ආසෙවනපච්චය කථා
22. 9.
22. 9.
ආසෙවනපච්චය කථා.
ආසේවනපච්චය කථා
[‘සර්‍වධර්‍මයෝ ක්ෂණිකයහ, මොහොතකුදු සිට ආසේවනප්‍රත්‍යය සෙවුනා කිසි දහමෙක් නැත. එහෙයින් කිසි ආසේවනප්රත්යතායෙක් නැත. ආසේවනප්‍රත්‍යය බැවින් උපන් කිසි ධර්මයෙක් නැතැ’යි සමහර උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘ආසේවනපච්චය කථා’ එයි.]
1. ස. පු: නත්ථි කාචි ආසෙවනපච්චයතා’ති.
1. ස. පු: කිසි ආසේවනප්රත්යයතායෙක් නැද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු වුත්තං භගවතා: “පාණාතිපාතො භික්ඛවෙ ආසෙවිතො භාවිතො බහුලීකතො නිරයසංවත්තනිකො තිරච්ඡානයොනිසංවත්තනිකො පෙත්තිවිසයසංවත්තනිකො, යො සබ්බලහුසො පාණාතිපාතස්ස විපාකො මනුස්සභූතස්ස අප්පායුකසංවත්තනිකො හොතී”ති අත්ථෙ’ව සුත්තන්තො’ති.
ස. අනු: භාග්‍යවතුන් විසින් වදාරනලද නො: “මහණෙනි, ප්රාණඝාතකර්මය ආසේවන කරනලද්දේ භාවිත කරනලද්දේ බහුල කරනලද්දේ නිරෑ පිණිස පවත්නේ යැ. තිරිසන් යොන් පිණිස පවත්නේ යැ. ප්‍රේතවිෂය පිණිස පවත්නේ යි. ප්‍රාණඝාතයාගේ හැමට ලඝු වූ යම් විපාකයෙක් ඇද්ද, හේ මනුෂ්‍ය වූවහුට අල්පායු පිණිස පවත්නේ වේ”යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පා: තෙන හි “අත්ථි කාචි ආසෙවනපච්චයතා”ති.
ස. පා: එකරුණින් කිසි ආසේවනප්රත්යයතායෙක් ඇත.
2. ස. පු: නත්ථි කාචි ආසෙවනපච්චයතා’ති.
2. ස. පු: කිසි ආසේවනප්රත්යයතායෙක් නැද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු වුත්තං භගවතා: “අදින්නාදානං භික්ඛවෙ අසෙවිතං භාවිතං බහුලීකතං නිරයසංවත්තනිකං තිරච්ඡානයොනිසංවත්තනිකං පෙත්තිවිසයසංවත්තනිකං, යො සබ්බලහුසො අදින්නාදානස්ස විපාකො මනුස්සභූතස්ස භොගබ්යසනසංවත්තනිකො හොති -පෙ- යො සබ්බලහුසො කාමෙසු මිච්ඡාචාරස්ස විපාකො මනුස්සභූතස්ස සපත්තවෙරසංවත්තනිකො හොති -පෙ- යො සබ්බලහුසො මුසාවාදස්ස විපාකො මනුස්සභූතස්ස අභූතබ්භක්ඛාන සංවත්තනිකො හොති -පෙ- යො සබ්බලහුසො පිසුනාය වාචාය විපාකො මනුස්සභූතස්ස මිත්තෙහි භෙදනසංවත්තනිකො හොති -පෙ- යො සබ්බලහුසො ඵරුසාය වාචාය විපාකො මනුස්සභූතස්ස අමනාපසද්දසංවත්තනිකො හොති -පෙ-
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද නො: “මහණෙනි, අදත්තාදානකර්මය ආසේවන කරනලද්දේ පුරුදු කරනලද්දේ පුනපුනා වඩනලද්දේ නිරය පිණිස පවත්නේ යැ. තිරිසන්යෝනි පිණිස පවත්නේ යැ. ප්‍රේතවිෂය පිණිස පවත්නේ යි. අදත්තාදානකර්මයාගේ හැමට ලඝු යම් විපාකයෙක් ඇද්ද, ඒ මිනිස් වූවහුට භොගව්යසන පිණිස පවත්නේ වෙයි … කාමමිථ්යාචාරකර්මයාගේ හැමට ලඝු යම් විපාකයෙක් ඇද්ද, ඒ මිනිස් වූවහුට සතුරුවෙර පිණිස වැටෙන්නේ වෙයි … මෘෂාවාදකර්මයාගේ හැමට ලඝු යම් විපාකයෙක් ඇද්ද, ඒ මිනිස් වූවහුට අභූතාඛ්යාන (බොරු චෝදනා) පිණිස වැටෙන්නේ වෙයි … පිශුනවචන කර්මයාගේ හැමට ලඝු යම් විපාකයෙක් ඇද්ද, ඒ මිනිස් වූවහුට මිතුරන් කෙරෙන් බිඳුනා පිණිස පවත්නේ වෙයි … පරුෂවචනයාගේ හැමට ලඝු යම් විපාකයෙක් ඇද්ද, ඒ මිනිස් වූවහුට අමනාපශබ්ද පිණිස පවත්නේ වෙයි …
යො සබ්බලහුසො සම්ඵප්පලාපස්ස. විපාකො මනුස්සභූතස්ස අනාදෙය්යවාචසංවත්තනිකො හොති. සුරාමෙරයපානං භික්ඛවෙ අසෙවිතං -පෙ- යො සබ්බලහුසො සුරාමෙරයපානස්ස විපාකො මනුස්සභූතස්ස උම්මත්තකසංවත්තනිකො හොතී”ති, අත්ථෙ’ව සුත්තන්තො’ති.
සම්ඵප්‍රලාපයාගේ හැමට ලඝු විපාකයෙක් ඇද්ද, ඒ මිනිස් වූවහුට අනාදෙය (නො පිළිගතයුතු) වචන පිණිස පවත්නේ වෙයි. මහණෙනි, රහමෙරපනු ආසේවන කරනලද්දේ ... සුරාමේරයපානකර්මයාගේ යම් හැමට ලඝු විපාකයෙක් ඇද්ද, ඒ මිනිස් වූවහුට උමතුව පිණිස වැටෙන්නේ වේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පා: තෙන හි අත්ථි කාචි ආසෙවනපච්චයතා’ති.
ස. පා: එකරුණින් කිසි ආසේවනප්රත්යයතායෙක් ඇත.
3. ස. පු: නත්ථි කාචි ආසෙවනපච්චයතා’ති.
3. ස. පු: කිසි ආසේවනප්රත්යයතායෙක් නැද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු වුත්තං භගවතා: “මිච්ඡාදිට්ඨි භික්ඛවෙ ආසෙවිතා භාවිතා බහුලීකතා නිරයසංවත්තනිකා තිරච්ඡානයොනිසංවත්තනිකා පෙත්තිවිසයසංවත්තනිකා”ති. අත්ථෙ’ව සුත්තන්තො’ති.
ස. අනු: භාග්‍යවතුන් විසින් වදාරනලද නො: “මහණෙනි, මිථ්‍යාදෘෂ්ටි ආසේවන කරනලද්දී භාවිත කරන ලද්දී බහුල කරනලද්දී නිරය පිණිස වැටෙන්නී තිරිසන්යෝනට වැටෙන්නී ප්‍රේතවිෂයට වැටෙන්නී වේ”යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පා: තෙන හි “අත්ථි කාචි ආසෙවනපච්චයතා”ති.
ස. පා: එකරුණින් කිසි ආසේවනප්රත්යයතායෙක් ඇත.
4. ස. පු: නත්ථි කාචි ආසෙවනපච්චයතා”ති.
4. ස. පු: කිසි ආසේවනප්රත්යයතායෙක් නැද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු වුත්තං භගවතා “මිච්ඡාසංකප්පො -පෙ- මිච්ඡාසමාධි භික්ඛවෙ ආසෙවිතො භාවිතො -පෙ- පෙත්තිවිසයසංවත්තනනිකො”ති. අත්ථෙ’ව සුත්තන්තො’ති.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද නො: “මිථ්‍යාසංකල්ප … මහණෙනි, මිථ්‍යාසමාධි ආසේවන කරනලද්දේ භාවනා කරනලද්දේ … ප්‍රේතවිෂයට වැටෙන්නේ වේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පා: තෙන හි “අත්ථි කාචි ආසෙවනපච්චයතා”ති.
ස. පා: එකරුණින් කිසි ආසේවනප්රත්යයතායෙක් ඇත.
5. ස. පු: නත්ථි කාචි ආසෙවනපච්චයතා”ති.
5. ස. පු: කිසි ආසේවනප්රත්යයතායෙක් නැද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු වුත්තං භගවතා: “සම්මාදිට්ඨි භික්ඛවෙ ආසෙවිතා භාවිතා බහුලීකතා අමතොගධා හොති අමතපරායනා අමතපරියොසාන”ති. අත්ථෙ’ව සුත්තන්තො’ති.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද නො: “මහණෙනි, සම්‍යග්දෘෂ්ටිය ආසේවන කරනලද්දී භාවනා කරන ලද්දී බහුල කරනලද්දී අමෘතයෙහි ඇතුළු වෙයි. අමෘතය පිහිට කොට ඇත්තී වෙයි. අමෘතය කෙළවර කොට ඇත්තී වේ”යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පා: තෙන හි “අත්ථි කාචි ආසෙවනපච්චයතා”ති.
ස. පා: එකරුණින් කිසි ආසේවනප්රත්යයතායෙක් ඇත.
6. ස. පු: නත්ථි කාචි ආසෙවනපච්චයතා’ති.
6. ස. පු: කිසි ආසේවනප්රත්යයතායෙක් නැද්ද?
ප. පටි: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු වුත්තං භගවතා’ සම්මාසංකප්පො භික්ඛවෙ ආසෙවිතො භාවිතො බහුලීකතො -පෙ- සම්මාසමාධි භික්ඛවෙ ආසෙවිතො භාවිතො බහුලීකතො අමතොගධො හොති අමතපරායනො අමතපරියොසානො”ති. අත්ථෙ’ව සුත්තන්තො’ති.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද නො: “මහණෙනි, “සම්‍යක් සංකල්ප ආසේවන කරනලද්දේ වඩන ලද්දේ පුනපුනා වඩනලද්දේ … මහණෙනි, සම්‍යක්සමාධි ආසේවන කරනලද්දේ වඩනලද්දේ පුනපුනා වඩනලද්දේ අමෘතයෙහි ඇතුළු වූයේ වෙයි. අමෘතපරායණ වූයේ අමෘතපර්‍ය්‍යවසාන වූයේ වේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පා: තෙන හි “අත්ථි කාචි ආසෙවනපච්චයතා”ති.
ස. පා: එකරුණින් කිසි ආසේවනප්රත්යයතායෙක් ඇත.
ආසෙවනපච්චය කථා නිට්ඨිතා.
ආසේවනපච්චය කථා නිමි.