යෙදුමෙන් කියවන්න

රූපං රූපාවචරාරූපාවචරන‍්ති කථා

16. 9.

16. 9.

රූපං රූපාවචරාරූපාවචරන‍්ති කථා.

රූපං රූපාවචරාරූපාවචරන්ති කථා

[“කාමාවචර කර්‍මය කළ බැවින් රූපය කාමාවචර වෙයි. එසෙයින් රූපාවචර අරූපාවචාර කර්‍මය කළ බැවින් රූපය රූපාවචර අරූපාවචර වියයුතු යයි අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘රූපං රූපාවචරාරූපාවචරන්ති කථා’ එයි.]

1. ස. පු: අත්‍ථි රූපං රූපාවචරන‍්ති.

1. ස. පු: රූපය රූපාවචර වූයේ ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: සමාපත‍්තෙසියං උපපත‍්තෙසියං දිට‍්ඨධම‍්මසුඛවිහාරං සමාපත‍්තෙසියෙන චිත‍්තෙන උපපත‍්තෙසියෙන චිත‍්තෙන දිට‍්ඨධම‍්මසුඛවිහාරෙන චිත‍්තෙන සහගතං සහජාතං සංසට‍්ඨං සම‍්පයුත‍්තං එකුප‍්පාදං එකනිරොධං එකවත්‍ථුකං එකාරම‍්මණන‍්ති.

ස. අනු: සමාපත්තෙසිය (කුසල විපාක ක්‍රියා) සිත, උපපත්තෙසිය (ප්‍රතිසන්‍ධි) සිත, දිට්ඨධම්මසුඛවිහාර සිත, සමාපත්තෙසිය සිත හා, උපපත්තෙසිය සිත හා, දිට්ඨධම්මසුඛවිහාර සිත හා සමග සහගත වූයේ සහජාත වූයේ සංසෘෂ්ට වූයේ සම්ප්‍රයුක්ත වූයේ ඒකෝත්පාද වූයේ ඒකනිරෝධ වූයේ ඒකවස්තුක වූයේ ඒකාලම්බන වූයේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

ස. අනු: නනු න සමාපත‍්තෙසියං න උපපත‍්තෙසියං න දිට‍්ඨධම‍්මසුඛවිහාරං න සමාපත‍්තෙසියෙන චිත‍්තෙන න උපපත‍්තෙසියෙන චිත‍්තෙන න දිට‍්ඨධම‍්මසුඛවිහාරෙන චිත‍්තෙන සහගතං සහජාතං සංසට‍්ඨං සම‍්පයුත‍්තං එකුප‍්පාදං එකනිරොධං එකවත්‍ථුකං එකාරම‍්මණන‍්ති.

ස. අනු: සමාපත්තෙසිය නො වූ සිත උපපත්තෙසිය නො වූ සිත දිට්ඨධම්මසුඛවිහාර නො වූ සිත සමාපත්තෙසිය නො වූ සිත හා උපපත්තෙසිය නො වූ සිත හා දිට්ඨධම්මසුඛවිහාර නො වූ සිත හා සමග සහගත සහජාත සංසෘෂ්ට සම්ප්‍රයුක්ත ඒකෝත්පාද ඒකනිරෝධ ඒකවස්තුක ඒකාලම්බන නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. ඨ: හඤ‍්චි න සමාපත‍්තෙසියං න උපපත‍්තෙසියං න දිට‍්ඨධම‍්මසුඛවිහාරං න සමාපත‍්තෙසියෙන චිත‍්තෙන -පෙ- එකාරම‍්මණං,

ස. ඨ: ඉදින් සමාපත්තෙසිය නො වූ උපපත්තෙසිය නො වූ දිට්ඨධම්මසුඛවිහාර නො වූ සිත සමාපත්තෙසිය නො වූ සිත හා සමග ... ඒකාලම්බන වේ නම්,

ස. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ “අත්‍ථි රූපං රූපාවචර’න‍්ති.

ස. පා: භවත, ‘රූපාවචර රූපයෙක් ඇතැ’යි නො කියැයුතු මැ යැ.

2. ස. පු: අත්‍ථි රූපං අරූපාවචරන‍්ති.

2. ස. පු: රූපය අරූපාවචර වූයේ ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: සමාපත‍්තෙසියං උපපත‍්තෙසියං දිට‍්ඨධම‍්මසුඛ විහාරං සමාපත‍්තෙසියෙන චිත‍්තෙන උපපත‍්තෙසියෙන චිත‍්තෙන දිට‍්ඨධම‍්මසුඛවිහාරෙන චිත‍්තෙන සහගතං සහජාතං සංසට‍්ඨං සම‍්පයුත‍්තං එකුප‍්පාදං එකනිරොධං එකවත්‍ථුකං එකාරම‍්මණන‍්ති.

ස. අනු: සමාපත්තෙසිය උපපත්තෙසිය දිට්ඨධම්මසුඛවිහාර සිත සමාපත්තෙසිය උපපත්තෙසිය දිට්ඨධම්මසුඛවිහාර සිත හා සමග සහගත සහජාත සංසෘෂ්ට සම්ප්‍රයුක්ත ඒකෝත්පාද ඒකනිරෝධ ඒකවස්තුක ඒකාලම්බන වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

ස. අනු: නනු න සමාපත‍්තෙසියං න උපපත‍්තෙසියං න දිට‍්ඨධම‍්මසුඛවිහාරං න සමාපත‍්තෙසියෙන චිත‍්තෙන -පෙ- එකාරම‍්මණන‍්ති.

ස. අනු: සමාපත්තෙසිය නො වූ සිත උපපත්තෙසිය නො වූ දිට්ඨධම්මසුඛවිහාර නො වූ සිත සමාපත්තෙසිය නො වූ සිත හා සමග ... ඒකාලම්බන වූයේ නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. ඨ: හඤ‍්චි න සමාපත‍්තෙසියං න උපපත‍්තෙසියං -පෙ- එකවත්‍ථුකං එකාරම‍්මණං,

ස. ඨ: ඉදින් සමාපත්තෙසිය නො වූ උපපත්තෙසිය නො වූ ... ඒකවස්තුක ඒකාලම්බන වේ නම්,

ස. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ “අත්‍ථි රූපං අරූපාවචර’න‍්ති.

ස. පා: භවත ‘අරූපාවචර රූපයෙක් ඇතැ’යි නො කියැයුතු මැ යැ.

3. ප. පු: න වත‍්තබ‍්බං අත්‍ථි රූපං රූපාවචරං, අත්‍ථි රූපං අරූපාවචරන‍්ති.

3. ප. පු: ‘රූපාවචර රූපයෙක් ඇත, අරූපාවචර රූපයෙක් ඇතැ’යි නො කියැයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. අනු: නනු කාමාවචරකම‍්මස‍්ස කතත‍්තා රූපා කාමාවචරන‍්ති.

ප. අනු: කාමාවචර කර්‍මය කළ බැවින් (උපන්.) රූපය කාමාවචර නො?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. ඨ: හඤ‍්චි කාමාවචරකම‍්මස‍්ස කතත‍්තා රූපං කාමාවචරං,

ප. ඨ: ඉදින් කාමාවචර කර්‍මය කළ බැවින් (උපන්) රූපය කාමාවචර වී නම්,

ප. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ “රූපාවචරකම‍්මස‍්ස කතත‍්තා රූපං රූපාවචරං, අරුපාවචරකම‍්මස‍්ස කතත‍්තා රූපං අරූපාවචරන‍්ති.

ප. පා: භවත, එකරුණින් ‘රූපාවචර කර්‍මය කළ බැවින් උපන් රූපය රූපාවචර යැ, අරූපාවචර කර්‍මය කළ බැවින් උපන් රූපය අරූපාවචර යැ’යි කියැයුතු මැ යැ.

රූපං රූපාවචරාරූපාවචරන‍්ති කථා නිට‍්ඨිතා.

රූපං රූපාවචරාරූපාවචරන්ති කථා නිමි.