යෙදුමෙන් කියවන්න

අපරියාපන‍්නකථා

14. 9.

14. 9.

අපරියාපන‍්නකථා.

අපරියාපන්නකථා

[යම් හෙයෙකින් පෘථග්ජන පුද්ගල ‘කාමයෙහි වීතරාගය’යි කියැයුතු වේ ද, ‘විගතදෘෂ්ටිකහ’යි නො කියැයුතු වේ ද, එහෙයින් ‘දෘෂ්ටිය අපරියාපන්න යැ’යි පූර්‍වශෛලීයනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘අපරියාපන්නකථා’ එයි.]

1. ස. පු: දිට‍්ඨිගතං අපරියාපන‍්න’න‍්ති.

1. ස. පු: දෘෂ්ටිගතය අපරියාපන්න වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: මග‍්ගො, ඵලං, නිබ‍්බානං, සොතාපත‍්තිමග‍්ගො, සොතාපත‍්තිඵලං, සකදාගාමිමග‍්ගො, සකදාගාමිඵලං, අනාගාමිමග‍්ගො, අනාගාමිඵලං, අරහත‍්තමග‍්ගො, අරහත‍්තඵලං, සතිපට‍්ඨානං, සම‍්මප‍්පධානං ඉද‍්ධිපාදො, ඉන්‍ද්‍රියං, බලං, බොජ‍්ඣඞ‍්ගො’ති.

ස. අනු: මාර්‍ග වේ ද? ඵල වේ ද? නිර්‍වාණ වේ ද? ශ්‍රෝතාපත්තිමාර්‍ග වේ ද? ශ්‍රෝතාපත්තිඵල වේ ද? සකෘදාගාමිමාර්‍ග වේ ද? සකෘදාගාමි ඵල වේ ද? අනාගාමිමාර්‍ග වේ ද? අනාගාමිඵල වේ ද? අර්‍හත්ත්‍වමාර්‍ග වේ ද? අර්‍හත්ත්‍වඵල වේ ද? ස්මෘතිප්‍රස්ථාන වේ ද? සම්‍යක්ප්‍රධාන වේ ද? ඍද්ධිපාද වේ ද? ඉන්‍ද්‍රිය වේ ද? බල වේ ද? බෝධ්‍යඞ්ග වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

2. ප. පු: න වත‍්තබ‍්බං දිට‍්ඨිගතං අපරියාපන‍්නන‍්ති.

2. ප. පු: ‘දෘෂ්ටිගතය අපර්‍ය්‍යාපන්න වේය’යි නො කියැයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. අනු: ‘පුථුජ‍්ජනො කාමෙසු වීතරාගො’ති වත‍්තබ‍්බො’ති.

ප. අනු: පෘථග්ජන පුද්ගල ‘කාමයෙහි වීතරාගය’යි කියැයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. අනු: ‘විගතදිට‍්ඨියො’ති වත‍්තබ‍්බො’ති.

ප. අනු: ‘විගතදෘෂ්ටිකය’යි කියැයුතු වේ ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු යැ ...

ප. පා: තෙන හි දිට‍්ඨිගතං අපරියාපන‍්නන‍්ති.

ප. පා: එකරුණින් ‘දෘෂ්ටිගතය අපර්‍ය්‍යාපන්න’ වෙයි.

අපරියාපන‍්නකථා නිට‍්ඨිතා.

අපරියාපන්නකථා නිමි.

චුද‍්දසමො වග‍්ගො.

තුදුස්වන වග යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

අකුසලමූලං පටිසන්‍දහති කුසලමූලං කුසලමූලං පටිසන්‍දහති අකුසලමූලං සළායතනං ඡ විඤ‍්ඤාණකායා අරියරූපං මහාභූතානුපාදාය. ස‍්වෙවානුසයො තං පරියුට‍්ඨානං යථාධාතු තඤ‍්ඤෙවනුසෙති දිට‍්ඨිගතං අබ්‍යාකතමපරියාපන‍්නන‍්ති.

කුසලාකුසලපටිසන්‍දහනකථා යැ සළායතනුප්පත්තිකථා යැ අනන්තරපච්චයකථා යැ අරියරූපකථා යැ අඤ්ඤො අනුසයොති කථා යැ පරියුට්ඨානං චිත්තවිප්පයුත්තන්ති කථා යැ පරියාපන්නකථා යැ අබ්‍යාකතකථා යැ අපරියාපන්නකථා යි.