යෙදුමෙන් කියවන්න

කම‍්ම කථා

21. 8.

21. 8.

කම‍්ම කථා

කම්ම කථා

[දිට්ඨධම්මවේදනීයාදි කර්‍ම දිට්ඨධම්මවෙදනාදීන් නියත වන හෙයින හැම කර්‍මයෝ (විපාක විසින්) නියතයහ’යි ලබ්ධි ගත්තාහු ඇත. අන්‍ධකනිකායවාසීන් හා ඇතැම් උත්තරාපථකයන් සෙයිනි. උන්ගේ වාද බිඳුනට ‘කම්ම කථා’ එයි.]

1. ස. පු: සබ‍්බෙ කම‍්මා නියතා’ති.

1. ස. පු: හැම කර්‍මයෝ විපාක විසින් නියත වෙත් ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: මිච‍්ඡත‍්තනියතා’ති.

ස. අනු: මිථ්‍යාත්‍ව වශයෙන් නියත වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

ස. අනු: සම‍්මත‍්තනියතා’ති.

ස. අනු: සම්‍යක්ත්‍ව වශයෙන් නියත වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

ස. අනු: නත්‍ථි අනියතො රාසි’ති.

ස. අනු: අනියත රාශියෙක් නැත්තේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

ස. අනු: නනු අත්‍ථි අනියතො රාසී’ති.

ස. අනු: අනියත රාශියෙක් ඇත්තේ නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. ඨ: හඤ‍්චි අත්‍ථි අනියතො රාසි,

ස. ඨ: ඉදින් අනියතරාශියෙක් ඇත් නම්,

ස. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ “සබ‍්බෙ කම‍්මා නියතා”ති.

ස. පා: භවත ‘හැම කර්‍මයෝ නියතයහ’ යි නො කියැයුතු මැ යැ.

2. ස. පු: සබ‍්බෙ කම‍්මා නියතා’ති.

2. ස. පු: හැම කර්‍මයෝ නියත වෙත් ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: නනු තයො රාසී වුත‍්තා භගවතා: මිච‍්ඡත‍්ත නියතො රාසි, සම‍්මත‍්තනියතො රාසි, අනියතො රාසී’ති.

ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මිථ්‍යාත්‍වනියතරාශි යැ, සම්‍යක්ත්‍වනියත රාශි යැ, අනියතරාශි යැ’යි තුන් රාශියෙක් වදාරනලද නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. ඨ: හඤ‍්චි තයො රාසී වුත‍්තා භගවතා: මිච‍්ඡත‍්තනියතො රාසි, සම‍්මත‍්තනියතො රාසි, අනියතො රාසි,

ස. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින්: ‘මිථ්‍යාත්‍ව නියතරාශි යැ, සම්‍යක්ත්‍වනියත රාශි යැ, අනියත රාශි යැ’යි තුන් රාශියෙක් වදාරනලද වී නම්,

ස. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ “සබ‍්බෙ කම‍්මා නියතා”ති.

ස. පා: භවත ‘හැම කර්‍මයෝ නියතයහ’ යි නො කියැයුතු මැ යැ.

3. ස. පු: දිට‍්ඨධම‍්මවෙදනීයං කම‍්මං දිට‍්ඨධම‍්මවෙදනීයට‍්ඨෙන නියතන‍්ති.

3. ස. පු: දිට්ඨධම්මවේදනීය කර්‍මය දිට්ඨධම්මවේදනීයත්‍වයෙන් නියත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: මිච‍්ඡත‍්ත නියතන‍්ති.

ස. අනු: මිථ්‍යාත්‍වනියත වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

ස. අනු: සම‍්මත‍්තනියතන‍්ති.

ස. අනු: සම්‍යක්ත්‍වනියත වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

4. ස. පු: උපපජ‍්ජවෙදනීයං කම‍්මං -පෙ- අපරාපරියවෙදනීයං කම‍්මං අපරාපරියවෙදනීයට‍්ඨෙන නියතන‍්ති?

4. ස. පු: උපපජ්ජවෙදනීය කර්‍මය … අපරාපරියවේදනීය කර්‍මය අපරාපරියවේදනීය ස්වභාවයෙන් නියත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: මිච‍්ඡත‍්තනියතන‍්ති.

ස. අනු: මිථ්‍යාත්‍වනියත වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

ස. අනු: සම‍්මත‍්තනියතන‍්ති.

ස. අනු: සම්‍යක්ත්‍වනියත වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

5. ප. පු: න වත‍්තබ‍්බං “දිට‍්ඨධම‍්මවෙදනීයං කම‍්මං දිට‍්ඨධම‍්මවෙදනියට‍්ඨෙන නියතං, උපපජ‍්ජවෙදනීයං කම‍්මං -පෙ- අපරාපරියවෙදනීයං කම‍්මං අපරාපරියවෙදනීයට‍්ඨෙන නියතන‍්ති.

5. ප. පු: දිට්ඨධම්මවේදනීය කර්‍මය දිට්ඨධම්මවේදනීය ස්වභාවයෙන් නියත වෙයි, උපපජ්ජවෙදනීය කර්‍මය … අපරාපරියවේදනීය කර්‍මය අපරාපරියවේදනීය ස්වභාවයෙන් නියත වෙතී” යි නො කියැයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. අනු: දිට‍්ඨධම‍්මවෙදනීයං කම‍්මං උපපජ‍්ජවෙදනීයං හොති, අපරාපරියවෙදනීයං හොති -පෙ- උපපජ‍්ජවෙදනීයං කම‍්මං දිට‍්ඨධම‍්මවෙදනීයං හොති, අපරාපරියවෙදනීයං හොති -පෙ- අපරාපරියවෙදනීයං කම‍්මං දිට‍්ඨධම‍්මවෙදනීයං හොති, උපපජ‍්ජවෙදනීයං හොතී’ති.

ප. අනු: දිට්ඨධම්මවේදනීය කර්‍මය උපපජ්ජවෙදනීය වේ ද? අපරාපරියවේදනීය වේ ද, … උපපජ්ජවෙදනීය කර්‍මය දිට්ඨධම්මවේදනීය වේ ද, අපරාපරියවේදනීය වේ ද, … අපරාපරියවේදනීය කර්‍මය දිට්ඨධම්මමවෙදනීය වේ ද, උපපජ්ජවෙදනීය වේ ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු යැ ...

ප. පා: තෙන හි “දිට‍්ඨධම‍්මවෙදනීයං කම‍්මං දිට‍්ඨම‍්මවෙදනීයට‍්ඨෙන නියතං, උපපජ‍්ජවෙදනීයං කම‍්මං -පෙ- අපරාපරියවෙදනීයං කම‍්මං අපරාපරිය වෙදනීයට‍්ඨෙන නියතන‍්ති.

ප. පා: එකරුණින් දිට්ඨධම්මවේදනීය කර්‍මය දිට්ඨධම්මවේදනීය ස්වභාවයෙන් නියත වෙයි. උපපජ්ජවෙදනීය කර්‍මය … අපරාපරියවේදනීය කර්‍මය අපරාපරියවේදනීය ස්වභාවයෙන් නියත වේ.

කම‍්ම කථා නිට‍්ඨිතා.

කම්ම කථා නිමි.

එකවීසතිමො වග‍්ගො නිට‍්ඨිතො.

ඒකවිංශද්වර්‍ගය නිමි.

තස‍්ස උද‍්දානං.

එහි උද්දානය:

සාසනං නවං කතං - අත්‍ථි කොචි තථාගතස‍්ස සාසනං නවං කරොතිලබ‍්භා තථාගතස‍්ස සාසනං පුන නවං කාතුං, පුථුජ‍්ජනො තෙධාතුකෙහි ධම‍්මෙහි අවිවිත‍්තො, අත්‍ථි කිඤ‍්චි සඤ‍්ඤොජනං අප‍්පහාය අරහත‍්තප‍්පත‍්ති, අත්‍ථි අධිප‍්පායිද‍්ධි බුද‍්ධානං වා සාවකානං වා, අත්‍ථි බුද‍්ධානං බුද‍්ධෙහි හීනාතිරෙකතා, සබ‍්බ දිසා බුද‍්ධා තිට‍්ඨන‍්ති, සබ‍්බෙ ධම‍්මා නියතා, සබ‍්බෙ කම‍්මා නියතා’ති.

සාසන කථා යැ අවිවිත්ත කථා යැ සඤ්ඤෝජන කථා යැ ඉද්ධි කථා යැ බුද්ධ කථා යැ සබ්බදිසා කථා යැ ධම්ම කථා යැ කම්ම කථා යි.