පතිරූප කථා
23. 4.
23. 4.
පතිරූප කථා.
පතිරූප කථා
[මෛත්‍රී කරුණා මෘදුතා සඳහා රාග නො වූ රාගප්‍රතිරූපකයෙක් ඇතැ යි ද, ඊර්‍ෂ්‍යා මාත්සර්‍ය්‍ය කෞකෘත්‍ය සඳහා ද්වේෂ නො වූ ද්වේෂප්‍රතිරූපකයෙක් ඇතැයි ද, හසිතොත්පාදය සඳහා මෝහ නො වූ මොහප්‍රතිරූපකයෙක් ඇතැ යි ද, දුර්‍මඞකු පුද්ගලයනට නිග්‍රහත්, ප්‍රියශීලි භික්‍ෂුනට අනුග්‍රහත්, පාපගර්‍හාත්, කල්‍යාණප්‍රශංසාත්, ආයුෂ්මත් පිළින්‍දවච්ඡ තෙරණුවන්ගේ වසලවාදයත්, භාග්‍යවතුන් වහන්සේගේ ඛෙළාසිකවාදයත් මෝඝපුරිසවාදයත් සඳහා ක්ලේශ නො වූ ක්ලේශප්‍රතිරූපකයෙක් ඇතැයි ද අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘පතිරූප කථා’ එයි.]
1. ස. පු: අත්‍ථ න රාගො රාගපතිරූපකොති.
1. ස. පු: රාග නො වූ රාගප්‍රතිරූපකයෙක් ඇත් ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අත්‍ථි න ඵස‍්සො ඵස‍්සපතිරූපකො, අත්‍ථ න වෙදනා වෙදනාපතිරූපකා, අත්‍ථි න සඤ‍්ඤා සඤ‍්ඤාපතිරූපකා, අත්‍ථි න චෙතනා චෙතනාපතිරූපකා, අත්‍ථි න චිත‍්තං චිත‍්තපතිරූපකං, අත්‍ථි න සද‍්ධා සද‍්ධාපතිරූපකා, අත්‍ථි න විරියං විරියපතිරූපකං, අත්‍ථි න සති සතිපතිරූපකා, අත්‍ථි න සමාධි සමාධිපතිරුපකො, අත්‍ථි න පඤ‍්ඤා පඤ‍්ඤාපති රූපකා’ති.
ස. අනු: ස්පර්‍ශ නො වූ ස්පර්‍ශප්‍රතිරූපකයෙක් ඇත් ද, වේදනා නො වූ වේදනා ප්‍රතිරූපකයෙක් ඇත් ද, සංඥා නො වූ සංඥාප්‍රතිරූපකයෙක් ඇත් ද, චේතනා නො වූ චේතනාප්‍රතිරූපකයෙක් ඇත් ද, චිත්ත නො වූ චිත්තප්‍රතිරූපකයෙක් ඇත් ද, ශ්‍රද්ධා නො වූ ශ්‍රද්ධාප්‍රතිරූපකයෙක් ඇත් ද, වීර්‍ය්‍ය නො වූ වීර්‍ය්‍යප්‍රතිරූපකයෙක් ඇත් ද, ස්මෘති නො වූ ස්මෘතිප්‍රතිරූපකයෙක් ඇත් ද, සමාධි නො වූ සමාධිප්‍රතිරූපකයෙක් ඇත් ද, ප්‍රඥා නො වූ ප්‍රඥාප්‍රතිරූපකයෙක් ඇත් ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: අත්‍ථි න දොසො දොසපතිරූපකො -පෙ- අත්‍ථි න මොහො මොහපතිරූපකො -පෙ- අත්‍ථි න කිලෙසො කිලෙසපතිරූපකො’ති.
2. ස. පු: ද්වේෂ නො වූ ද්වේෂප්‍රතිරූපකයෙක් ඇත් ද ... මෝහ නො වූ මොහප්‍රතිරූපකයෙක් ඇත් ද ... ක්ලේශ නො වූ ක්ලේශප්‍රතිරූපකයෙක් ඇත් ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අත්‍ථි න ඵස‍්සො ඵස‍්සපතිරූපකො -පෙ- අත්‍ථි න පඤ‍්ඤා පඤ‍්ඤාපතිරූපකා’ති.
ස. අනු: ස්පර්‍ශ නො වූ ස්පර්‍ශප්‍රතිරූපකයෙක් ඇත් ද … ප්‍රඥා නො වූ ප්‍රඥාප්‍රතිරූපකයෙක් ඇත් ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
පතිරූප කථා නිට‍්ඨිතා.
පතිරූප කථා නිමි.