23. තෙවීසතිමවග්ගො අට්ඨකථා
23. විසිතුන් වැනි වර්ගය
එකාධිප්පායකථාවණ්ණනා
206. එකාධිප්පාය කථා
ඉදානි එකාධිප්පායකථා නාම හොති. තත්ථ කාරුඤ්ඤෙන වා එකෙන අධිප්පායෙන එකාධිප්පායො, සංසාරෙ වා එකතො භවිස්සාමාති ඉත්ථියා සද්ධිං බුද්ධපූජාදීනි කත්වා පණිධිවසෙන එකො අධිප්පායො අස්සාති එකාධිප්පායො. එවරූපො ද්වින්නම්පි ජනානං එකාධිප්පායො මෙථුනො ධම්මො පටිසෙවිතබ්බොති යෙසං ලද්ධි, සෙය්යථාපි අන්ධකානඤ්චෙව වෙතුල්ලකානඤ්ච; තෙ සන්ධාය පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස. සෙසමෙත්ථ යථාපාළිමෙව නිය්යාතීති.
දැන් එකාධිප්පාය කථා නම් වේ. එහි කරුණාවෙන් එකම අභිප්‍රාය වේවයි සසරදී එක්වන්නෙමුයි ස්ත්‍රිය සමග බුද්ධ පූජාදිය කොට ප්‍රාර්ථනා වශයෙන් එකම අභිප්‍රාය වේවයි මෙබඳු වූ ස්ත්‍රී පුරුෂ දෙදෙනාම එකම අභිප්‍රාය ඇති මෛථුන ධර්ම සේවන කටයුතු යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ අන්ධකයන්ගේ ද වෛතුල්යයන්ගේ ද මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. මෙහි සෙස්ස පෙළ අනුවම පමුණුවා ගතයුතුය.
එකාධිප්පායකථාවණ්ණනා.
අරහන්තවණ්ණකථාවණ්ණනා
207. අරහන්ත වණ්ණ කථා
ඉදානි අරහන්තවණ්ණකථා නාම හොති. තත්ථ ඉරියාපථසම්පන්නෙ ආකප්පසම්පන්නෙ පාපභික්ඛූ දිස්වා “අරහන්තානං වණ්ණෙන අමනුස්සා මෙථුනං ධම්මං පටිසෙවන්තී”ති යෙසං ලද්ධි, සෙය්යථාපි එකච්චානං උත්තරාපථකානං; තෙ සන්ධාය පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස. සෙසමෙත්ථ උත්තානත්ථමෙවාති.
දැන් අරහන්ත වණ්ණ කථා නම් වේ. එහි යහපත් ඉරියව් සහ ආකල්ප ඇති පාප භික්ෂූන් දැක, අමනුෂ්‍යයෝ රහත් වෙසින් මෛථුන ධර්ම සේවනය කරතියි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ ඇතැම් උත්තරා පථකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. මෙහි සෙස්ස පැහැදිලිය.
අරහන්තවණ්ණකථාවණ්ණනා.
ඉස්සරියකාමකාරිකාකථාවණ්ණනා
208. ඉස්සරියකාමකාරිතා කථා
ඉදානි ඉස්සරියකාමකාරිකාකථා නාම හොති. ඡද්දන්තජාතකාදීනි සන්ධාය “බොධිසත්තො ඉස්සරියකාමකාරිකාහෙතු විනිපාතං ගච්ඡති, ගබ්භසෙය්යං ඔක්කමති, දුක්කරකාරිකං අකාසි, අපරන්තපං අකාසි, අඤ්ඤං සත්ථාරං උද්දිසී”ති යෙසං ලද්ධි, සෙය්යථාපි අන්ධකානං, තෙ සන්ධාය පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස. සෙසං පඨමකථායං උත්තානත්ථමෙව. දුතියකථායං ඉද්ධිමාති යදි ඉස්සරියකාමකාරිකාහෙතු ගච්ඡෙය්ය, ඉද්ධියා ගච්ඡෙය්ය, න කම්මවසෙනාති චොදනත්ථං වුත්තං. ඉතරො පන පඨමපඤ්හෙ භාවනාමයං සන්ධාය පටික්ඛිපති. දුතියපඤ්හෙ පුඤ්ඤිද්ධිං සන්ධාය පටිජානාති. තතියකථායං ඉස්සරියකාමකාරිකාහෙතු නාම දුක්කරකාරිකා මිච්ඡාදිට්ඨියා කරියති. යදි ච සො තං කරෙය්ය, සස්සතාදීනිපි ගණ්හෙය්යාති චොදනත්ථං සස්සතො ලොකොතිආදි වුත්තං. චතුත්ථකථායම්පි එසෙව නයොති.
දැන් ඓශ්වර්ය කාමකාරි බව කථා නම් වේ. බෝධිසත්ත්වයා ඡද්දන්ත ජාතකාදියෙහි ඓශ්වර්ය කාමකාරි බව නිසා විනිපාතයට යයි. ගර්භ සයනයට බැසගනී. දුෂ්කර ක්‍රියා කළේය. අනුන් නොතැවීය. අන්‍ය ශාස්තෲන් කෙනෙකුන් උදෙසා යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ අන්ධකයින්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. සෙස්ස පළමු කථාවෙහි පැහැදිලි අරුත් වේ. දෙවන කථාවෙහි ඉද්ධිමා යයි ඉදින් ඓශ්වර්ය කාමකාරි හේතුබවට යන්නේ නම් ඍද්ධියෙන් යන්නේය. කර්ම වශයෙන් නොවේ යයි චෝදනා කිරීමට කියන ලදී. අනෙකා වනාහි පළමුවන ප්‍රශ්නයෙහි භාවනාමය සඳහා ප්‍රතික්ෂේප කරයි. දෙවන ප්‍රශ්නයෙහි පුන්‍ය සෘද්ධි සඳහා පිළිගනී. තුන්වන කථාවේ ඓශ්වර්ය කාමකාරි හේතුබව නම් දුශ්කර කාර්යයන් මිථ්‍යා දෘෂ්ටියෙන් කරනු ලැබීමය. ඉදින් හේ එය කරන්නේ නම් ශාස්වතාදියට ද ගන්නේ යයි චෝදනා කිරීමට සස්සතො ලොකො යනාදිය කියන ලදී. සතරවන කථාවද මෙම නයම වේ.
ඉස්සරියකාමකාරිකාකථාවණ්ණනා.
පතිරූපකථාවණ්ණනා
209. රාගපතිරූපකාදි කථා
ඉදානි රාගපතිරූපකථා නාම හොති. තත්ථ මෙත්තාකරුණාමුදිතායො සන්ධාය “න රාගො රාගපතිරූපකො”ති ච ඉස්සාමච්ඡරියකුක්කුච්චානි සන්ධාය “න දොසො දොසපතිරූපකො”ති ච හසිතුප්පාදං සන්ධාය “න මොහො මොහපතිරූපකො”ති ච දුම්මඞ්කූනං පුග්ගලානං නිග්ගහං පෙසලානං භික්ඛූනං අනුග්ගහං පාපගරහිතං කල්යාණපසංසං ආයස්මතො පිලින්දවච්ඡස්ස වසලවාදං භගවතො ඛෙළාසකවාදං මොඝපුරිසවාදඤ්ච සන්ධාය “න කිලෙසො කිලෙසපතිරූපකො”ති ච යෙසං ලද්ධි, සෙය්යථාපි අන්ධකානං; තෙ සන්ධාය සබ්බකථාසු පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස. අථ නං යස්මා ඵස්සාදිපතිරූපකා නඵස්සාදයො නාම නත්ථි, තස්මා රාගාදිපතිරූපකා නරාගාදයොපි නත්ථීති චොදෙතුං අත්ථි න ඵස්සොතිආදිමාහ . ඉතරො තෙසං අභාවා පටික්ඛිපති. සෙසං සබ්බත්ථ උත්තානත්ථමෙවාති.
දැන් රාගපතිරූපකාදි කථා නම් වේ. එහි මෛත්‍රී කරුණා මුදිතා සඳහා රාගය නොව රාග ප්‍රතිරූපකයක් ඇතැයිද ඊර්ෂ්‍යා, මසුරු කුකුස සඳහා ද්වේශය නොව දේශ ප්‍රතිරූපයක් ඇතැයිද හස්තුප්පාද සිත සඳහා මෝහය නොව මෝහ ප්‍රතිරූපකයක් ඇතැයිද දුශ්ශීල පුද්ගලයාට නිග්‍රහයත් ප්‍රියශීලි භික්ෂූන්ට අනුග්‍රහයත් පාපයට ගැරහීමත් යහපතට ස්තුතියත් ආයුෂ්මත් පිළින්දවච්ඡ තෙරුන්ගේ වසල වාදයත් භාග්‍යවතුන්ගේ කෙලතොල් වාදයත් මොඝපුරිස වාදයත් සඳහා කෙලෙස් නොව කෙලෙස් ප්‍රතිරූපක වේයයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ අන්ධකයින්ගේ මෙනි. ඔවුන් සදහා සියළු කථාවල විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට යම්හෙයකින් ඵස්සාදි ප්‍රතිරූපකයාගේ ඵස්සාදියෝ නම් නැත. එහෙයින් රාගාදි ප්‍රතිරූපක රාගාදියද නැතැයි චෝදනා කිරීමට අත්ථි න ඵස්සො යනාදිය කීය. අනික් ඒවායේ අභාවයෙන් ප්‍රතික්ෂේප කරයි. සෙසු සියළු තැන නොගැඹුරු අරුත් වේමය.
පතිරූපකථාවණ්ණනා.
අපරිනිප්ඵන්නකථාවණ්ණනා
210. අපරිනිප්ඵන්න කථා
ඉදානි අපරිනිප්ඵන්නකථා නාම හොති. තත්ථ –
දැන් අපරිනිප්ඵන්න කථා නම් වේ. එහි -
“දුක්ඛමෙව හි සම්භොති, දුක්ඛං තිට්ඨති වෙති ච; නාඤ්ඤත්ර දුක්ඛා සම්භොති, නාඤ්ඤං දුක්ඛා නිරුජ්ඣතී”ති. (සං· නි· 1.171) –
‘දුක්ඛමෙවහි සම්භොන්ති දුක්ඛං තිට්ඨති චෙති ච, නාඤ්ඤත්ර දුක්ඛා සම්භොති නාඤ්ඤං දුක්ඛා නිරුජ්ඣති’
වචනං නිස්සාය දුක්ඛඤ්ඤෙව පරිනිප්ඵන්නං, සෙසා ඛන්ධායතනධාතුඉන්ද්රියධම්මා අපරිනිප්ඵන්නාති යෙසං ලද්ධි, සෙය්යථාපි එකච්චානං උත්තරපථකානඤ්චෙව හෙතුවාදානඤ්ච; තෙ සන්ධාය රූපං අපරිනිප්ඵන්නන්ති පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස. අථ නං “සචෙ රූපං අපරිනිප්ඵන්නං, න අනිච්චාදිසභාවං සියා”ති චොදෙතුං රූපං න අනිච්චන්තිආදිමාහ. ඉතරො තථාරූපං රූපං අපස්සන්තො පටික්ඛිපති. සකවාදී නනු රූපං අනිච්චන්තිආදි වචනෙන තස්ස එකං ලද්ධිං පටිසෙධෙත්වා දුතියං පුච්ඡන්තො දුක්ඛඤ්ඤෙව පරිනිප්ඵන්නන්තිආදිමාහ. අථස්ස තම්පි ලද්ධිං පටිසෙධෙතුං න යදනිච්චන්තිආදිමාහ. තත්රායං අධිප්පායො – න කෙවලඤ්හි පඨමසච්චමෙව දුක්ඛං. යං පන කිඤ්චි අනිච්චං, තං දුක්ඛමෙව. රූපඤ්ච අනිච්චං, තස්මා තම්පි පරිනිප්ඵන්නං. ඉති යං ත්වං වදෙසි “රූපං අපරිනිප්ඵන්නං, දුක්ඛඤ්ඤෙව පරිනිප්ඵන්න”න්ති, තං නො වත රෙ වත්තබ්බෙ “දුක්ඛඤ්ඤෙව පරිනිප්ඵන්න”න්ති. වෙදනාදිමූලිකාදීසුපි යොජනාසු එසෙව නයො. ධම්මායතනධම්මධාතූසු පන ඨපෙත්වා නිබ්බානං සෙසධම්මානං වසෙන අනිච්චතා වෙදිතබ්බා. ඉන්ද්රියානි අනිච්චානෙවාති.
යන වචනය නිසා දුකම පරිනිෂ්පන්නය. සෙසු ස්කන්ධ. ආයතන, ධාතු, ඉන්ද්රිය දහම් අපරිනිෂ්පන්න යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ ඇතැම් උත්තරාපථකයන්ගේ ද හේතුවාදීන්ගේ ද මෙනි. ඔවුන් සඳහා රූපං අපරිනිප්ඵන්නං යයි විචාරීම සකවාදියාගේය. ප්‍රතිඥාව පරවාදියාගේය. ඉක්බිති ඔහුට ඉදින් රූපය අපරිනිෂ්පන්න වේ නම් අනිත්‍යාදි ස්වභාවය නොවන්නේ යයි චෝදනා කිරීමට රූපං න අනිච්චං යනාදිය කීය. අනිකා එබඳු රූප වූ රූපයක් නොදක්නේ ප්‍රතික්ෂේප කරයි. සකවාදියා නනු රූපං අනිච්චං යනාදි වචනයෙන් ඔහුගේ එක් ලබ්ධියක් ප්‍රතික්ෂේප කර දෙවැන්න විචාරන්නේ දුක්ඛඤ්ඤෙව පරිනිප්ඵන්නං යනාදිය කීය. ඉක්බිති ඔහුගේ ඒ ලබ්ධිය ද ප්‍රතික්ෂේප කිරීමට නනු යදනිච්චං යනාදිය කීය. එහි අදහස මෙසේය. හුදෙක් නොව පළමු සත්‍ය දුක්මය. යම්කිසිවක් අනිත්‍ය නම් එය දුක්ම වේ. රූපය ද අනිත්‍යය, එහෙයින් එයද පරිනිෂ්පන්න (හේතුවලින්) ය. මෙසේ ඔබ යම් රූපයක් අපරිනිෂ්පන්න යයි දුකම පරිනිෂ්පන්න යයි ද දන්නෙහිද එය නො වත රෙ වත්තබ්බෙ දුක්ඛඤ්ඤෙව පරිනිප්ඵන්නං යයි. වේදනාදි මූලික යෝජනාදියෙහි මෙම නයම වේ. ධම්මායතන ධම්ම ධාතුවල වනාහි නිවන හැර සෙසු දහම්වල වශයෙන් අනිත්‍යතාව දතයුතුය. ඉන්ද්‍රියන් අනිත්‍යම වේ.
අපරිනිප්ඵන්නකථාවණ්ණනා.
තෙවීසතිමො වග්ගො.
නිගමනකථා
නිගමන කථා
එත්තාවතා ච –
මෙපමණකින්..........
පණ්ණාසකෙහි චතූහි, තීහි වග්ගෙහි චෙව ච; සඞ්ගහෙත්වා කථා සබ්බා, ඌනතිසතභෙදනා.
පණ්ණාසක සතර - යුත්වන තෙ විසි වගකින් සඟ හා සව්කතා - දහයෙන් උපරි දෙ සියෙන්
කථාවත්ථුප්පකරණං, කථාමග්ගෙසු කොවිදො; යං ජිනො දෙසයි තස්ස, නිට්ඨිතා අත්ථවණ්ණනා.
කතාවත් පකරණ - කතා මගැ තෙරපත් වූ දෙසී මුනිසඳ එහි - අරුත් වැනුමද නිමවී
ඉමං තෙරසමත්තෙහි, භාණවාරෙහි තන්තියා; චිරට්ඨිතත්ථං ධම්මස්ස, සඞ්ඛරොන්තෙන යං මයා.
තෙළෙසින් පමණ වූ - බණවර විසින් පෙළෙහී සැකසූ මවිසින් එය - තිර පැවතුමට දහමේ
යං පත්තං කුසලං තෙන, ලොකොයං සනරාමරො; ධම්මරාජස්ස සද්ධම්ම-රසමෙවාධිගච්ඡතූති.
පැමිණි යම් පින ඉන් - සතරාමර ලෝකයා දම්රදුන් සදහම් - රසය විඳගනු මැනවී
කථාවත්ථු-අට්ඨකථා නිට්ඨිතා.
කථාවත්ථුප්පකරණ අත්‍ථවණ්ණනාව නිමි.