තිස‍්සොපි කථා
22. 5-7.
22. 5-7.
තිස‍්සොපි කථා.
තිස්සෝපි කථා
[‘උපන් නො බෝකල් ඇති ශ්‍රෝතාපන්නයන්ගේ අර්‍හත්‍වප්‍රාප්තිය ද, සුප්පවාසා උවැසියගේ සත්වැසි ගර්‍භය ද දැක ගර්‍භශය්‍යායෙහි අර්‍හත්ත්‍වත්‍රාප්ති ඇතැයි ද, ස්වප්නයෙහි ආකාශගමනාදිය දැක එහි ‘ධර්‍මාභිසමයත් අර්‍හත්ත්‍වප්‍රාප්තියත් ඇතැ’යි ද, උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘තිස්සෝපි කථා’ එයි.]
1. ස. පු: අත්‍ථි ගබ‍්භසෙය්‍යාය අරහත‍්තප‍්පත‍්තී’ති.
1. ස. පු: ගර්‍භශය්‍යායෙහි අර්‍හත්ත්‍වප්‍රාප්ති ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සුත‍්තස‍්ස පමත‍්තස‍්ස මුට‍්ඨස‍්සතිස‍්ස අසම‍්පජානස‍්ස අරහත‍්තප‍්පත‍්තී’ති.
ස. අනු: නිදාසිටියාහට පමාවූවහුට මුළාසී ඇතියාහට සම්‍යග්ඥාන නැතියාහට රහත්බව ලැබේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: අත්‍ථි සුපිනගතස‍්ස ධම‍්මාභිසමයො’ති.
2. ස. පු: ස්වප්නගතයාහට ධර්‍මාභිසමය ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සුත‍්තස‍්ස පමත‍්තස‍්ස මුට‍්ඨස‍්සතිස‍්ස අසම‍්පජානස‍්ස ධම‍්මාභිසමයො’ති.
ස. අනු: සුප්තයාහට ප්‍රමත්තයාහට මුෂිතස්මෘති ඇතියාහට සම්‍යග්ඥාන නැතියාහට ධර්‍මාභිසමය ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පු එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: අත්‍ථි සුපිනගතස‍්ස අරහත‍්තප‍්පත‍්තී’ති.
3. ස. පු: ස්වප්නගතයාහට අර්‍හත්ත්‍වප්‍රාප්ති ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සුත‍්තස‍්ස පමත‍්තස‍්ස මුට‍්ඨස‍්සතිස‍්ස1 අසම‍්පජානස‍්ස ධම‍්මාභිසමයො’ති.
ස. අනු: සුප්තයාහට ප්‍රමත්තයාහට මුෂිතස්මෘති ඇතියාහට සම්‍යග්ඥාන නැතියාහට ධර්‍මාභිසමය වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
තිස‍්සොපි කථා නිට‍්ඨිතා.
තිස්සෝපි කථා නිමි.