යෙදුමෙන් කියවන්න

සබ‍්බදිසා කථා

21. 6.

21. 6.

සබ‍්බදිසා කථා.

සබ්බදිසා කථා

[‘හැම දික්හි බුදුවරු සිටිති’ යි මහාසාංඝිකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තාහු ඇත. උන්ගේ වාද බිඳුනට ‘සබ්බදිසා කථා’ එයි.]

1. ස. පු: සබ‍්බා දිසා බුද‍්ධා තිට‍්ඨන‍්තී’ති.

1. ස. පු: හැම දික්හි බුදුවරු සිටිත් ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. අනු: පුරත්‍ථිමාය දිසාය බුද‍්ධො තිට‍්ඨතී’ති.

ස. අනු: පෙරදිග බුදුහු සිටිත් ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

2. ස. පු: පුරත්‍ථිමාය දිසාය බුද‍්ධො තිට‍්ඨතී’ති.

2. ස. පු: පෙරදිගැ බුදුහු සිටිත් ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: කින‍්නාමො සො භගවා, කිං ජච‍්චො, කිං ගොත‍්තො, කින‍්නාමා තස‍්ස භගවතො මාතාපිතරො, කින‍්නාමං තස‍්ස භගවතො සාවකයුගං, කොනාමො තස‍්ස භගවතො සාවකයුගං, කොනාමො තස‍්ස භගවතො උපට‍්ඨාකො, කීදිසං චීවරං ධාරෙති, කීදිසං පත‍්තං ධාරෙති, කතරස‍්මිං ගාමෙ වා නිගමෙ වා නගරෙ වා රට‍්ඨෙ වා ජනපදෙ වා’ති.

ස. අනු: ඒ බුදුහු කිනම්හ. කවර ජාති ඇතියහ. කවර ගෝත්‍ර ඇතියහ. ඒ බුදුන්ගේ මාපියෝ කිනම්හ. ඒ බුදුන්ගේ ශ්‍රාවකයුගය කිනම් ඇතියේ යැ. ඒ බුදුන්ගේ උපස්ථායක කවරෙ යැ. ඒ බුදුහු කෙබඳු සිවුරු දරත් ද, කෙබඳු පාත්‍ර ධරත් ද, කවර ගමෙක හෝ නියම්ගමෙක හෝ නුවරෙක හෝ රටෙක හෝ ජනපදයෙක හෝ සිටිත් ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

ස. අනු: දක‍්ඛිණාය දිසාය -පෙ- පච‍්ඡිමාය දිසාය -පෙ- උත‍්තරාය දිසාය -පෙ- හෙට‍්ඨිමාය දිසාය බුද‍්ධො තිට‍්ඨති’ති.

ස. අනු: දකුණුදිගැ ... පැළදිගැ … උතුරුදිගැ … යටදිගැ බුදුහු සිටිත් ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

3. ස. පු: හෙට‍්ඨිමාය දිසාය බුද‍්ධො තිට‍්ඨතී’ති.

3. ස. පු: යට දෙස බුදුහු සිටිත් ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: කින‍්නාමො සො භගවා -පෙ- ජනපදෙ වා’ති.

ස. අනු: ඒ බුදුහු කිනම්හ … කිනම් දනවියෙකැ හෝ සිටිත් ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

ස. අනු: උපරිමාය දිසාය බුද‍්ධො තිට‍්ඨතී’ති.

ස. අනු: උඩ දෙස බුදුහු සිටිත් ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

4. ස. පු: උපරිමාය දිසාය බුද‍්ධො තිට‍්ඨතී’ති.

4. ස. පු: උඩ දෙස බුදුහු සිටිත් ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: චාතුම‍්මහාරාජිකෙ තිට‍්ඨති -පෙ- තාවතිංසෙ තිට‍්ඨති -පෙ- යාමෙ තිට‍්ඨති -පෙ- තුසිතෙ තිට‍්ඨති -පෙ- නිම‍්මාණරතියා තිට‍්ඨති -පෙ- පරනිම‍්මිත වසවත‍්තියා තිට‍්ඨති -පෙ- බ්‍රහ‍්මලොකෙ තිට‍්ඨතී’ති.

ස. අනු: සිවුමහරදයෙහි සිටිත් ද, … තව්තිසැ සිටිත් ද, ... යාම දෙව්ලොවැ සිටිත් ද, … තුසීපුර සිටිත් ද, ... නිර්‍මාණරති දෙව්ලොවැ සිටිත් ද, පරනිර්මිත වශවර්ති දෙව්ලොවැ සිටිත් ද ... බඹලොවැ සිටිත් ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

සබ‍්බදිසා කථා නිට‍්ඨිතා.

සබ්බදිසා කථා නිමි.