ඤාණ කථා
20. 6.
20. 6.
ඤාණ කථා.
ඤාණ කථා
[ලෞකික ලෝකෝත්තර විසින් ඥානය ද්විවිධ යි. සමාපත්ති ඥානයත් දානාදි වශයෙන් පැවැති කර්‍මස්වකෘත ඥානයත් ලෞකික වෙයි. සත්‍යය පිරිසිඳුනා මාර්‍ගඥානයත් ඵලඥානයත් ලෝකෝත්තර වෙයි. මේ වෙනස නො ගෙන ‘සත්‍යය පිරිසිඳුනා ඥානය මැ ඥාන වෙයි, සෙසු ඥාන නැතැ’යි ද එහෙයින් මැ පෘථග්ජනහට ඥානය නැතැ’ යි ද හේතුවාදීන් සෙයින් ලබ්ධි ගතුවන්ගේ වාද බිඳුනට ‘ඤාණකථා’ එයි]
1. ස. පු: ද්වාදසවත්ථුකං ඤාණං ලොකුත්තරන්ති.
1. ස. පු: ද්වාදශවස්තුකඥානය ලෝකෝත්තර වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ද්වාදස ලොකුත්තරඤාණානී’ති.
ස. අනු: ලෝකෝත්තර ඥාන දොළොසෙක් ඇද්ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: ද්වාදස ලොකුත්තරඤාණානී’ති.
2. ස. පු: ලෝකෝත්තරඥාන දොළොසෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ද්වාදස සොතාපත්තිමග්ගා’ති.
ස. අනු: සෝවන් මාර්ග දොළොසෙක් ඇද්ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: ද්වාදස සොතාපත්තිමග්ගා’ති.
3. ස. පු: ශ්රෝතාපත්තිමාර්ග දොළොසෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ද්වාදස සොතාපත්තිඵලානී’ති.
ස. අනු: ශ්‍රෝතාපත්තිඵල දොළොසෙක් ඇද්ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටිඤ්ඤා: එසේ නො කියැයුතු යැ …
ස. අනු: ද්වාදස සකදාගාමී -පෙ- අනාගාමී -පෙ- අරහත්තමග්ගා’ති.
ස. අනු: සකෘදාගාමිමාර්ග දොළොසෙක් … අනාගාමි … අර්හන්මාර්ග දොළොසෙක් ඇද්ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: ද්වාදස අරහත්තමග්ගා’ති.
4. ස. පු: අර්හන්මාර්ග දොළොසෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ද්වාදස අරහත්තඵලානී’ති.
ස. අනු: අර්හත්ඵල දොළොසෙක් ඇද්ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ප. පු: න වත්තබ්බං ද්වාදසවත්ථුකං ඤාණං ලොකුත්තරන්ති.
5. ප. පු: ද්වාදශවස්තුක ඥානය ලෝකෝත්තර වෙති යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: ආමන්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: නනු වුත්තං භගවතා: “ඉදං දුක්ඛං අරියසච්චන්ති මෙ භික්ඛවෙ පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි විජ්ජා උදපාදි පඤ්ඤා උදපාදි ආලොකො උදපාදි. තං ඛො පනිදං දුක්ඛං අරියසච්චං පරිඤ්ඤෙය්යන්ති මෙ භික්ඛවෙ -පෙ- පරිඤ්ඤාතන්ති මෙ භික්ඛවෙ -පෙ- ඉදං දුක්ඛසමුදයො අරියසච්චන්ති මෙ භික්ඛවෙ -පෙ- තං ඛො පනිදං දුක්ඛසමුදයො අරියසච්චං පහාතබ්බන්ති මෙ භික්ඛවෙ -පෙ- පහීනන්ති මෙ භික්ඛවෙ -පෙ- ඉදං දුක්ඛනිරොධො අරියසච්චන්ති මෙ භික්ඛවෙ -පෙ- තං ඛො පනිදං දුක්ඛනිරොධො අරියසච්චං සච්ඡිකාතබ්බන්ති මෙ භික්ඛවෙ -පෙ- සච්ඡිකතන්ති මෙ භික්ඛවෙ -පෙ- ඉදං දුක්ඛනිරොධගාමිනීපටිපදා අරියසච්චන්ති මෙ භික්ඛවෙ -පෙ- තං ඛො පනිදං දුක්ඛනිරොධගාමිනීපටිපදා අරියසසච්චං භාවෙතබ්බන්ති මෙ භික්ඛවෙ -පෙ- භාවිතන්ති මෙ භික්ඛවෙ පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදී”ති අත්ථෙ’ව සුත්තන්තො’ති.
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද නො: “මහණෙනි, මේ (පඤ්චස්කන්ධය) දුඃඛාර්‍ය්‍යසත්‍ය යැයි පෙර නො ඇසූ දහම්හි මට චක්ෂුස පහළ වී. ඥානය පහළ වී. විද්‍යාව පහළ වී. ප්‍රඥාව පහළ වී. ආලොකය පහළ වී. මහණෙනි, ඒ මේ දුඃඛාර්‍ය්‍යසත්‍යය පරිඥා කටයුතු යැ යි මට … මහණෙනි, පරිඥා කරනලදැ’ යි මට … මහණෙනි, මේ (තෘෂ්ණාව) දුඃඛසමුදයාර්‍ය්‍ය සත්‍ය යැ යි මට … මහණෙනි, ඒ මේ දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යය ප්‍රහාතව්‍ය යැ යි මට ... මහණෙනි, මට ප්‍රහීණ යැ යි … මහණෙනි, මේ දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍ය යැ යි මට ... මහණෙනි, ඒ මේ දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍ය සාක්‍ෂාත්කර්‍තව්‍ය යැ යි මට … මහණෙනි, මා විසින් සාක්‍ෂාත්කෘත යැ යි … මහණෙනි, මේ දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය යැ යි මට … මහණෙනි, ඒ මේ දුඃඛනිරෝධගාමිනීප්රතිපදාර්ය්ය සත්‍යය භාවිතව්‍ය යැයි මට … මහණෙනි, මා විසින් භාවිත යැ යි පෙර නො ඇසූ දහම්හි චක්ෂුස පහළ වී … ආලොකය පහළ වී” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො වේ ද?
ස. පටිඤ්ඤා: ආමන්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. පා: තෙන හි “ද්වාදසවත්ථුකං ඤාණං ලොකුත්තර”න්ති.
ස. පා: එකරුණින් ද්වාදශවස්තුක ඥානය ලෝකෝත්තර වේ.
ඤාණ කථා නිට්ඨිතා.
ඤාණ කථා නිමි.
වීසතිමො වග්ගො නිට්ඨිතො.
විංශද් වර්ගය නිමි.
තස්සුද්දානං:
එහි උද්දානය:
මාතුඝාතකො ආනන්තරිකො, පිතුඝාතකො ආනන්තරිකො, අරහන්තුඝාතකො ආනන්තරිකො, ලොහිතුප්පාදකො ආනන්තරිකො, සඞ්ඝභෙදකො ආනන්තරිකො, නත්ථි පුථුජ්ජනස්ස ඤාණං, නත්ථි නිරයෙසු නිරයපාලා, අත්ථි දෙවෙසු තිරච්ඡානගතා, පඤ්චඞ්ගිකො මග්ගො, ද්වාදසවත්ථුකං ඤාණං ලොකුත්තරන්ති.
මාතෘඝාතක ආනන්තරික යැ පිතෘඝාතක ආනන්තරික යැ අරහන්තඝාතක ආනන්තරික යැ ලෝහිතුප්පාදක ආනන්තරික යැ සඞ්ඝභේදක ආනන්තරික යැ යන අසඤ්චිච්චකථා යැ, නත්ථි පුථුජ්ජනස්ස ඤාණං යනුවෙන් දැක්වූ ඤාණකථා යැ, නත්ථි නිරයෙසු නිරයපාලා යනුවෙන් දැක්වූ නිරයපාලකථා යැ, අතථි දේවේසු තිරච්ඡානගතායි දක්වනලද තිරච්ඡානකථා යැ, පඤ්චඞ්ගිකො මග්ගෝයි දක්වන ලද මග්ගකථා යැ, ද්වාදසවත්ථුකං ඤාණං යි දක්වන ලද ඤාණකථා’ යි.
චතුත්ථො පණ්ණාසකො.
ඒකවිංශද්වර්ගය