යෙදුමෙන් කියවන්න

සුඤ‍්ඤතා කථා

19. 2.

19. 2.

සුඤ‍්ඤතා කථා.

සුඤ්ඤතා කථා

[ශුන්‍යතාව ‘ස්කන්‍ධයන්ගේ අනාත්මලක්‍ෂණ යැ, නිර්‍වාණ යැ’ යි ද්විවිධයි. ඔවුනතුරෙහි අනාත්මලක්‍ෂණය එක් අයුරෙකින් සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වෙයි. නිර්‍වාණය අපර්‍ය්‍යාපන්න මැ වෙයි. මේ වෙනස නො ගෙන ‘ශුන්‍යතාව සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වෙති’ යි අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘සුඤ්ඤතාකථා’ එයි.]

1. ස. පු: සුඤ‍්ඤතා සඞ‍්ඛාරක‍්ඛන්‍ධපරියාපන‍්නා’ති.

1. ස. පු: ශුන්‍යතාව සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: අනිමිත‍්තං සඞ‍්ඛාරක‍්ඛන්‍ධපරියාපන‍්නන‍්ති.

ස. අනු: අනිමිත්තය සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

2. ස. පු: සුඤ‍්ඤතා සඞ‍්ඛාරක‍්ඛන්‍ධපරියාපන‍්නා’ති.

2. ස. පු: ශුන්‍යතාව සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: අප‍්පණිහිතො සඞ‍්ඛාරක‍්ඛන්‍ධපරියාපන‍්නො’ති.

ස. අනු: අප්‍රණිහිතය සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

3. ස. පු: අනිමිත‍්තං න වත‍්තබ‍්බං සඞ‍්ඛාරක‍්ඛන්‍ධපරියාපන‍්නන‍්ති.

3. ස. පු: ‘අනිමිත්තය සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වෙතී’ යි නො කියැයුතු වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: සුඤ‍්ඤතා න වත‍්තබ‍්බා සඞ‍්ඛාරක‍්ඛන්‍ධපරියාපන‍්නාති.

ස. අනු: ‘ශුන්‍යතාව සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වෙතී’ යි නො කියැයුතු වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

4. ස. පු: අප‍්පණිහිතො න වත‍්තබ‍්බො සඞ‍්ඛාරක‍්ඛන්‍ධපරියාපන‍්නො’ති.

4. ස. පු: ‘අප්‍රණිහිතය සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වෙතී’ යි නො කියැයුතු වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: සුඤ‍්ඤතා න වත‍්තබ‍්බා සඞ‍්ඛාරක‍්ඛන්‍ධපරියාපන‍්නාති.

ස. අනු: ‘ශුන්‍යතාව සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වෙතී’ යි නො කියැයුතු වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු යැ ...

5. ස. පු: සුඤ‍්ඤතා සඞ‍්ඛාරක‍්ඛන්‍ධපරියාපන‍්නා’ති.

5. ස. පු: ‘ශුන්‍යතාව සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: සඞ‍්ඛාරක‍්ඛන්‍ධො න අනිච‍්චො න සඞ‍්ඛතො න පටිච‍්චසමුප‍්පන‍්නො න ඛයධම‍්මො න වයධම‍්මො න විරාගධම‍්මො න නිරොධධම‍්මො න විපරිණාමධම‍්මො’ති.

ස. අනු: සංස්කාරස්කන්‍ධය අනිත්‍ය නො වන්නේ වේ ද, සංස්කෘත නො වන්නේ වේ ද, ප්‍රතීත්‍යසමුත්පන්න නො වන්නේ වේ ද, ක්‍ෂයස්වභාව නො වන්නේ වේ ද, ව්‍යයස්වභාව නො වන්නේ වේ ද, නිරෝධ ස්වභාව නො වන්නේ නො වේ ද, විපරිණාම ස්වභාව නො වන්නේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

ස. අනු: නනු සඞ‍්ඛාරක‍්ඛන්‍ධො අනිච‍්චො සඞ‍්ඛතො පටිච‍්ච සමුප‍්පන‍්නො ඛයධම‍්මො වයධම‍්මො විරාගධම‍්මො නිරොධධම‍්මො විපරිණාමධම‍්මො’ති.

ස. අනු: සංස්කාරස්කන්‍ධය අනිත්‍ය සංස්කෘත ප්‍රතීත්‍ය සමුත්පන්න ක්‍ෂයස්වභාව ව්‍යයස්වභාව විරාග ස්වභාව නිරෝධස්වභාව විපරිණාමස්වභාව ඇත්තේ නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. ඨ: හඤ‍්චි සඞ‍්ඛාරක‍්ඛන්‍ධො අනිච‍්චො -පෙ- විපරිණාමධම‍්මො,

ස. ඨ: ඉදින්, සංස්කාරස්කන්‍ධය අනිත්‍ය … විපරිණාම ස්වභාව ඇති වී නම්,

ස. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ “සුඤ‍්ඤතා සඞ‍්ඛාරක‍්ඛන්‍ධපරියාපන‍්නා’ති.

අනු. පා: භවත, ‘ශුන්‍යතාව සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වේ’ යයි නො කියැයුතු මැ යැ.

6. ස. පු: රූපක‍්ඛන්‍ධස‍්ස සුඤ‍්ඤතා සඞ‍්ඛාරක‍්ඛන්‍ධපරියාපන‍්නා’ති.

6. ස. පු: රූපස්කන්‍ධයාගේ ශුන්‍යතාව සංස්කාරස්කන්‍ධ - පර්‍ය්‍යාපන්න වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: සඞ‍්ඛාරක‍්ඛන්‍ධස‍්ස සුඤ‍්ඤතා රූපක‍්ඛන්‍ධපරියාපන‍්නා’ති.

ස. අනු: සංස්කාරස්කන්‍ධයාගේ ශුන්‍යතාව රූපස්කන්‍ධ - පර්‍ය්‍යාපන්න වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

7. ස. පු: වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධස‍්ස සුඤ‍්ඤතා සඞ‍්ඛාරක‍්ඛන්‍ධපරියාපන‍්නා’ති.

7. ස. පු: වේදනා … සංඥා … විඥානස්කන්‍ධයාගේ ශුන්‍යතාව සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: සඞ‍්ඛාරක‍්ඛන්‍ධස‍්ස සුඤ‍්ඤතා විඤ‍්ඤාණක‍්ඛන්‍ධපරියාපන‍්නාති.

ස. අනු: සංස්කාරස්කන්‍ධයාගේ ශුන්‍යතාව විඥානස්කන්‍ධපර්‍ය්‍යාපන්න වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටිඤ්‍ඤා: එසේ නො කියැයුතු යැ ...

8. ස. පු: සඞ‍්ඛාරක‍්ඛන්‍ධස‍්ස සුඤ‍්ඤතා න වත‍්තබ‍්බා රූපක‍්ඛන්‍ධපරියාපන‍්නා’ති.

8. ස. පු: සංස්කාරස්කන්‍ධයාගේ ශුන්‍යතාව රූපස්කන්‍ධපර්‍ය්‍යාපන්න වේ යයි නො කියැයුතු වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: රූපක‍්ඛන්‍ධස‍්ස සුඤ‍්ඤතා න වත‍්තබ‍්බා “සඞ‍්ඛාරක‍්ඛන්‍ධපරියාපන‍්නා’ති.

ස. අනු: රූපස්කන්‍ධයාගේ ශුන්‍යතාව ‘සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වේ’ යයි නො කියැයුතු වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

9. ස. පු: සඞ‍්ඛාරක‍්ඛන්‍ධස‍්ස සුඤ‍්ඤතා න වත‍්තබ‍්බා වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධපරියාපන‍්නා’තී.

9. ස. පු: සංස්කාරස්කන්‍ධයාගේ ශුන්‍යතාව වේදනා … සංඥා … විඥානස්කන්‍ධපර්‍ය්‍යාපන්න වෙතී’ නො කියැයුතු වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: විඤ‍්ඤාණක‍්ඛන්‍ධස‍්ස සුඤ‍්ඤතා න වත‍්තබ‍්බා සඞ‍්ඛාරක‍්ඛන්‍ධපරියාපන‍්නා’ති.

ස. අනු: ‘විඥානස්කන්‍ධයාගේ ශුන්‍යතාව සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වෙතී’ නො කියැයුතු වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

10. ප. පු: න වත‍්තබ‍්බං සුඤ‍්ඤතා සඞ‍්ඛාරක‍්ඛන්‍ධපරියාපන‍්නා’ති.

10. ප. පු: ‘ශුන්‍යතාව සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වෙයි’ යනු නො කියැයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. අනු: නනු වුත‍්තං භගවතා “සුඤ‍්ඤමිදං භික‍්ඛවෙ සංඛාරා අත‍්තෙන වා අත‍්තනියෙන වා “ති අත්‍ථෙව සුත‍්තන‍්තො’ති.

ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මහණෙනි, යම් සංස්කාර කෙනෙක් ඇද්ද, ආත්ම හෙයින් වේවයි ආත්මීය සෙයින් වේවයි මේ ශුන්‍ය වෙතී” වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පු: එසේ යැ.

ප. පා: තෙන හි “සුඤ‍්ඤතා සඞ‍්ඛාරක‍්ඛන්‍ධපරියාපන‍්නා”ති.

ප. පා: එකරුණින් ‘ශුන්‍යතාව සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වෙයි’.

සුඤ‍්ඤතා කථා නිට‍්ඨිතා.

සුඤ්ඤතා කථා නිමි.