යෙදුමෙන් කියවන්න

අබ්‍යාකත කථා

22. 8.

22. 8.

අබ්‍යාකත කථා.

අබ්‍යාකත කථා

[“අත්‍ථේසා භික්ඛවේ චේතනා, සා ච ඛො අබ්බොහාරිකා” යන වචන හෙයින් ස්වප්නගතයාගේ හැම චේතනා අව්‍යාකෘත වෙති’යි සමහර උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘අබ්‍යාකත කථා’ එයි.]

1. ස. පු: සබ‍්බං සුපිනගතස‍්ස චිත‍්තං අබ්‍යාකතන‍්ති.

1. ස. පු: ස්වප්නගතයාගේ හැම සිත් අව්‍යාකෘත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: සුපිනන‍්තෙන පාණං හනෙය්‍යා’ති.

ස. අනු: ස්වප්නයෙන් ප්‍රාණඝාත කරන්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. ඨ: හඤ‍්චි සුපිනන‍්තෙන පාණං හනෙය්‍ය,

ස. ඨ: ඉදින් ස්වප්නයෙන් ප්‍රාණඝාත කරන්නේ වී නම්?

ස. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ “සබ‍්බං සුපිනගතස‍්ස චිත‍්තං අබ්‍යාකත”න‍්ති.

ස. පා: භවත, ‘ස්වප්නගතයාගේ හැම සිත් අව්‍යාකෘත වෙති’යි නො කියැයුතු මැ යැ.

2. ස. පු: සුපිනන‍්තෙන අදින‍්නං ආදිය්‍යෙ -පෙ- මුසා භණෙය්‍ය -පෙ- පිසුණං භණෙය්‍ය -පෙ- ඵරුසං භණෙය්‍ය -පෙ- සම‍්ඵං පලපෙය්‍ය -පෙ- සන්‍ධිං ඡින්‍දෙය්‍ය -පෙ- නිල‍්ලොපං හරෙය්‍ය -පෙ- එකාගාරිකං කරෙය්‍ය -පෙ- පරිපන්‍ථෙ තිට‍්ඨෙය්‍ය -පෙ- පරදාරං ගච‍්ඡෙය්‍ය -පෙ- ගාමඝාතකං කරෙය්‍ය -පෙ- නිගමඝාතකං කරෙය්‍ය -පෙ- සුපිනන‍්තෙන මෙථුනං ධම‍්මං පතිසෙවෙය්‍ය -පෙ- සුපිනගතස‍්ස අසුචි මුච‍්චෙය්‍ය -පෙ- සුපිනන‍්තෙන දානං දදෙය්‍ය -පෙ- චීවරං දදෙය්‍ය -පෙ- පිණ‍්ඩපාතං දදෙය්‍ය -පෙ- සෙනාසනං දදෙය්‍ය -පෙ- ගිලානපච‍්චයභෙසජ‍්ජ පරික‍්ඛාරං දදෙය්‍ය -පෙ- ඛාදනීයං දදෙය්‍ය -පෙ- භොජනීයං දදෙය්‍ය -පෙ- පානීයං දදෙය්‍ය -පෙ- චෙතියං වන්‍දෙය්‍ය -පෙ- චෙතියෙ මාලං ආරොපෙය්‍ය -පෙ- ගන්‍ධං ආරොපෙය්‍ය -පෙ- විලෙපනං ආරොපෙය්‍ය -පෙ- චෙතියං අභිදක‍්ඛිණං කරෙය්‍යා’ති.

2. ස. පු: ස්වප්නයෙන් අයිනාදන් ගන්නේ වේ ද? … මුසවා බණන්නේ වේ ද … පිසුනුබස් කියන්නේ වේ ද … පරොස්බස් බණන්නේ වේ ද … පලප් බණන්නේ වේ ද … ගෘහසන්‍ධි සිඳුනේ වේ ද … ගම් වොලොගෙන යන්නේ වේ ද … එක් ගෙයක් වොලොගන්නේ වේ ද … කඬපලාසොරකමට මහමග සිටුනේ වේ ද … පරඹුවන් කරා යන්නේ වේ ද … ගම් නසනකම් කරනුයේ වේ ද … නියම්ගම් නසන කම් කරනුයේ වේ ද … ස්වප්නයෙන් මෛථුනධර්‍ම සේවන කරන්නේ වේ ද … ස්වප්න ගතයාහට අසුචි (ශුක්‍ර) මිදෙන්නේ වේ ද … ස්වප්නයෙන් දන් දෙන්නේ වේ ද … සිවුරු දෙන්නේ වේ ද … පිඬුවා දෙන්නේ වේ ද … සෙනසුන් දෙන්නේ වේ ද … ගිලන්පස බෙහෙත් පිරිකර දෙන්නේ වේ ද … ඛාද්‍ය දෙන්නේ වේ ද … බොජුන් දෙන්නේ වේ ද … පැන් දෙන්නේ වේ ද … සෑ වඳනේ වේ ද … සෑයෙහි මාලා නගන්නේ වේ ද … ගන්‍ධ නගන්නේ වේ ද … විලෙවුන් නඟන්නේ වේ ද … සෑය පැදකුණු කරන්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. ඨ: හඤ‍්චි සුපිනන‍්තෙන චෙතියං අභිදක‍්ඛිණං කරෙය්‍ය,

ස. ඨ: ඉදින් ස්වප්නයෙන් චෛත්‍යය ප්‍රදක්‍ෂිණා කරන්නේ වී නම්,

ස. පා: නෙ ච වත රෙ වත‍්තබ‍්බෙ “සබ‍්බං සුපිනගතස‍්ස චිත‍්තං අබ්‍යාකත”න‍්ති.

ස. පා: භවත, ‘ස්වප්නගතයාගේ හැම සිත් අව්‍යාකෘත වෙති’යි නො කියැයුතු මැ යැ.

3. ප. පු: න වත‍්තබ‍්බං “සබ‍්බං සුපිනගතස‍්ස චිත‍්තං අබ්‍යාකත”න‍්ති.

3. ප. පු: ස්වප්නගතයාගේ හැම සිත් අව්‍යාකෘත වෙති’යි නො කියැයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. අනු: නනු සුපිනගතස‍්ස චිත‍්තං අබ‍්බොහාරියං වුත‍්තං භගවතා’ති.

ප. අනු: “ස්වප්නගතයාගේ සිත අව්‍යවහාරක යැ” යි භාග්‍යවතුන් විසින් වදාරනලද නො?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. ඨ: හඤ‍්චි සුපිනගතස‍්ස චිත‍්තං අබ‍්බොහාරියං වුත‍්තං භගවතා,

ප. ඨ: ඉදින් ‘ස්වප්නගතයාගේ සිත අව්‍යවහාරක යැ’යි භාග්‍යවතුන් විසින් වදාරනලද වී නම්,

ප. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ “සබ‍්බං සුපිනගතස‍්ස චිත‍්තං අබ්‍යාකත”න‍්ති.

ප. පා: එකරුණින් භවත, ‘ස්වප්නගතයාගේ හැම සිත් අව්‍යාකෘත වෙති’ යි කියැයුතු මැ යැ.

අබ්‍යාකත කථා නිට‍්ඨිතා.

අව්‍යාකෘත කථා නිමි.