නිරයපාල කථා
20. 3.
20. 3.
නිරයපාල කථා.
නිරයපාල කථා
[‘නිරයෙහි නිරයසංවර්‍තතික කර්‍ම මැ නිරයපාලරූප වශයෙන් වධ කෙරෙත් මිස නිරයපාල සත්ත්‍වයෝ නැතැ’යි අන්‍ධක නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘නිරයපාලකථා’ එයි.]
1. ස. පු: නත්‍ථි නිරයෙසු නිරයපාලා’ති.
1. ස. පු: නිරයෙහි නිරයපාලකයෝ නැද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: නත්‍ථි නිරයෙසු කම‍්මකාරණා’ති.
ස. අනු: නිරයෙහි කම්කටොලු නැද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: අත්‍ථි නිරයෙසු කම‍්මකාරණා’ති.
2. ස. පු: නිරයෙහි කම්කටොලු ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අත්‍ථි නිරයෙසු නිරයපාලා’ති.
ස. අනු: නිරයෙහි නිරෑපල්ලෝ ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: අත්‍ථි මනුස‍්සෙසු කම‍්මකාරණා, අත්‍ථි ච කාරණිකා’ති.
3. ස. පු: මිනිසුන් කෙරෙහි කම්කටොලු ඇද්ද, කම්කටොලු කරන්නෝත් ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අත්‍ථි නිරයෙසු කම‍්මකාරණා, අත්‍ථි ච කාරණිකා’ති.
ස. අනු: නිරයෙහි කම්කටොලු ඇද්ද, කම්කටොලු කරන්නෝත් ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: අත්‍ථි නිරයෙසු කම‍්මකාරණා, නත්‍ථි ච කාරණිකා’ති.
4. ස. පු: නිරයෙහි කම්කටොලු ඇද්ද, කම්කටොලු කරන්නෝ නැද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අත්‍ථි මනුස‍්සෙසු කම‍්මකාරණා, නත්‍ථි ච කාරණිකා’ති.
ස. අනු: මිනිසුන් කෙරෙහි කම්කටොලු ඇද්ද, කම්කටොලු කරන්නෝ නැද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: අත්‍ථි නිරයෙසු නිරයපාලා’ති.
5. ප. පු: නිරයෙහි නිරෑපල්ලෝ ඇද්ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: නනු වුත‍්තං භගවතා:
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද නො:
“න වෙස‍්සභූ නො’පි ච පෙත‍්තිරාජා සොමො යමො වෙස‍්සවණො ච රාජා සකානි කම‍්මානි හනන‍්ති තත්‍ථ ඉතො පණුන‍්නං පරලොකපත‍්තන‍්ති”
“මෙලොවින් කරනලද පරලොවට ගියහු එහි දී වෙස්සභූ රජ ද නො නසයි. ප්‍රේතරාජ ද නො නසයි. සෝම යැ යම යැ වෛශ්‍රවණරජ යැ යන මොහු ද නො නසති. (වැළිත්) ස්වකීය කර්‍මයෝ මැ නසති” යි.
අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති.
වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. පා: තෙන හි නත්‍ථි නිරයෙසු නිරයපාලා’ති.
ප. පා: එකරුණින් නිරයෙහි නිරැපල්ලෝ නැත.
6. ස. පු: නත්‍ථි නිරයෙයු නිරයපාලා’ති.
6. ප. පු: නිරයෙහි නිරැපල්ලෝ නැද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: නනු වුත‍්තං භගවතා: “තමෙනං භික‍්ඛවෙ නිරයපාලා පඤ‍්චවිධ බන්‍ධනං නාම කම‍්මකාරණං කාරෙන‍්ති: තත‍්තං අයොඛීලං හත්‍ථෙ ගමෙන‍්ති, තත‍්තං අයොඛීලං දුතියෙ හත්‍ථෙ ගමෙන‍්ති, තත‍්තං අයොඛීලං පාදෙ ගමෙන‍්ති, තත‍්තං අයොඛීලං දුතියෙ පාදෙ ගමෙන‍්ති, තත‍්තං අයොඛීලං මජ‍්ඣෙ උරස‍්මිං ගමෙන‍්තී. සො තත්‍ථ දුක‍්ඛා තිබ‍්බා කටුකා වෙදනා වෙදෙති, න ච තාව කාලං කරොති යාව. න තං පාපං කම‍්මං. බ්‍යන‍්තීහොතී”ති අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද නො: “මහණෙනි, තුලුහුට යමපල්හු පඤ්චවිධබන්‍ධන නම් කම්කටොලු කෙරෙති: රත්වූ යහුලක් අතෙක ගසති. රත්වූ යහුලක් දෙවන අතැ ගසති රත්වූ යහුලක් පයෙකැ ගසති. රත්වූ යහුලක් දෙවන පයැ ගසති. රත්වූ යහුලක් උරමැද ගසති. හේ එහි දී තීව්‍ර වූ කටුක වූ දුක් වේදනා විඳී. ඒ පාපකර්‍ම ගෙවී අපගත නො වන තාක් කල් නො ද මියෙයි” වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. පා: තෙ න හි අත්‍ථි නිරයෙසු නිරයපාලා’ති.
ස. පා: එකරුණින් නිරයෙහි නිරෑපල්ලෝ ඇත.
7. ස. පු: නත්‍ථි නිරයෙසු නිරයපාලා’ති.
7. ස. පු: නිරයෙහි යමපල්හු නැද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: නනු වුත‍්තං භගවතා: “තමෙනං භික‍්ඛවෙ නිරයපාලා සංවෙසෙත්‍වා කුඨාරීහි තච‍්ඡන‍්ති. තමෙනං භික‍්ඛවෙ නිරයපාලා උද‍්ධපාදං. අධොසිරං ඨපෙත්‍වා වාසීහි තච‍්ඡන‍්ති. තමෙනං භික‍්ඛවෙ නිරයපාලා රථෙ යොජෙත්‍වා ආදිත‍්තාය පඨවියා සම‍්පජ‍්ජලිතාය සජොතිභූතාය සාරෙන‍්ති’පි පච‍්චාසාරෙන‍්තිපි -පෙ- තමෙනං භික‍්ඛවෙ නිරයපාලා මහන‍්තං අඞ‍්ගාරපබ‍්බතං ආදිත‍්තං සම‍්පජ‍්ජලිතං සජොතිභූතං ආරොපෙන‍්ති’පි ඔරොපෙන‍්තී’පි -පෙ-
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද නො: “මහණෙනි, යමපල්හු තුලුහු (යපොළොවැ) හොවා පොරොවින් සසිති. මහණෙනි, යමපල්හු තුලුහු පා උඩුබල්වා හිස බිම් බල්වා තබා වැහෙයෙන් සසිති. මහණෙනි, යමපල්හු තුලුහු රියෙහි යොදා ඇවිළගත් ගිනි සහිත ප්‍රජ්වලිත පෘථුවියෙහි ඔබමොබ ඇවිදුවත් … මහණෙනි, යමපල්හු තුලුහු ඇවිළගත් ගිනි සහිත ප්‍රජ්වලිත වූ මහත් අඞ්ගාර පර්‍වතයට නංවති, බස්වති …
තමෙනං භික‍්ඛවෙ නිරයපාලා උද‍්ධපාදං අධොසිරං ගහෙත්‍වා තත‍්තාය ලොහකුම‍්භියා පක‍්ඛිපන‍්ති ආදිත‍්තාය සම‍්පජ‍්ජලිතාය සජොතිභූතාය. සො තත්‍ථ ඵෙණුද‍්දෙහකං පච‍්චති. සො තත්‍ථ ඵෙණුද‍්දෙහකං පච‍්චමානො සකිම‍්පි උද‍්ධං ගච‍්ඡති. සකිම‍්පි අධොගච‍්ඡති. සකිම‍්පි තිරියං ගච‍්ඡති. සො තත්‍ථ තිබ‍්බා කටුකා වෙදනා වෙදෙති, න ච තාව කාලං කරොති යාව න තං පාපං කම‍්මං බ්‍යන‍්තී හොති. තමෙනං භික‍්ඛවෙ නිරයපාලා මහානිරයෙ පක‍්ඛිපන‍්ති. සො ඛො පන භික‍්ඛවෙ මහානිරයො:
මහණෙනි, යමපල්හු තුලුහු පා උඩුබල්වා හිස බිම් බල්වා ගෙන තප්ත වූ ආදීප්ත වූ ජ්‍යොතිර්භූත වූ සම්ප්‍රජ්වලිත වූ ලෝහකුම්භියෙහි ප්‍රක්‍ෂේප කෙරෙති. හෙ එහි පෙණ උදහ කොට පැසෙයි. හේ එහි පෙණ උදහ කොට පස්නේ වරක් උඩට යෙයි. වරක් යටට යෙයි. වරක් සරසට යෙයි. හේ එහි ත්‍රීව වූ කටුක වූ දුක් වේදනා විඳියි. ඒ පාප කර්‍ම අපගත නො වනතාක් කල් නො මියෙයි. මහණෙනි, යමපල්හු තුලුහු ගෙන මහා නිරයෙහි බහාලති. මහණෙනි ඒ මහානිරය වනාහි:
“චතුක‍්කණ‍්ණො චතුද‍්වාරො විභත‍්තො භාගසො මිතො අයොපාකාරපරියන‍්තො අයසා පටිකුජ‍්ජිතො.
“සතරකන් ඇතියෙ යැ. සතර දොර ඇතියෙ යැ. කොටස් විසින් පමණ කොට බෙදන ලදුයේ යැ. යපවුරින් පිරිකෙව් කරනලද්දේ යැ. සපියනින් වසන ලද්දේ යි.
තස‍්ස අයොමයාභූමි ජලිතා තෙජසා යුතා සමන‍්තා යොජනසතං ඵරිත්‍වා තිට‍්ඨති සබ‍්බදා”ති.
එහි අයෝමයභූමිය ජ්වලිත වූවා තෙදින් යුතු වූවා හාත්පසින් සියක් යොදුන් තැන හැම කල්හි පැතිර සිටි”යයි
අත්‍ථෙ ව සුත‍්තන‍්තො’ති.
වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. පා: තෙන හි අත්‍ථි නිරයෙසු නිරයපාලා’ති.
ස. පා: එකරුණින් නිරයෙහි නිරයපාලකයෝ ඇත.
නිරයපාල කථා නිට‍්ඨිතා.
නිරයපාල කථා නිමි.