ඉද්ධි කථා
21. 4.
21. 4.
ඉද්ධි කථා.
ඉද්ධි කථා
[ඍද්ධිය කිසි තැනෙක සමෘද්ධ වෙයි. කිසි තැනෙකැ සමඍද්ධ නො වෙයි. අනිත්‍යාදිය නිත්‍යාදිය කිරීම ඒකාන්තයෙන් සිද්ධ නො වයි. සභාගසන්තති පෙරළා විසභාග සන්තති කරණය හෝ සභාගසන්තති චිරකල් පවත්වාලීම හො යම් කෙනකුන් සඳහා කරනු ලැබේ නම් ඔවුන්ගේ පුණ්‍යාදි කාරණ නිසා ‘භික්‍ෂූන් සඳහා පැන් කිරි ගී බවට පෙරැළිම සෙයින් ද, මහාධාතු නිධානයෙහි පහන් ආදිය චිරසන්තාන ප්‍රවර්‍තනය සෙයින් ද සමෘද්ධ වෙයි යනු ස්වසමයෙහි සනිටුහනි. යම් හෙයකින් ආයුෂ්මත් පිළින්‍දවච්ඡ තෙරණුවෝ රජුගේ ප්‍රාසාදය රන්වෙවයි ඉටුහු ද එහෙයින් ‘අධිප්පාය (අදහස ඉටුවන) ඍද්ධි ඇතැ’ යි අන්‍ධක නිකායවාසීන් සෙයින් ලබ්ධිගත්තාහු ඇත. උන්ගේ වාද බිඳුනට ‘ඉද්ධි කථා’ එයි.]
1. ස. පු: අත්‍ථි අධිප‍්පායඉද‍්ධි බුද‍්ධානං වා සාවකානං වා’ති.
1. ස. පු: බුදුනට හෝ ශ්‍රාවකයනට හෝ අධිප්‍රායඍද්ධි ඇද් ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: “නිච‍්චපණ‍්ණරුක‍්ඛා හොන‍්තු”ති අත්‍ථි අධිප‍්පාය ඉද‍්ධි බුද‍්ධානං වා සාවකානං වා’ති.
ස. අනු: ‘වෘක්‍ෂයෝ නිත්‍යපර්‍ණ ඇති වෙත්ව’ යි බුදුනට හෝ ශ්‍රාවකයනට හෝ අධිප්‍රායඍද්ධි ඇද් ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: නිච‍්චපුප‍්ඵා රුක‍්ඛා හොන‍්තු -පෙ- නිච‍්චඵලිතා රුක‍්ඛා හොන‍්තු -පෙ- නිච‍්චං ජුණ‍්හං හොතු -පෙ- නිච‍්චං ඛෙමං හොතු -පෙ- නිච‍්චං සුභික‍්ඛං හොතු -පෙ- නිච‍්චං සුවත්‍ථි හොතු”ති අත්‍ථි අධිප‍්පායඉද‍්ධි බුද‍්ධානං වා සාවකානං වා”ති.
ස. අනු: ‘වෘක්‍ෂයෝ නිත්‍යපුෂ්ප ඇති වෙත්ව’යි … වෘක්‍ෂයෝ නිත්‍යඵල ඇති වෙත්වයි … නිත්‍යජ්‍යොත්සනා (සඳරැස්) ඇති වෙවයි … නිත්‍ය ක්‍ෂේම ඇති වෙවයි … නිත්‍යසුභික්‍ෂ වෙවයි … නිත්‍ය ස්වස්ති වෙව’යි බුදුනට හෝ ශ්‍රාවකයනට හෝ අධිප්‍රායඍද්ධි ඇත් ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: අත්‍ථි අධිප‍්පායඉද‍්ධි බුද‍්ධානං වා සාවකානං වා’ති.
2. ස. පු: බුදුනට හෝ ශ්‍රාවකයනට හෝ අධිප්‍රායඍද්ධි ඇද් ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: “උප‍්පන‍්නො ඵස‍්සො මා නිරුජ‍්ඣී”ති අත්‍ථි අධිප‍්පායඉද‍්ධි බුද‍්ධානං වා සාවකානං වා’ති.
[need trans]
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: උප‍්පන‍්නා වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- චෙතනා -පෙ- චිත‍්තං -පෙ- සද‍්ධා -පෙ- විරියං -පෙ- සති -පෙ- සමාධි -පෙ- පඤ‍්ඤා මා නිරුජ‍්ඣි”ති. අත්‍ථි අධිප‍්පායඉද‍්ධි බුද‍්ධානං වා සාවකානං වා’ති.
ස. අනු: ‘උපන් වේදනා … සංඥා … චේතනා … චිත්ත ... ශ්‍රද්ධා … වීර්‍ය්‍ය … ස්මෘති … සමාධි … ප්‍රඥා නහමක් නිරුද්ධ වෙව’යි බුදුනට හෝ ශ්‍රාවකයනට හෝ අධිප්‍රායඍද්ධි ඇද් ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: අත්‍ථි අධිප‍්පායඉද‍්ධි බුද‍්ධානං වා සාවකානං වා’ති.
3. ස. පු: බුදුනට හෝ ශ්‍රාවකයනට හෝ අධිප්‍රායඍද්ධි ඇද් ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: රූපං නිච‍්චං හොතූ’ති අත්‍ථි අධිප‍්පායඉද‍්ධි බුද‍්ධානං වා සාවකානං වා’ති.
ස. අනු: ‘රූපය නිත්‍ය වෙව’ යි බුදුනට හෝ ශ්‍රාවකයනට හෝ අධිප්‍රායඍද්ධි ඇද් ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං නිච‍්චං හොතු’ති අත්‍ථි අධිප‍්පායඉද‍්ධි බුද‍්ධානං වා සාවකානං වා’ති.
ස. අනු: වේදනා … සංඥා … සංස්කාරයෝ … විඥානය නිත්‍ය වෙව’යි බුදුනට හෝ ශ්‍රාවකයනට හෝ අධිප්‍රායඍද්ධි ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: අත්‍ථි අධිප‍්පායඉද‍්ධි බුද‍්ධානං වා සාවකානංවා’ති.
4. ස. පු: බුදුනට හෝ ශ්‍රාවකයනට හෝ අධිප්‍රායඍද්ධි ඇද් ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ජාතිධම‍්මා සත‍්තා මා ජායිංසූ’ති අත්‍ථි අධිප‍්පාය ඉද‍්ධි -පෙ- ජරාධම‍්මා සත‍්තා මා ජියිංසූ’ති -පෙ- ව්‍යාධිධම‍්මා සත‍්තා මා ව්‍යාධිංසූ’ති -පෙ- මරණධම‍්මා සත‍්තා මා මීයිංසූ’ති අත්‍ථි අධිප‍්පායඉද‍්ධි බුද‍්ධානං වා සාවකානං වා’ති.
ස. අනු: ජාතිස්වභාව ඇති සත්ත්‍වයෝ නහමක් උපදිත්වයි අධිප්‍රායඍද්ධි ඇද්ද … ජරාස්වභාව ඇති සත්ත්‍වයෝ නහමක් දිරත්වයි … ව්‍යාධිස්වභාව ඇති සත්ත්‍වයෝ නහමක් ව්‍යාධි ඇති වෙත්වයි … මරණස්වභාව ඇති සත්ත්‍වයෝ නහමක් මියෙත්වයි බුදුනට හෝ ශ්‍රාවකයනට හෝ අධිප්‍රායඍද්ධි ඇද් ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ප. පු: න වත‍්තබ‍්බං අත්‍ථි අධිප‍්පායඉද‍්ධි බුද‍්ධානං වා සාවකානං වා’ති.
5. ප. පු: ‘බුදුනට හෝ ශ්‍රාවකයනට හෝ අධිප්‍රායඍද්ධි ඇතැ’යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: නනු ආයස‍්මා පිළින්‍දවච‍්ඡො රඤ‍්ඤො මාගධස‍්ස සෙනියස‍්ස බිම‍්බිසාරස‍්ස පාසාදං සුවණ‍්ණනත්‍වෙව අධිමුච‍්චි, සුවණ‍්ණො ච පන ආසී’ති.
ප. අනු: ආයුෂ්මත් පිළින්‍දවච්ඡ තෙරණුවෝ මගධේශ්වර සේනිය බිම්බිසාර රජුගේ පහය රන් වේවයි ඉටුහු නො, පහය ස්වර්‍ණත් වී නො?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. ඨ: හඤ‍්චි ආයස‍්මා පිළින්‍දවච‍්ඡො රඤ‍්ඤො මාගධස‍්ස සෙනියස‍්ස බිම‍්බිසාරස‍්ස පාසාදං සුවණ‍්ණනත්‍වෙව අධිමුච‍්චි, සුවණ‍්ණො ච පන ආසි,
ප. ඨ: ඉදින් ආයුෂ්මත් පිළින්‍දවච්ඡ තෙරණුවෝ මගධේශ්වර සේනිය බිම්බිසාර රජුගේ ‘පහය රන් වේව’යි ඉටු සේක් වී නම්, පහයත් රන් වී නම්,
ප. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ “අත්‍ථි අධිප‍්පායඉද‍්ධි බුද‍්ධානං වා සාවකානං වා”ති.
ප. පා: භවත, එකරුණින් බුදුනට හෝ ශ්‍රාවකයනට හෝ අධිප්‍රායඍද්ධි ඇත.
(මෙහි රජුගේ පුණ්‍යමහිමයෙන් ද පහය රන් වූ හෙයින් සාධකය නො යෙදේ.)
ඉද‍්ධි කථා නිට‍්ඨිතා.
ඉද්ධි කථා නිමි.