යෙදුමෙන් කියවන්න

14. චුද‍්දසමවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

14. තුදුස්වන වර්ගය

කුසලාකුසලපටිසන්‍දහනකථාවණ‍්ණනා

127. කුසලාකුසල පටිසන්‍ධාන කථා

ඉදානි කුසලාකුසලපටිසන්‍දහනකථා නාම හොති. තත්‍ථ කුසලං වා අකුසලස‍්ස, අකුසලං වා කුසලස‍්ස අනන‍්තරා උප‍්පජ‍්ජනකං නාම නත්‍ථීති තෙසං අඤ‍්ඤමඤ‍්ඤං පටිසන්‍ධානං න යුජ‍්ජති. යෙ පන යස‍්මා එකවත්‍ථුස‍්මිඤ‍්ඤෙව රජ‍්ජති විරජ‍්ජති ච, තස‍්මා තං අඤ‍්ඤමඤ‍්ඤං පටිසන්‍දහතීති ලද‍්ධිං ගහෙත්‍වා ඨිතා, සෙය්‍යථාපි මහාසඞ‍්ඝිකා; තෙ සන්‍ධාය පුච‍්ඡා සකවාදිස‍්ස; පටිඤ‍්ඤා ඉතරස‍්ස. ආවට‍්ටනා පණිධීති උභයං ආවජ‍්ජනස‍්සෙව නාමං. තඤ‍්හි භවඞ‍්ගං ආවට‍්ටෙතීති ආවට‍්ටනා. භවඞ‍්ගාරම‍්මණතො අඤ‍්ඤස‍්මිං ආරම‍්මණෙ චිත‍්තං පණිදහති ඨපෙතීති පණිධි. කුසලං අනාවට‍්ටෙන‍්තස‍්සාති යං තං අකුසලානන‍්තරං පටිසන්‍දහන‍්තං කුසලං උප‍්පජ‍්ජති, තං අනාවට‍්ටෙන‍්තස‍්ස උප‍්පජ‍්ජතීති පුච‍්ඡති. ඉතරො පන විනා ආවජ‍්ජනෙන කුසලස‍්ස උප‍්පත‍්තිං අපස‍්සන‍්තො පටික‍්ඛිපති. කුසලං අයොනිසො මනසිකරොතොති ඉදං යදි අකුසලානන‍්තරං කුසලං උප‍්පජ‍්ජෙය්‍ය, අකුසලස‍්සෙව ආවජ‍්ජනෙන අයොනිසො මනසිකරොතො උප‍්පජ‍්ජෙය්‍යාති චොදනත්‍ථං වුත‍්තං. සෙසං යථාපාළිමෙව නිය්‍යාති. නනු යස‍්මිංයෙව වත්‍ථුස‍්මින‍්ති වචනං එකාරම‍්මණෙ සරාගවිරාගුප‍්පත‍්තිං දීපෙති, න කුසලාකුසලානං අනන‍්තරතං, තස‍්මා අසාධකන‍්ති.

දැන් කුසල අකුසල ප්‍රතිසන්ධි කථා නම් වේ. එහි අකුසලයේ කුසල හෝ කුසලයේ අකුසල හෝ අනතුරුව ඉපදීමක් නම් නැතැයි ඒවායේ අන්‍යොන්‍ය ප්‍රතිසන්ධානය නො යෙදේ. යම්හෙයකින් යමෙක් වනාහි එක් වස්තුවකම ඇලීම ද නො ඇලීම ද වේ. එහෙයින් එය අන්‍යෝන්‍යව නැවත ගලපයි යන ලබ්ධිය ගෙන සිටී. මහා සංඝිකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. අවාට්ටනා පණිධි යයි ආවජ්ජන දෙකටම නමකි. ඒ භවංගය පෙරලේය ආවට්ටනා වේ. භවංග අරමුණකින් වෙනත් අරමුණක සිත පිහිටයි තබයි යනු පණිධි වේ. කුසලං ආවට්ටන්තස්ස යයි යම් ඒ අකුසලයට අනතුරුව නැවත ගලපන කුසලය උපදී. එය නොපෙරලී උපදීදැයි අසයි. අනිකා ආවර්ජනය හැර කුසලයේ ඉපදීම නො දක්නේ ප්‍රතික්‍ෂේප කරයි. කුසලං අයොනිසො මනසිකරොති යන මෙය අකුසලයට අනතුරුව කුසලය උපදින්නේ නම් අකුසලයම ආවර්ජනයෙන් නුනුවණින් මෙනෙහි කරන්නාට උපදින්නේ යයි චෝදනා කිරීමට කියන ලදී. සෙස්ස පෙළ අනුව පමුණුවා ගන්න. නනු යස්මිඤ්ඤෙව වත්‍ථුස්මිං යන වචනය එක අරමුණෙහි සරාගය සහ විරාගය දක්වයි. කුසල අකුසල අන්තරභවය ඒ නිසා අසාධක වේ.

කුසලාකුසලපටිසන්‍දහනකථාවණ‍්ණනා.

සළායතනුප‍්පත‍්තිකථාවණ‍්ණනා

128. සළායතන උත්පත්ති කථා

ඉදානි සළායතනුප‍්පත‍්තිකථා නාම හොති. තත්‍ථ උපපත‍්තෙසියෙන පටිසන්‍ධිචිත‍්තෙන සහෙව ඔපපාතිකානං සළායතනං උප‍්පජ‍්ජති. ගබ‍්භසෙය්‍යකානං අජ‍්ඣත‍්තිකායතනෙසු මනායතනකායායතනානෙව පටිසන්‍ධික‍්ඛණෙ උප‍්පජ‍්ජන‍්ති. සෙසානි චත‍්තාරි සත‍්තසත‍්තතිරත‍්තිම‍්හි. තානි ච ඛො යෙන කම‍්මුනා පටිසන්‍ධි ගහිතා, තස‍්සෙව අඤ‍්ඤස‍්ස වා කතත‍්තාති අයං සකසමයෙ වාදො. යෙසං පන එකකම‍්මසම‍්භවත‍්තා සම‍්පන‍්නසාඛාවිටපානං රුක‍්ඛාදීනං අංකුරො විය බීජමත‍්තං සළායතනං මාතුකුච‍්ඡිස‍්මිං පටිසන්‍ධික‍්ඛණෙයෙව උප‍්පජ‍්ජතීති ලද‍්ධි, සෙය්‍යථාපි පුබ‍්බසෙලියානං; තෙ සන්‍ධාය සළායතනන‍්ති පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස. සබ‍්බඞ‍්ගපච‍්චඞ‍්ගීතිආදි සළායතනෙ සති එවරූපො හුත්‍වා ඔක‍්කමෙය්‍යාති චොදනත්‍ථං වුත‍්තං. මාතුකුච‍්ඡිගතස‍්සාති පුච‍්ඡා පරවාදිස‍්ස. පරතො මාතුකුච‍්ඡිගතස‍්ස පච‍්ඡා කෙසාති පුච‍්ඡා සකවාදිස‍්ස. සෙසමෙත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.

දැන් සළායතන උත්පත්ති කථා නම් වේ. උප්පත්තේයි ප්‍රතිසන්ධි සිත සමග ඕපපාතිකයන්ගේ සළායතන පහළ වේ. ගබ්භසෙය්‍යයකයන්ට අජ්ඣත්තික ආයතනවල මනායතන කායායතන ප්‍රතිසන්ධි ක්‍ෂණයෙහි උපදී. ඉතිරි ආයතන සතර සත් සැත්තෑ රැයෙහි උපදී. ඒවාද ප්‍රතිසන්ධි කර්මය හෝ වෙනත් කර්මයක් කළ හෙයින්දැයි ස්ව සමයෙහි වාදය වේ. එසේ වුවද එක් කර්මයක් හටගැනීමෙන් අතු වෙලෙප් යුත් ගස්වල අංකුර මෙන් බීජමාත්‍ර සළායතන මව්කුස පිළිසිඳ ගැනීමේදීම උපදී යනු යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ පුබ්බසේලියන්ගේ මෙනි. ඔවුන් සඳහා සළායතනං යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. සබ්බංග පච්චංගං යනාදි සළායතන ඇති කල්හි මෙබඳු වී බැසගනී යයි චෝදනා කිරීමට කියන ලදී. මාතුකුච්ඡි ගතස්ස යයි විචාරීම පරවාදියාටය. පසුව මාතුකුච්ඡිගතස්ස පච්ඡා කෙසා යයි විචාරීම සකවාදියාටය. මෙහි සෙස්ස පැහැදිලිය.

සළායතනුප‍්පත‍්තිකථාවණ‍්ණනා.

අනන‍්තරපච‍්චයකථාවණ‍්ණනා

129. අනන්තර පච්චය කථා

ඉදානි අනන‍්තරපච‍්චයකථා නාම හොති. තත්‍ථ නච‍්චගීතාදීසු රූපදස‍්සනසද‍්දසවනාදීනං ලහුපරිවත‍්තිතං දිස‍්වා “ඉමානි විඤ‍්ඤාණානි අඤ‍්ඤමඤ‍්ඤස‍්ස අනන‍්තරා උප‍්පජ‍්ජන‍්තී”ති යෙසං ලද‍්ධි, සෙය්‍යථාපි උත‍්තරාපථකානං; තෙ සන්‍ධාය චක‍්ඛුවිඤ‍්ඤාණස‍්සාති පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස. සොතවිඤ‍්ඤාණං රූපාරම‍්මණංයෙවාති යදි චක‍්ඛුවිඤ‍්ඤාණස‍්ස අනන‍්තරා උප‍්පජ‍්ජෙය්‍ය, විපාකමනොධාතු විය රූපාරම‍්මණං සියාති චොදෙතුං වුත‍්තං. චක‍්ඛුඤ‍්ච පටිච‍්ච රූපෙ ච උප‍්පජ‍්ජති සොතවිඤ‍්ඤාණන‍්ති පඤ‍්හෙසු සුත‍්තාභාවෙන පටික‍්ඛිපිත්‍වා අනන‍්තරුප‍්පත‍්තිං සල‍්ලක‍්ඛෙන‍්තො ලද‍්ධිවසෙන පටිජානාති. තඤ‍්ඤෙව චක‍්ඛුවිඤ‍්ඤාණං තං සොතවිඤ‍්ඤාණන‍්ති යථා පඨමජවනානන‍්තරං දුතියජවනං මනොවිඤ‍්ඤාණභාවෙන තඤ‍්ඤෙව හොති, කිං තෙ තථා එතම‍්පි ද‍්වයං එකමෙවාති පුච‍්ඡති. ඉමිනා නයෙන සබ‍්බවාරෙසු අත්‍ථො වෙදිතබ‍්බො. නච‍්චති ගායතීතිආදිවචනං ආරම‍්මණසමොධානෙ ලහුපරිවත‍්තිතාය වොකිණ‍්ණභාවං දීපෙති, න අනන‍්තරපච‍්චයතං, තස‍්මා අසාධකන‍්ති.

දැන් අනන්තර පච්චය කථා නම් වේ. එහි නෘත්‍ය ගීතාදියේ රූප දැකීම ශබ්ද ඇසීම ආදියේ වහා සිදුවන පෙරලීම් දැක මේ විඤ්ඤාණ ඔවුනොවුනට අනතුරුව උපදී යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ උත්තරාපථකයන්ගේ මෙනි. ඔවුන් සඳහා චක්‍ඛු විඤ්ඤාණස්ස යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. සොත විඤ්ඤාණං රූපාරම්මණඤ්ච යනාදිය චක්‍ඛු විඤ්ඤාණයට අනතුරුව උපදී. විපාක මනෝධාතු මෙන් රූපාරම්මණය වන්නේ යයි චෝදනා කිරීමට කියන ලදී. චක්‍ඛුඤ්ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති සොත විඤ්ඤාණං යන ප්‍රශ්නවල සූත්‍ර අභාවය නිසා ප්‍රතික්‍ෂේප කොට අනතුරුව පවත්නා බව සලකන්නේ ලබ්ධි වශයෙන් පිළිගනී. තඤ්ඤෙව චක්‍ඛු විඤ්ඤාණං තං සොත විඤ්ඤාණං යයි යම්සේ පළමු ජවනයට අනතුරුව දෙවන ජවනය මනෝ විඤ්ඤාණභාවයෙන් එයම වේ. කිම ඔබගේ මේ දෙකම එකදැයි විචාරයි. මෙම නයින් සියළු වාරවල අර්ථය දතයුතුය. නච්චති ගායති යනාදි වචන අරමුණු එක්කිරීමෙහි වහා පරිවර්තනය වීමෙන් සංකීර්ණ බවක් දක්වයි. අතන්තර ප්‍රත්‍ය නිසා නොවේ. එනිසා සාධක නොවේ.

අනන‍්තරපච‍්චයකථාවණ‍්ණනා.

අරියරූපකථාවණ‍්ණනා

130. අරියරූප කථා

ඉදානි අරියරූපකථා නාම හොති. තත්‍ථ සම‍්මාවාචාකම‍්මන‍්තා රූපං, තඤ‍්ච ඛො “සබ‍්බං රූපං චත‍්තාරි ච මහාභූතානි චතුන‍්නඤ‍්ච මහාභූතානං උපාදායරූප”න‍්ති (ම· නි· 3.67) වචනතො උපාදායරූපන‍්ති යෙසං ලද‍්ධි, සෙය්‍යථාපි උත‍්තරාපථකානං; තෙ සන්‍ධාය අරියරූපං මහාභූතානං උපාදායාති පුච‍්ඡා සකවාදිස‍්ස. තත්‍ථ අරියානං රූපං, අරියං වා රූපන‍්ති අරියරූපං. ආමන‍්තාති ලද‍්ධියං ඨත්‍වා පටිඤ‍්ඤා ඉතරස‍්ස. කුසලන‍්ති පුට‍්ඨො ලද‍්ධිවසෙනෙව පටිජානාති. අනාසවපුච‍්ඡාදීසුපි එසෙව නයො. යං කිඤ‍්චි රූපන‍්ති සුත‍්තං ඨපෙත්‍වා භූතානි සෙසරූපස‍්ස උපාදාභාවං දීපෙති, න සම‍්මාවාචාකම‍්මන‍්තානං. තෙසඤ‍්හි රූපමත‍්තඤ‍්ඤෙව අසිද‍්ධං, කුතො උපාදාරූපතා; තස‍්මා අසාධකන‍්ති.

දැන් අරියරූප කථා නම් වේ. සම්මා වාචා, සම්මා කම්මන්ත රූපය ‘තඤ්ච ඛො සබ්බං රූපං චත්තාරි ච මහා භූතානි චතුන්නඤ්ච මහා භූතානං උපාදාය රූප’ යන වචනයෙන් උපාදාය රූප වේ යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ උත්තරාපථකයන්ගේ මෙනි. ඔවුන් සඳහා අරිය රූපං මහාභූතානං උපාදාය යයි විචාරීම සකවාදියාටය. එහි ආර්යයන් හෝ රූපය, ආර්ය වූ හෝ රූපය අරිය රූප වේ. ආමන්තා යයි ලබ්ධියේ සිට ප්‍රතිඥාව පරවාදියාටය. කුසලං යයි විචාරණ ලද්දේ ලබ්ධි වශයෙන්ම පිළිගනී. අනාසව විචාරීම්වල ද මෙම නයම වේ. යං කිඤ්චි රූපං යන සූත්‍රය හැර සෙසු රූප භූත උපාදාය බව දක්වයි. සම්මා වාචා කම්මන්තවල ඒවායේ රූප මාත්‍රයම සිදු නොවේ. උපාදාය රූප කොහේද? එනිසා අසාධක වේ.

අරියරූපකථාවණ‍්ණනා.

අඤ‍්ඤො අනුසයොතිකථාවණ‍්ණනා

131. අඤ්ඤො අනුසයො කථා

ඉදානි අඤ‍්ඤො අනුසයොතිකථා නාම හොති. තත්‍ථ යස‍්මා පුථුජ‍්ජනො කුසලාබ්‍යාකතෙ චිත‍්තෙ වත‍්තමානෙ සානුසයොති වත‍්තබ‍්බො, න පරියුට‍්ඨිතොති තස‍්මා අඤ‍්ඤො අනුසයො, අඤ‍්ඤං පරියුට‍්ඨානන‍්ති යෙසං ලද‍්ධි, සෙය්‍යථාපි අන්‍ධකානං; තෙ සන්‍ධාය අඤ‍්ඤො කාමරාගානුසයොති පුච‍්ඡා සකවාදිස‍්ස පටිඤ‍්ඤා ඉතරස‍්ස. සෙසං හෙට‍්ඨා අනුසයකථායං වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං. සානුසයොතිආදි පන තස‍්මිං සමයෙ අනුසයස‍්ස අප‍්පහීනත‍්තා සානුසයොති වත‍්තබ‍්බතං, අනුප‍්පන‍්නත‍්තා ච පරියුට‍්ඨිතොති අවත‍්තබ‍්බතං දීපෙති, න අනුසයපරියුට‍්ඨානානං අඤ‍්ඤත‍්තං, තස‍්මා අසාධකන‍්ති.

දැන් අඤ්ඤො අතිසංයොති කථා නම් වේ. මෙහි පෘථග්ජනයා කුසල අව්‍යකෘත සිත පවතින කල අනුසය සහිත යයි කිවයුතුය. නැගිටින අවස්ථාවේ නොවේ. එනිසා අනුසය අනිකකි, නැගිටීම අනිකක් යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ අන්ධකයින්ගේ මෙනි. ඔවුන් සඳහා අඤ්ඤො කාමරාගානුසයො යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. සෙස්ස යට අනුසය කථාවෙහි කියන ලද නයින්ම දතයුතුය. සානුසයො යනාදි ඒ අවස්ථාවේ අනුසයේ අප්‍රහීන බව අනුසය සහිත යයි කිවයුතු හා නූපන්නා වූ ද පරියුට්ඨිත ද නොකිව යුතු යයි දක්වයි. අනුසය පරියුට්ඨානයෙන් අන්‍ය තත්ත්වයක් නොවේ. එහෙයින් සාධක නොවේ.

අඤ‍්ඤො අනුසයොතිකථාවණ‍්ණනා.

පරියුට‍්ඨානං චිත‍්තවිප‍්පයුත‍්තන‍්තිකථාවණ‍්ණනා

132. පරියුට්ඨානං චිත්තවිප්පයුත්තන්ති කථා

ඉදානි පරියුට‍්ඨානං චිත‍්තවිප‍්පයුත‍්තන‍්තිකථා නාම හොති. තත්‍ථ යස‍්මා අනිච‍්චාදිතො මනසිකරොතොපි රාගාදයො උප‍්පජ‍්ජන‍්ති. වුත‍්තම‍්පි චෙතං – “අප‍්පෙකදා, භො භාරද‍්වාජ, අසුභතො මනසිකරිස‍්සාමීති සුභතොව මනසිකරොතී”ති (සං· නි· 4.127). තස‍්මා පරියුට‍්ඨානං චිත‍්තවිප‍්පයුත‍්තන‍්ති යෙසං ලද‍්ධි, සෙය්‍යථාපි අන්‍ධකානංයෙව; තෙ සන්‍ධාය පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස. සෙසමෙත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.

දැන් පරියුත්‍ථානය චිත්ත විප්‍රයුක්ත යයි කථා නම් වේ. එහි අනිත්‍යාදි වශයෙන් මෙනෙහි කරන්නාට ද රාගාදිය උපදී. මෙය කියන ලදී. ‘භාරද්වාජය, එක් දිනක අසුභ වශයෙන් මෙනෙහි කරන්නෙමියි සුභ වශයෙන්ම මෙනෙහි කරයි’. එහෙයින් පරියුට්ඨානය චිත්ත විප්‍රයුක්ත යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ අන්ධකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. මෙහි සෙස්ස නොගැඹුරු අරුත් වේමය.

පරියුට‍්ඨානං චිත‍්තවිප‍්පයුත‍්තන‍්තිකථාවණ‍්ණනා.

පරියාපන‍්නකථාවණ‍්ණනා

133. පරියාපන්න කථා

ඉදානි පරියාපන‍්නකථා නාම හොති. තත්‍ථ යස‍්මා කාමරාගො කාමධාතුං අනුසෙති, කාමධාතුපරියාපන‍්නොති ච වුච‍්චති, තස‍්මා රූපරාගාරූපරාගාපි රූපධාතුඅරූපධාතුයො අනුසෙන‍්ති. රූපධාතුඅරූපධාතුපරියාපන‍්නායෙව ච නාම හොන‍්තීති යෙසං ලද‍්ධි, සෙය්‍යථාපි අන්‍ධකානඤ‍්චෙව සම‍්මිතියානඤ‍්ච; තෙ සන්‍ධාය රූපරාගොති පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස . තත්‍ථ අනුසෙතීති යථා කාමරාගො කාමවිතක‍්කසඞ‍්ඛාතං කාමධාතුං සහජාතවසෙන අනුසෙති, කිං තෙ එවං රූපරාගො රූපධාතුන‍්ති පුච‍්ඡති. පරියාපන‍්නොති යථා ච සො තිවිධාය කාමධාතුයා කිලෙසකාමවසෙන පරියාපන‍්නත‍්තා කාමධාතුපරියාපන‍්නො, කිං තෙ එවං රූපරාගොපි රූපධාතුපරියාපන‍්නොති පුච‍්ඡති. ඉතරො පනස‍්ස අධිප‍්පායං අසල‍්ලක‍්ඛෙන‍්තො කෙවලං ලද‍්ධිවසෙන ආමන‍්තාති පටිජානාති. අථ නං තමත්‍ථං සල‍්ලක‍්ඛාපෙතුං කුසලවිපාකකිරියසඞ‍්ඛාතෙහි සමාපත‍්තෙසියාදීහි සංසන්‍දිත්‍වා පුච‍්ඡිතුං සමාපත‍්තෙසියොතිආදිමාහ. සෙසමෙත්‍ථ යථාපාළිමෙව නිය්‍යාති. නනු කාමරාගොතිආදිවචනම‍්පි කාමරාගස‍්සෙව කාමධාතුයං අනුසයභාවං පරියාපන‍්නතඤ‍්ච දීපෙති, න ඉතරෙසං ඉතරධාතූසූති.

දැන් පරියාපන්න කථා නම් වේ. එහි යම්හෙයකින් කාමරාගය කාමධාතුවේ නිද්‍රා අවස්ථා වේ. කාමධාතුවේ ඇතුළත් යයි ද කියනු ලැබේ. එහෙයින් රූප අරූප රාගය ද රූප ධාතු අරූප ධාතුවල නිද්‍රාවේ සිටී. රූප ධාතු අරූප ධාතු පරියාපන්න වේ යයි ද යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ අන්ධකයින්ගේ ද සමමිතියන්ගේ ද මෙනි. ඔවුන් සඳහා රූප රාගො යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. එහි අනුසෙති යයි යම්සේ කාමරාගය කාම විතර්ක සංඛ්‍යාත කාමධාතුව සහජාත වශයෙන් නිදයි. කිම ඔබගේ රූප රාගය රූප ධාතුදැයි විචාරයි. පරියාපන්න යයි යම්සේ ඒ ත්‍රිවිධ වූ කාමධාතුවේ ක්ලේශකාම වශයෙන් ඇතුළත් වූ බැවින් කාමධාතු පරියාපන්න වේ. කිම ඔබගේ මෙසේ රූප රාගය ද රූපධාතු පරියාපන්නදැයි විචාරයි. අනිකා වනාහි අදහස නො සලකන්නේ හුදෙක් ලබ්ධි වශයෙන් ආමත්තා යයි පිළිගනී. ඉක්බිති ඔහුට එම අර්ථය සලසාලන්නට කුසල විපාක කිරිය සංඛ්‍යාත සමාපත්ති ආදියෙන් සසඳා විචාරීමට සමාපත්තෙසියො යනාදිය කීය. මෙහි සෙස්ස පෙළ අනුව පැමිණවෙයි. නනු කාමරාගො යනාදි වචනය ද කාමරාගයේම කාමධාතුවේ අනුසය බවද ඇතුළත් බවද දක්වයි. ඉතිරිවා ඉතිරි ධාතුවල නොවේ.

පරියාපන‍්නකථාවණ‍්ණනා.

අබ්‍යාකතකථාවණ‍්ණනා

134. අඛ්‍යාකත කථා

ඉදානි අබ්‍යාකතකථා නාම හොති. තත්‍ථ විපාකකිරියරූපනිබ‍්බානසඞ‍්ඛාතං චතුබ‍්බිධං අබ්‍යාකතං අවිපාකත‍්තා අබ්‍යාකතන‍්ති වුත‍්තං. දිට‍්ඨිගතං “සස‍්සතො ලොකොති ඛො, වච‍්ඡ, අබ්‍යාකතමෙත”න‍්ති (සං· නි· 4.416 ථොකං විසදිසං) සස‍්සතාදිභාවෙන අකථිතත‍්තා. යෙසං පන ඉමං විභාගං අග‍්ගහෙත්‍වා පුරිමාබ්‍යාකතං විය දිට‍්ඨිගතම‍්පි අබ්‍යාකතන‍්ති ලද‍්ධි, සෙය්‍යථාපි අන්‍ධකානඤ‍්චෙව උත‍්තරාපථකානඤ‍්ච; තෙසං තං විභාගං දස‍්සෙතුං දිට‍්ඨිගතං අබ්‍යාකතන‍්ති පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස. සෙසමෙත්‍ථ යථාපාළිමෙව නිය්‍යාතීති.

දැන් අව්‍යාකෘත කථා නම් වේ. විපාක කිරිය රූප නිබ්බාන සංඛ්‍යාත චතුර්විධ අව්‍යාකෘතය අවිපාක බැවින් අව්‍යාකෘත යයි කියන ලදී. දෘෂ්ටිගත වූ ‘වච්ඡය, ලෝකය ශාස්වතය. මෙය අව්‍යාකෘතය’ යයි ශාස්වතාදි භාවයෙන් නොකියන ලද බැවින් යමෙකුගේ වනාහි මේ විභාගය නොගෙන පෙර අව්‍යාකෘතය මෙන් දෘෂ්ටිගතයා ද අව්‍යාකෘත යයි ලබ්ධි වේ. යම්සේ අන්ධකයින්ගේ ද උත්තරාපථකයන්ගේ ද මෙනි. ඔවුන්ගේ ඒ විභාගය දැක්වීමට දිට්ඨිගතං අඛ්‍යාකතං යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. මෙහි සෙස්ස පෙළ අනුවම පමුණුවා ගනී.

අබ්‍යාකතකථාවණ‍්ණනා.

අපරියාපන‍්නකථාවණ‍්ණනා

135. අපරියාපන්න කථා

ඉදානි අපරියාපන‍්නකථා නාම හොති. තත්‍ථ යස‍්මා පුථුජ‍්ජනො ඣානලාභී කාමෙසු වීතරාගොති වත‍්තබ‍්බො හොති, න පන විගතදිට‍්ඨිකොති , තස‍්මා දිට‍්ඨිගතං අපරියාපන‍්නන‍්ති යෙසං ලද‍්ධි, සෙය්‍යථාපි පුබ‍්බසෙලියානං; තෙ සන්‍ධාය පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස. සෙසමෙත්‍ථ යථාපාළිමෙව නිය්‍යාතීති.

දැන් අපරියාපන්න කථා නම් වේ. එහි යම්හෙයකින් ධ්‍යානලාභී පෘථග්ජනයා කාමවල පහවූ රාග ඇත්තේ යයි කිවයුතු වේ. එසේ වුවත් පහ වූ දෘෂ්ටි නොවේ. එහෙයින් දෘෂ්ටිය අපරියාපන්න යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ පුබ්බසේලීන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. මෙහි සෙස්ස පෙළ අනුව පැමිණවිය යුතුය.

අපරියාපන‍්නකථාවණ‍්ණනා.

චුද‍්දසමො වග‍්ගො.

තුදුස්වන වර්ගය නිමි.