මග්ගකථා
20. 5.
20. 5.
මග‍්ගකථා.
මග්ග කථා
[“පුබ්බේව ඛො පනස්ස කායකම්මං වචීකම්මං ආජීවො සුපරිසුද්ධෝ හොති - පළමු මැ ඔහුගේ කායකර්‍ම වාක්කර්‍ම ආජීව සුපරිශුද්ධ වෙයි” යන මේ සූත්‍රපාඨ ද, සම්‍යක් වචන කර්‍මාන්ත ආජීවයන්ගේ චිත්ත විප්‍රයුක්තතා ද නිසා නිෂ්පර්‍ය්‍යායයෙන් මාර්‍ගය පඤ්චාඞ්ගික වෙති’ යි මහිංසාසික නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තාහු ඇත. උන්ගේ වාද බිඳුනට ‘මග්ගකථා’ එයි]
1. ස. පු: පඤ‍්චඞ‍්ගිකො මග‍්ගො’ති.
1. ස. පු: මාර්‍ගය පඤ්චාඞ්ගික වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: නනු අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො වුත‍්තො භගවතා: සෙය්‍යථීදං සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාසමාධී’ති.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් අෂ්ටාඞ්ගිකමාර්‍ගය වදාරනලද නො: ඒ කෙසේ යැ යත්? “සම්‍යක්දෘෂ්ටි ය ... සම්‍යක්සමාධි” යි වදාරනලද නො?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: හඤ‍්චි අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො වුත‍්තො භගවතා: සෙය්‍යථීදං සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාසමාධි.
ස. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින් අෂ්ටාඞ්ගික මාර්‍ගය වදාරනලද වී නම්, ඒ කෙසේ යැ යත්: ‘සම්‍යක්දෘෂ්ටි යැ … සම්‍යක් සමාධි’ යි වදාරනලද වී නම්,
ස. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ “පඤ‍්චඞ‍්ගිකො මග‍්ගො”ති.
ස. පා: භවත මාර්‍ගය පඤ්චාඞ්ගික යයි නො කියැයුතු මැ යැ.
2. ස. පු: පඤ‍්චඞ‍්ගිකො මග‍්ගො’ති.
2. ස. පු: මාර්‍ගය පඤ්චාඞ්ගික වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: නනු වුත‍්තං භගවතා:
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද නො:
“මග‍්ගානට‍්ඨඞ‍්ගිකො සෙට‍්ඨො සච‍්චානං චතුරො පදා විරාගො සෙට‍්ඨො ධම‍්මානං ද‍්විපදානඤ‍්ච චක‍්ඛුමා”ති
“මාර්‍ගයන් අතුරින් අෂ්ටාඞ්ගිකමාර්‍ගය උතුමි. සත්‍යයන් අතුරින් (දඃඛසත්‍යාදි) සතරපදයෝ උතුම්හ. ධර්‍මයන් අතුරින් විරාගය උතුමි. දෙපා ඇතියවුන් අතුරින් චක්‍ෂුස්මත් බුදුහු උතුම්හ” යි
අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති.
වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ප: තෙන හි “අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො”ති.
ස. පා: එකරුණින් මාර්‍ගය අෂ්ටාඞ්ග ඇති වෙයි.
3. ස. පු: සම‍්මාවාචා මග‍්ගඞ‍්ගං, සා ච න මග‍්ගො’ති.
3. ස. පු: සම්‍යග් වචනය මාර්‍ගාඞ්ග වෙයි, එ ද මාර්‍ග නො වන්නේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සම‍්මාදිට‍්ඨි මග‍්ගඞ‍්ගං, සා ච න මග‍්ගො’ති.
ස. අනු: සම්‍යග්දෟෂ්ටිය මාර්‍ගාඞ්ග වෙයි, එ ද මාර්‍ග නො වන්නේ වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: සම‍්මාවාචා මග‍්ගඞ‍්ගං, සා ච න මග‍්ගො’ති.
4. ස. පු: සම්‍යග් වචනය මාර්‍ගාඞ්ග වෙයි, එ ද මාර්‍ග නො වන්නේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සම‍්මාසඞ‍්කප‍්පො -පෙ- සම‍්මාවායාමො -පෙ- සම‍්මාසති -පෙ- සම‍්මාසමාධි මග‍්ගඞ‍්ගං, සො ච න මග‍්ගො’ති.
ස. අනු: සම්‍යක්සංකල්පය … සම්‍යග්ව්‍යායාමය සම්‍යක්ස්මෘතිය … සම්‍යක්සමාධිය මාර්‍ගාඞ්ග වෙයි, එ ද මාර්‍ග නො වන්නේ වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: සම‍්මාකම‍්මන‍්තො -පෙ- සම‍්මා ආජීවො මග‍්ගඞ‍්ගං, සො ච න මග‍්ගො’ති.
5. ස. පු: සම්‍යග්කර්‍මාන්තය සම්‍යගාජීවය මාර්‍ගාඞ්ග වෙයි, එ ද මාර්‍ග නො වන්නේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සම‍්මාදිට‍්ඨි -පෙ- සම‍්මාසමාධි මග‍්ගඞ‍්ගං, සො ච න මග‍්ගො’ති.
ස. අනු: සම්‍යග්දෘෂ්ටිය … සම්‍යක්සමාධිය මාර්‍ගාඞ්ග වෙයි, එ ද මාර්‍ග නො වන්නේ වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: සම‍්මාදිට‍්ඨි මග‍්ගඞ‍්ගං, සා ච මග‍්ගො’ති.
6. ස. පු: සම්‍යග්දෘෂ්ටි මාර්‍ගාඞ්ග වෙයි, එ ද මාර්‍ග වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සම‍්මාවාචා මග‍්ගඞ‍්ගං, සා ච මග‍්ගො’ති.
ස. අනු: සම්‍යග්වචන මාර්‍ගාඞ්ග වෙයි, එ ද මාර්‍ග වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ස. පු: සම‍්මාදිට‍්ඨි මග‍්ගඞ‍්ගං, සා ච මග‍්ගො’ති.
7. ස. පු: සම්‍යග්දෘෂ්ටි මාර්‍ගාඞ්ග වෙයි, එ ද මාර්‍ග වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සම‍්මාකම‍්මන‍්තො -පෙ- සම‍්මාආජීවො මග‍්ගඞ‍්ගං, සො ච මග‍්ගො’ති.
ස. අනු: සම්‍යක්කර්‍මාන්ත … සම්‍යගාජීව මාර්‍ගාඞ්ග වෙයි එ ද මාර්‍ග වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
8. ස. පු: සම‍්මාසඞ‍්කප‍්පො -පෙ- සම‍්මාවායාමො -පෙ- සම‍්මාසති -පෙ- සම‍්මාසමාධි මග‍්ගඞ‍්ගං, සො ච මග‍්ගො’ති.
8. ස. පු: සම්‍යක්සංකල්ප … සම්‍යග්ව්‍යායාම ... සම්‍යක්ස්මෘතිය … සම්‍යක්සමාධි මාර්‍ගාඞ්ග වෙයි, එ ද මාර්‍ග වේ ද?
ප. පටි: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සම‍්මාවාචා -පෙ- සම‍්මාකම‍්මන‍්තො -පෙ- සම‍්මා ආජීවො මග‍්ගඞ‍්ගං, සො ච මග‍්ගො’ති.
ස. අනු: සම්‍යග්වචන … සම්‍යග්කර්‍මාන්ත … සම්‍යගාජීව මාර්‍ගාඞ්ග වෙයි, එ ද මාර්‍ග වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
9. ප. පු: අරියො අට‍්ඨඞ‍්කිකො මග‍්ගො’ති.
9. ප. පු: ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගික මාර්‍ග වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: නනු වුත‍්තං භගවතා “පුබ‍්බෙ’ව ඛො පනස්ස කායකම්මං වචීකම්මං ආජීවො සුපරිසුද‍්ධො හොති එවමස‍්සායං අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො භාවනා පාරිපූරිං ගච‍්ඡතී”ති. අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති.
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද නො: “පළමු මැ ඔහට කායකර්‍ම වාක්කර්‍ම ආජීව සුපරිශුද්ධ වෙයි. මෙසේ ඔහට මේ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය භාවනායෙන් පරිපූර්‍ණ බවට යේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්‍ඤා: එසේ යැ …
ප. පා: තෙන හි “පඤ‍්චඞ‍්ගිකො මග‍්ගො”ති.
ප. පා: එකරුණින් පඤ්චාඞ්ගික මාර්‍ගය වේ.
10. ස. පු: පඤ‍්චඞ‍්ගිකො මග‍්ගො’ති.
10. ස. පු: පඤ්චාඞ්ගික මාර්‍ගය වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: නනු වුත‍්තං භගවතා: “යස‍්මිං ඛො සුභද‍්ද ධම‍්මවිනයෙ අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො න උපලබ‍්භති, සමණො’පි තත්‍ථ න උපලබ‍්භති, දුතියො’පි තත්‍ථ සමණො න උපලබ‍්භති, තතියොපි තත්‍ථ සමණො න උපලබ‍්භති, චතුත්‍ථො’පි තත්‍ථ සමණො න උපලබ‍්භති. යස‍්මිඤ‍්ච ඛො සුභද‍්ද ධම‍්මවිනයෙ අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො උපලබ‍්භති, සමණො’පි තත්‍ථ උපලබ‍්භති දුතියො’පි -පෙ- තතියො’පි -පෙ- චතුත්‍ථො’පි තත්‍ථ සමණො උපලබ‍්භති. ඉමස‍්මිං ඛො සුභද‍්ද ධම‍්මවිනයෙ අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො උපලබ‍්භති. ඉධෙව සුභද‍්ද සමණො, ඉධ දුතියො සමණො, ඉධ තතියො සමණො, ඉධ චතුත්‍ථො සමණො. සුඤ‍්ඤා පරප‍්පවාදා සමණෙහි අඤ‍්ඤෙ”ති අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද නො? “සුභද්‍රය, යම් ධර්‍මවිනයෙකැ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය නො ලැබේ ද, එහි ශ්‍රමණ ද නො ලැබෙයි. එහි ද්විතීය ශ්‍රමණ ද නො ලැබෙයි, එහි තෘතීය ශ්‍රමණ ද නො ලැබෙයි. එහි චතුර්‍ත්‍ථ ශ්‍රමණ ද නො ලැබෙයි. සුභද්‍රය වැළිත් යම් ධර්‍මවිනයෙකැ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය උපලබ්ධ වේ ද, එහි ශ්‍රමණ ද උපලබ්ධ ද වෙයි. එහි ද්විතීය ශ්‍රමණ ද උපලබ්ධ වෙයි. එහි තෘතීය … චතුර්‍ත්‍ථ ශ්‍රමණ ද උපලබ්ධ වෙයි. සුභද්‍රය, මේ ධර්‍ම විනයෙහි ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය උපලබ්ධ වෙයි. සුභද්‍රය, ශ්‍රමණ (සෝවන්) මෙ සස්නෙහි මැ වෙයි. ද්විතීය ශ්‍රමණ (සෙදගැමි) ද මෙහි මැ වෙයි. තෘතීය ශ්‍රමණ (අනගැමි) ද මෙහි මැ වෙයි. චතුර්‍ත්‍ථ ශ්‍රමණ (රහත්) ද මෙහි මැ වෙයි. අන්‍ය පර (දෙසැට මිසදිටු ගතුවන්ගේ) ප්‍රවාදයෝ ශ්‍රමණයන්ගෙන් ශුන්‍ය වෙති” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. පා: තෙන හි”අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො”ති.
ස. පා: එකරුණින් අෂ්ටාඞ්ගිකමාර්‍ග වෙයි.
මග‍්ග කථා නිට‍්ඨිතා.
මග්ග කථා නිමි.