21. එකවීසතිමවග‍්ගො අට‍්ඨකථා
21. එක් විසිවැනි වර්ගය
සාසනකථාවණ‍්ණනා
190. සාසන කථා
ඉදානි සාසනකථා නාම හොති. තත්‍ථ තිස‍්සො සඞ‍්ගීතියො සන්‍ධාය “සාසනං නවං කත”න‍්ති ච “අත්‍ථි කොචි තථාගතස‍්ස සාසනං නවං කරොතී”ති ච “ලබ‍්භා තථාගතස‍්ස සාසනං නවං කාතු”න‍්ති ච යෙසං ලද‍්ධි, සෙය්‍යථාපි එකච‍්චානං උත‍්තරාපථකානං; තෙ සන්‍ධාය තීසුපි කථාසු පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස. සතිපට‍්ඨානාතිආදි සාසනං නාම සතිපට‍්ඨානාදයො චෙව අරියධම‍්මා, කුසලාදීනඤ‍්ච දෙසනා. තත්‍ථ යෙසං භගවතා දෙසිතා සතිපට‍්ඨානාදයො, ඨපෙත්‍වා තෙ අඤ‍්ඤෙසං වා සතිපට‍්ඨානාදීනං කරණෙන අකුසලාදීනං වා කුසලාදිභාවකරණෙන සාසනං නවංකතං නාම භවෙය්‍ය, කිං තං එවං කතං කෙනචි, අත්‍ථි වා කොචි එවං කරොති, ලබ‍්භා වා එවං කාතුන‍්ති තීසුපි පුච‍්ඡාසු චොදනත්‍ථං වුත‍්තං. සෙසං සබ‍්බත්‍ථ යථාපාළිමෙව නිය්‍යාතීති.
දැන් සාසන කථා නම් වේ. එහි සංගීති තුන සඳහා සාසනය අළුත් කරන ලදැයි ද තථාගත සාසනය අළුත් කරන කිසිවෙක් ඇතැයි ද තථාගත සාසනය අළුත් කිරීමට ලැබේ යයි ද යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ ඇතැම් උත්තරාපථකයන්ගේ මෙනි. ඔවුන් සඳහා කථා තුනේම විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. සතිපට්ඨාන යනාදි සාසනය නම් සතිපට්ඨානාදි ආර්ය ධර්ම ද කුසලාදී දේශනා ද වේ. එහි යමෙකුගේ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද සතිපට්ඨානාදිය හැර ඔහු අන්‍ය සතිපට්ඨානාදිය කිරීමෙන් අකුසලාදිය හෝ කුසලාදි බව කිරිමෙන් කසිනය නවීකත්ත නම් වන්නේය. කිම? එය මෙසේ කළේ කවුරුන්ද? මෙසේ කරන කිසිවෙක් ඇත්ද? මෙසේ කිරීමට ලැබේද? ප්‍රශ්න තුනටම චෝදනා පිණිස කියන ලදී. සෙසු සැමතැන පෙළ අනුව යෙදිය යුතුය.
සාසනකථාවණ‍්ණනා.
අවිවිත‍්තකථාවණ‍්ණනා
191. අවිවිත්ත කථා
ඉදානි අවිවිත‍්තකථා නාම හොති. තත්‍ථ යස‍්ස පුග‍්ගලස‍්ස යො ධම‍්මො පච‍්චුප‍්පන‍්නො, සො තෙන අවිවිත‍්තො නාමාති ඉදං සකසමයෙ සන‍්නිට‍්ඨානං. යස‍්මා පන පුථුජ‍්ජනෙන තෙධාතුකා ධම‍්මා අපරිඤ‍්ඤාතා, තස‍්මා සො එකක‍්ඛණෙයෙව සබ‍්බෙහිපි තෙධාතුකෙහි ධම‍්මෙහි අවිවිත‍්තොති යෙසං ලද‍්ධි, සෙය්‍යථාපි තෙසඤ‍්ඤෙව, තෙ සන්‍ධාය පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස. ඵස‍්සෙහීතිආදි සබ‍්බෙසං ඵස‍්සාදීනං එකක‍්ඛණෙ පවත‍්තිදොසදස‍්සනත්‍ථං වුත‍්තං. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.
දැන් අවිවිත්ත කථා නම් වේ. එහි යම් පුද්ගලයෙකුගේ යම් ධර්මයක් වර්තමාන වේද, හේ එයින් යුක්ත වේ යනු ඒ සමයෙහි නිශ්චයයි. යම්හෙයකින් පෘථග්ජනයා විසින් ත්‍රෛභූමික ධර්ම අවබෝධ නොකරන ලදී. එහෙයින් හේ ඒකක්‍ෂණයෙහිම සියළු ත්‍රෛධාතු ධර්මවලින් යුක්ත යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ ඔවුන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාගේය. ප්‍රතිඥාව අනෙකාගේය. ඵස්සෙහි යනාදි සියළු ස්පර්ශාදීන්ගේ ඒකක්‍ෂණයේ පැවැත්මේ දෝස දැක්වීම සඳහා කියන ලදී. සෙසු සියළු තැන ප්‍රකටය.
අවිවිත‍්තකථාවණ‍්ණනා.
සඤ‍්ඤොජනකථාවණ‍්ණනා
192. සඤ්ඤොජන කථා
ඉදානි සඤ‍්ඤොජනකථා නාම හොති. තත්‍ථ යස‍්මා අරහා සබ‍්බං බුද‍්ධවිසයං න ජානාති, තස‍්මා තස‍්ස තත්‍ථ අවිජ‍්ජාවිචිකිච‍්ඡාහි අප‍්පහීනාහි භවිතබ‍්බන‍්ති සඤ‍්ඤාය “අත්‍ථි කිඤ‍්චි සඤ‍්ඤොජනං අප‍්පහාය අරහත‍්තප‍්පත‍්තී”ති යෙසං ලද‍්ධි, සෙය්‍යථාපි මහාසඞ‍්ඝිකානං, තෙ සන්‍ධාය පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස. අත්‍ථි කිඤ‍්චි සක‍්කායදිට‍්ඨීතිආදි අරහතො සබ‍්බසංයොජනප‍්පහානදස‍්සනත්‍ථං වුත‍්තං. සබ‍්බං බුද‍්ධවිසයන‍්ති පඤ‍්හද‍්වයෙ අරහතො සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණාභාවෙන පටිසෙධො කතො, න අවිජ‍්ජාවිචිකිච‍්ඡානං අප‍්පහානෙන. ඉතරො පන තෙසං අප‍්පහීනතං සන්‍ධාය තෙන හීති ලද‍්ධිං පතිට‍්ඨපෙති. සා අයොනිසො පතිට‍්ඨාපිතත‍්තා අප‍්පතිට‍්ඨිතාව හොතීති.
දැන් සංයෝජන කථා නම් වේ. එහි යම්හෙයකින් රහතන් වහන්සේ හැම බුද්ධ විෂයම නොදනිති. එහෙයින් උන්වහන්සේට එහි අවිජ්ජා විචිකිච්ඡා අප්‍රහීන විය යුතුය යන සංඥාවෙන් කිසි සංයෝජනයක් ප්‍රහානය නොකොට රහත්බවට පැමිණියේ යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ මහා සංඝිකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. අත්‍ථි කිඤ්චි සක්කාය දිට්ඨි යනාදිය රහතුන්ගේ සියළු සංයෝජන ප්‍රහානය දැක්වීම සඳහා කියන ලදී. සච්චං බුද්ධ විසයං යන ප්‍රශ්න දෙකේ රහතුන් සර්වඥ ඤාණ භාවයෙන් ප්‍රතිසේධනය කරන ලදී. අවිජ්ජා විචිකිච්ඡාවල අප්‍රහානයෙන් නොවේ. අනෙක් ඒවායේ අප්‍රහීනතා සඳහා තෙනහී යයි ලබ්ධිය පිහිටුවයි. එය අනුවණින් පිහිටුවන ලද බැවින් නොපිහිටියේම වේ.
සඤ‍්ඤොජනකථාවණ‍්ණනා.
ඉද‍්ධිකථාවණ‍්ණනා
193. ඉද්ධි කථා
ඉදානි ඉද‍්ධිකථා නාම හොති. තත්‍ථ ඉද‍්ධි නාමෙසා කත්‍ථචි ඉජ‍්ඣති, කත්‍ථචි න ඉජ‍්ඣති, අනිච‍්චාදීනං නිච‍්චාදිකරණෙ එකන‍්තෙනෙව න ඉජ‍්ඣති. සභාගසන‍්තතිං පන පරිවත‍්තෙත්‍වා විසභාගසන‍්තතිකරණෙ වා සභාගසන‍්තතිවසෙනෙව චිරතරප‍්පවත‍්තනෙ වා යෙසං අත්‍ථාය කරියති, තෙසං පුඤ‍්ඤාදීනි කාරණානි නිස‍්සාය කත්‍ථචි ඉජ‍්ඣති, භික‍්ඛූනං අත්‍ථාය පානීයස‍්ස සප‍්පිඛීරාදිකරණෙ විය මහාධාතුනිධානෙ දීපාදීනං චිරසන‍්තානප‍්පවත‍්තනෙ විය චාති ඉදං සකසමයෙ සන‍්නිට‍්ඨානං. යං පන ආයස‍්මා පිලින්‍දවච‍්ඡො රඤ‍්ඤො පාසාදං සුවණ‍්ණන‍්ත්‍වෙව අධිමුච‍්චි, තං නිස‍්සාය යෙසං “අත්‍ථි අධිප‍්පායඉද‍්ධී”ති ලද‍්ධි, සෙය්‍යථාපි අන්‍ධකානං; තෙ සන්‍ධාය අත්‍ථි අධිප‍්පායඉද‍්ධීති පුච‍්ඡා සකවාදිස‍්ස. තත්‍ථ අධිප‍්පායඉද‍්ධීති අධිප‍්පායඉද‍්ධි, යථාධිප‍්පායං ඉජ‍්ඣනඉද‍්ධීති අත්‍ථො. ආමන‍්තාති ලද‍්ධිමත‍්තෙ ඨත්‍වා පටිඤ‍්ඤා පරවාදිස‍්ස. අථ නං අනිච‍්චාදීනං නිච‍්චාදිතාය අනුයුඤ‍්ජිතුං නිච‍්චපණ‍්ණා රුක‍්ඛා හොන‍්තූතිආදිමාහ. සෙසමෙත්‍ථ උත‍්තානත්‍ථමෙව. ලද‍්ධිපතිට‍්ඨාපනෙ සුවණ‍්ණො ච පනාසීති රඤ‍්ඤො පුඤ‍්ඤූපනිස‍්සයෙන ආසි, න කෙවලං ථෙරස‍්ස අධිප‍්පායෙනෙව. තස‍්මා අසාධකමෙතන‍්ති.
දැන් ඉද්ධි කථා නම් වේ. ඉද්ධි නම් මෙය කිසිතැන සමෘද්ධ වේ. කිසිතැන සමෘද්ධ නොවේ. අනිත්‍යාදියේ නිත්‍යාදි කරණය ඒකාන්තයෙන් සමෘද්ධ නොවේ. සභාග සන්තතිය විසභාග සන්තති කිරීම හෝ සභාග සන්තති වශයෙන්ම චිර කලක් පැවැත්වීම හෝ යමෙකුගේ ප්‍රයෝජනය සඳහා කරනු ලැබේ, ඔවුන්ගේ ප්‍රත්‍යාදි කරුණු නිසා කිසිවක් සමෘද්ධ වේ. භික්‍ෂූන්ගේ ප්‍රයෝජනය සඳහා පැන් ගිතෙල් කිරි ආදිය කිරීම මෙන් මහාධාතු නිදහසේ පහන් ආදියේ බොහෝ කලක් පැවැත්වීම මෙන් ද මෙය ස්ව සමයෙහි සනිටුහනය. ආයුෂ්මත් පිළින්‍දවච්ඡ තෙර රජුගේ මාළිගය රන් වේවයි අදිටන් කළේය. ඒ නිසා අධිප්පාය ඉද්ධි ඇතැයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ අන්වකයන්ගේ මෙනි. ඔවුන් සඳහා අත්‍ථි අධිප්පාය ඉද්ධි යයි විචාරීම සකවාදියාටය. එහි අධිප්පාය ඉද්ධි යනු අභිප්‍රායෙන් ඉද්ධි වේ. අදහසෙහි සමෘද්ධිය වන ඍද්ධිය යන අර්ථය වේ. ආමන්තා යයි ලබ්ධිය මත සිට ප්‍රතිඥාව පරවාදියාටය. ඉක්බිති ඔහුට අනිත්‍යදියේ නිත්‍ය බව යෙදීමට නිච්ච පණ්ණා රුක්‍ඛා හොන්තු යනාදිය කීය. මෙහි සෙස්ස පැහැදිලිය. ලබ්ධිය පිහිටුවීමේ සුවණ්ණා ච පනාසි යයි රජුගේ පින නිසා විය. හුදෙක් තෙරුන්ගේ අධිප්පායෙන්ම නොවේ. එහෙයින් සාධක නොවේ.
ඉද‍්ධිකථාවණ‍්ණනා.
බුද‍්ධකථාවණ‍්ණනා
194. බුද්ධ කථා
ඉදානි බුද‍්ධකථා නාම හොති. තත්‍ථ ඨපෙත්‍වා තස‍්මිං තස‍්මිං කාලෙ සරීරවෙමත‍්තතං ආයුවෙමත‍්තතං පභාවෙමත‍්තතඤ‍්ච සෙසෙහි බුද‍්ධධම‍්මෙහි බුද‍්ධානං බුද‍්ධෙහි හීනාතිරෙකතා නාම නත්‍ථි. යෙසං පන අවිසෙසෙනෙව අත්‍ථීති ලද‍්ධි, සෙය්‍යථාපි අන්‍ධකානං; තෙ සන්‍ධාය අත්‍ථි බුද‍්ධානන‍්ති පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස. අථ නං බුද‍්ධධම‍්මෙහි අනුයුඤ‍්ජිතුං සතිපට‍්ඨානතොතිආදිමාහ. ඉතරො තෙසං වසෙන හීනාතිරෙකතං අපස‍්සන‍්තො පටික‍්ඛිපතියෙවාති.
දැන් බුද්ධ කථා නම් වේ. එහි ඒ ඒ කාලවල ශරීර වෙනස්බව ආයු වෙනස්බව ප්‍රභා වෙනස්බව හැර සෙසු බුද්ධ ධර්මයෙන් බුදුවරුන්ගේ බුදුබව කෙරෙහි හීන අතිරේකතා නම් නැත. යමෙකුගේ වනාහි අවිශේෂයෙන් ඇතැයි ලබ්ධි වේ. යම්සේ අන්ධකයන්ගේ මෙනි. ඔවුන් සඳහා අත්‍ථි බුද්ධානං යයි විචාරීම සකවාදියාගේය. ප්‍රතිඥාව අනෙකාගේය. ඉක්බිති ඔහු බුද්ධ ධර්මයෙහි යෙදවීමට සතිපට්ඨානතො යයි කීය. අනිකා ඒ ආදි වශයෙන් හීනන්ති රෙකතා නොදක්නේ ප්‍රතික්‍ෂේප කෙරේමය.
බුද‍්ධකථාවණ‍්ණනා.
සබ‍්බදිසාකථාවණ‍්ණනා
195. සබ්බදිසා කථා
ඉදානි සබ‍්බදිසාකථා නාම හොති. තත්‍ථ චතූසු දිසාසු හෙට‍්ඨා උපරීති සමන‍්තතො ලොකධාතුසන‍්නිවාසං, සබ‍්බලොකධාතූසු ච බුද‍්ධා අත්‍ථීති අත‍්තනො විකප‍්පසිප‍්පං උප‍්පාදෙත්‍වා “සබ‍්බදිසාසු බුද‍්ධා තිට‍්ඨන‍්තී”ති යෙසං ලද‍්ධි, සෙය්‍යථාපි මහාසඞ‍්ඝිකානං; තෙ සන්‍ධාය පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස. පුරත්‍ථිමායාති පුට‍්ඨො සක්‍යමුනිං සන්‍ධාය පටික‍්ඛිපති. පුන පුට‍්ඨො ලද‍්ධිවසෙන අඤ‍්ඤලොකධාතුයං ඨිතං සන්‍ධාය පටිජානාති. කින‍්නාමො සො භගවාතිආදි “සචෙ ත්‍වං ජානාසි, නාමාදිවසෙන නං කථෙහී”ති චොදනත්‍ථං වුත‍්තං. ඉමිනා උපායෙන සබ‍්බත්‍ථ අත්‍ථො වෙදිතබ‍්බොති.
දැන් සබ්බදිසා කථා නම් වේ. එහි සතර දිසාවල යට උඩ වටේ ලෝක ධාතුවල සන්නිවාස වේ. සියළු ලෝකධාතුවල බුදුවරු සිටිති. යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ මහා සංඝිකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. පුරත්‍ථිමාය යයි විචාළේ ශාක්‍යමුනි සඳහා ප්‍රතික්‍ෂේප කරයි. නැවත විචාළේ ලබ්ධි වශයෙන් අන්‍ය ලෝකධාතුවේ සිටීම සඳහා පිළිගනී. කිං නාමො සො භගවා යනාදිය ඉදින් ඔබ නොදන්නෙහිද? නාමාදි වශයෙන් ඔහු කියන්න යයි චෝදනාව පිණිස කියන ලදී. මේ උපායෙන් සියළු තැන අර්ථ දතයුතුය.
සබ‍්බදිසාකථාවණ‍්ණනා.
ධම‍්මකථාවණ‍්ණනා
196. ධම්ම කථා
ඉදානි ධම‍්මකථා නාම හොති. තත්‍ථ යස‍්මා රූපාදයො රූපාදිසභාවෙන නියතා න තං සභාවං විජහන‍්ති, තස‍්මා සබ‍්බධම‍්මා නියතාති යෙසං ලද‍්ධි, සෙය්‍යථාපි අන්‍ධකානඤ‍්චෙව එකච‍්චානඤ‍්ච උත‍්තරාපථකානං; තෙ සන්‍ධාය සබ‍්බෙ ධම‍්මාති පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස. අථ නං “සචෙ තෙ නියතා, මිච‍්ඡත‍්තනියතා වා සියුං සම‍්මත‍්තනියතා වා, ඉතො අඤ‍්ඤො නියාමො නාම නත්‍ථී”ති චොදෙතුං මිච‍්ඡත‍්තනියතාතිආදිමාහ. තත්‍ථ පටික‍්ඛෙපො ච පටිඤ‍්ඤා ච පරවාදිස‍්ස. රූපං රූපට‍්ඨෙනාතිආදි යෙනත්‍ථෙන නියතාති වදති, තස‍්ස වසෙන චොදෙතුං වුත‍්තං. තත්‍රායං අධිප‍්පායො – රූපඤ‍්හි රූපට‍්ඨෙන නියතන‍්ති රූපං රූපමෙව, න වෙදනාදිසභාවන‍්ති අධිප‍්පායෙන වත‍්තබ‍්බං, ඉතො අඤ‍්ඤථා න වත‍්තබ‍්බං. කස‍්මා? රූපට‍්ඨතො අඤ‍්ඤස‍්ස රූපස‍්ස අභාවා. රූපසභාවො හි රූපට‍්ඨො, රූපසභාවො ච රූපමෙව, න රූපතො අඤ‍්ඤො. වෙදනාදීහි පනස‍්ස නානත‍්තපඤ‍්ඤාපනත්‍ථං එස වොහාරො හොතීති. තස‍්මා “රූපං රූපට‍්ඨෙන නියත”න‍්ති වදන‍්තෙන රූපං නියතන‍්ති වුත‍්තං හොති. නියතඤ‍්ච නාම මිච‍්ඡත‍්තනියතං වා සියා සම‍්මත‍්තනියතං වා, ඉතො අඤ‍්ඤො නියාමො නාම නත්‍ථීති. අථ කස‍්මා පටිජානාතීති? අත්‍ථන‍්තරවසෙන. රූපං රූපට‍්ඨෙන නියතන‍්ති එත්‍ථ හි රූපං රූපමෙව, න වෙදනාදිසභාවන‍්ති අයමත්‍ථො. තස‍්මා පටිජානාති. ඉතො අඤ‍්ඤථා පනස‍්ස නියතත‍්තං නත්‍ථීති පුන තෙනෙව නයෙන චොදෙතුං මිච‍්ඡත‍්තනියතන‍්තිආදිමාහ . තං සබ‍්බං උත‍්තානත්‍ථමෙව. තෙන හි රූපන‍්ති ලද‍්ධිපි අයොනිසො පතිට‍්ඨාපිතත‍්තා අප‍්පතිට‍්ඨිතාව හොතීති.
දැන් ධම්ම කථා නම් වේ. එහි යම්හෙයකින් රූපාදිය රූපාදි ස්වභාවයෙන් නියතය. එය ස්වභාවය අත් නොහරී. එහෙයින් සියළු ධර්ම නියත යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ අන්ධකයින්ගේ ද ඇතැම් උත්තරාපථකයන්ගේ ද මෙනි. ඔවුන් සඳහා සබ්බෙ ධම්මා යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඉදින් ඔබගේ නියතය, මිච්ඡත්ත නියතය හෝ සම්මත්ත නියතය හෝ වේද, මෙයින් අන්‍ය වූ නියතයක් නම් නැතැයි චෝදනා කිරීමට මිච්ඡත්ත නියතා යනාදිය කීය. එහි ප්‍රතික්‍ෂේපය ද ප්‍රතිඥාව ද පරවාදියාටය. රූපං රූපට්ඨෙන යම් අර්ථයකින් නියත යයි කියයි. ඒ අනුව චෝදනා කිරීමට කියන ලදී. එහි අදහස මෙසේය. රූපය රූපාර්ථයෙන් නියතයයි රූපය රූපයම වේ. වේදනාදි ස්වභාවයෙන් යයි නොකිව යුතුය. මෙයින් අන්‍යාකාරයකින් ද නොකිව යුතුය. කුමක් හෙයින්ද, රූපාර්ථයෙන් අන්‍ය රූප නැති නිසා. රූප ස්වභාවය රූපාර්ථයයි. රූප ස්වභාවය ද රූපයම වේ. රූපයෙන් අනිකක් නොවේ. වේදනාදියෙන් වනාහි නා නා පැණවීම් සඳහා මේ ව්‍යවහාරයම වේ. එහෙයින් රූපය රූපාර්ථයෙන් නියතයයි කියමින් රූපය නියත යයි කියන ලද්දේ වේ. නියතය මිච්ඡත්ත නියතය හෝ සම්මත්ත නියතය වන්නේය. මෙයින් අන්‍ය වූ නියමයක් නම් නැත. ඉක්බිති කුමක් හෙයින් පිළිගනීද, අර්ථ අන්තර වශයෙනි. රූපං රූපට්ඨෙන නියතං යන මෙහි රූපය රූපයම වේ. මේ අර්ථයෙන් වේදනාදි ස්වභාවය නොවේ. එහෙයින් පිළිගනී. මෙයින් අන්‍ය වූ නියත බවක් නැත. නැවත ඒ නයින්ම චෝදනා කිරීමට මිච්ඡත්ත නියතං යනාදිය කීය. ඒ සියල්ල පැහැදිලි වේ. එයින් රූපං යන ලබ්ධිය ද අනුවණින් පිහිටුවන ලද බැවින් නොපිහිටියේ වේ.
ධම‍්මකථාවණ‍්ණනා.
කම‍්මකථාවණ‍්ණනා
197. කම්ම කථා
ඉදානි කම‍්මකථා නාම හොති. තත්‍ථ “යස‍්මා දිට‍්ඨධම‍්මවෙදනීයාදීනි දිට‍්ඨධම‍්මවෙදනීයට‍්ඨාදීහි නියතානි, තස‍්මා සබ‍්බෙ කම‍්මා නියතා”ති යෙසං ලද‍්ධි, සෙය්‍යථාපි තෙසඤ‍්ඤෙව; තෙ සන්‍ධාය පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස. දිට‍්ඨධම‍්මවෙදනීයට‍්ඨෙන නියතන‍්ති එත්‍ථ දිට‍්ඨධම‍්මවෙදනීයං දිට‍්ඨධම‍්මවෙදනීයට‍්ඨමෙව. සචෙ දිට‍්ඨෙව ධම‍්මෙ විපාකං දාතුං සක‍්කොති දෙති, නො චෙ අහොසිකම‍්මං නාම හොතීති ඉමමත්‍ථං සන්‍ධාය පටිඤ‍්ඤා සකවාදිස‍්ස. මිච‍්ඡත‍්තසම‍්මත‍්තනියාමවසෙන පනෙතං අනියතමෙවාති සබ‍්බං හෙට‍්ඨා වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බන‍්ති.
දැන් කම්ම කථා නම් වේ. එහි යම්හෙයකින් දිට්ඨධම්ම වේදනාදිය දිට්ඨ ධම්ම වේදනාදියෙන් නියත වේ. එහෙයින් සියළු කර්ම නියත යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ ඔවුන්ගේම මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. දිට්ඨධම්ම වෙදනියට්ඨෙන නියතං යන මෙහි දිට්ඨධම්ම වෙදනිය දිට්ඨධම්ම වෙදනියම වේ. ඉදින් මේ ආත්මයේම විපාක දීමට හැකිවේ නම් දෙයි. නොඑසේ නම් අහෝසි කර්ම නම් වේයයි මෙම අර්ථය සඳහා ප්‍රතිඥාව සකවාදියාටය. මිච්ඡත්ත සම්මත්ත නියාම වශයෙන් මෙය අනියතම වේ. සියල්ල යට කියන ලද නයින්ම දතයුතුය.
කම‍්මකථාවණ‍්ණනා.
එකවීසතිමො වග‍්ගො.
එක් විසිවැනි වර්ගය නිමියේය.