අවිවිත්තකථා
21. 2.
21. 2.
අවිවිත‍්තකථා.
අවිවිත්තකථා
[යම් පුද්ගලයක්හට යම් ධර්‍මයෙක් ප්‍රත්‍යුත්පන්න වේ ද, හේ ඒ ධර්‍මයෙන් පමණක් අවිවික්ත (යුක්ත) නම් වෙයි යනු ස්වසමයෙහි නිශ්චය වෙයි. පෘථග්ජන පුද්ගල විසින් ත්‍රෛධාතුකධර්‍ම අපරිඥාත (පිරිසිඳ නොදත්) හෙයින් ඒකක්‍ෂණයෙහි මැ හැම ත්‍රෛධාතුකධර්‍මයන්ගෙන් අවිවික්තයයි උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘අවිවිත්ත කථා’ එයි.]
1. ස. පු: පුථුජ‍්ජනො තෙධාතුකෙහි ධම‍්මෙහි අවිවිත‍්තො’ති.
1. ස. පු: පෘථග්ජන පුද්ගල ත්‍රෛධාතුක ධර්‍මයෙන් අවිවික්ත (යුක්ත) වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: පුථුජ‍්ජනො තෙධාතුකෙහි ඵස‍්සෙහි -පෙ- තෙධාතුකාහි වෙදනාහි -පෙ- සඤ‍්ඤාහි -පෙ- චෙතනාහි -පෙ- චිත‍්තෙහි -පෙ- සද‍්ධාහි -පෙ- විරියෙහි -පෙ- සතීහි -පෙ- සමාධීහි -පෙ- තෙධාතුකාහි පඤ‍්ඤාහි අවිවිත‍්තො’ති.
ස. අනු: පෘථග්ජන පුද්ගල ත්‍රෛධාතුක ස්පර්‍ශයෙන් … ත්‍රෛධාතුක වේදනායෙන් … සංඥායෙන් … චේතනායෙන් … චිත්තයෙන් … ශ්‍රද්ධායෙන් … වීර්‍ය්‍යයෙන් … ස්මෘතියෙන් ... සමාධියෙන් …ත්‍රෛධාතුක ප්‍රඥායෙන් (එක්වර) අවිවික්ත වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: පුථුජ‍්ජනො තෙධාතුකෙහි ධම‍්මෙහි අවිවිත‍්තො’ති.
2. ස. පු: පෘථග්ජන පුද්ගල ත්‍රෛධාතුකධර්‍මයෙන් අවිවික්ත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: යස‍්මිං ඛණෙ පුථුජ‍්ජනො චීවරං දෙති, තස‍්මිං ඛණෙ පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති -පෙ- ආකාසානඤ‍්චායතනං උපසම‍්පජ‍්ජවිහරතී’ති.
ස. අනු: යම් කලෙක පෘථග්ජන පුද්ගල සිවුරු දේ ද, එකල්හි ප්‍රථමධ්‍යානය උපයා වාස කෙරේ ද … ආකාසානඤ්චායතනය උපයා වාස කෙරේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: යස‍්මිං ඛණෙ පුථුජ‍්ජනො පිණ‍්ඩපාතං දෙති -පෙ- සෙනාසනං දෙති -පෙ- ගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරං දෙති, තස‍්මිං ඛණෙ චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති -පෙ- නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං උපසම‍්පජ‍්ජ විහරතී’ති.
ස. අනු: යම් කලෙකැ පෘථග්ජන පුද්ගල පිඬුවා දේ ද … සෙනසුන් දේ ද … ගිලන්පස බෙහෙසත් පිරිකර දේ ද, එකල්හි චතුර්‍ත්‍ථධ්‍යාන උපයා වාස කෙරේ ද … නේවසඤ්ඤා නාසඤ්ඤායතන උපයා වාස කෙරේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ප. පු: න වත‍්තබ‍්බං පුථුජ‍්ජනො තෙධාතුකෙහි ධම‍්මෙහි අවිවිත‍්තො’ති.
3. ප. පු: පෘථග්ජන පුද්ගල ත්‍රෛධාතුකධර්‍මයෙන් අවිවික්ත වෙති’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: පුථුජ‍්ජනස‍්ස රුපධාතුඅරූපධාතුගං කම‍්මං පරිඤ‍්ඤාතන‍්ති.
ප. අනු: පෘථග්ජන පුද්ගල විසින් රූපධාතුඅරූපධාතුග කර්‍මය පරිඥාත වේ ද?
ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
ප. පා: තෙන හි “පුථුජ‍්ජනො තෙධාතුකෙහි ධම‍්මෙහි අවිවිත‍්තො”ති.
ප. පා: එකරුණින් “පෘථග්ජන පුද්ගල ත්‍රෛධාතුක ධර්‍මයෙන් අවිවික්ත” වෙයි.
අවිවිත‍්තකථා නිට‍්ඨිතා.
අවිවික්ත කථා නිමි.