නත්ථි අරහතො අකාලමච්චූති කථා
17. 2.
17. 2.
නත්ථි අරහතො අකාලමච්චූති කථා.
නත්ථි අරහතො අකාලමච්චූති කථා
[“නාහං භික්ඛවේ සඤ්චේතනිකානං කම්මානං කතානං උපචිතානං විපාකං අප්පටිසංවේදිත්වා බ්යන්තීභාවං වදාමියි. මහණෙනි, කළ රැස් කළ සඤ්චේතනික කර්මයන්ගේ විපාක නො විඳ විගතාන්තභාවය මම නො කියමි” යි වදාළ සූත්‍රාර්‍ත්‍ථ නුනුවණින් ගෙන රහත්හු නම් හැම කර්මවිපාක විඳලා මැ පිරිනිවියයුතු වෙති. එයින් රහත්හට අකල්මරණ නැතැ’ යි රාජගිරික සිදධාර්ත්ථික නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘නත්ථි අරහතො අකාලමච්චූති කථා’ එයි.]
1. ස. පු: නත්ථි අරහතො අකාලමච්චූති.
1. ස. පු: රහත්හට අකල්මරණ නැද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නත්ථි අරහන්තඝාතකො’ති.
ස. අනු: අරහන්තඝාතක නැද්ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: නත්ථි අරහතො අකාලමච්චූති.
2. ස. පු: රහත්හට අකල්මරණ නැද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: යො අරහන්තං ජීවිතා වොරොපෙති, සති ජීවිතෙ ජීවිතාවසෙසෙ ජීවිතා වොරොපෙති, අසති ජීවිතෙ ජීවිතාවසෙසෙ ජීවිතා වොරොපෙතීති.
ස. අනු: යමෙක් රහතුන් වහන්සේ දිවියෙන් ගළවනුයේ වේ නම්, ජීවිතය ඇති කල්හි ජීවිතශේෂය ඇති කල්හි දිවියෙන් ගළවනු වේ ද? ජීවිතය නැති කල්හි ජීවිතශේෂය නැති කල්හි දිවියෙන් ගළවනු වේ ද?
ප. පටිඤ්ඤා: සති ජිවිතො ජීවිතාවසෙසෙ ජීවිතා වොරොපෙතීති.
ප. පටිඤ්ඤා: ජීවිතය ඇති කල්හි ජීවිතශේෂය ඇති කල්හි දිවියෙන් ගළවනුයේ වෙයි.
ස. ඨ: හඤ්චි සති ජීවිතෙ ජීවිතාවසෙසෙ ජීවිතා වොරොපෙති.
ස. ඨ: ඉදින් ජීවිතය ඇති කල්හි ජීවිතශේෂය ඇති කල්හි දිවියෙන් ගළවනුයේ වී නම්,
ස. පා: නො ච වත රෙ වත්තබ්බෙ “නත්ථි අරහතො අකාලමච්චූ”ති.
ස. පා: භවත, ‘රහත්හට අකල්මරණ නැතැ’ යි නො කියැයුතු මැ යැ.
ස. අනු: අසති ජීවිතෙ ජීවිතාවසෙසෙ ජීවිතා වොරොපෙති, නත්ථි අරහන්තඝාතකො’ති.
ස. අනු: ජීවිතය ජීවිතාවශේෂය නැති කල්හි දිවියෙන් ගළවනුයේ වේ ද? අරහන්තඝාතක නැද්ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: නත්ථි අරහතො අකාලමච්චූති.
3. ස. පු: රහත්හට අකල්මරණ නැද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අරතො කායෙ විසං න කමෙය්ය, සත්ථං න කමෙය්ය, අග්ගිං න කමෙය්යාති.
ස. අනු: රහතුන්ගේ කයෙහි විෂ නො වදනේ ද? ශස්ත්‍ර නො වදනේ ද? ගිනි නො වදනේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: නනු අරහතො කායෙ විසං කමෙය්ය, සත්ථං කමෙය්ය, අග්ගිං කමෙය්යාති.
ස. අනු: රහතුන්ගේ කයෙහි විෂ වදනේ ශස්ත්‍ර වදනේ ගිනි වදනේ නො?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: හඤ්චි අරහතො කායෙ විසං කමෙය්ය, සත්ථං කමෙය්ය, අග්ගිං කමෙය්ය,
ස. ඨ: ඉදින් රහතුන්ගේ කයෙහි විෂ වදනේ ශස්ත්‍ර වදනේ ගිනි වදනේ වී නම්,
ස. පා: නො ච වත රෙ වත්තබ්බෙ “නත්ථි අරහතො අකාලමච්චු”ති.
ස. පා: භවත, ‘රහත්හට අකල්මරණ නැතැ’ යි නො කියැයුතු මැ යැ.
4. ස. පු: අරහතො කායෙ විසං න කමෙය්ය, සත්ථං න කමෙය්ය, අග්ගිං න කමෙය්යාති.
4. ස. පු: රහතුන්ගේ කයෙහි විෂ නො වදනේ ද? ශස්ත්‍ර නො වදනේ ද? ගිනි නො වදනේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නත්ථි අරහන්තඝාතකො’ති.
ස. අනු: අරහන්තඝාතක නැද්ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ප. පු: අත්ථි අරහතො අකාලවමච්චූ’ති.
5. ප. පු: රහත්හට අකල්මරණ ඇද්ද?
ස. පටිඤ්ඤා: ආමන්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: නනු වුත්තං භගවතා “නාහං භික්ඛවෙ, සඤ්චෙතනිකානං කම්මානං කතානං උපචිතානං අප්පටිසංවෙදිත්වා. බ්යන්තීභාවං වදාමි, තඤ්ච ඛො දිට්ඨෙ වා ධම්මෙ උපපජ්ජෙ වා අපරෙ වා පරියායෙ’ ති අත්ථෙව සුත්තන්තොති.
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මහණෙනි, කරනලද රැස් කරන ලද සඤ්චේතනික කර්මයන්ගේ විපාක නො විඳ විගතාන්තභාවය මම නො කියමි. එ ද දෘෂ්ටධර්මයෙහි හෝ උපපද්යයෙහි හෝ අපරපර්ය්යායෙහි වේ” යයි වදාළ සුත්‍රාන්තයක් ඇත්තේ මැ නු?
ස. පටිඤ්ඤා: ආමන්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. පා: තෙන හි “නත්ථි අරහතො අකාලමච්චූ”ති.
ප. පා: එකරුණින්, ‘රහත්හට අකල්මරණ නැත.
නත්ථි අරහතො අකාලමච්චූති කථා නිට්ඨිතා.
නත්ථි අරහතො අකාලමච්චූති කථා නිමි.