යෙදුමෙන් කියවන්න

කුසලචිත‍්ත කථා

22. 2.

22. 2.

කුසලචිත‍්ත කථා.

කුසලචිත්ත කථා

[රහත්හු ස්මෘතිවිපුලතාවට පැමිණියාහු පිරිනිවෙන්නාහු දු ස්මෘති සම්ප්‍රජන්‍යයෙන් යුක්ත වැ මැ පිරිනිවෙති. එහෙයින් රහත්හු ‘කුශලචිත්ත ඇති වැ පිරිනිවෙති’යි අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘කුසලචිත්ත කථා’ එයි.]

1. ස. පු: අරහා කුසලචිත‍්තො පරිනිබ‍්බායතී’ති.

1. ස. පු: රහත්හු කුශල සිත් ඇති වැ පිරිනිවෙත් ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: අරහා පුඤ‍්ඤාභිසඞ‍්ඛාරං අභිසඞ‍්ඛරොන‍්තො, ආනෙඤ‍්ජාභිසඞ‍්ඛාරං අභිසඞ‍්ඛරොන‍්තො, ගති සංවත‍්තනියං කම‍්මං කරොන‍්තො, භවසංවත‍්තනියං කම‍්මං කරොන‍්තො, ඉස‍්සරියසංවත‍්තනියං කම‍්මං කරොන‍්තො, ආධිපච‍්චසංවත‍්තනියං කම‍්මං කරොන‍්තො, මහාභොගසංවත‍්තනියං කම‍්මං කරොන‍්තො, මහාපරිවාරසංවත‍්තනියං කම‍්මං කරොන‍්තො, දෙවසොභග‍්ගියසංවත‍්තනියං කම‍්මං කරොන‍්තො, මනුස‍්සසොභග‍්ගියසංවත‍්තනියං කම‍්මං කරොන‍්තො පරිනිබ‍්බායතී’ති.

ස. අනු: රහත්හු පුණ්‍යාභිසංස්කාර රැස් කෙරෙමින්, ආනෙඤ්ජාභිසංස්කාර රැස් කෙරෙමින්, ගතිසංවර්‍තනික කර්‍ම කෙරෙමින්, භවසංවර්‍තනික කර්‍ම කෙරෙමින්, ඓශ්චර්‍ය්‍යසංවර්‍තනික කර්‍ම කෙරෙමින්, ආධිපත්‍යසංවර්‍තතික කර්‍ම කෙරෙමින්, මහාභෝග සංවර්‍තනික කර්‍ම කෙරෙමින්, මහාපරිවාරසංවර්‍තනික කර්‍ම කෙරෙමින්, දේවසෞභාග්‍යසංවර්‍තනික කර්‍ම කෙරෙමින්, මනුෂ්‍යසෞභාග්‍යසංවර්‍තනික කර්‍ම කෙරෙමින්, පිරිනිවෙත් ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

2. ස. පු: අරහා කුසලචිත‍්තො පරිනිබ‍්බායතී’ති.

2. ස. පු: රහත්හු කුශල සිත් ඇති වැ පිරිනිවෙත් ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: අරහා ආචිනන‍්තො අපචිනන‍්තො පජහන‍්තො උපාදියන‍්තො විසිනෙන‍්තො උස‍්සිනෙන‍්තො විධූපෙන‍්තො සංධූපෙන‍්තො පරිනිබ‍්බායතී”ති.

ස. අනු: රහත්හු (කුශලාකුශලවිපාක) රැස් කෙරෙමින් විධ්වංශන කෙරෙමින් (කෙලෙසුන්) දුරු කෙරෙමින් (තෘෂ්ණා - මාන - දෘෂ්ටි විසින්) උපාදාන කෙරෙමින් (තෘෂ්ණාවශයෙන්) හිවමින් (මාන වශයෙන්) උත්කර්‍ෂණ කෙරෙමින් (කෙලෙස්ගිනි) නිවමින් දල්වමින් පිරිනිවෙත් ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

ස. අනු: නනු අරහා නෙවාචිනාති න අපචිනාති අපචිනිත්‍වා ඨිතො’ති.

ස. අනු: රහත්හු (කුශලාකුශල විපාක) නො මැ රැස් කෙරෙති, විධ්වංශන නො කෙරෙති, විධ්වංශන කොට සිටියාහු නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. ඨ: හඤ‍්චි අරහා නෙවාචිනාති න අපචිනාති අපචිනිත්‍වා ඨිතො,

ස. ඨ: ඉදින් රහත්හු කුශලාකුශල විපාක නො මැ රැස් කෙරෙත් නම්, විධ්වංශන නො කෙරෙත් නම්, විධ්වංශන කොට සිටියාහු නම්,

ස. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ “අරහා කුසලචිත‍්තො පරිනිබ‍්බායතී”ති.

ස. පා: භවත, රහත්හු කුශලසිත් ඇති වැ පිරිනිවෙති’යි නො කියැයුතු මැ යැ.

3. ස. අනු: නනු අරහා නෙව පජහති න උපාදියති පජහිත්‍වා ඨිතො -පෙ- නෙව විසිනෙති න උස‍්සිනෙති විසිනෙත්‍වා ඨිතො -පෙ- නනු අරහා නෙව විධූපෙති න සංධූපෙති විධූපෙත්‍වා ඨිතො’ති.

3. ස. අනු: රහත්හු (කෙලෙසුන්) නො මැ දුරු කෙරෙති, (තෘෂ්ණා - මාන - දෘෂ්ටි විසින්) උපාදාන නො කෙරෙති, (කෙලෙසුන්) දුරු කර සිටියාහු නො … (තෘෂ්ණා විසින්) නො මැ හිවෙති, (මාන විසින්) උත්කර්‍ෂණ නො කෙරෙති, (තෘෂ්ණා බන්‍ධන) දුරු කොට සිටියාහු … රහත්හු (කෙලෙස් ගිනි) නො මැ නිවෙති, නො දල්වති, නිවා සිටියාහු නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. ඨ: හඤ‍්චි අරහා නෙව විධූපෙති න සංධූපෙති විධූපෙත්‍වා ඨිතො.

ස. ඨ: ඉදින් රහත්හු විධූපන නො මැ කෙරෙත් නම් සංධූපන නො කෙරෙත් නම් විධූපන කොට සිටියාහු නම්,

ස. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ “අරහා කුසලචිත‍්තො පරිනිබ‍්බායතී”ති.

ස. පා: භවත, ‘රහත්හු කුසල්සිත් ඇති වැ පිරිනිවෙති’යි නො කියැයුතු මැ යැ.

4. ප. පු: න වත‍්තබ‍්බං “අරහං කුසලචිත‍්තො පරිනිබ‍්බායතී”ති.

4. ප. පු: ‘රහත්හු කුසල්සිත් ඇති වැ පිරිනිවෙතී’ යි නො කියැයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. අනු: නනු අරහා උපට‍්ඨිතසති සතො සම‍්පජානො පරිනිබ‍්බායතී’ති.

ස. අනු: රහත්හු එළැඹසිටි සිහි ඇත්තාහු ස්මෘති ඇත්තාහු සම්‍යග්ඥාන ඇත්තාහු පිරිනිවෙන්නාහු නො?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. ඨ: හඤ‍්චි අරහා උපට‍්ඨිතසති සතො සම‍්පජානො පරිනිබ‍්බායති.

ප. ඨ: ඉදින් රහත්හු එළැඹසිටි සිහි ඇති වැ ස්මෘතිමත් වැ සම්‍යග්ඥාන ඇති වැ පිරිනිවෙන්නාහු නම්,

ප. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ “අරහා කුසලචිත‍්තො පරිනිබ‍්බායතී”ති.

ප. පා: එකරුණින් භවත, ‘රහත්හු කුසල්සිත් ඇති වැ පිරිනිවෙන්නාහ’යි කියැයුතු මැ යි.

කුසලචිත‍්ත කථා නිට‍්ඨිතා.

කුසලචිත්ත කථා නිමි.