යෙදුමෙන් කියවන්න

අත්‍ථි අරහතො පුඤ‍්ඤූපචයොති කථා

17. 1.

17. 1.

අත්‍ථි අරහතො පුඤ‍්ඤූපචයොති කථා.

අත්‍ථි අරහතො පුඤඤූපචයොති කථා

[රහතුන්ගේ දානසංවිභාග චේතියවන්‍දනාදි කර්‍ම දැක ‘රහත්හට පුණ්‍යෝපචය ඇතැ’ යි වරදවා ගෙන අන්‍ධකනිකාය වාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘අත්‍ථි අරහතො පුඤඤුපචයොති කථා’ එයි.]

1. ස. පු: අත්‍ථි අරහතො පුඤ‍්ඤූපචයො’ති.

1. ස. පු: රහත්හට පුණ්‍යෝපචය (කුසල් රැස්විමෙක්) ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: අත්‍ථි අරහතො අපුඤ‍්ඤූපචයො’ති.

ස. අනු: රහත්හට අපුණ්‍යෝපචය ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

2. ස. පු: නත්‍ථි අරහතො අපුඤ‍්ඤූපචයො’ති.

2. ස. පු: රහත්හට අපුණ්‍යෝපචය නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: නත්‍ථි අරහතො පුඤ‍්ඤූපචයො’ති.

ස. අනු: රහත්හට පුණ්‍යෝපචය නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

3. ස. පු: අත්‍ථි අරහතො පුඤ‍්ඤූපචයො’ති.

3. ස. පු: රහත්හට පුණ්‍යෝපචය ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: අරහා පුඤ‍්ඤාභිසඞ‍්ඛාරං අභිසඞ‍්ඛරොති, ආනෙඤ‍්ජාභිසඞ‍්ඛාරං අභිසඞ‍්ඛරොති, ගතිසංවත‍්තනිකං. කම‍්මං කරොති, භවසංවත‍්තනිකං කම‍්මං කරොති, ඉස‍්සරියසංවත‍්තනිකං කම‍්මං කරොති, ආධිපච‍්ච සංවත‍්තනිකං කම‍්මං කරොති, මහාභොගසංවත‍්තනිකං කම‍්මං කරොති, මහාපරිවාරසංවත‍්තනිකං කම‍්මං කරොති, දෙවසොභග්‍යසංවත‍්තනිකං කම‍්මං කරොති, මනුස‍්සසොභග්‍යසංවත‍්තනිකං කම‍්මං කරොතී’ති.

ස. අනු: රහතුන් වහන්සේ පුණ්‍යාභිසංස්කාර කෙරෙත් ද? ආනෙඤ‍්ඡාභිසංස්කාර කෙරෙත් ද, ගතිසංවර්‍තතනික කර්‍ම කෙරෙත් ද, භවසංවර්‍තතනික කර්‍ම කෙරෙත් ද, ඓශ‍්චර්‍ය්‍යසංවර්‍තතනික කර්‍ම කෙරෙත් ද, ආධිපත්‍යසංවර්‍තතනික කර්‍ම කෙරෙත් ද, මහාභෝගසංවර්‍තතනික කර්‍ම කෙරෙත් ද, මහාපරිවාරසංවර්‍තතනික කර්‍ම කෙරෙත් ද, දිව්‍යසෞභාග්‍යසංවර්‍තතනික කර්‍ම කෙරෙත් ද, මනුස්‍යසෞභාග්‍යසංවර්‍තතනික කර්‍ම කෙරෙත් ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

4. ස. පු: අත්‍ථි අරහතො පුඤ‍්ඤූපචයො’ති.

4. ස. පු: රහත්හට පුණ්‍යෝපචය ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: අරහා ආචිනාතීති.

ස. අනු: රහත් ආචින්න (රැස් කිරීම්) කෙරේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ

ස. අනු: අරහා අපචිනාතී’ති.

ස. අනු: රහත් අපචින්න (රැස් නො කිරීම්) කෙරේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

ස. අනු: අරහා පජහතීති -පෙ- අරහා උපාදියතීති -පෙ- අරහා විසිනෙතීති -පෙ- අරහා උස‍්සිනෙතීති -පෙ- අරහා විධූපෙතීති -පෙ- අරහා සන්‍ධූපෙතීති.

ස. අනු: රහත් ප්‍රහාණ කෙරේ ද? ... රහත් උපාදාන කෙරේ ද? ... රහත් (මාන විසින්) අවකර්‍ෂ කෙරේ ද? ... රහත් උත්කර්‍ෂ කෙරේ ද? ... රහත් (ක්ලේශාග්නිය) නිවන්නේ වේ ද? ... රහත් (ක්ලේශාග්නිය) දල්වන්නේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

ස. අනු: නනු අරහා නෙවාචිනාති න අපචිනාති. අපචිනිත්‍වා ඨිතො’ති.

ස. අනු: රහත් ආචින්න නො කරනුයේ අපචින්න නො කරනුයේ අපචින්න කොට සිටියේ නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. ඨ: හඤ‍්චි අරහා නෙවාචිනාති නාපචිනාති, අපචිනිත්‍වා ඨිතො.

ස. ඨ: ඉදින් රහත් ආචින්න නො කරනුයේ අපචින්න නො කරනුයේ අපචින්න කොට සිටියේ වී නම්,

ස. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ “අත්‍ථි අරහතො පුඤ‍්ඤූපචයො”ති.

ස. පා: භවත, ‘රහත්හට පුණ්‍යෝපචය ඇතැ’ යි නො කියැයුතු මැ යැ.

ස. අනු: නනු අරහා නෙව පජහති, න උපාදියති, පජහිත්‍වා ඨිතො නෙව විසිනෙති, න උස‍්සිනෙති, විසිනෙත්‍වා ඨිතො. නෙව විධූපෙති, න සන්‍ධූපෙති, විධූපෙත්‍වා ඨිතො’ති.

ස. අනු: රහත් ප්‍රහාණ නො කරනුයේ, උපාදාන නො කරනුයේ, ප්‍රහාණ කොට සිටියේ, අවකර්‍ෂ නො කරනුයේ, උත්කර්‍ෂ නො කරනුයේ, අවකර්‍ෂ (මානප්‍රහාණ) කොට සිටියේ, (ක්ලේශාග්නි) නො නිවනුයේ නො දල්වනුයේ, නිවා සිටියේ නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. ඨ: හඤ‍්චි අරහා නෙව විධූපෙති, න සන්‍ධූපෙති, විධූපෙත්‍වා ඨිතො,

ස. ඨ: ඉදින් රහත් (ක්ලේශාග්නි) නො නිවා නම්, නො දල්වා නම්, නිවා සිටියේ වී නම්,

ස. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ “අත්‍ථි අරහතො පුඤ‍්ඤූපචයො”ති.

ස. පා: භවත, ‘රහත්හට පුණ්‍යෝපචය ඇතැ’ යි නො කියැයුතු මැ යැ.

8. ප. පු: නත්‍ථි අරහතො පුඤ‍්ඤූපචයොති.

8. ප. පු: රහත්හට පුණ්‍යෝපචය නැද්ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. අනු: අරහා දානං දදෙය්‍යාති.

ප. අනු: රහත් දන් දෙන්නේ වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. ඨ: හඤ‍්චි අරහා දානං දදෙය්‍ය,

ප. ඨ: ඉදින් රහත් දන් දෙන්නේ වී නම්,

ප. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ “නත්‍ථි අරහතො පුඤ‍්ඤූපචයො”ති.

ප. පා: භවත, ‘රහත්හට පුණ්‍යෝපචය නැතැ’ යි නො කියැයුතු මැ යැ.

ප. අනු: අරහා චීවරං දදෙය්‍ය -පෙ- පිණ‍්ඩපාතං දදෙය්‍ය -පෙ- සෙනාසනං දදෙය්‍ය -පෙ- ගිලානපච‍්චය භෙසජ‍්ජපරික‍්ඛාරං දදෙය්‍ය -පෙ- ඛාදනීයං දදෙය්‍ය -පෙ- භොජනීයං දදෙය්‍ය -පෙ- චෙතියං වන්‍දෙය්‍ය -පෙ- චෙතියෙ මාලං ආරොපෙය්‍ය -පෙ- ගන්‍ධං ආරොපෙය්‍ය -පෙ- විලෙපනං ආරොපෙය්‍ය -පෙ- චෙතියං අභිදක‍්ඛිණං කරෙය්‍යාති.

ප. අනු: රහත් සිවුරු දෙන්නේ වේ ද? පිඬුවා දෙන්නේ වේ ද? සෙනසුන් දෙන්නේ වේ ද? ... ගිලන්පස බෙහෙත් පිරිකර දෙන්නේ වේ ද? ... ඛාද්‍ය දෙන්නේ වේ ද? ... භෝජ්‍ය දෙන්නේ වේ ද? ... පැන් දෙනුයේ වේ ද? ... සෑ වඳනේ වේ ද? ... සෑයෙහි මල් නඟනුයේ වේ ද? ... සුවඳ නඟනුයේ වේ ද? ... විලෙවුන් නඟනුයේ වේ ද? ... සෑ පැදකුණු කරනුයේ වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. ඨ: හඤ‍්චි අරහා චෙතියං අභිදක‍්ඛිණං කරෙය්‍ය,

ප. ඨ: ඉදින් රහත් සෑය පැදකුණු කරනුයේ වී නම්,

ප. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ “නත්‍ථි අරහතො පුඤ‍්ඤූපචයො”ති.

ප. පා: භවත, ‘රහත්හට පුණ්‍යෝපචය නැතැ’ යි නො කියැයුතු මැ යැ.

අත්‍ථි අරහතො පුඤ‍්ඤූපචයොති කථා නිට‍්ඨිතා.

අත්‍ථි අරහතො පුඤඤුපචයොති කථා නිමි.