ඛණික කථා
22. 10.
22. 10.
ඛණික කථා.
ක්ෂණික කථා
[යම් හෙයෙකින් සර්වසංස්කෘත ධර්මයෝ අනිත්‍ය වෙත්ද, එහෙයින් ඔහු හැම ඒකචිත්තක්ෂණික වෙත් මැ යැ. අනිත්‍යතා සංස්කාරධර්‍මය සමාන වුව ද එකෙක් වහා බිඳෙයි, එකෙක් වහා නො බිඳෙයි. මෙහි ලා කවර නියමයෙක් වේ දැ’යි පූර්වශෛල අපරශෛලනිකාය වාසීන් ගේ ලබ්ධියෙක් ඇද්ද උන් ගෙන ‘ඒකචිත්තක්ඛණික කථා’ එයි.]
1. ස. පු: එකචිත්තක්ඛණිකා සබ්බෙ ධම්මා’ති.
1. ස. පු: සර්‍වධර්‍මයෝ ඒකචිත්තක්ෂණික වෙත් ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: චිත්තෙ මහාපඨවී සණ්ඨාති, මහාසමුද්දො සණ්ඨාති, සිනෙරුපබ්බතරාජා සණ්ඨාති, ආපො සණ්ඨාති, තෙජො සණ්ඨාති, වායො සණ්ඨාති, තිණකට්ඨවනප්පතයො සණ්ඨහන්තී’ති.
ස. අනු: චිත්තයෙහි මහාපෘථිවිය පිහිටා ද, මහා සමුද්‍රය පිහිටා ද, සිනේරුපර්වතරාජයා පිහිටා ද, අබ්ධාතු පිහිටා ද, තේජස් පිහිටා ද, වායු පිහිටා ද, තෘණකාෂ්ටවනස්පතීහු පිහිටත් ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: එක චිත්තක්ඛණිකා සබ්බෙ ධම්මා’ති.
2. ස. පු: හැම ධර්මයෝ ඒකචිත්තක්ෂණික වෙත් ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: චක්ඛායතනං චක්ඛුවිඤ්ඤාණෙන සහජාතන්ති.
ස. අනු: චක්ෂුරායතනය චක්ෂුර්විඥානය හා සමග සහජාත වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: චක්ඛායතනං චක්ඛුවිඤ්ඤාණෙන සහජාතන්ති.
3. ස. පු: චක්ෂුරායතනය චක්ෂුර්විඥානය හා සමග සහජාත වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු ආයස්මා සාරිපුත්තො එතදවොච: “අජ්ඣත්තිකඤ්චෙ ආවුසො චක්ඛුං අපරිභින්නං හොති, බාහිරා ච රූපා න ආපාථං ආගච්ඡන්ති, නො ච තජ්ජො සමන්නාහාරො හොති, නෙව තාව තජ්ජස්ස විඤ්ඤාණභාගස්ස පාතුභාවො හොති. අජ්ඣත්තිකඤ්චෙව ආවුසො චක්ඛුං අපරිභින්නං හොති, බාහිරා ච රූපා ආපාථං ආගච්ඡන්ති, නො ච තජ්ජො සමන්නාහාරො හොති, නෙව තාව තජ්ජස්ස විඤ්ඤාණභාගස්ස.3 පාතුභාවො හොති. යතො ච ඛො ආවුසො, අජ්ඣත්තිකඤ්චෙව චක්ඛුං අපරිභින්නං හොති, බාහිරා ච රූපා ආපාථං ආගච්ඡන්ති, තජ්ජො ච සමන්නාහාරො හොති, එවං තජ්ජස්ස විඤ්ඤාණභාගස්ස පාතුභාවො හොතී”ති. අත්ථෙව සුත්තන්තො’ති.
ස. අනු: ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවෝ තෙල වදාළාහු නො: “ඇවැත්නි, අධ්‍යාත්මික චක්‍ෂුසත් නො බිඳුණේ වේ ද, බාහිර රූපයෝත් ආපාථයට (හමුවට) නො එත් ද, තදනුරූප (එයින් උපන්) මනසිකාරයත් නො වේ ද, ඒ තාක් තදනුරූප (එයින් උපන්) විඥානයාගේ ප්රාදුර්භාවය නො වේ මැ යි. ඇවැත්නි, අධ්‍යාත්මික චක්‍ෂුසත් නො බිඳුණේ වේ ද, බාහිර රූපයෝත් ආපාථයට එත් ද, තදනුරූප මනසිකාරයත් නො වේ ද, ඒ තාක් තදනුරූප විඥානයාගේ ප්රාදුර්භාවය නො මැ වෙයි. ඇවැත්නි, යම් හෙයකින් ආධ්‍යාත්මික චක්‍ෂුසත් නො බිඳුණේ වේ ද, බාහිර රූපයෝත් ආපාථයට එත් ද, තදනුරූප මනසිකාරත් වේ ද, මෙසේ තදනුරූපවිඥානයාගේ ප්රාදුර්භාවය වේ” ය යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පා: තෙන හි න වත්තබ්බං: “චක්ඛායතනං චක්ඛුවිඤ්ඤාණෙන සහජාත”න්ති.
ස. පා: එකරුණින් ‘චක්ෂුරායතනය චක්ෂුර්විඥානය හා සහජාත වෙති’යි නො කියැයුතු යැ.
4. ස. පු: එකචිත්තක්ඛණිකා සබ්බෙ ධම්මාති.
4. ස. පු: සර්‍වධර්‍මයෝ ඒකචිත්තක්ෂණික වෙත් ද?
ප. පටි: ආමන්තා.
ප. පටි: එසේ යැ.
ස. අනු: සොතායතනං -පෙ- ඝානායතනං -පෙ- ජිව්හායතනං -පෙ- කායායතනං කායවිඤ්ඤාණෙන සහජාතන්ති.
ස. අනු: ශ්‍රෝත්‍රායතනය … ඝ්‍රාණායතනය … ජිහ්වායතනය … කායායතනය කායවිඥානය හා සහජාත වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: කායායතනං කායවිඤ්ඤාණෙන සහජාතන්ති.
5. ස. පු: කායායතනය කායවිඥානය හා සහජාත වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු ආයස්මා සාරිපුත්තො එතදවොච: “අජ්ඣත්තිකො චෙ ආවුසො, කායො අපරිභින්නො හොති, බාහිරා ච ඵොට්ඨබ්බා න අපාථං ආගච්ඡන්ති, නො ච -පෙ- අජ්ඣත්තිකො චෙව ආවුසො කායො අපරිභින්නො හොති. බාහිරා ච ඵොට්ඨබ්බා ආපාථං ආගච්ඡන්ති, නො ච -පෙ- යතො ච ඛො ආවුසො, අජ්ඣත්තිකො චෙව කායො අපරිභින්නො හොති බාහිරා ච ඵොට්ඨබ්බා ආපාථං ආගච්ඡන්ති, තජ්ජො ච සමන්නාහාරො හොති, එවං තජ්ජස්ස විඤ්ඤාණභාගස්ස පාතුභාවො හොතී”ති අත්ථෙව සුත්තන්තො’ති.
ස. අනු: ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවෝ තෙල වදාළාහු නො: “ඇවැත්නි. අධ්‍යාත්මික කයත් නො බිඳුණේ වේ ද, බාහ්‍ය ස්ප්රෂ්ටව්යයෝත් ආපාථයට නො එත් ද, ... ඇවැත්නි, අධ්‍යාත්මික කයත් නොබිඳුණේ වේ ද, බාහ්‍ය ස්ප්රෂ්ටව්යයෝත් ආපාථයට එත් ද, … ඇවැත්නි, යම් හෙයෙකින් ආධ්‍යාත්මික කයත් නො බිඳුණේ වේ ද, බාහ්‍ය ස්ප්රෂ්ටව්යයෝත් ආපාථයට එත් ද, තදනුරූප මනසිකාරත් වේ ද, මෙසේ තදනුරූපවිඥානභාගයාගේ ප්රාදුර්භාවය වේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පා: තෙන හි න වත්තබ්බං “කායායතනං කායවිඤ්ඤාණෙන සහජාත’න්ති.
ස. පා: එකරුණින් ‘කායායතනය කායවිඥානය හා සහජාත වෙතී’ යි නො කියැයුතු යැ.
6. ප. පු: න වත්තබ්බං එකචිත්තක්ඛණිකා සබ්බෙ ධම්මා’ති.
6. ප. පු: හැම දහම්හු ඒකචිත්තක්ෂණිකයහ’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: ආමන්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: සබ්බෙ ධම්මා නිච්චා ධුවා සස්සතා අවිපරිණාමධම්මා’ති.
ප. අනු: හැම දහම්හු නිත්‍ය ධ්රැව ශාශ්වත අවිපරිණාම ස්වභාව ඇත්තාහු වෙත් ද?
ස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ස. පටි: එසේ නො කියැයුතු යැ …
ප. පා: තෙන හි එකචිත්තක්ඛණිකා සබ්බෙ ධම්මා”ති.
ප. පා: එකරුණින් හැම දහම්හු ඒකචිත්තක්ෂණික වෙති.
ඛණික කථා නිට්ඨිතා.
ක්ෂණික කථා නිමි.
ද්වාවීසතිමො වග්ගො නිට්ඨිතො.
ද්වාවිංශද්වර්ගය නිමි.
තස්සුද්දානං:
එහි උද්දානය:
“අත්ථි කිඤ්චි සඤ්ඤොජනං අප්පහාය පරිනිබ්බානං, අරහා කුසලං චිත්තො පරිනිබ්බායති, අරහා අනෙඤ්ජෙ ඨිතො පරිනිබ්බායති, අත්ථි ගබ්භසෙය්යාය ධම්මාභිසමයො, අත්ථි ගබ්භසෙය්යාය අරහත්තප්පත්ති, අත්ථි සුපිනගතස්ස ධම්මාභිසමයො, අත්ථි සුපිනගතස්ස අරහත්තප්පත්ති, සබ්බං සුපිනගතස්ස චිත්තං අබ්යාකතං, නත්ථි කාචි ආසෙවනපච්චයතා, එකචිත්තක්ඛණිකා සබ්බෙ ධම්මා.
පරිනිබ්බානකථා යැ කුසලචිත්තකථා යැ ආනෙඤ්ජ කථා යැ ධම්මාභිසමයකථා යැ තිස්සො’පි කථා යැ අබ්යාකතකථා යැ ආසේවනපච්චය කථා යැ ඛණිකකථා යි.