අපරිනිප්ඵන්න කථා
23. 5.
23. 5.
අපරිනිප්ඵන්න කථා.
අපරිනිප්ඵන්න කථා
[“දුක්ඛමෙව හි සම්හොති” ආදි වචන නිසා දුඃඛය මැ පරිනිෂ්පන්න වෙයි. අවශේෂ ස්කන්ධායතනධාතුඉන්ද්රිය ධර්මයෝ අපරිනිෂ්පන්න වෙතියි සමහර උත්තරාපථකයන් හා හේතුවාද නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘අපරිනිෂ්ඵන්න කථා’ එයි.]
1. ස. පු: රූපං අපරිනිප්ඵන්නන්ති.
1. ස. පු: රූපය අපරිනිෂ්පන්න වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රූපං න අනිච්චං, න සඞ්ඛතං, න පටිච්චසමුප්පන්නං, න ඛයධම්මං, න වයධම්මං, න විරාගධම්මං, න නිරොධධම්මං, න විපරිනාමධම්මන්ති.
ස. අනු: රූපය අනිත්‍ය නො, සංස්කෘත නො, ප්‍රතීත්‍යසමුත්පන්න නො, ක්ෂයස්වභාව ඇත්තේ නො, ව්‍යයස්වභාව ඇත්තේ නො, විරාගස්වභාව ඇත්තේ නො, නිරෝධස්වභාව ඇත්තේ නො, විපරිණාමස්වභාව ඇත්තේ නො වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: නනු රූපං අනිච්චං සඞ්ඛතං පටිච්චසමුප්පන්නං ඛයධම්මං වයධම්මං විරාගධම්මං නිරොධධම්මං විපරිනාමධම්මන්ති.
ස. අනු: රූපය අනිත්‍ය, සංස්කෘත, ප්‍රතීත්‍යසමුත්පන්න නො? ක්ෂයස්වභාව, ව්‍යයස්වභාව, විරාගස්වභාව, නිරෝධස්වභාව, විපරිණාමස්වභාව ඇත්තේ නො?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: හඤ්චි රූපං අනිච්චං සඞ්ඛතං -පෙ- විපරිනාමධම්මං,
ස. ඨ: ඉදින් රූපය අනිත්‍ය, සංස්කෘත … විපරිණාමස්වභාව ඇත්තේ වී නම්,
ස. පා: නො ච වත රෙ වත්තබ්බෙ “රූපං අපරිනිප්ඵන්න”න්ති.
ස. පා: භවත, ‘රූපය අපරිනිෂ්පන්න වෙති’යි නො කියැයුතු මැ යැ.
2. ස. පු: දුක්ඛඤ්ඤෙව පරිනිප්ඵන්නන්ති.
2. ස. පු: දුඃඛය මැ පරිනිෂ්පන්න වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු “යදනිච්චං තං දුක්ඛං? වුත්තං භගවතා, රූපං අනිච්චන්ති.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘යමක් අනිත්‍ය වී නම් ඒ දුඃඛ යැ’යි වදාරනලද නො? රූපය අනිත්‍ය වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: හඤ්චි “යදනිච්චං තං දුක්ඛං” වුත්තං භගවතා, රූපං අනිච්චං,
ස. ඨ: ඉදින් “යමක් අනිත්‍ය වී නම් ඒ දුඃඛ වේ”යයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද වී නම්, රූපය අනිත්‍ය වී නම්,
ස. පා: නො ච වත රෙ වත්තබ්බෙ “දුක්ඛඤ්ඤෙව පරිනිප්ඵන්න”න්ති.
ස. පා: භවත, දුඃඛය මැ පරිනිෂ්පන්න වෙතියි නො කියැයුතු මැ යැ.
3. ස. පු: වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං -පෙ- චක්ඛායතනං -පෙ- ධම්මායතනං -පෙ- චක්ඛුධාතු -පෙ- ධම්මධාතු -පෙ- චක්ඛුන්ද්රියං -පෙ- අඤ්ඤාතාවින්ද්රියං අපරිනිප්ඵන්නන්ති.
3. ස. පු: වේදනා … සංඥා … සංස්කාරයෝ … විඥානය … චක්‍ෂුරායතන … ධර්මායතන … චක්‍ෂුර්ධාතු … ධර්මධාතු … චක්‍ෂුරින්‍ද්‍රිය … අඤ්ඤාතාවින්‍ද්‍රිය අපරිනිෂ්පන්න වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අඤ්ඤාතාවින්ද්රියං න අනිච්චං -පෙ- න විපරිනාමධම්ම’න්ති.
ස. අනු: අඤ්ඤාතාවින්‍ද්‍රිය අනිත්‍ය නො වේ ද … විපරිණාමස්වභාව ඇත්තේ නො වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: නනු අඤ්ඤාතාවින්ද්රියං අනිච්චං සඞ්ඛතං -පෙ- විපරිනාමධම්මන්ති.
ස. අනු: අඤ්ඤාතාවින්‍ද්‍රිය අනිත්‍ය, සංස්කෘත … විපරිණාමස්වභාව ඇත්තේ නො?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: හඤ්චි අඤ්ඤාතාවින්ද්රියං අනිච්චං සඞ්ඛතං පටිච්චසමුප්පන්නං ඛයධම්මං වයධම්මං විරාගධම්මං නිරොධධම්මං විපරිනාමධම්මං,
ස. ඨ: ඉදින් අඤ්ඤාතාවින්‍ද්‍රිය අනිත්‍ය, සංස්කෘත, ප්‍රතීත්‍යසමුත්පන්න, ක්ෂයධර්ම, ව්‍යයධර්‍ම, විරාගධර්ම, නිරෝධධර්‍ම, විපරිණාමධර්ම වී නම්,
ස. පා: නො ච වත රෙ වත්තබ්බෙ “අඤ්ඤාතාවින්ද්රියං අපරිනිප්ඵන්න”න්ති.
ස. පා: භවත, ‘අඤ්ඤාතාවින්‍ද්‍රිය, අපරිනිෂ්පන්න වෙති’යි නො කියැයුතු මැ යැ.
4. ස. පු: දුක්ඛඤ්ඤෙව පරිනිප්ඵන්නන්ති.
4. ස. පු: දුඃඛය මැ පරිනිෂ්පන්න වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු “යදනිච්චං තං දුක්ඛං වුත්තං භගවතා, අඤ්ඤාතාවින්ද්රියං අනිච්ච’න්ති.
ස. අනු: ‘යමක් අනිත්‍ය නම් ඒ දුඃඛ වේ’ යයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද නො? අඤ්ඤාතාවින්‍ද්‍රිය අනිත්‍ය නො?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: හඤ්චි “යදනිච්චං තං දුක්ඛං” වුත්තං භගවතා, අඤ්ඤාතාවින්ද්රියං අනිච්චං,
ස. ඨ: ඉදින් ‘යමක් අනිත්‍ය වී නම් ඒ දුඃඛ වේ’යයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද වී නම්, අඤ්ඤාතාවින්‍ද්‍රිය අනිත්‍ය වී නම්,
ස. පා: නො ච වත රෙ වත්තබ්බෙ “දුක්ඛඤ්ඤෙව පරිනිප්ඵන්න”න්ති.
ස. පා: භවත, ‘දුඃඛය මැ පරිනිෂ්පන්න වෙති’යි නො කියැයුතු මැ යැ.
අපරිනිප්ඵන්න කථා නිට්ඨිතා.
අපරිනිෂ්ඵන්න කථා නිමි.
තෙවීසතිමො වග්ගො නිට්ඨිතො.
තෙවිසිවන වග නිමි.
තස්ස උද්දානං:
එහි උද්දානය:
එකාධිප්පායෙන මෙථුනො ධම්මො පතිසෙවිතබ්බො, අරහන්තානං වණ්ණෙන අමනුස්සා මෙථුනං ධම්මං පතිසෙවන්ති. බොධිසත්තො ඉස්සරියකාමකාරිතාහෙතු විනිපාතං ගච්ඡති, ගබ්භසෙය්යං ඔක්කමති දුක්කරකාරිකං අකාසි අපරන්තපං අකාසි අඤ්ඤං සත්ථාරං උද්දීසි අත්ථි න රාගො රාගපතිරූපකො, අත්ථි න දොසො දොසපතිරූපකො අත්ථි න මොහො මොහපතිරූපකො, අත්ථි න කිලෙසො කිලෙසපතිරූපකො. රූපං අපරිනිප්ඵන්නං අඤ්ඤාතාවින්ද්රියං අපරිනිප්ඵන්නන්ති.
ඒකාධිප්පාය කථා යැ අරහන්තවණ්ණ කථා යැ ඉස්සරියකාමකාරිතා කථා යැ පතිරූප කථා යැ අපරිනිප්ඵන්න කථා යි.
(1) “මහා නියාමො අනුසයා නිග්ගහො ඛුද්දකපඤ්චමො පරප්පවාදමද්දනො සුත්තමූලසමාහිතා උජ්ජොතනා සත්ථුසමයෙ”ති.
(1) “(මහත් කථාවස්තු ඇතුළත් කළ වර්ග ඇතියෙන්) මහාපණ්ණාසක යැ, (නියාම කථායෙන් ආරබ්ධ වර්ග ඇතියෙන් දෙවැනි) නියාම පණ්ණාසක යැ, (අනුසය කථායෙන් ආරබ්ධ වර්ග ඇතියෙන් තෙවෙනි) අනුසය පණ්ණාසක යැ, (නිග්ගහ කථායෙන් ආරබ්ධ වර්ග ඇතියෙන් සිව්වැනි) නිග්ගහ පණ්ණාසක යැ, (‘සාසනකථා’ ආදි කුඩා කථා ඇතුළත් කෙළෙන්) පස්වැනි වැ සිටුනා ඛුද්දක කාණ්ඩ යැ, යන මේහැම (එකෙන් එකෙන් වෙන වෙන) පරවාද මඩනේ වෙයි. (මොහු හැම සාධක වශයෙන්) සූත්රමූල ඇති වැ ශාස්තෘසමයෙහි බැබැළුම ඇත්තාහුයැ”.
කථාවත්ථුප්පකරණෙ පඤ්චතිංසභාණවාරං නිට්ඨිතං.
කථාවස්තුප්‍රකරණයෙහි පන්තිස් බණවර නිමි.
කථාවත්ථුප්පකරණං සමත්තං.
කථාවස්තුප්‍රකරණය සමාප්ත යි.