යෙදුමෙන් කියවන්න

ඉස‍්සරියකාමකාරිතා කථා

23. 3.

23. 3.

ඉස‍්සරියකාමකාරිතා කථා.

ඉස්සරියකාමකාරිතා කථා

[“බෝසත් ඡද්දන්තජාතකාදියෙහි පෙණෙන පරිදි ඓශ්චර්‍ය්‍යකාමකාරී බව (කර්‍මබලය නොව සිය කැමැත්තෙන් ක්‍රියා කිරීම) හේතුකොට ගෙන තිරිසන් ගත වෙයි, විනිපාතයට යෙයි, ගර්‍භශය්‍යාවට බැසගනී, දුෂ්කරක්‍රියා කෙළේ යැ. මෙරමා නො තවනු කෙළේ යැ. අන්‍යශාස්තෘවක්හු උදෙසී”යයි අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘ඉස්සරියකාමකාරිතා කථා’ එයි.]

1. ස. පු: බොධිසත‍්තො ඉස‍්සරියකාමකාරිතාහෙතු විනිපාතං ගච‍්ඡතී’ති.

1. ස. පු: බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා (අදහස ඉටුකිරීමට සිය කැමැත්තෙන් ක්‍රියා කිරීම්) හේතුවින් විනිපාතයට (නිරයට වුවත්) යන්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: බොධිසත‍්තො ඉස‍්සරියකාමකාරිතාහෙතු නිරයං ගච‍්ඡති -පෙ- සඤ‍්ජීවං ගච‍්ඡති -පෙ- කාලසුත‍්තං ගච‍්ඡති -පෙ- තාපනං ගච‍්ඡති. -පෙ- පතාපනං ගච‍්ඡති -පෙ- සඞ‍්ඝාතං ගච‍්ඡති -පෙ- රොරුවං ගච‍්ඡති -පෙ- අවීචිං ගච‍්ඡතී’ති.

ස. අනු: බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් නිරයට යන්නේ වේ ද … සඤ්‍ජවමහනිරයට යන්නේ වේ ද … කාලසූත්‍රමහනිරයට යන්නේ වේ ද … තාපමහනිරයට යන්නේ වේ ද … ප්‍රතාපමහනිරයට යන්නේ වේ ද ... සඞ්ඝාත මහනිරයට යන්නේ වේ ද … රෞරව මහනිරයට යන්නේ වේ ද … අවීචිමහනිරයට යන්නේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

2. ස. පු: බොධිසත‍්තො ඉස‍්සරියකාමකාරිතාහෙතු විනිපාතං ගච‍්ඡතී’ති.

2. ස. පු: බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් විනිපාතයට යන්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: බොධිසත‍්තො ඉස‍්සරියකාමකාරිතාහෙතු විනිපාතං ගච‍්ඡතී’ති. අත්‍ථෙව සුත‍්තන‍්තො’ති.

ස. අනු: ‘බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් විනිපාතයට යෙති’යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?

ප. පටි: නත්‍ථි.

ප. පටි: නැත.

ස. ඨ: හඤ‍්චි බොධිසත‍්තො ඉස‍්සරියකාමකාරිතාහෙතු විනිපාතං ගච‍්ඡතී’ති නත්‍ථෙව සුත‍්තන‍්තො,

ස. ඨ: ඉදින් ‘බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් විනිපාතයට යෙති’යි වදාළ සූත්‍රාන්තයෙක් නැත්තේ මැ වී නම්,

ස. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ “බොධිසත‍්තො ඉස‍්සරියාමකාරිතා හෙතු විනිපාතං ගච‍්ඡතී”ති.

ස. පා: භවත, ‘බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් විනිපාතයට යෙති’ යි නො කියැයුතු මැ යැ.

3. ස. පු: බොධිසත‍්තො ඉස‍්සරියකාමකාරිතාහෙතු ගබ‍්භසෙය්‍යං ඔක‍්කමතී’ති.

3. ස. පු: බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් ගර්‍භශය්‍යාවට (ගැබහොවීමට) වදනේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: බොධිසත‍්තො ඉස‍්සරියකාමකාරිතාහෙතු නිරයං උපපජ‍්ජෙය්‍ය -පෙ- තිරච‍්ඡානයොනිං උප‍්පජ‍්ජෙය්‍යා’ති.

ස. අනු: බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් නිරයෙහි උපදනේ වේ ද … තිරිසන්යොන්හි උපදනේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

4. ස. පු: බොධිසත‍්තො ඉස‍්සරියකාමකාරිතාහෙතු ගබ‍්භසෙය්‍යං ඔක‍්කමතී’ති.

4. ස. පු: බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් ගර්‍භශය්‍යාවට වදනේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: බොධිසත‍්තො ඉද‍්ධිමාති.

ස. අනු: බෝසත් ඍද්ධිමත් වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

5. ස. පු: බොධිසත‍්තො ඉද‍්ධිමාති.

5. ස. පු: බෝසත් ඍද්ධිමත් වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: බොධිසත‍්තෙන ඡන්‍දිද‍්ධිපාදො භාවිතො -පෙ- විරියිද‍්ධිපාදො -පෙ- චිත‍්තිද‍්ධිපාදො -පෙ- වීමංසිද‍්ධිපාදො භාවිතො’ති.

ස. අනු: බෝසතුන් විසින් ඡන්‍දිද්ධිපාද වඩනලද වේ ද … වීරියිද්ධිපාද වඩනලද වේ ද … චිත්තිද්ධිපාද වඩනලද වේ ද … වීමංසිද්ධිපාද වඩනලද වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

6. ස. පු: බොධිසත‍්තො ඉස‍්සරියකාමකාරිතාහෙතු ගබ‍්භසෙය්‍යං ඔක‍්කමතී’ති.

6. ස. පු: බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් ගර්‍භශය්‍යාවට වදනේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: ‘බොධිසත‍්තො ඉස‍්සරියකාමකාරිතාහෙතු ගබ‍්භසෙය්‍යං ඔක‍්කමතී’ති අත්‍ථෙව සුත‍්තන‍්තො’ති.

ස. අනු: ‘බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් ගර්‍භශය්‍යාවට වදනේ වේ’ යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?

ප. පටි: නත්‍ථි.

ප. පටි: නැත.

ස. ඨ: හඤ‍්චි ‘බොධිසත‍්තො ඉස‍්සරියකාමකාරිතාහෙතු ගබ‍්භසෙය්‍යං ඔක‍්කමතී’ති නත්‍ථෙව සුත‍්තන‍්තො,

ස. ඨ: ඉදින් ‘බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් ගර්‍භශය්‍යාවට වදනේ වේ’යයි වදාළ සූත්‍රාන්තයෙක් නැත්තේ මැ වී නම්,

ස. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ “බොධිසත‍්තො ඉස‍්සරියකාමකාරිතාහෙතු ගබ‍්භසෙය්‍යං ඔක‍්කමතී”ති.

ස. පා: භවත, “බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් ගර්‍භශය්‍යාවට වදනේ වේ”යයි නො කියැයුතු මැ යැ.

7. ස. පු: බොධිසත‍්තො ඉස‍්සරියකාමකාරිතාහෙතු දුක‍්කරකාරිකං ආකාසී’ති.

7. ස. පු: බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් දුෂ්කර ක්‍රියා කෙළේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: බොධිසත‍්තො ඉස‍්සරියකාමකාරිතාහෙතු සස‍්සතො ලොකොති පච‍්චාගච‍්ඡි අසස‍්සතො ලොකොති -පෙ- අන‍්තවා ලොකොති -පෙ- අනන‍්තවා ලොකොති -පෙ- තං ජීවං තං සරීරන‍්ති -පෙ- අඤ‍්ඤං ජීවං අඤ‍්ඤං සරීරන‍්ති -පෙ- හොති තථාගතො පරම‍්මරණාති -පෙ- න හොති තථාගතො පරම‍්මරණාති -පෙ- හොති න ච හොති තථාගතො පරම‍්මරණාති -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාති පච‍්චාගච‍්ඡිති.

ස. අනු: බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් ‘ලෝකය ශාශ්වත යැ’යි හැදහී ද, ‘ලෝකය අශාශ්වත යැ’යි … ‘ලෝකය අන්තවත් යැ’යි … ‘ලෝකය අනන්තවත් යැ’යි … ‘එ මැ ජීව යැ එ මැ ශරීර යැ’යි … ‘ජීවය අනෙකෙකැ ශරීරය අනෙකෙකැ’යි … ‘සත්ත්‍ව මරණින් මතු වේ’ යයි, ‘සත්ත්‍ව මරණින් මතු නො වේ’ යයි … ‘සත්ත්‍ව මරණින් මතු වන්නේත් නො වන්නේත් වේ’යයි ‘සත්ත්‍ව මරණින් මතු නො මැ වන්නේත් නො ද නො වන්නේත් වේ’ යයි හැදැහී ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

8. ස. පු: බොධිසත‍්තො ඉස‍්සරියකාමකාරිතාහෙතු දුක‍්කරකාරිකං අකාසි’ති.

8. ස. පු: බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් දුෂ්කර ක්‍රියා කෙළේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: ‘බොධිසත‍්තො ඉස‍්සරියකාමකාරිතාහෙතු දුක‍්කරකාරිකං අකාසී’ති අත්‍ථෙව සුත‍්තන‍්තො’ති.

ස. අනු: ‘බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් දුෂ්කර ක්‍රියා කෙළේ වේ’යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?

ප. පටි: නත්‍ථි.

ප. පටි: නැත.

ස. ඨ: ‘හඤ‍්චි බොධිසත‍්තො ඉස‍්සරියකාමකාරිතාහෙතු දුක‍්කරකාරිකං අකාසී’ති නත්‍ථෙව සුත‍්තන‍්තො,

ස. ඨ: ඉදින් ‘බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් දුෂ්කර ක්‍රියා කෙළේ වේ’යයි වදාළ සූත්‍රාන්තයෙක් නැත්තේ මැ වී නම්,

ස. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ ‘බොධිසත‍්තො ඉස‍්සරියකාමකාරිතාහෙතු දුක‍්කරකාරිකං අකාසී’ති.

ස. පා: භවත, ‘බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් දුෂ්කර ක්‍රියා කෙළේ වේ’යයි නො කියැයුතු මැ යැ.

9. ස. පු: බොධිසත‍්තො ඉස‍්සරියකාමකාරිතාහෙතු අපරන‍්තපං අකාසි, අඤ‍්ඤං සත්‍ථාරං උද‍්දීසී’ති.

9. ස. පු: බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් මෙරමා නො තවනු කෙළේ ද, අන්‍යශාස්තෘවක්හු උදෙසී ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: බොධිසත‍්තො ඉස‍්සරියකාමකාරිතාහෙතු සස‍්සතො ලොකොති පච‍්චාගච‍්ඡි -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණා’ති පච‍්චාගච‍්ඡි’ති.

ස. අනු: බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් ‘ලෝකය ශාශ්වත යැ’යි ඇදැහී ද … ‘සත්ත්‍ව මරණින් මතු නො මැ වන්නේත් නො ද වන්නේත් වේ’යයි ඇදැහී ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

10. ස. පු: බොධිසත‍්තො ඉස‍්සරියකාමකාරිතාහෙතු අඤ‍්ඤං සත්‍ථාරං උද‍්දිසී’ති.

10. ස. පු: බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් අන්‍ය ශාස්තෘවක්හු උදෙසී ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: ‘බොධිසත‍්තො ඉස‍්සරියකාමකාරිතාහෙතු අඤ‍්ඤං සත්‍ථාරං උද‍්දිසී’ති අත්‍ථෙව සුත‍්තන‍්තොති.

ස. අනු: ‘බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් අන්‍ය ශාස්තෘවක්හු උදෙසී’යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?

ප. පටි: නත්‍ථි.

ප. පටි: නැත.

ස. ඨ: ‘හඤ‍්චි බොධිසත‍්තො ඉස‍්සරියකාමකාරිතාහෙතු අඤ‍්ඤං සත්‍ථාරං උද‍්දීසී’ති නත්‍ථෙව සුත‍්තන‍්තො,

ස. ඨ: ඉදින් ‘බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් අන්‍ය ශාස්තෘවක්හු උදෙසී’යයි වදාළ සූත්‍රාන්තයෙක් නැත්තේ මැ වී නම්,

ස. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ “බොධිසත‍්තො ඉස‍්සරියකාමකාරිතාහෙතු අඤ‍්ඤං සත්‍ථාරං උද‍්දීසී’ති.

ස. පා: භවත, ‘බෝසත් ඓශ්චර්‍ය්‍යකාමකාරිතා හේතුවින් අන්‍ය ශාස්තෘවක්හු උදෙසී’යයි නො කියැයුතු මැ යැ.

ඉස‍්සරියකාමකාරිතා කථා නිට‍්ඨිතා.

ඉස්සරියකාමකාරිතා කථා නිමි.