ධම්මාභිසමය කථා
22. 4.
22. 4.
ධම්මාභිසමය කථා.
ධම්මාභිසමය කථා
[අතීතභවයෙහි ශ්‍රෝතාපන්නයකු මව්කුසැ වැස නික්මෙන්නා දැක ගර්‍භාශය්‍යායෙහි ධර්‍මාභිසමය (ලෝකෝත්තර ධර්‍මාවබෝධය) ඇතැ’යි සමහර උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘ධම්මාභිසමය කථා’ එයි.]
1. ස. පු: අත්‍ථි ගබ‍්භසෙය්‍යාය ධම‍්මාභිසමයො’ති.
1. ස. පු: ගර්‍භාශය්‍යායෙහි (මව්කුසැ) ධර්‍මාභිසමය ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අත්‍ථි ගබ‍්භසෙය්‍යාය ධම‍්මදෙසනා, ධම‍්මසමවණං, ධම‍්මසාකච‍්ඡා, පරිපුච‍්ඡා, සීලසමාදානං, ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරතා, භොජනෙ මත‍්තඤ‍්ඤුතා, පුබ‍්බරත‍්තාපරරත‍්තං ජාගරියානුයොගො’ති.
ස. අනු: ගර්‍භාශය්‍යායෙහි ධර්‍මදේශනා, ධර්‍මශ්‍රවණ, ධර්‍මසාකච්ඡා, පරිපෘච්ඡා, ශීලසමාදාන, ඉන්‍ද්‍රියයන්හි ගුප්තද්වාරතා, භෝජනයෙහි මාත්‍රඥතා, පූර්‍වරාත්‍ර අපරරාත්‍රයෙහි ජාගර්‍ය්‍යානුයෝග ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: නත්‍ථි ගබ‍්භසෙය්‍යාය ධම‍්මදෙසනා, ධම‍්මසවණං -පෙ- පුබ‍්බරත‍්තාපරරත‍්තං ජාගරියානුයොගො’ති.
ස. අනු: ගර්‍භාශය්‍යායෙහි ධර්‍මදේශනා, ධර්‍මශ්‍රවණ, … පූර්‍වරාත්‍රාපරරාත්‍රයෙහි ජාගර්‍ය්‍යානුයෝග නැත් ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: හඤ‍්චි නත්‍ථි ගබ‍්භසෙය්‍යාය ධම‍්මදෙසනා, ධම‍්මසවණං -පෙ- පුබ‍්බරත‍්තාපරරත‍්තං ජාගරියානුයොගො,
ස. ඨ: ඉදින් ගර්‍භශය්‍යායෙහි ධර්‍මදේශනා, ධර්‍මශ්‍රවණ, … පූර්‍වරාත්‍රාපරරාත්‍රයෙහි ජාගර්‍ය්‍යානුයෝග නැත් නම්,
ස. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ”අත්‍ථි ගබ‍්භසෙය්‍යාය ධම‍්මාභිසමයො”ති.
ස. පා: භවත, ‘ගර්‍භශය්‍යායෙහි ධර්‍මාභහිසමය ඇතැ’යි නො කියැයුතු මැ යැ.
2. ස. පු: අත්‍ථි ගබ‍්භසෙය්‍යාය ධම‍්මාභිසමයො’ති.
2. ස. පු: ගර්‍භශය්‍යායෙහි ධර්‍මාභිසමය ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: නනු ද‍්වෙ පච‍්චයා සම‍්මාදිට‍්ඨියා උප‍්පාදාය. පරතො ච ඝොසො යොනිසො ච මනසිකාරො’ති.
ස. අනු: සම්‍යග්දෘෂ්ටිහුගේ ඉපැත්මට පරතෝඝෝෂ යැ යෝනිසෝමනස්කාර යැ යි ප්‍රත්‍යයයෝ දෙදෙනෙක් ඇත්තාහු නො?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: හඤ‍්චි ද‍්වෙ පච‍්චයා සම‍්මාදිට‍්ඨියා උප‍්පාදාය. පරතො ච ඝොසො යොනිසො ච මනසිකාරො,
ස. ඨ: ඉදින් සම්‍යග්දෘෂ්ටිහුගේ ඉපැත්මට පරතෝඝෝෂ යැ යෝනිසෝමනස්කාර යැ යි ප්‍රත්‍යයයෝ දෙදෙනෙක් ඇත් නම්,
ස. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ “අත්‍ථි ගබ‍්භසෙය්‍යාය ධම‍්මාභිසමයො”ති.
ස. පා: භවත, ‘ගර්‍භශය්‍යායෙහි ධර්‍මාභිසමය ඇතැ’යි නො කියැයුතු මැ යැ.
3. ස. පු: අත්‍ථි ගබ‍්භසෙය්‍යාය ධම‍්මාභිසමයො’ති.
3. ස. පු: ගර්‍භශය්‍යායෙහි ධර්‍මාභිසමය ඇත් ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සුත‍්තස‍්ස පමත‍්තස‍්ස මුට‍්ඨස‍්සතිස‍්ස අසම‍්පජානස‍්ස ධම‍්මාභිසමයො’ති.
ස. අනු: සුප්තයාහට ප්‍රමත්තයාහට මුෂිතස්මෘති ඇතියාහට සම්‍යක්ප්‍රඥා නැතියාහට ධර්‍මාභිසමය වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ධම‍්මාභිසමය කථා නිට‍්ඨිතා.
ධම්මාභිසමය කථා නිමි.