යෙදුමෙන් කියවන්න

අඤ‍්ඤමඤ‍්ඤපච‍්චයකථා

15. 2.

15. 2.

අඤ‍්ඤමඤ‍්ඤපච‍්චයකථා.

අඤ‍්ඤමඤ‍්ඤපච්චයකථා

[යමකුගේ සමයෙහි ‘අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙති’ යන මෙතෙක් මැ ඇද්ද, ‘සංස්කාරප්‍රත්‍යයයෙනුදු අවිද්‍යා ඇත’ යනු නැද්ද, ඔහු අවිද්‍යාව සංස්කාරයනට ප්‍රත්‍යය වෙයි, වැළිත් සංස්කාරයෝ අවිද්‍යාවට ප්‍රත්‍යය නො වෙති’යි මහාසාඞ්ඝිකනිකායවාසීන් සෙයින් ලබ්ධිගත්තාහු වෙත් ද, ඔවුන් සඳහා අවිද්‍යාව සංස්කාරාදීනට අන්‍යෝන්‍යප්‍රත්‍යයතායෙන් ප්‍රත්‍යය වන බව දක්වන්නට ‘අඤ්ඤමඤ්ඤපච්චයකථා’ එයි.]

1. ස. පු: අවිජ‍්ජාපච‍්චයාපි සඞ‍්ඛාරා, න වත‍්තබ‍්බං ‘සඞ‍්ඛාරපච‍්චයාපි අවිජ‍්ජා’ති.

1. ස. පු: අවිද්‍යාප්‍රත්‍යයයෙනුදු සංස්කාරයෝ වෙති සංස්කාරයන් ප්‍රත්‍යය කොට ද අවිද්‍යා ඇතියි නො කියැයුතු වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: නනු අවිජ‍්ජා සඞ‍්ඛාරෙන සහජාතා’ති.

ස. අනු: අවිද්‍යා සංස්කාරයන් හා සහජාත නො වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. ඨ: හඤ‍්චි අවිජ‍්ජා සඞ‍්ඛාරෙන සහජාතා,

ස. ඨ: ඉදින් අවිද්‍යා සංස්කාර හා සහජාත වේ නම්,

ස. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ “අවිජ‍්ජාපච‍්චයාපි සඞ‍්ඛාරා, සඞ‍්ඛාරපච‍්චයාපි අවිජ‍්ජා”ති.

ස. පා: භවත, එකරුණින් අවිද්‍යා ප්‍රත්‍යය කොට ඇති සංස්කාරයෝ ඇත, සංස්කාර ප්‍රත්‍යය කොට ගත් අවිද්‍යා ඇතියි’ කියැයුතු මැ යැ.

2. ස. පු: තණ‍්හාපච‍්චයා උපාදානං, න වත‍්තබ‍්බං උපාදාන පච‍්චයාපි තණ‍්හා’ති.

2. ස. පු: තෘෂ්ණාප්‍රත්‍යයෙනුදු උපාදාන වෙයි, උපාදානප්‍රත්‍යයෙනුදු තෘෂ්ණා වේ යයි නො කියැයුතු වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: නනු තණ‍්හා උපාදානෙන සහජාතා’ති.

ස. අනු: තෘෂ්ණාව උපාදානය හා සහජාත නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. ඨ: හඤ‍්චි තණ‍්හා උපාදානෙන සහජාතා,

ස. ඨ: ඉදින් තෘෂ්ණාව උපාදානය හා සහජාත වේ නම්,

ස. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ “තණ‍්හාපච‍්චයාපි උපාදානං, උපාදානපච‍්චයාපි තණ‍්හා”ති.

ස. පා: භවත, එකරුණින් ‘තෘෂ්ණා ප්‍රත්‍යයෙනුදු උපාදාන වෙයි, උපාදානප්‍රත්‍යයෙනුදු තෘෂ්ණා වේ’යයි කියැයුතු මැ යැ.

3. ප. පු: “ජරාමරණපච‍්චයා භික‍්ඛවෙ, ජාති, ජාතිපච‍්චයා භවො”ති අත්‍ථෙව සුත‍්තන‍්තො’ති.

3. ප. පු: ‘මහණෙනි, ජරාමරණප්‍රත්‍යයෙන් ජාති වෙයි, ජාතිප්‍රත්‍යයෙන් භව වේ’ යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?

ස. පටි: නත්‍ථි.

ස. පටි: නැත.

ප. නිග: තෙන හි “අවිජ‍්ජාපච‍්චයාපි සඞ‍්ඛාරා, න වත‍්තබ‍්බං, සඞ‍්ඛාරපච‍්චයාපි අවිජ‍්ජා’ති. තණ‍්හාපච‍්චයාපි උපාදානං, න වත‍්තබ‍්බං උපාදානපච‍්චයාපි තණ‍්හා”ති.

ප. නිග: එකරුණින් “අවිද්‍යාප්‍රත්‍යයෙනුදු සංස්කාරයෝ වෙති. සංස්කාරප්‍රත්‍යයෙනුදු අවිද්‍යා වේ’යයි නො කියැයුතු යැ. තෘෂ්ණා ප්‍රත්‍යයෙනුදු උපාදාන වෙයි, උපාදාන ප්‍රත්‍යයෙනුදු තෘෂ්ණා වේ” යයි නො කියැයුතු යැ.

4. ස. පු: “විඤ‍්ඤාණපච‍්චයා භික‍්ඛවෙ නාමරූපං, නාමරූපපච‍්චයාපි විඤ‍්ඤාණ”න‍්ති අත්‍ථෙව සුත‍්තන‍්තො’ති.

4. ස. පු: “මහණෙනි, විඥානප්‍රත්‍යයෙන් නාමරූප වෙයි, නාමරූපප්‍රත්‍යයෙනුදු විඥාන වේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. නිග: තෙන හි අවිජ‍්ජාපච‍්චයාපි සඞ‍්ඛාරා, සඞ‍්ඛාරපච‍්චයාපි අවිජ‍්ජා, තණ‍්හාපච‍්චයාපි උපාදානං උපාදානපච‍්චයාපි තණ‍්හා’ති.

ස. නිග: එකරුණින් අවිද්‍යාප්‍රත්‍යයෙනුදු සංස්කාරයෝ වෙති. සංස්කාර ප්‍රත්‍යයෙනුදු අවිද්‍යා වෙයි. තෘෂ්ණාප්‍රත්‍යයෙනුදු උපාදාන වෙයි. උපාදානප්‍රත්‍යයෙනුදු තෘෂ්ණා වෙයි.

අඤ‍්ඤමඤ‍්ඤපච‍්චයකථා නිට‍්ඨිතා.

අඤ්ඤමඤ්ඤපච්චයකථා නිමි.