22. බාවීසතිමවග්ගො අට්ඨකථා
22. දෙවිසි වැනි වර්ගය
පරිනිබ්බානකථාවණ්ණනා
198. පරිනිබ්බාන කථා
ඉදානි පරිනිබ්බානකථා නාම හොති. තත්ථ “යස්මා අරහා සබ්බඤ්ඤුවිසයෙ අප්පහීනසංයොජනොව පරිනිබ්බායති, තස්මා අත්ථි කිඤ්චි සංයොජනං අප්පහාය පරිනිබ්බාන”න්ති යෙසං ලද්ධි, සෙය්යථාපි අන්ධකානං; තෙ සන්ධාය පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස. සෙසමෙත්ථ හෙට්ඨා වුත්තනයමෙවාති.
දැන් පරිනිබ්බාන කථා නම් වේ. එහි යම්හෙයකින් රහතන් වහන්සේ සර්වඥ විෂයෙහි සංයෝජන අප්රහීනවම පිරිනිවන්පාති. එහෙයින් කිසියම් සංයෝජන ඇතිවම පිරිනිවන් පාන්නේ යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ අන්ධකයින්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. මෙහි සෙස්ස යට කියන ලද නය අනුවය.
පරිනිබ්බානකථාවණ්ණනා.
කුසලචිත්තකථාවණ්ණනා
199. කුසල චිත්ත කථා
ඉදානි කුසලචිත්තකථා නාම හොති. තත්ථ යස්මා අරහා සතිවෙපුල්ලප්පත්තො පරිනිබ්බායන්තොපි සතො සම්පජානොව පරිනිබ්බාති, තස්මා කුසලචිත්තො පරිනිබ්බායතීති යෙසං ලද්ධි, සෙය්යථාපි අන්ධකානං; තෙ සන්ධාය පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස. අථ නං යස්මා කුසලචිත්තො නාම පුඤ්ඤාභිසඞ්ඛාරාභිසඞ්ඛරණාදිවසෙන හොති, තස්මා තෙනත්ථෙන චොදෙතුං අරහා පුඤ්ඤාභිසඞ්ඛාරන්තිආදිමාහ. සෙසමෙත්ථ යථාපාළිමෙව නිය්යාති. සතො සම්පජානොති ඉදං ජවනක්ඛණෙ කිරියසතිසම්පජඤ්ඤානං වසෙන අසම්මොහමරණදීපනත්ථං වුත්තං, න කුසලචිත්තදීපනත්ථං. තස්මා අසාධකන්ති.
දැන් කුසල චිත්ත කථා නම් වේ. එහි යම්හෙයකින් රහතන් වහන්සේ සිහිය විපුලභාවයට පැමිණ පිරිනිවන් පාන්නේ ද? සති සම්පත්තියෙන්ම පිරිනිවන්පාති. එහෙයින් කුසල සිත පිරිනිවන්පාන්නේ යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ අන්ධකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට යම්හෙයකින් කුසල සිත නම් පුඤ්ඤාභිසංඛාර අභිසංඛරණ වශයෙන් වේ. එහෙයින් ඒ අර්ථයෙන් චෝදනා කිරිමට අරහා පුඤ්ඤාභිසංඛාරං යනාදිය කීය. මෙහි සෙස්ස පෙළ අනුව පැමිණවිය යුතුය. සතො සම්පජානො යන මෙය ජවන ක්ෂණයෙහි කිරිය සති සම්පජන්‍ය වශයෙන් නුමුළා මරණ දැක්වීම සඳහා කියන ලදී. කුසල සිත දැක්වීම සඳහා නොවේ. එහෙයින් අසාධක වේ.
කුසලචිත්තකථාවණ්ණනා.
ආනෙඤ්ජකථාවණ්ණනා
200. ආනෙඤ්ජ කථා
ඉදානි ආනෙඤ්ජකථා නාම හොති. තත්ථ භගවා චතුත්ථජ්ඣානෙ ඨිතො පරිනිබ්බායීති සල්ලක්ඛෙත්වා “අරහා ආනෙඤ්ජෙ ඨිතො පරිනිබ්බායතී”ති යෙසං ලද්ධි, සෙය්යථාපි එකච්චානං උත්තරාපථකානං, තෙ සන්ධාය පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස. පකතිචිත්තෙති භවඞ්ගචිත්තෙ. සබ්බෙ හි සඤ්ඤිනො සත්තා භවඞ්ගචිත්තෙ ඨත්වා භවඞ්ගපරියොසානෙන චුතිචිත්තෙන කාලං කරොන්ති. ඉති නං ඉමිනා අත්ථෙන චොදෙතුං එවමාහ. තත්ථ කිඤ්චාපි චතුවොකාරභවෙ අරහතො පකතිචිත්තම්පි ආනෙඤ්ජං හොති, අයං පන පඤ්හො පඤ්චවොකාරභවවසෙන උද්ධටො. තස්මා නො ච වත රෙ වත්තබ්බෙති ආහ. සෙසමෙත්ථ උත්තානත්ථමෙවාති.
දැන් ආනෙඤ්ජ කථා නම් වේ. එහි භාග්‍යවතුන් වහන්සේ චතුර්ථ ධ්‍යානයෙහි සිටියේ පිරිනිවන්පෑහයි සලකා රහතන් වහන්සේ ආනෙඤ්ජයෙහි සිට පිරිනිවන් පාන්නේ යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ ඇතැම් උත්තරාපථකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. පකති චිත්තෙ යනු භවංග සිතෙහි. සියළු සංඥී සත්ත්වයෝ භවංග සිතේ සිටියාහු භවංග අවසානයේ චුති සිතින් කළුරිය කරති. මෙසේ ඔහුට මේ අර්ථයෙන් චෝදනා කිරීමට මෙසේ කීය. එහි චතුවෝකාර භවයෙහි රහතන් වහන්සේගේ ප්‍රකෘති සිත ද ආනෙඤ්ජ වේ. මේ ප්රශ්නය වනාහි පංචවෝකාර භව වශයෙන් උදුරන ලදී. නො වත රෙ වත්තබ්බෙ යයි ද කීය. මෙහි සෙස්ස පැහැදිලිය.
ආනෙඤ්ජකථාවණ්ණනා.
ධම්මාභිසමයකථාවණ්ණනා
201. ධම්මාභිසමය කථා
ඉදානි ධම්මාභිසමයකථා නාම හොති. තත්ථ අතීතභවෙ සොතාපන්නං මාතුකුච්ඡියං වසිත්වා නික්ඛන්තං දිස්වා “අත්ථි ගබ්භසෙය්යාය ධම්මාභිසමයො”ති යෙසං ලද්ධි, සෙය්යථාපි එකච්චානං උත්තරාපථකානං, තෙ සන්ධාය පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස. අථ නං “යදි තත්ථ ධම්මාභිසමයො අත්ථි, ධම්මාභිසමයස්ස කාරණෙහි ධම්මදෙසනාදීහි භවිතබ්බ”න්ති චොදෙතුං අත්ථි ගබ්භසෙය්යාය ධම්මදෙසනාතිආදිමාහ. සුත්තස්සාතිආදි භවඞ්ගවාරං සන්ධාය වුත්තං. ගබ්භසෙය්යාය හි යෙභුය්යෙන භවඞ්ගමෙව පවත්තති. තෙනෙව සත්තො කිරියමයප්පවත්තාභාවා සුත්තො, භාවනානුයොගස්ස අභාවා පමත්තො, කම්මට්ඨානපරිග්ගාහකානං සතිසම්පජඤ්ඤානං අභාවා මුට්ඨස්සති අසම්පජානො නාම හොති, තථාරූපස්ස කුතො ධම්මාභිසමයොති?
දැන් ධම්මාභිසමය කථා නම් වේ. එහි අතීත භවයෙහි සෝවාන් වූයේ මව්කුස වැස නික්මෙන්නා දැක ගැබ වාසය කරන්නේ ධර්මාවබෝධය ඇතැයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ ඇතැම් උත්තරාපථකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. [missing trans]
ධම්මාභිසමයකථාවණ්ණනා.
තිස්සොපිකථාවණ්ණනා
202. තිස්සොපි කථා
ඉදානි තිස්සොපිකථා නාම හොන්ති. තත්ථ අචිරජාතානං පන සොතාපන්නානං අරහත්තප්පත්තිං සුප්පවාසාය ච උපාසිකාය සත්තවස්සිකං ගබ්භං දිස්වා “අත්ථි ගබ්භසෙය්යාය අරහත්තප්පත්තී”ති ච සුපිනෙ ආකාසගමනාදීනි දිස්වා “අත්ථි ධම්මාභිසමයො”ති ච “අත්ථි තත්ථ අරහත්තප්පත්තී”ති ච ඉධාපි යෙසං ලද්ධියො, සෙය්යථාපි තෙසඤ්ඤෙව; තෙ සන්ධාය පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස. සෙසමෙත්ථ පුරිමකථා සදිසමෙවාති.
[missing trans]
තිස්සොපිකථාවණ්ණනා.
අබ්යාකතකථාවණ්ණනා
203. අව්‍යාකෘත කථා
ඉදානි අබ්යාකතකථා නාම හොති. තත්ථ “අත්ථෙසා, භික්ඛවෙ, චෙතනා, සා ච ඛො අබ්බොහාරිකා”ති (පාරා· 235) වචනතො “සබ්බං සුපිනගතස්ස චිත්තං අබ්‍යාකත”න්ති යෙසං ලද්ධි, සෙය්යථාපි එකච්චානං උත්තරාපථකානඤ්ඤෙව, තෙ සන්ධාය පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස. සෙසමෙත්ථ යථා පාළිමෙව නිය්යාති. සුපිනගතස්ස චිත්තං අබ්බොහාරිකන්ති ඉදං ආපත්තිං සන්ධාය වුත්තං. සුපිනගතස්ස හි පාණාතිපාතාදිවසෙන කිඤ්චාපි අකුසලචිත්තං පවත්තති, වත්ථුවිකොපනං පන නත්ථීති න සක්කා තත්ථ ආපත්තිං පඤ්ඤපෙතුං. ඉමිනා කාරණෙන තං අබ්බොහාරිකං, න අබ්යාකතත්තාති.
[missing trans] මෙහි සෙස්ස පෙළ අනුව පැමිණවිය යුතු. සුපිනගතස්ස චිත්තං අබ්බොහාරිකං යන මෙය පැමිණීම සඳහා කියන ලදී. සුපිනගත වූවහු ප්‍රාණඝාතාදි වශයෙන් අකුසල සිත් පවතී. වස්තු විකොපනය නැතැයි එහි ආපත්ති පැණවීමට නොහැකි වේ. මෙම කරුණින් ඒ අබ්බොහාරිකය අව්‍යාකෘත වේ.
අබ්යාකතකථාවණ්ණනා.
ආසෙවනපච්චයකථාවණ්ණනා
204. ආසෙවන පච්චය කථා
ඉදානි ආසෙවනපච්චයකථා නාම හොති. තත්ථ යස්මා සබ්බෙ ධම්මා ඛණිකා , න කොචි මුහුත්තම්පි ඨත්වා ආසෙවනපච්චයං ආසෙවති නාම. තස්මා නත්ථි කිඤ්චි ආසෙවනපච්චයතා. ආසෙවනපච්චයතාය උප්පන්නං පන න කිඤ්චි අත්ථීති යෙසං ලද්ධි, සෙය්යථාපි තෙසඤ්ඤෙව; තෙ සන්ධාය පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස. අථ නං සුත්තවසෙනෙව පඤ්ඤාපෙතුං නනු වුත්තං භගවතා පාණාතිපාතොතිආදි ආභතං. තං සබ්බං උත්තානත්ථමෙවාති.
දැන් ආසෙවන පච්චය කථා නම් වේ. එහි යම්හෙයකින් සියළු ධර්ම ක්ෂණික වේ. කිසිවක් මොහොතකදු සිට ආසේවන ප්‍රත්‍යයෙන් ආසේවනය වන දහමක් නැත. එහෙයින් කිසි ආසේවන ප්‍රත්‍යයෙක් නැත. ආසේවන ප්‍රත්‍යයෙන් උපන් කිසි දහමක් නැතැයි යමෙකුගේ ලබ්ධි වේ. යම්සේ ඔවුන්ගේමය. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට සූත්‍ර වසයෙන්ම දැනවීමට නනු වුත්තං භගවතා පාණාතිපාතො යනාදිය ගෙනෙන ලදී. ඒ සියල්ල පැහැදිලිය.
ආසෙවනපච්චයකථාවණ්ණනා.
ඛණිකකථාවණ්ණනා
205. ඛණික කථා
ඉදානි ඛණිකකථා නාම හොති. තත්ථ යස්මා සබ්බසඞ්ඛතධම්මා අනිච්චා, තස්මා එකචිත්තක්ඛණිකායෙව. සමානාය හි අනිච්චතාය එකො ලහුං භිජ්ජති, එකො චිරෙනාති කො එත්ථ නියාමොති යෙසං ලද්ධි, සෙය්යථාපි පුබ්බසෙලියාපරසෙලියානං; තෙ සන්ධාය එකචිත්තක්ඛණිකාති පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස. චිත්තෙ මහාපථවීතිආදීසු තෙසං තථා සණ්ඨානං අපස්සන්තො පටික්ඛිපති. චක්ඛායතනන්තිආදි “යදි සබ්බෙ එකචිත්තක්ඛණිකා භවෙය්යුං, චක්ඛායතනාදීනි චක්ඛුවිඤ්ඤාණාදීහි සද්ධිංයෙව උප්පජ්ජිත්වා නිරුජ්ඣෙය්යු”න්ති චොදනත්ථං වුත්තං. ඉතරො පන අන්තොමාතුකුච්ඡිගතස්ස විඤ්ඤාණුප්පත්තිං සන්ධාය පටික්ඛිපති , පවත්තං සන්ධාය ලද්ධිවසෙන පටිජානාති. සෙසමෙත්ථ උත්තානත්ථමෙවාති. තෙන හි එකචිත්තක්ඛණිකාති යස්මා නිච්චා න හොන්ති, තස්මා එකචිත්තක්ඛණිකාති අත්තනො රුචියා කාරණං වදති. තං අවුත්තසදිසමෙවාති.
දැන් ක්ෂණික කථා නම් වේ. එහි යම්හෙයකින් සියළු සංඛත දහම් අනිත්‍ය වේ. එහෙයින් ඒක චිත්ත ක්ෂණිකමය. සමාන අනිත්‍යයෙන් එක් දහමක් වහා බිඳේ. එක් දහමක් කලක් පැවත බිඳේ. මෙහි නියමය කුමක්දැයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ පුබ්බසේලිය අපරසේලියන්ගේ මෙනි. ඔවුන් සඳහා එක චිත්තක්ඛණිකා යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. චිත්තෙ මහා පඨවි යනාදියෙහි ඒවායේ එබඳු සටහන් නොදක්නේ ප්‍රතික්ෂේප කරයි. චක්ඛායතනං යනාදිය ඉදින් සියල්ල ඒක ක්ෂණික වන්නේ නම් චක්ඛායතනාදිය චක්ඛු විඤ්ඤාණාදිය සමග ඉපදී නිරුද්ධ වන්නේ යයි චෝදනා කිරීමට කියන ලදී. අනෙකා මව්කුසට ගියහුගේ විඤ්ඤාණ උත්පත්තිය සඳහා ප්‍රතික්ෂේප කරයි. පැවතීම සඳහා ලබ්ධි වශයෙන් පිළිගනී. මෙහි සෙස්ස පැහැදිලිය. තෙනහි එකචිත්තක්ඛණිකා යයි යම්හෙයකින් නිත්‍ය වේද එහෙයින් ඒක චිත්ත ක්ෂණිකයයි තමාගේ රුචියෙන් හේතු කියයි. එය නොකියන ලද සමාන වේමය.
ඛණිකකථාවණ්ණනා.
බාවීසතිමො වග්ගො.
දෙවිසි වැනි වර්ගය නිමියේය.