යෙදුමෙන් කියවන්න

අසඤ‍්චිච‍්චකථා

20. 1.

20. 1.

අසඤ‍්චිච‍්චකථා.

අසඤ්චිච්චකථා

[ආනන්තර්‍ය්‍යවස්තු ගරු බැරි වෙයි. එහෙයින් චේතනා නො කොට නමුදු ආනන්තර්‍ය්‍යවස්තු විකෝපන කල කල්හි ආනන්තරික වෙති’යි උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘අසඤ්චිච්චකථා’ එයි.]

1. ස. පු: “අසඤ‍්චිච‍්ච මාතරං ජීවිතා වොරොපෙත්‍වා ආනන‍්තරිකො හොතී”ති.

1. ස. පු: නො දැන මව දිවියෙන් ගළවා ආනන්තරික වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: අසඤ‍්චිච‍්ච පාණං හන‍්ත්‍වා පාණාතිපාතී හොතී’ති.

ස. අනු: නො දැන (පර) පණ නසා පාණාතිපාතී වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

2. ස. පු: අසඤ‍්චිච‍්ච මාතරං ජීවිතා වොරොපෙත්‍වා ආනන‍්තරිකො හොතී’ති.

2. ප. පු: නො දැන මව දිවියෙන් ගළවා ආනන්තරික වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: අසඤ‍්චිච‍්ච අදින‍්නං ආදියිත්‍වා -පෙ- මුසාභණිත්‍වා මුසාවාදී හොතී’ති.

ප. අනු: නො දැන නුදුන්දැය ගෙන … මුසවා බැණ මුසාවාදී වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

3. ස. පු: අසඤ‍්චිච‍්ච පානං හන‍්ත්‍වා පාණාතිපාතී න හොතී’ති.

3. ස. පු: නො දැන පණ නසා පාණාතිපාතී නො වන්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: අසඤ‍්චිච‍්ච මාතරං ජීවිතා වොරොපෙත්‍වා ආනන‍්තරිකො න හොතී’ති.

ස. අනු: නො දැන මව දිවියෙන් ගළවා ආනන්තරික නො වන්නේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

4. ස. පු: අසඤ‍්චිච‍්ච අදින‍්නං ආදියිත්‍වා -පෙ- මුසා භණිත්‍වා මුසාවාදී න හොතී’ති.

4. ස. පු: නො දැන අදින්නාදාන කොට … මුසවා බැණ මුසාවාදී නො වන්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: සඤ‍්චිච‍්ච මාතරං ජීවිතා වොරොපෙත්‍වා ආනන‍්තරිකො න හොතී’ති.

ස. අනු: දැන මව දිවියෙන් ගළවා ආනන්තරික නො වන්නේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

5. ස. පු: අසඤ‍්චිච‍්ච මාතරං ජීවිතා වොරොපෙත්‍වා ආනන‍්තරිකො හොතී’ති.

5. ස. පු: නො දැන මව දිවියෙන් ගළවා ආනන්තරික වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. පු: “අසඤ‍්චිච‍්ච මාතරං ජීවිතං වොරොපෙත්‍වා ආනන‍්තරිකො හොතී”ති අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති.

ස. පු: “නො දැන මව දිවියෙන් ගළවා ආනන්තරික වෙති” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?

ප. වි: නත්‍ථි.

ප. වි: නැති.

ස. අනු: “සඤ‍්චිච‍්ච මාතරං ජීවිතං වොරොපෙත්‍වා ආනන‍්තරිකො හොතී”ති අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති.

ස. අනු: “දැන මව දිවියෙන් ගළවා ආනන්තරික වෙති” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. ඨ: හඤ‍්චි “සඤ‍්චිච‍්ච මාතරං ජීවිතා වොරොපෙත්‍වා ආනන‍්තරිකො හොතී”ති අත්‍ථෙ’ව සුත‍්තන‍්තො.

ස. ඨ: ඉදින් “දැන මව දිවියෙන් ගළවා ආනන්තරික වෙති”යි සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වී නම්,

ස. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ “අසඤ‍්චිච‍්ච මාතරං ජීවිතං වොරොපෙත්‍වා ආනන‍්තරිකො හොතී”ති.

ස. පා: භවත “නො දැන මව දිවියෙන් ගළවා ආනන්තරික වේ” යයි නො කියැයුතු මැ යැ.

6. ප. පු: න වත‍්තබ‍්බං “මාතුඝාතකො ආනන‍්තරිකො”ති.

6. ප. පු: “මාතෘඝාතක ආනන්තරික වෙති” යි නො කියැයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. අනු: නනු මාතා ජීවිතා වොරොපිතා’ති.

ප. අනු: මව දිවියෙන් ගළවන ලද නො?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. ඨ: හඤ‍්චි මාතා ජීවිතා වොරොපිතා,

ප. ඨ: ඉදින් මව දිවියෙන් ගළවන ලද වී නම්,

ප. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ “මාතුඝාතකො ආනන‍්තරිකො”ති.

ප. පා: භවත එකරුණින් “මාතෘඝාතක ආනන්තරික වෙති” යි කියැයුතු මැ යැ.

7. ප. පු: න වත‍්තබ‍්බං “පිතුඝාතකො ආනන‍්තරිකො”ති.

7. ප. පු: “පිතෘඝාතක ආනන්තරික වෙති” යි නො කියැයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. අනු: නනු පිතා ජීවිතා වොරොපිතො’ති.

ප. අනු: පියා දිවියෙන් ගළවන ලද නො?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. ඨ: හඤ‍්චි පිතා ජීවිතා වොරොපිතො,

ප. ඨ: ඉදින් පියා දිවියෙන් ගළවනලද වී නම්,

ප. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ “පිතුඝාතකො ආනන‍්තරිකො”ති.

ප. පා: භවත එකරුණින් “පිතෘඝාතක ආනන්තරික වෙති” යි කියැයුතු මැ යැ.

8. ප. පු: න වත‍්තබ‍්බං “අරහන‍්තඝාතකො ආනන‍්තරිකො”ති.

8. ප. පු: ‘අරහන්තඝාතක ආනන්තරික වෙති’ යි නො කියැයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. අනු: නනු අරහා ජීවිතා වොරොපිතො’ති.

ප. අනු: රහත් දිවියෙන් ගළවනලද නො?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. ඨ: හඤ‍්චි අරහා ජීවිතා වොරොපිතො,

ප. ඨ: ඉදින් රහත් දිවියෙන් ගළවනලද වී නම්,

ප. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ “අරහන‍්තඝාතකො ආනන‍්තරිකො”ති.

ප. පා: භවත එකරුණින් “අරහන්තඝාතක ආනන්තරික වෙති” යි කියැයුතු මැ යැ.

9. ප. පු: න වත‍්තබ‍්බං “ලොහිතුප‍්පාදකො. ආනන‍්තරිකො”ති.

9. ප. පු: ‘ලෝහිතුප්පාදක ආනන්තරික වෙති’ යි නො කියැයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. අනු: නනුතථාගතස‍්ස ලොහිතං උප‍්පාදිතන‍්ති.

ප. අනු: තථාගතයන් වහන්සේගේ ලෙහෙ උපදවන ලද නො?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. ඨ: හඤ‍්චි තථාගතස‍්ස ලොහිතං උප‍්පාදිතං,

ප. ඨ: ඉදින් තථාගතයන් වහන්සේගේ ලෙහෙ උපදවන ලද වී නම්,

ප. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ “ලොහිතුප‍්පාදකො ආනන‍්තරිකො”ති.

ප. පා: භවත එකරුණින් ‘ලෝහිතුප්පාදක ආනන්තරික වෙති’ යි කියැයුතු මැ යැ.

10. ස. පු: “සඞ‍්ඝභෙදකො ආනන‍්තරිකො”ති.

10. ස. පු: සඞ්ඝභේදක ආනන්තරික වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: “සබ‍්බෙ සඞ‍්ඝභෙදකා ආනන‍්තරිකා”ති.

ස. අනු: හැම සඞ්ඝභෙදකයෝ ආනන්තරික වෙත් ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

11. ස. පු: සබ‍්බෙ සඞ‍්ඝභෙදකා ආනන‍්තරිකා’ති.

11. ස. පු: හැම සඞ්ඝභෙදකයෝ ආනන්තරික වෙත් ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: ධම‍්මසඤ‍්ඤී සඞ‍්ඝභෙදකො ආනන‍්තරිකො’ති.

ස. අනු: ධර්‍මසංඥා ඇති සඞ්ඝභේදක ආනන්තරික වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

12. ස. පු: ධම‍්මසඤ‍්ඤී සඞ‍්ඝභෙදකො ආනන‍්තරිකො’ති.

12. ස. පු: ධර්‍මසංඥා ඇති සඞ්ඝභේදක ආනන්තරික වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: නනු වුත‍්තං භගවතා “අත්‍ථුපාලි සඞ‍්ඝභෙදකො ආපායිකො නෙරයිකො කප‍්පට‍්ඨො අතෙකිච‍්ඡො, අත්‍ථුපාලි සඞ‍්ඝභෙදකො න අපායිකො න නෙරයිකො න කප‍්පට‍්ඨො න අතෙකිච‍්ඡො”ති. අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති.

ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද නො: “උපාලිය, අපායසංවර්‍තනික වූ නිරයසංවර්‍තනික වූ කල්පස්ථ වූ චිකිත්සා රහිත වූ සඞ්ඝභේදකයෙක් ඇත. උපාලිය, අපායසංවර්‍තනික නො වූ නිරය - සංවර්‍තනික නො වූ කල්පස්ථ නො වූ චිකිත්සා රහිත නො වූ සඞ්ඝභේදකයෙක් ඇතැ” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. පා: තෙන හි න වත‍්තබ‍්බං “ධම‍්මසඤ‍්ඤී සඞ‍්ඝභෙදකො ආනන‍්තරිකො”ති.

ස. පා: එකරුණින් “ධර්‍මසංඥා ඇති සඞ්ඝභේදක ආනන්තරික වෙති” යි නො කියැයුතු යැ.

13. ප. පු: න වත‍්තබ‍්බං “ධම‍්මසඤ‍්ඤී සඞ‍්ඝභෙදකො ආනන‍්තරිකො”ති.

13. ප. පු: “ධර්‍මසංඥා ඇති සඞ්ඝභේදක ආනන්තරික වෙති” යි නො කියැයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. අනු: නනු වුත‍්තං භගවතා:

ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නො:

“ආපායිකො නෙරයිකො කප‍්පට‍්ඨො සඞ‍්ඝභෙදකො වග‍්ගරතො අධම‍්මට‍්ඨො යොගක‍්ඛෙමා පධංසති සඞ‍්ඝං සමග‍්ගං භෙත්‍වාන කප‍්පං නිරයම‍්හි පච‍්චතී”ති

“අපායසංවර්‍තනික වූ නිරයසංවර්‍තනික වූ කල්පස්ථ වූ වර්‍ගරත වූ අර්‍ධමස්ථ වූ සඞ්ඝභේදක නිවනින් පිරිහේ. සමග සඞ්ඝයා බිඳ කපක් මුළුල්ලෙහි නිරයෙහි පැසේ” යයි

අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති.

වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. පා: තෙන හි “සඞ‍්ඝභෙදකො ආනන‍්තරිකො”ති.

ප. පා: එකරුණින් “සඞ්ඝභේදක ආනන්තරික වෙයි’.

අසඤ‍්චිච‍්ච කථා නිට‍්ඨිතා.

අසඤ්චිච්ච කථා නිමි.