එකාධිප‍්පාය කථා
23. 1.
23. 1.
එකාධිප‍්පාය කථා.
ඒකාධිප්පාය කථා
[කාරුණ්‍යයෙන් ඒකාධිප්‍රාය ඇති වැ වේවයි, සසර දී එක්වම්හයි ස්ත්‍රිය හා සමග බුද්ධපූජාදිය කොට ප්‍රාර්‍ත්‍ථනා තැබීම් වශයෙන් ඒකාධිප්‍රාය ඇති වැ වේවයි, මෙසේ ස්ත්‍රීපුරුෂ දෙදෙනා මැ ඒකාධිප්‍රාය ඇති වැ මෛථුන ධර්‍ම සේවන කටයුතු යයි අන්‍ධක වෛතුල්‍යවාදීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘ඒකාධිප්පාය කථා’ එයි.]
1. ස. පු: එකාධිප‍්පායෙන මෙථුනො ධම‍්මො පතිසෙවිතබ‍්බො’ති.
1. ස. පු: එකාධිප්‍රායයෙන් මෛථුනධර්‍ම සේවන කටයුතු වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: එකාධිප‍්පායෙන අස‍්සමණෙන හොතබ‍්බං අභික‍්ඛුනා හොතබ‍්බං ජින‍්නමූලෙන හොතබ‍්බං පාරාජිකෙන හොතබ‍්බන‍්ති.
ස. අනු: එකාධිප්‍රායයෙන් අශ්‍රමණ වියයුතු වේ ද, අභික්‍ෂු වියයුතු වේ ද, ඡින්‍නමූල වියයුතු වේ ද, පාරාජික වියයුතු වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: එකාධිප‍්පායෙන මෙථුනො ධම‍්මො පතිසෙවිතබ‍්බො’ති.
2. ස. පු: එකාධිප්‍රායයෙන් මෛථුනධර්‍ම සේවන කටයුතු වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: එකාධිප‍්පායෙන පාණො හන‍්තබ‍්බො -පෙ- අදින‍්නං ආදියිතබ‍්බං -පෙ- මුසා භණිතබ‍්බා -පෙ- පිසුණං භණිතබ‍්බං -පෙ- ඵරුසං භණිතබ‍්බං -පෙ- සම‍්ඵං පලපිතබ‍්බං -පෙ- සන්‍ධි ඡෙදිතබ‍්බො -පෙ- නිල‍්ලොපං කාතබ‍්බං -පෙ- එකාගාරිකං කාතබ‍්බං -පෙ- පරිපන්‍ථෙ ඨාතබ‍්බං -පෙ- පරදාරො ගන‍්තබ‍්බො -පෙ- ගාමඝාතො කාතබ‍්බො -පෙ- නිගමඝාතො කාතබ‍්බො’ති.
ස. අනු: එකාධිප්‍රායයෙන් ප්‍රාණඝාත කළයුතු වේ ද, … අයිනාදන් කළයුතු වේ ද, මුසවා බිණියයුතු වේ ද, පිසුණුබස් බිණියයුතු වේ ද, … පරොස්බස් බිණියයුතු වේ ද … පලප් බිණියයුතු වේ ද … සන්‍ධිච්ඡේද කළයුතු වේ ද … මහාවිලෝප කළයුතු වේ ද, ඒකාගාරික කම් කළයුතු වේ ද … (කඩපලා සොරකම් පිණිස) මහමඟ සිටියයුතු වේ ද … පරඹුවන් කරා යායුතු වේ ද … ගම් පැහැරීම් කළයුතු වේ ද … නියම්ගම්පැහැරීම් කළයුතු වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
එකාධිප‍්පායකථා නිට‍්ඨිතා.
ඒකාධිප්පාය කථා නිමි.