගකථාවණ‍්ණනා

188. මග්ග කථා

ඉදානි මග‍්ගකථා නාම හොති. තත්‍ථ යෙසං “පුබ‍්බෙව ඛො පනස‍්ස කායකම‍්මං වචීකම‍්මං ආජීවො සුපරිසුද‍්ධො හොතී”ති (අ· නි· 3.431) ඉදඤ‍්චෙව සුත‍්තං සම‍්මාවාචාකම‍්මන‍්තාජීවානඤ‍්ච චිත‍්තවිප‍්පයුත‍්තතං නිස‍්සාය “නිප‍්පරියායෙන පඤ‍්චඞ‍්ගිකොව මග‍්ගො”ති ලද‍්ධි, සෙය්‍යථාපි මහිසාසකානං, තෙ සන්‍ධාය පඤ‍්චඞ‍්ගිකොති පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස. සම‍්මාවාචා මග‍්ගඞ‍්ගං, සා ච න මග‍්ගොතිආදි පරසමයවසෙන වුත‍්තං. පරසමයස‍්මිඤ‍්හි සම‍්මාවාචාදයො මග‍්ගඞ‍්ගන‍්ති ආගතා. රූපත‍්තා පන මග‍්ගො න හොතීති වණ‍්ණිතා. සම‍්මාදිට‍්ඨි මග‍්ගඞ‍්ගන‍්තිආදි මග‍්ගඞ‍්ගස‍්ස අමග‍්ගතා නාම නත්‍ථීති දස‍්සනත්‍ථං වුත‍්තං. පුබ‍්බෙව ඛො පනස‍්සාති සුත‍්තෙ පරිසුද‍්ධසීලස‍්ස මග‍්ගභාවනා නාම හොති, න ඉතරස‍්සාති ආගමනියපටිපදාය විසුද‍්ධිභාවදස‍්සනත්‍ථං “කායකම‍්මං වචීකම‍්මං ආජීවො සුපරිසුද‍්ධො හොතී”ති වුත‍්තං, න ඉමෙහි විනා පඤ‍්චඞ‍්ගිකභාවදස‍්සනත්‍ථං. තෙනෙවාහ “එවමස‍්සායං අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො භාවනාපාරිපූරිං ගච‍්ඡතී”ති. සකවාදිනා ආභතසුත‍්තං නීතත්‍ථමෙවාති.

දැන් මාර්ග කථා නම් වේ. එහි යමෙකුගේ ‘පුබ්බෙව ඛො පනස්ස කාය කම්මං වචීකම්මං සුපරිසුද්ධො හොති’ මේ සූත්‍රයම සම්මා වාචා, කම්මන්ත ආජීවයේද චිත්ත විප්‍රයුක්ත බව නිසා නිප්පරියාය වශයෙන් අංග පහම මාර්ගයයි ලබ්ධිය වේ. යම්සේ මහිංසාසකයන්ගේ මෙනි. ඔවුන් සඳහා පඤ්චංගිකො යනාදිය පරසමය වශයෙන් කියන ලදී. පර සමයෙහි සම්මා වාචාදිය මාර්ග අංගයයි ආවේය. රූපබව මාර්ගාංගයක් නොවේ යයි වර්ණනා කරන ලදී. සම්මා දිට්ඨි මග්ගගං යනාදිය මාර්ගාංගයට අමාර්ග නම් නැතැයි දැක්වීමට කියන ලදී. පුබ්බෙව ඛො පනස්ස යන සූත්‍රයෙහි පරිසුද්ධ සීල මාර්ග භාවනා වේ. ඉතිරියෙහි නොවේ යයි පැමිණිය යුතු ප්‍රතිවිද්‍යාවේ විසුද්ධ බව දැක්වීමට කාය කම්මං වචීකම්මං ආජීවො සුපරිසුද්ධො හොති යන කියන ලදී. මේවා හැර පංචංගිතභාව දැක්වීමක් නොවේ. එයින් කීය. එවමස්සායං අරියෙ අට්ඨංගිකො මග්ගො භාවනා පරිපූරං ගච්ඡති සකවාදියා විසින් ගෙනෙන ලද සූත්‍රය පමුණුවන ලදී.

මග‍්ගකථාවණ‍්ණනා.

ඤාණකථාවණ‍්ණනා

189. ඤාණ කථා

ඉදානි ඤාණකථා නාම හොති. තත්‍ථ ධම‍්මචක‍්කප‍්පවත‍්තනෙ ද‍්වාදසාකාරඤාණං සන්‍ධාය “ද‍්වාදසවත්‍ථුකං ඤාණං ලොකුත‍්තර”න‍්ති යෙසං ලද‍්ධි, සෙය්‍යථාපි පුබ‍්බසෙලියානං, තෙ සන්‍ධාය පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස. අථ නං “සචෙ තං ද‍්වාදසවත්‍ථුකං, ද‍්වාදසහි මග‍්ගඤාණෙහි භවිතබ‍්බ”න‍්ති චොදෙතුං ද‍්වාදසාතිආදිමාහ. ඉතරො මග‍්ගස‍්ස එකත‍්තං සන්‍ධාය පටික‍්ඛිපති, එකෙකස‍්මිං සච‍්චෙ සච‍්චඤාණකිච‍්චඤාණකතඤාණානං වසෙන ඤාණනානත‍්තං සන්‍ධාය පටිජානාති. ද‍්වාදස සොතාපත‍්තිමග‍්ගාතිආදීසුපි එසෙව නයො. නනු වුත‍්තං භගවතාති සුත‍්තං සද‍්ධිං පුබ‍්බභාගපරභාගෙහි ඤාණනානත‍්තං දීපෙති, න අරියමග‍්ගස‍්ස ද‍්වාදස ඤාණතං. තස‍්මා අසාධකන‍්ති.

දැන් ඤාණ කථා නම් වේ. එහි දම්සක් පැවතුමෙහි දොළොස් ආකාර ඤාණය සඳහා දොළොස් වස්තු ඤාණය ලෝකෝත්තරයයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ පුබ්බසේලියන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඉදින් ඒ දොළොස් වියෙකු දොළොස්මග නුවණින් විය යුතුයයි චෝදනා කිරිමට ද්වාදසා යනාදිය කීය. අනෙකා මාර්ගයේ ඒකත්වය සඳහා ප්‍රතික්‍ෂේප කරයි. එක් එක් සංඝයෙහි සච්ච ඤාණ කිච්ච ඤාණ කත ඤාණ වශයෙන් ඤාණ නානත්‍වය සඳහා පිළිගනී. ද්වාදස සොතාපත්ති මග්ග යනාදියෙහි ද මෙම නයයි. නනු වුත්තං භගවතා යන සූත්‍රය සමග පෙර අපර ඤාණ නානත්‍වය දක්වයි. ආර්ය මාර්ගයේ දොළොස් ඤාණ බව නොවේ. එහෙයින් සාධක නොවේ.

ඤාණකථාවණ‍්ණනා.

වීසතිමො වග‍්ගො.

විසිවෙනි වර්ගය නිමයි.

චතුත්‍ථපණ‍්ණාසකො සමත‍්තො.

සිව්වෙනි පණ්ණාසකය සමාප්තයි.