යෙදුමෙන් කියවන්න

පච‍්චයකථා

15. 1.

15. 1.

පච‍්චයකථා.

පච්චයකථා

[යම් ධර්‍මයෙක් හේතු ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ නම්, ඒ ධර්‍මය යම් ධර්‍ම කෙනකුන්ට හේතුප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ ද, ඒ ධර්‍මයනට මැ යම් හෙයෙකින් ආලම්බන අනන්තර සමනන්තර ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය නො වේ ද, යම් ධර්‍මයෙක් ආලම්බන ප්‍රත්‍යයයෙන් හෝ ප්‍රත්‍යය වේ නම්, ඒ ධර්‍මය යම් හෙයෙකින් ඔවුනට මැ අනන්තර සමනන්තර ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍ය නො වේ ද, එහෙයින් ‘ප්‍රත්‍යය භාවය ව්‍යවස්ථාවත් (නියමයන් අනුව) වේ’ යයි මහාසාඞ්ඝිකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘පච්චයකථා’ එයි.]

1. ස. පු: පච‍්චයතා වවත්‍ථිතා’ති.

1. ස. පු: ප්‍රත්‍යයභාවය ව්‍යවස්ථිත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: නනු වීමංසා හෙතු, සො ච අධිපතී’ති.

ස. අනු: විමංසා හේතු නො, එ ද අධිපති නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. ඨ: හඤ‍්චි වීමංසා හෙතු, සො ච අධිපති,

ස. ඨ: ඉදින් විමංසා හේතු වේ නම්, එ ද අධිපති වේ නම්,

ස. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ “හෙතුපච‍්චයෙන පච‍්චයො, අධිපතිපච‍්චයෙන පච‍්චයො”ති.

ස. පා: භවත එකරුණින් “හේතුප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ යයි ද, අධිපති ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ”යයි ද කියැයුතු යැ.

2. ස. අනු: නනු ඡන්‍දාධිපති සහජාතානං ධම‍්මානං අධිපතී’ති.

2. ස. පු: ඡන්‍දාධිපති ධර්‍මය සහජාතධර්‍මයනට අධිපති වන්නේ නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. ඨ: හඤ‍්චි ඡන්‍දාධිපති සහජාතානං ධම‍්මානං අධිපති,

ස. ඨ: ඉදින් ඡන්‍දාධිපති ධර්‍මය සහජාත ධර්‍මයනට අධිපති වේ නම්,

ස. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ “අධිපතිපච‍්චයෙන පච‍්චයො, සහජාතපච‍්චයෙන පච‍්චයො”ති.

ස. පා: භවත එකරුණින් ‘අධිපතිප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙයි, සහජාත ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙයි’ යනු කියැයුතු යැ.

3. ස. අනු: නනු විරියාධිපති සහජාතානං ධම‍්මානං අධිපතී’ති.

3. ස. අනු: වීර්‍ය්‍යාධිපති ධර්‍මය සහජාතධර්‍මයනට අධිපති වන්නේ නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. ඨ: හඤ‍්චි විරියාධිපති සහජාතානං ධම‍්මානං අධිපති,

ස. ඨ: ඉදින් වීර්‍ය්‍යාධිපතිධර්‍මය සහජාතධර්‍මයනට අධිපති වේ නම්,

ස. පා’ තෙන වත රෙ වත‍්තබ‍්බෙ “අධිපතිපච‍්චයෙන පච‍්චයො, සහජාතපච‍්චයෙන පච‍්චයො”ති.

ස. පා: භවත එකරුණින් ‘අධිපතිප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වූයේ සහජාතප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙයි’ යනු කියැයුතු මැ යැ.

4. ස. අනු: නනු විරියාධිපති සහජාතානං ධම‍්මානං අධිපති, තං ච ඉන්‍ද්‍රියන‍්ති.

4. ස. පු: වීර්‍ය්‍යාධිපතිධර්‍මය සහජාතධර්‍මයනට අධිපති වෙයි, එ ද ඉන්‍ද්‍රිය වන්නේ නො වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. ඨ. හඤ‍්චි විරියාධිපති සහජාතානං ධම‍්මානං අධිපති තං ච ඉන්‍ද්‍රියං,

ස. ඨ: ඉදින් වීර්‍ය්‍යාධිපතිධර්‍මය සහජාතධර්‍මයනට අධිපති වන්නේ එ ද ඉන්‍ද්‍රිය වේ නම්,

ස. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ “අධිපතිපච‍්චයෙන පච‍්චයො, ඉන්‍ද්‍රියපච‍්චයෙන පච‍්චයො”ති.

ස. පා: භවත එකරුණින් ‘අධිපතිප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වූයේ ඉන්‍ද්‍රියප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ ය’යි කියැයුතු මැ යැ.

5. ස. අනු: නනු විරියාධිපති සහජාතානං ධම‍්මානං අධිපති, තං ච මග‍්ගඞ‍්ගන‍්ති.

5. ස. අනු: වීර්‍ය්‍යාධිපතිධර්‍මය සහජාතධර්‍මයනට අධිපති වෙයි, එ ද මාර්‍ගාඞ්ග වන්නේ නො වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. ඨ. හඤ‍්චි විරියාධිපති සහජාතානං ධම‍්මානං අධිපති තඤ‍්ච මග‍්ගඞ‍්ගං,

ස. ඨ: ඉදින් වීර්‍ය්‍යාධිපතිධර්‍මය සහජාතධර්‍මයනට අධිපති වන්නේ එ ද මාර්‍ගාඞ්ග වේ නම්,

ස. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ “අධිපතිපච‍්චයෙන පච‍්චයො, මග‍්ගපච‍්චයෙන පච‍්චයො”ති.

ස. පා: භවත, එකරුණින් ‘අධිපතිප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වූයේ මාර්‍ගප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ’ යයි කියැයුතු මැ යැ.

6. ස. අනු: නනු චිත‍්තාධිපති සහජාතානං ධම‍්මානං අධිපතී’ති.

6. ස. අනු: චිත්තාධිපතිධර්‍මය සහජාතධර්‍මයනට අධිපති වන්නේ නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. ඨ. හඤ‍්චි චිත‍්තාධිපති සහජාතානං ධම‍්මානං අධිපති,

ස. ඨ: ඉදින් චිත්තාධිපතිධර්‍මය සහජාතධර්‍මයනට අධිපති වේ නම්,

ස. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ “අධිපතිපච‍්චයෙන පච‍්චයො, සහජාතපච‍්චයෙන පච‍්චයො”ති.

ස. පා: භවත එකරුණින් ‘අධිපතිප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වූයේ සහජාතප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ’ යයි කියැයුතු මැ යැ.

7. ස. අනු: නනු චිත‍්තාධිපති සහජාතානං ධම‍්මානං අධිපති, සො ච ආහාරො’ති.

7. ස. අනු: චිත්තාධිපතිධර්‍මය සහජාතධර්‍මයනට අධිපති වෙයි, එ ද ආහාර වන්නේ නො වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. ඨ. හඤ‍්චි චිත‍්තාධිපති සහජාතානං ධම‍්මානං අධිපති, සො ච ආහාරො,

ස. ඨ: ඉදින් චිත්තාධිපතිධර්‍මය සහජාතධර්‍මයනට අධිපති වන්නේ එ ද ආහාර වේ නම්,

ස. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ “අධිපතිපච‍්චයෙන පච‍්චයො, ආහාරපච‍්චයෙන පච‍්චයො”ති.

ස. පා: භවත එකරුණින් ‘අධිපතිප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වූයේ ආහාර ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ’ යයි කියැයුතු මැ යැ,

8. ස. අනු: නනු චිත‍්තාධිපති සහජාතානං ධම‍්මානං අධිපති, තඤ‍්ච ඉන්‍ද්‍රියන‍්ති.

8. ස. අනු: චිත්තාධිපතිධර්‍මය සහජාතධර්‍මයනට අධිපති වෙයි. එ ද ඉන්‍ද්‍රිය වන්නේ නො වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. ඨ. හඤ‍්චි චිත‍්තාධිපති සහජාතානං ධම‍්මානං අධිපති තං ච ඉන්‍ද්‍රියං,

ස. ඨ: ඉදින් චිත්තාධිපති ධර්‍මය සහජාතධර්‍මයනට අධිපති වන්නේ එ ද ඉන්‍ද්‍රිය වේ නම්,

ස. අනු: තෙන වත රෙ වත‍්තබ‍්බෙ “අධිපතිපච‍්චයෙන පච‍්චයො, ඉන්‍ද්‍රියපච‍්චයෙන පච‍්චයො”ති.

ස. පා: භවත, එකරුණින් ‘අධිපති ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වූයේ ඉන්‍ද්‍රියප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ’ යයි කියැයුතු මැ යැ.

9. ස. අනු: වීමංසාධිපති සහජාතානං ධම‍්මානං අධිපතී’ති.

9. ස. පු: වීමංසාධිපති ධර්‍මය සහජාතධර්‍මයනට අධිපති වන්නේ නො වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. ඨ. හඤ‍්චි වීමංසාධිපති සහජාතානං ධම‍්මානං අධිපති.

ස. ඨ: ඉදින් වීමංසාධිපති ධර්‍මය සහජාතධර්‍මයනට අධිපති වේ නම්,

ස. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ “අධිපතිපච‍්චයෙන පච‍්චයො, සහජාතපච‍්චයෙන පච‍්චයො”ති.

ස. පා: භවත එකරුණින් ‘අධිපතිප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වූයේ සහජාතප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ’ යයි කියැයුතු මැ යැ.

10. ස. අනු: නනු වීමංසාධිපති සහජාතානං ධම‍්මානං අධිපති, තං ච ඉන්‍ද්‍රියන‍්ති.

10. ස. අනු: වීමංසාධිපති ධර්‍මය සහජාතධර්‍මයනට අධිපති වූයේ එ ද ඉන්‍ද්‍රිය වන්නේ නො වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. ඨ. හඤ‍්චි වීමංසාධිපති සහජාතානං ධම‍්මානං අධිපති, තං ච ඉන්‍ද්‍රියං,

ස. ඨ: ඉදින් වීමංසාධිපති ධර්‍මය සහජාතධර්‍මයනට අධිපති වූයේ එ ද ඉන්‍ද්‍රිය වේ නම්,

ස. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ “අධිපතිපච‍්චයෙන පච‍්චයො, ඉන්‍ද්‍රියපච‍්චයෙන පච‍්චයො”ති.

ස. පා: භවත එකරුණින් ‘අධිපතිප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වූයේ ඉන්‍ද්‍රිය ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ’යයි කියැයුතු මැ යැ.

11. ස. අනු: නනු වීමංසාධිපති සහජාතානං ධම‍්මානං අධිපති, තං ච මග‍්ගඞ‍්ගන‍්ති.

11. ස. අනු: වීමංසාධිපති ධර්‍මය සහජාතධර්‍මයනට අධිපති වූයේ එ ද මාර්‍ගාඞ්ග වන්නේ නො වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. ඨ. හඤ‍්චි වීමංසාධිපති සහජාතානං ධම‍්මානං අධිපති, තං ච මග‍්ගඞ‍්ගං,

ස. ඨ: ඉදින් වීමංසාධිපති ධර්‍මය සහජාතධර්‍මයන්ට අධිපති වූයේ එ ද මාර්‍ගාඞ්ග වේ නම්,

ස. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ “අධිපතිපච‍්චයෙන පච‍්චයො, මග‍්ගපච‍්චයෙන පච‍්චයො”ති.

ස. පා: භවත, එකරුණින් ‘අධිපතිප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වූයේ මාර්‍ගප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ’යයි කියයුතු මැ යැ.

12. ස. අනු: නනු අරියං ධම‍්මං ගරුං කත්‍වා උප‍්පජ‍්ජති පච‍්චවෙක‍්ඛණා, තං චාරම‍්මණන‍්ති.

12. ස. අනු: ආර්‍ය්‍යධර්‍මය ගරුකොට ප්‍රත්‍යවේක්‍ෂණා උපදනේ නො? එ ද අරමුණු නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. ඨ. හඤ‍්චි අරියං ධම‍්මං ගරුං කත්‍වා උප‍්පජ‍්ජති පච‍්චවෙක‍්ඛණා, තං චාරම‍්මණං,

ස. ඨ: ඉදින් ආර්‍ය්‍යධර්‍මය ගරු කොට ප්‍රත්‍යවේක්‍ෂණා උපදනේ වේ නම්, එ ද අරමුණු වේ නම්,

ස. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ “අධිපතිපච‍්චයෙන පච‍්චයො, ආරම‍්මණපච‍්චයෙන පච‍්චයො”ති.

ස. පා: භවත, එකරුණින් ‘අධිපතිප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වූයේ ආලම්බනප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ’යයි කියයුතු මැ යැ.

13. ස. අනු: නනු පුරිමා පුරිමා කුසලා ධම‍්මා පච‍්ඡිමානං පච‍්ඡිමානං කුසලානං ධම‍්මානං අනන‍්තරපච‍්චයෙන පච‍්චයො, සා ච ආසෙවනා’ති.

13. ස. අනු: පුරිම පුරිම කුශලධර්‍මයෝ පශ්චිම පශ්චිම කුශල ධර්‍මයනට අනන්තරප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය නො? එ ද ආසෙවනා නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. ඨ: හඤ‍්චි පුරිමා පුරිමා කුසලා ධම‍්මා පච‍්ඡිමානං පච‍්ඡිමානං කුසලානං ධම‍්මානං අනන‍්තරපච‍්චයෙන පච‍්චයො, සා ච ආසෙවනා.

ස. ඨ: ඉදින් පුරිම පුරිම කුශලධර්‍මයෝ පශ්චිම පශ්චිම කුශලධර්‍මයනට අනන්තරප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වෙත් නම්, එ ද ආසෙවනා වේ නම්,

ස. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ “අනන‍්තරපච‍්චයෙන පච‍්චයො ආසෙවනපච‍්චයෙන පච‍්චයො”ති.

ස. පා: භවත, එකරුණින් ‘අනන්තරප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වූයේ ආසෙවනා ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ’යයි කියැයුතු මැ යැ.

14. ස. අනු: නනු පුරිමා පුරිමා අකුසලා ධම‍්මා පච‍්ඡිමානං පච‍්ඡිමානං අකුසලානං ධම‍්මානං අනන‍්තරපච‍්චයෙන පච‍්චයො, සා ච ආසෙවනා’ති.

14. ස. පු: පුරිම පුරිම අකුශල ධර්‍මයෝ පශ්චිම පශ්චිම අකුශල ධර්‍මයනට අනන්තරප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය නො? එ ද ආසෙවනා නො?

ප. පටි: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. ඨ: හඤ‍්චි පුරිමා පුරිමා අකුසලා ධම‍්මා පච‍්ඡිමානං පච‍්ඡිමානං අකුසලානං ධම‍්මානං අනන‍්තරපච‍්චයෙන පච‍්චයො, සා ච ආසෙවනා.

ස. ඨ: ඉදින් පුරිම පුරිම අකුශල ධර්‍මයෝ පශ්චිම පශ්චිම අකුශල ධර්‍මයනට අනන්තරප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය නම්, ආසෙවනා ද වේ නම්,

ස. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ “අනන‍්තරපච‍්චයෙන පච‍්චයො ආසෙවනපච‍්චයෙන පච‍්චයො”ති.

ස. පා: භවත, එකරුණින් ‘අනන්තරප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වූයේ, ආසේවනාප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වූයේ යයි කියැයුතු මැ යැ.

15. ස. අනු: නනු පුරිමා පුරිමා කිරියාබ්‍යාකතා ධම‍්මා පච‍්ඡිමානං පච‍්ඡිමානං කිරියාබ්‍යාකතානං ධම‍්මානං අනන‍්තරපච‍්චයෙන පච‍්චයො, සා ච ආසෙවනා’ති.

15. ස. අනු: පුරිම පුරිම ක්‍රියාව්‍යාකෘතධර්‍මයෝ පශ්චිම පශ්චිම ක්‍රියාව්‍යාකෘත ධර්‍මයනට අනන්තරප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය නො? එ ද ආසෙවනා නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. ඨ: හඤ‍්චි පුරිමා පුරිමා කිරියාබ්‍යාකතා ධම‍්මා පච‍්ඡිමානං පච‍්ඡිමානං කිරියාබ්‍යාකතානං ධම‍්මානං අනන‍්තරපච‍්චයෙන පච‍්චයො, සා ච ආසෙවනා.

ස. ඨ: ඉදින් පුරිම පුරිම ක්‍රියාව්‍යාකෘත ධර්‍මයෝ පශ්චිම පශ්චිම ක්‍රියාව්‍යාකෘතධර්‍මයනට අනන්තර ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය නම්, එ ද ආසෙවනා නම්,

ස. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ “අනන‍්තරපච‍්චයෙන පච‍්චයො ආසෙවනපච‍්චයෙන පච‍්චයො”ති.

ස. පා: භවත එකරුණින් ‘අනන්තරප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වූයේ, ආසෙවනා ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ’ යයි කියැයුතු මැ යැ.

16. ප: පු: න වත‍්තබ‍්බං පච‍්චයතා වවත්‍ථිතා’ති.

16. ප. පු: ‘ප්‍රත්‍යයතාව ව්‍යවස්ථාවත්’ යයි නො කියැයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. අනු: හෙතුපච‍්චයෙන පච‍්චයො හොති, ආරම‍්මණපච‍්චයෙන පච‍්චයො හොති, අනන‍්තරපච‍්චයෙන පච‍්චයො හොති, සමනන‍්තරපච‍්චයෙන පච‍්චයො හොතී’ති.

ප. අනු: හේතු ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වන්නේ, ආලම්බන ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වන්නේ, අනන්තරප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වන්නේ, සමනන්තරප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වන්නේ වේ ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු යැ ...

ස. පා: තෙන හි පච‍්චයතා වවත්‍ථිතා’ති.

ප. පා: එකරුණින් ප්‍රත්‍යයතාව ව්‍යවස්ථාවත් (නියමයන් අනුගත) වේ.

පච‍්චයකථා නිට‍්ඨිතා.

ප්‍රත්‍යයකථා නිමි.