15. පන්නරසමවග්ගො අට්ඨකථා
15. පසළොස් වන වර්ගය
පච්චයතාකථාවණ්ණනා
136. පච්චය කථා
ඉදානි පච්චයතාකථා නාම හොති. තත්ථ යො ධම්මො හෙතුපච්චයෙන පච්චයො, සො යෙසං හෙතුපච්චයෙන පච්චයො, තෙසඤ්ඤෙව යස්මා ආරම්මණානන්තරසමනන්තරපච්චයෙන පච්චයො න හොති, යො වා ආරම්මණපච්චයෙන පච්චයො, සො යස්මා තෙසංයෙව අනන්තරසමනන්තරපච්චයෙන පච්චයො න හොති, තස්මා පච්චයතා වවත්ථිතාති යෙසං ලද්ධි, සෙය්යථාපි මහාසඞ්ඝිකානං; තෙ සන්ධාය පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස. සෙසමෙත්ථ යථාපාළිමෙව නිය්යාතීති.
දැන් පච්චය කථා නම් වේ. එහි යම් ධර්මයක් හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වේ. යමක් හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වේද, එයම යම්හෙයකින් ආරම්මණ අනන්තර සමනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය නොවේ. යමක් ආරම්මණ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වේද, එයම යම්හෙයකින් අනන්තර සමනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය නොවේ. එහෙයින් ප්‍රත්‍යභාවය විකල්පයයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ මහා සංඝිකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. මෙහි සෙස්ස පෙළ අනුවම පැමිණවිය යුතුය.
පච්චයතාකථාවණ්ණනා.
අඤ්ඤමඤ්ඤපච්චයකථාවණ්ණනා
137. අඤ්ඤමඤ්ඤ පච්චය කථා
ඉදානි අඤ්ඤමඤ්ඤපච්චයකථා නාම හොති. තත්ථ යෙසං සමයෙ “අවිජ්ජාපච්චයා සඞ්ඛාරා”ති අයමෙව තන්ති, “සඞ්ඛාරපච්චයාපි අවිජ්ජා”ති අයං නත්ථි, තස්මා අවිජ්ජාව සඞ්ඛාරානං පච්චයො, න පන සඞ්ඛාරා අවිජ්ජායාති ලද්ධි, සෙය්යථාපි මහාසඞ්ඝිකානං; තෙ සන්ධාය අවිජ්ජාසඞ්ඛාරාදීනං අඤ්ඤමඤ්ඤපච්චයතාපි අත්ථීති දස්සෙතුං පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස . අවිජ්ජා සඞ්ඛාරෙනාති එත්ථ අපුඤ්ඤාභිසඞ්ඛාරොව ගහිතො. තස්මා සඞ්ඛාරපච්චයාපි අවිජ්ජාති එත්ථ සහජාතඅඤ්ඤමඤ්ඤඅත්ථිඅවිගතසම්පයුත්තවසෙන පච්චයතා වෙදිතබ්බා. උපාදානපච්චයාපි තණ්හාති එත්ථ ඨපෙත්වා කාමුපාදානං සෙසානි තීණි උපාදානානි අවිජ්ජාය සඞ්ඛාරා විය තණ්හාය පච්චයා හොන්තීති වෙදිතබ්බානි. සෙසං යථාපාළිමෙව නිය්යාති. ජරාමරණපච්චයාති පුච්ඡා පරවාදිස්ස, නාමරූපං විඤ්ඤාණපච්චයාති සකවාදිස්සාති.
දැන් අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යය කථා නම් වේ. එහි යමෙකුගේ සමයෙහි ‘අවිජ්ජා පච්චයා සංඛාරා’ අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙත්යයි නමුත් සංස්කාර ප්‍රත්‍යයෙන් අවිද්‍යා නැත. එහෙයින් අවිද්යාවම සංස්කාරයන්ට ප්‍රත්‍ය වේ. අවිද්‍යාවට සංස්කාර ප්‍රත්‍ය නොවේ යයි ලබ්ධි වේ. යම්සේ මහා සංඝිකයන්ගේ මෙනි. ඔවුන් සඳහා අවිද්‍යා සංස්කාරාදීන්ගේ අඤ්ඤමඤ්ඤ ප්රත්යබව ද ඇතැයි දැක්වීමට විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. අවිජ්ජා සංඛාරෙන යයි මෙහි අපුඤ්ඤාභි සංඛාරම ගන්නා ලදී. එහෙයින් සංඛාර පච්චයා අවිජ්ජා යන මෙහි සහජාත අඤ්ඤමඤ්ඤ අත්ථි අවග්ගත සම්ප්‍රයුක්ත වශයෙන් ප්‍රත්‍යභාවය දතයුතුය. උපාදාන පච්චාපි තණ්හා යන මෙහි කාම උපාදානය හැර සෙසු උපාදාන තුන අවිද්‍යාවට සංස්කාර මෙන් තණ්හාවට ප්‍රත්‍ය වේයි දතයුතුය. සෙස්ස පෙළ අනුව පැමිණවිය යුතු. ජරාමරණ පච්චයා විචාරීම පරවාදියාටය. නාමරූපං විඤ්ඤාණ පච්චයා යයි විචාරීම සකවාදියාටය.
අඤ්ඤමඤ්ඤපච්චයකථාවණ්ණනා.
අද්ධාකථාවණ්ණනා
138. අද්ධා කථා
ඉදානි අද්ධාකථා නාම හොති. තත්ථ “තීණිමානි, භික්ඛවෙ, කථාවත්ථූනී”ති (අ· නි· 3.68) සුත්තං නිස්සාය කාලසඞ්ඛාතො අද්ධා නාම පරිනිප්ඵන්නො අත්ථීති යෙසං ලද්ධි; තෙසං “අද්ධා නාම කොචි පරිනිප්ඵන්නො නත්ථි අඤ්ඤත්ර කාලපඤ්ඤත්තිමත්තා. රූපාදයො පන ඛන්ධාව පරිනිප්ඵන්නා”ති විභාගං දස්සෙතුං අද්ධා පරිනිප්ඵන්නොති පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස. අථ නං “සචෙ සො පරිනිප්ඵන්නො, රූපාදීසු අනෙන අඤ්ඤතරෙන භවිතබ්බ”න්ති චොදෙතුං රූපන්තිආදිමාහ. ඉතරො පටික්ඛිපති. සෙසං යථාපාළිමෙව නිය්යාතීති.
දැන් අද්ධා කථා නම් වේ. එහි ‘තීණිමානි භික්ඛවෙ කථාවත්ථූනි’ යන සුත්‍රය නිසා කාල සංඛ්‍යාත පරිනිෂ්පන්න (හේතුවෙන් හටගත්) අද්ධා නම් ඇතැයි යමෙකුගේ ලබ්ධිය වේ. කාලය යයි පැණවීම් මාත්‍රය හැර අද්ධ යයි පරිනිෂ්පන්න කිසිවක් ඒවායේ නැත. රූපාදිය වනාහි ස්කන්ධම පරිනිෂ්පන්න යයි විභාග දැක්වීමට අද්ධා පරිනිප්ඵන්නො යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඉදින් එය පරිනිෂ්පන්න රූපාදියෙන් එක්තරා එකක් විය යුතු යයි චෝදනාවට රූපං යනාදිය කීය. අනෙකා ප්‍රතික්ෂේප කරයි. සෙස්ස පෙළ අනුව පැමිණවිය යුතුය.
අද්ධාකථාවණ්ණනා.
ඛණලයමුහුත්තකථාවණ්ණනා
139. ඛණ ලය මුහුත්ත කථා
ඛණලයමුහුත්තකථාසුපි එසෙව නයො. සබ්බෙපි හෙතෙ ඛණාදයො අද්ධාපරියායා එවාති.
ඛණ - ලය - මුහුත්ත කථාවල ද මෙම නයම වේ. මේ ඛණ ආදි සියල්ලම අද්ධ පරියාය වේ.
ඛණලයමුහුත්තකථාවණ්ණනා.
ආසවකථාවණ්ණනා
140. ආසව කථා
ඉදානි ආසවකථා නාම හොති. තත්ථ යස්මා චතූහි ආසවෙහි උත්තරි අඤ්ඤො ආසවො නාම නත්ථි, යෙන චත්තාරො ආසවා සාසවා සියුං, තස්මා චත්තාරො ආසවා අනාසවාති යෙසං ලද්ධි, සෙය්යථාපි හෙතුවාදානං; තෙ සන්ධාය පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස. අථ නං “යදි තෙ ආසවා අනාසවා, එවං සන්තෙ තෙහි මග්ගාදිලක්ඛණප්පත්තෙහි භවිතබ්බ”න්ති චොදෙතුං මග්ගොතිආදිමාහ. සෙසමෙත්ථ උත්තානත්ථමෙවාති.
දැන් ආසව කථා නම් වේ. එහි යම්හෙයකින් ආශ්රවවලින් මත්තෙහි අනිත් ආශ්‍රවයක් නම් නැත. යමකින් ආශ්‍රව සතර සාසව වන්නේය. එහෙයින් සතර ආසව අනාසව වේයයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ හේතුවාදීන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඉදින් ඔබගේ ආසව අනාසව වේ. මෙසේ ඇති කල්හි ඒවා මාර්ගාදි ලක්ෂණයට පැමිණියා සෙයින් විය යුතුයයි චෝදනා කිරීමට මග්ගො යනාදිය කීය. මෙහි සෙස්ස පැහැදිලිය.
ආසවකථාවණ්ණනා.
ජරාමරණකථාවණ්ණනා
141. ජරාමරණ කථා
ඉදානි ජරාමරණකථා නාම හොති. තත්ථ ජරාමරණං නාම අපරිනිප්ඵන්නත්තා ලොකියන්ති වා ලොකුත්තරන්ති වා න වත්තබ්බං. “ලොකියා ධම්මා ලොකුත්තරා ධම්මා”ති හි දුකෙ ජරාමරණං නෙව ලොකියපදෙ, න ලොකුත්තරපදෙ නිද්දිට්ඨං. තත්ථ යෙසං ඉමං ලක්ඛණං අනාදියිත්වා ලොකුත්තරානං ධම්මානං ජරාමරණං ලොකුත්තරන්ති ලද්ධි, සෙය්යථාපි මහාසඞ්ඝිකානං, තෙ සන්ධාය පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස. සෙසමෙත්ථ යථාපාළිමෙව නිය්යාතීති.
දැන් ජරාමරණ කථා නම් නම් වේ. එහි ජරාමරණ අපරිනිෂ්පන්න බැවින් ලෞකික යයි හෝ ලෝකෝත්තර යයි හෝ නොකිව යුතුය. ‘ලොකියා ධම්මා ලොකුත්තරා ධම්මා’ යන දුකයෙහි ජරාමරණ ලෞකික පදයෙහිවත් ලෝකෝත්තර පදයෙහිවත් දක්වා නැත. එහි යමෙකුගේ මේ ලක්ෂණය නොගෙන ලෝකෝත්තර ධර්මයන්ගේ ජරාමරණ ලෝකෝත්තර යයි ලබ්ධි වේ. යම්සේ මහා සංඝිකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. මෙහි සෙස්ස පෙළ අනුවම පමුණුවයි.
ජරාමරණකථාවණ්ණනා.
සඤ්ඤාවෙදයිතකථාවණ්ණනා
142. සඤ්ඤා වෙදයිත කථා
ඉදානි සඤ්ඤාවෙදයිතකථා නාම හොති. තත්ථ සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්ති නාම න කොචි ධම්මො, චතුන්නං පන ඛන්ධානං නිරොධො. ඉති සා නෙව ලොකියා න ලොකුත්තරා. යස්මා පන ලොකියා න හොති, තස්මා ලොකුත්තරාති යෙසං ලද්ධි, සෙය්යථාපි හෙතුවාදානංයෙව; තෙ සන්ධාය පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස. සෙසං පුරිමකථාසදිසමෙවාති.
දැන් සඤ්ඤාවෙදයිත කථා නම් වේ. එහි සඤ්ඤාවෙදයිත නිරෝධ සමාපත්ති නම් කිසියම් ධර්මයක් නැත. සතර ස්කන්ධයන්ගේ නිරෝධයයි. මෙසේ එය ලෞකික නොවේ. ලෝකෝත්තර නොවේ. යම්හෙයකින් වනාහි ලෞකික නොවේ නම් එහෙයින් ලෝකෝත්තර වේ යනු යමෙකුගේ ලබ්ධිය වේ. යම් හේතූවාදීන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. සෙස්ස පෙර කථා හා සමාන වේ.
සඤ්ඤාවෙදයිතකථාවණ්ණනා.
දුතියසඤ්ඤාවෙදයිතකථාවණ්ණනා
143. දුතිය සඤ්ඤාවෙදයිත කථා
ඉදානි යස්මා සා ලොකුත්තරා න හොති, තස්මා ලොකියාති යෙසං ලද්ධි, සෙය්යථාපි හෙතුවාදානං, තෙ සන්ධාය පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස. සෙසං පුරිමසදිසමෙවාති.
දැන් යම්හෙයකින් එය ලෝකෝත්තර නොවේ නම් එහෙයින් ලෞකික වේ යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ හේතුවාදීන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. සෙස්ස පෙර හා සමාන වේ.
දුතියසඤ්ඤාවෙදයිතකථාවණ්ණනා.
තතියසඤ්ඤාවෙදයිතකථාවණ්ණනා
144. තතිය සඤ්ඤාවෙදයිත කථා
ඉදානි යස්මා “අසුකො මරණධම්මො, අසුකො න මරණධම්මො”ති සත්තානං මරණධම්මතාය නියාමො නත්ථීති සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නොපි කාලං කරෙය්යාති යෙසං ලද්ධි, සෙය්යථාපි රාජගිරිකානං; තෙසං සමාපන්නායපි මරණධම්මතාය මරණසමයඤ්ච අමරණසමයඤ්ච දස්සෙතුං පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස. අථ නං යස්මා කාලං කරොන්තස්ස නාම මරණන්තිකෙහි ඵස්සාදීහි භවිතබ්බං, තස්මා තෙනාකාරෙන චොදෙතුං අත්ථීතිආදිමාහ.
දැන් යම්හෙයකින් අසවල් දෙය මරණ ධර්මය, අසවල් දෙය මරණ ධර්ම නොවේ යයි සත්ත්වයින්ගේ මරණ ධර්මතාවයේ නියමයක් නැතැයි සඤ්ඤාවේදයිත නිරෝධයට සමවැදුනේ ද කලුරිය කරන්නේය යනු යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ රාජගිරිකයන්ගේ මෙනි. මරණ ධර්මතාවේ මරණ සමයද නොමැරෙණ සමය ද දැක්වීමට විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට යම්සේ කළුරිය කරන්නාට නම් මරණාසන්නයේ ඵස්සාදියෙන් විය යුතුය. එහෙයින් ඒ ආකාරයෙන් චෝදනා කිරීමට අත්ථි යනාදිය කීය.
අඵස්සකස්ස කාලකිරියාතිආදීනි පුට්ඨො සෙසසත්තෙ සන්ධාය පටික්ඛිපති විසං කමෙය්යාතිආදීනි පුට්ඨො සමාපත්තිආනුභාවං සන්ධාය පටික්ඛිපති. දුතියවාරෙ සරීරපකතිං සන්ධාය පටිජානාති. එවං සන්තෙ පන සමාපත්තිආනුභාවො නාම න හොති, තෙනෙව න නිරොධසමාපන්නොති අනුයුඤ්ජති.
අඵස්සකස්ස කාලකිරියා යනාදිය විචාරණ ලද්දේ සෙසු සතුන් සඳහා ප්‍රතික්ෂේප කරයි. විසං කමෙය්යා යනාදිය විචාරණ ලද්දේ සමාපත්ති ආනුභාවය සඳහා ප්‍රතික්ෂේප කරයි. දෙවන වාරයෙහි ශරීර ප්‍රකෘතිය සඳහා පිළිගනී. මෙසේ ඇති කල්හි සමාපත්ති ආනුභාවයක් නැත. එයින්ම ඔහු න නිරොධ සමාපන්නො යයි යෙදේ.
න කාලං කරෙය්යාති පුච්ඡා පරවාදිස්ස. අත්ථි සො නියාමොති පරවාදිස්ස පඤ්හෙ පන යස්මා එවරූපො නියාමො නාම නත්ථි, තස්මා පටික්ඛිපති. චක්ඛුවිඤ්ඤාණසමඞ්ගීතිආදි සකවාදිනා “නියාමෙ අසන්තෙපි මරණසමයෙනෙව මරති, නාසමයෙනා”ති දස්සෙතුං වුත්තං. තත්රායමධිප්පායො – යදි නියාමාභාවෙන කාලකිරියා භවෙය්ය, චක්ඛුවිඤ්ඤාණසමඞ්ගිනොපි භවෙය්ය. තතො “පඤ්චහි විඤ්ඤාණෙහි න චවති, න උපපජ්ජතී”ති සුත්තවිරොධො සියා. යථා පන චක්ඛුවිඤ්ඤාණසමඞ්ගිස්ස කාලකිරියා න හොති, තථා නිරොධසමාපන්නස්සාපීති.
න කාලංකරෙය්ය යයි විචාරීම පරවාදියාටය. අත්ථි සො නියාමො යයි පරවාදියාගේ ප්‍රශ්නයෙහි මෙබඳු වූ නියාමයක් නම් නැත. එනිසා ප්‍රතික්ෂේප කරයි. චක්ඛු විඤ්ඤාණ සමංගී යනාදි සකවාදියා විසින් නියාමය නැති කල්හිද මැරෙන කාලයෙහිම මැරෙයි. අකාලයෙහි නොවේ යයි දැක්වීමට කියන ලදී. එහි අදහස මෙසේය. ඉදින් නියමයක් නොවීමෙන් මරණය වන්නේ නම් චක්ඛු විඤ්ඤාණය සමග වන්නේය. එයින් ‘පංච විඤ්ඤාණවලින් චුත නොවෙයි, නො උපදියි’ යන සූත්‍ර විරෝධය වන්නේය. යම්සේ චක්ඛු විඤ්ඤාණය සමග කාලකිරියා නොවේ නම් එසේ නිරෝධ සමාපන්නයාගේ ද වේ.
තතියසඤ්ඤාවෙදයිතකථාවණ්ණනා.
අසඤ්ඤසත්තුපිකාකථාවණ්ණනා
145. අසඤ්ඤ සත්තුපිකා කථා
ඉදානි අසඤ්ඤසත්තුපිකාකථා නාම හොති. තත්ථ සඤ්ඤාවිරාගවසෙන පවත්තභාවනා අසඤ්ඤසමාපත්තිපි නිරොධසමාපත්තිපි සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්ති නාම. ඉති ද්වෙ සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්තියො ලොකියා ච ලොකුත්තරා ච. තත්ථ ලොකියා පුථුජ්ජනස්ස අසඤ්ඤසත්තුපිකා හොති, ලොකුත්තරා අරියානං, සා ච නාසඤ්ඤසත්තුපිකා. ඉමං පන විභාගං අකත්වා අවිසෙසෙන සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්ති අසඤ්ඤසත්තුපිකාති යෙසං ලද්ධි, සෙය්යථාපි හෙතුවාදානං; තෙ සන්ධාය පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස. අථ නං යස්මා අසඤ්ඤසමාපත්තිං සමාපන්නස්ස අලොභාදයො අත්ථි, න නිරොධසමාපත්තිං, තස්මා තෙසං වසෙන චොදෙතුං අත්ථීතිආදිමාහ.
දැන් අසඤ්ඤසත්තුපිකා කථා නම් වේ. එහි සංඥා විරාග වශයෙන් පවත්වන භාවනාව අසංඥ සමාපත්තිය ද නිරෝධ සමාපත්තිය ද සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්ති නම් වේ. මෙසේ ලෞකික ලෝකෝත්තර වශයෙන් සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්ති දෙකකි. එහි ලෞකිකය පෘථග්ජනයා පිළිබඳ අසඤ්ඤසත්තුපිකා නම් වේ. ලෝකෝත්තරය ආර්යයනට වේ. එය නාසඤ්ඤ සත්තුපිකා වේ. මේ විභාගය නොකොට අවිශේෂයෙන්ම සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්ති අසඤ්ඤසත්තුපිකා යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ හේතුවාදිකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට යම්හෙයකින් අසඤ්ඤ සමාපත්තියට සමවැදුනහුට අලෝභාදිය ඇත. නිරෝධ සමාපත්තිය නැත. එහෙයින් ඒවායින් චෝදනා කිරීමට අත්ථි යනාදිය කීය.
ඉධාපි අසඤ්ඤීති පඤ්හෙ ඉධ සඤ්ඤාවිරාගවසෙන සමාපන්නත්තා අසඤ්ඤිතා අනුඤ්ඤාතා, තත්රාපි අසඤ්ඤසත්තෙනෙව. තස්මා ඉමං පටිඤ්ඤං ගහෙත්වා ලද්ධිං පතිට්ඨපෙන්තෙන ඡලෙන පතිට්ඨාපිතා හොති. ඉධ වා නිරොධසමාපත්තිං සන්ධාය අසඤ්ඤිතා අනුඤ්ඤාතා. තත්රාපි ඉතො චුතස්ස අනාගාමිනො නිරොධසමාපත්තිමෙව තස්මාපි ඉමාය පටිඤ්ඤාය පතිට්ඨාපිතා ලද්ධි අප්පතිට්ඨිතායෙවාති.
මෙහිද අසඤ්ඤි යන ප්‍රශ්නයෙහි මෙහි සඤ්ඤ විරාග වශයෙන් සමවදිනා ලද බැවින් අසඤ්ඤි බව අනුගතය. [missing trans] එහිද මෙයින් චුත වූ අනාගාමියාට නිරෝධ සමාපත්තියම වේ. එහෙයින් ද මේ ප්‍රතිඥාවෙන් පිහිටුවන ලද ලබ්ධිය නොපිහිටියේම වේ.
අසඤ්ඤසත්තුපිකාකථාවණ්ණනා.
කම්මූපචයකථාවණ්ණනා
146. කම්මූපචය කථා
ඉදානි කම්මූපචයකථා නාම හොති. තත්ථ යෙසං කම්මූපචයො නාම කම්මතො අඤ්ඤො චිත්තවිප්පයුත්තො අබ්යාකතො අනාරම්මණොති ලද්ධි, සෙය්යථාපි අන්ධකානඤ්චෙව සම්මිතියානඤ්ච; තෙ සන්ධාය අඤ්ඤං කම්මන්ති පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස. අථ නං “යදි කම්මතො අඤ්ඤො කම්මූපචයො, ඵස්සාදිතොපි අඤ්ඤෙන ඵස්සූපචයාදිනා භවිතබ්බ”න්ති චොදෙතුං අඤ්ඤො ඵස්සොතිආදිමාහ. ඉතරො ලද්ධියා අභාවෙන පටික්ඛිපති.
දැන් කම්ම උපචය කථා නම් වේ. එහි යමෙකුගේ කර්මය උපචය නම් කර්මයෙන් අනිකක් වූ චිත්ත විප්‍රයුක්ත වූ අව්‍යාකෘත අනාරම්මණයකැයි ලබ්ධි වේ. යම්සේ අන්ධකයන්ගේ ද සම්මුතියද මෙනි. ඔවුන් සඳහා අඤ්ඤං කම්මං යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඉදින් කර්මූපචය කර්මයෙන් අනිකක් නම්, ඵස්ස උපචය ද ඵස්සාදියෙන් අනිකක් විය යුතුයයි චෝදනා කිරීමට අඤ්ඤො ඵස්සො යනාදිය කීය. අනිකා ලබ්ධියෙන් නැති බැවින් ප්‍රතික්ෂේප කරයි.
කම්මෙන සහජාතොති පඤ්හෙසු චිත්තවිප්පයුත්තං සන්ධාය පටික්ඛිපති, චිත්තසම්පයුත්තං සන්ධාය පටිජානාති. කුසලොති පඤ්හෙසුපි චිත්තවිප්පයුත්තං සන්ධාය පටිජානාති. පරතො අකුසලොතිපඤ්හෙසුපි එසෙව නයො.
කම්මෙන සහජාතො යයි ප්රශ්නවල චිත්ත විප්‍රයුක්තය සඳහා ප්‍රතික්ෂේප කරයි. චිත්ත සම්ප්‍රයුක්තය සඳහා පිළිගනී. කුසලො යයි ප්‍රශ්නවලද විප්‍රයුක්තය සඳහා ප්‍රතික්ෂේප කරයි. සම්ප්‍රයුක්තය සඳහා පිළිගනී. අකුසලො යන ප්රශ්නවල ද මෙම නයම වේ.
සාරම්මණොති පුට්ඨො පන එකන්තං අනාරම්මණමෙව ඉච්ඡති, තස්මා පටික්ඛිපති. චිත්තං භිජ්ජමානන්ති යදා චිත්තං භිජ්ජමානං හොති, තදා කම්මං භිජ්ජතීති අත්ථො. භුම්මත්ථෙ වා පච්චත්තං, චිත්තෙ භිජ්ජමානෙති අත්ථො. අයමෙව වා පාඨො. තත්ථ යස්මා සම්පයුත්තො භිජ්ජති, විප්පයුත්තො න භිජ්ජති, තස්මා පටිජානාති චෙව පටික්ඛිපති ච.
සාරම්මණො යයි විචාරණ ලද්දේ ඒකාන්ත අනාරම්මණම කැමති වේ. එහෙයින් ප්‍රතික්ෂේප කරයි. චිත්තං භිජ්ජමානං සිත බිඳුණුවිට කර්මය බිඳේ යන අර්ථය වේ. මෙයම හෝ පාඨයයි. එහි යම්හෙයකින් සම්ප්‍රයුක්තය බිඳේ. විප්‍රයුක්තය නොබිඳේ. එහෙයින් පිළිගැනීම ද ප්රතික්ෂේපය ද වේ.
කම්මම්හි කම්මූපචයොති කම්මෙ සති කම්මූපචයො, කම්මෙ වා පතිට්ඨිතෙ කම්මූපචයො, කම්මූපචයතොව විපාකො නිබ්බත්තති. තස්මිං පන කම්මෙ නිරුද්ධෙ යාව අංකුරුප්පාදා බීජං විය යාව විපාකුප්පාදා කම්මූපචයො තිට්ඨතීතිස්ස ලද්ධි, තස්මා පටිජානාති. තඤ්ඤෙව කම්මං, සො කම්මූපචයො, සො කම්මවිපාකොති යස්මා කම්මම්හි කම්මූපචයො, සො ච යාව විපාකුප්පාදා තිට්ඨතීතිස්ස ලද්ධි, තස්මා නං තෙසං තිණ්ණම්පි එකත්තං පුච්ඡති විපාකො සාරම්මණොති ඉදං විපාකො විය විපාකධම්මධම්මොපි ආරම්මණපටිබද්ධොයෙවාති චොදනත්ථං පුච්ඡති. ඉතරො පන ලද්ධිවසෙනෙකං පටිජානාති, එකං පටික්ඛිපති. පටිලොමෙපි එසෙව නයො. සෙසමෙත්ථ යථාපාළිමෙව නිය්යාතීති.
කම්මම්හි කම්මූපචයො කර්මය ඇති කල්හි කර්මූපචය වේ. කර්මය පිහිටි කල්හි හෝ කර්මූපචය වේ. කර්ම රැස්කිරීමෙන්ම විපාකය ඇතිවේ. ඒ කර්මය නිරුද්ධ වූ විට, අංකුරය ඇතිවීමෙන් බීජය මෙන් විපාකය ඇතිවීමෙන් කර්ම රැස්කිරීම පවතී යයි ලබ්ධි වේ. එහෙයින් පිළිගනී. තඤ්ඤෙව කම්මං සො කම්මූපචයො සො කම්මවිපාකො යයි යම්හෙයකින් කර්මය කර්ම උපචය වේ. එයද විපාක දෙනතුරු පවතීයයි ලබ්ධි වේ. එහෙයින් ඒ තුනම එකක්දැයි ඔහුගෙන් විචාරයි. විපාකො සාරම්මණො යන මෙය විපාකය මෙන් විපාක ධර්ම ස්වභාවය ද අරමුණ හා බැඳී ඇතැයි චෝදනා කිරිම පිණිස විචාරයි. අනිකා වනාහි ලබ්ධි වශයෙන් එකක් පිළිගනී. එකක් ප්‍රතික්ෂේප කරයි. ප්රතිලෝමයෙහිද මෙම නයයි.
කම්මූපචයකථාවණ්ණනා.
පන්නරසමො වග්ගො.
පසළොස් වන වර්ගය නිමයි.
තතියපණ්ණාසකො සමත්තො.
තුන්වැනි පණ්ණාසකය නිමියේය.