13. තෙරසමවග්ගො අට්ඨකථා
13. තෙළෙස්වැනි වර්ගය
කප්පට්ඨකථාවණ්ණනා
117. කප්පට්ඨ කථා
ඉදානි කප්පට්ඨකථා නාම හොති. තත්ථ යෙසං “සඞ්ඝං සමග්ගං භෙත්වාන, කප්පං නිරයම්හි පච්චතී”ති “සකලම්පි කප්පං සඞ්ඝභෙදකො නිරයෙ තිට්ඨතී”ති ලද්ධි, සෙය්යථාපි රාජගිරිකානං; තෙ සන්ධාය කප්පට්ඨොති පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස. බුද්ධො ච ලොකෙති ඉදං විනා බුද්ධුප්පාදෙන සඞ්ඝභෙදස්ස අභාවදස්සනත්ථං වුත්තං. කප්පො ච සණ්ඨාති සඞ්ඝො ච භිජ්ජතීතිආදි “යදි සො සකලං කප්පං තිට්ඨති, සණ්ඨහනතො පට්ඨාය තං කම්මං කත්වා තත්ථ උප්පජ්ජිත්වා තිට්ඨෙය්යා”ති දස්සෙතුං වුත්තං. අතීතන්තිආදි හෙට්ඨා වුත්තාධිප්පායමෙව. කප්පට්ඨො ඉද්ධිමාති පඤ්හෙ භාවනාමයං සන්ධාය පටික්ඛිපති, පරසමයෙ පනස්ස ජාතිමයං ඉද්ධිං ඉච්ඡන්ති, තං සන්ධාය පටිජානාති. ඡන්දිද්ධිපාදොතිආදි “ජාතිමයාය ඉද්ධියා ඉද්ධිමාති ලද්ධිමත්තමෙතං, කිං තෙන, යදි පනස්ස ඉද්ධි අත්ථි, ඉමිනා නයෙන ඉද්ධිපාදා භාවිතා භවෙය්යු”න්ති චොදනත්ථං වුත්තං. ආපායිකො නෙරයිකොති සුත්තං යං සො එකං කප්පං අසීතිභාගෙ කත්වා තතො එකභාගමත්තං කාලං තිට්ඨෙය්ය, තං ආයුකප්පං සන්ධාය වුත්තං, තස්මා අසාධකන්ති.
දැන් කල්පස්ථ කථා නම් වේ. එහි යමෙකුගේ ‘සංඝ සමග්ගං භෙත්වාන කප්පං නිරම්හි පච්චති’ (සමගි සංඝයා භේද කොට කල්පයක් නිරයෙහි පැසේ) යයි සංඝ භේදකයා කල්පයම නිරයේ සිටී යයි ලබ්ධි වේ. යම්සේ රාජගිරිකයන්ගේ මෙනි. ඔවුන් සඳහා කප්පට්ඨො යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. බුද්ධො ච ලොකෙ යන මෙය හැර බුද්ධෝත්පාදයෙන් සංඝභේදයේ අභාවය දැක්වීමට කියන ලදී. කප්පො ච සණ්ඨාති සංඝො ච භිජ්ජති යනාදිය ඉදින් හේ මුළු කල්පයම සිටීද, නැවත හටගැනීමේ සිට ඒ කර්මය කොට එහි ඉපදී සිටින්නේ යයි දැක්වීමට කියන ලදී. අතීතං යනාදිය යට කියන ලද අදහසය. කප්පට්ඨො ඉද්ධිමා යන ප්‍රශ්නයෙහි භාවනාමය සඳහා ප්‍රතික්ෂේප කරයි. පරසමයෙහි ජාතිමය ඍද්ධිය කැමති වේ. ඒ සඳහා පිළිගනී. ඡන්දිද්ධිපාදො යනාදිය ජාතිය හැර ඉද්ධියෙන් ඉද්ධි ඇතැයි මෙය ලබ්ධිය පමණකි. කිම එයින් ඍද්ධිය ඇත්ද? මෙම නයින් ඉද්ධිපාද භාවිතය වන්නේ යයි චෝදනා පිණිස කියන ලදී. අපායිකො නෙරයිකො යන සූත්‍රය හේ එක කපක් අසූවට බෙදා එයින් එක් කොටසක කාලයක් පමණක් සිටින්නේය. ඒ ආයු කල්පය සඳහා කියන ලදී. එහෙයින් දුසාධක වේ.
කප්පට්ඨකථාවණ්ණනා.
කුසලපටිලාභකථාවණ්ණනා
118. කුසල චිත්ත පටිලාභ කථා
ඉදානි කුසලපටිලාභකථා නාම හොති. තත්ථ කප්පට්ඨො සකසමයෙ කාමාවචරකුසලමෙව පටිලභති. යෙන පන තං උපපත්තිං පටිබාහෙය්ය, තං මහග්ගතං ලොකුත්තරං වා න පටිලභති. යෙසං පන ඉමං විභාගං අකත්වා අවිසෙසෙනෙව “සො කුසලචිත්තං න පටිලභතී”ති ලද්ධි, සෙය්යථාපි උත්තරාපථකානං; තෙසං විභාගදස්සනෙන තං ලද්ධිං භින්දිතුං පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස. සෙසමෙත්ථ උත්තානත්ථමෙවාති.
දැන් කුසල සිත් ප්රතිලාභ කථා නම් වේ. එහි කල්පයමය ස්ව සමයෙහි කාමාවචර කුසලයම ලබයි. එහි උපත යමකින් වලක්වන්නේ නම් එය මහග්ගත හෝ ලෝකෝත්තර හෝ නොලබයි. මෙම විභාගය නොකොට අවිශේෂයෙන් ඒ කුසල සිත නොලැබේ යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ උත්තරාපථකයන්ගේ මෙනි. විභාග දැක්වීමෙන් ඔවුන්ගේ ඒ ලබ්ධිය බිඳීමට විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. මෙහි සෙස්ස නොගැඹුරු අරුත් වේ.
කුසලපටිලාභකථාවණ්ණනා.
අනන්තරාපයුත්තකථාවණ්ණනා
119. අනන්තරාපයුත්ත කථා
ඉදානි අනන්තරාපයුත්තකථා නාම හොති. තත්ථ අනන්තරාපයුත්තො නාම යෙන ඛන්ධභෙදතො අනන්තරා විපාකදායකං මාතුඝාතාදි ආනන්තරියකම්මං ආණත්තං. තත්ථ යස්ස නියතාය ආණත්තියා ආණත්තො තං කම්මං කරිස්සති, සො අත්ථසාධිකාය චෙතනාය උප්පාදිතත්තා මිච්ඡත්තනියතො හොති, අභබ්බො සම්මත්තනියාමං ඔක්කමිතුං. යස්ස අනියතාය ආණත්තියා ආණත්තො තං කම්මං කරිස්සති, සො අත්ථසාධිකාය චෙතනාය අනුප්පාදිතත්තා න මිච්ඡත්තනියතො, භබ්බො සම්මත්තනියාමං ඔක්කමිතුන්ති ඉදං සකසමයෙ සන්නිට්ඨානං. යෙසං පන “අනියතායපි ආණත්තියා අභබ්බොයෙව සම්මත්තනියාමං ඔක්කමිතු”න්ති ලද්ධි, සෙය්යථාපි උත්තරාපථකානං; තෙසං තං ලද්ධිං භින්දිතුං සකවාදී පුබ්බපක්ඛං දත්වා අනන්තරාපයුත්තොති පරවාදිනා අත්තානං පුච්ඡාපෙති. තෙනෙත්ථ පඨමපුච්ඡා පරවාදිස්ස, අත්ථසාධිකචෙතනාය අභාවං සන්ධාය පටිඤ්ඤා සකවාදිස්ස. තතො පරවාදී මාතුඝාතාදිකම්මස්ස ආණත්තත්තාව “සො මිච්ඡත්තනියතො”ති මඤ්ඤති. තස්මා මිච්ඡත්තනියාමඤ්චාති පඤ්හං පුච්ඡති. සකවාදී පන එකස්ස පුග්ගලස්ස ද්වින්නං නියාමානං අනොක්කන්තිමත්තමෙව සන්ධාය න හෙවන්ති පටික්ඛිපති.
දැන් අනන්තරාපයුත්ත කථා නම් වේ. එහි අනන්තරාපයුත්ත නම් යමකින් ස්කන්ධ භේදයෙන් අනතුරුව විපාක දෙන මාතු ඝාතක ආදි ආනන්තරික කර්ම අණ කරන ලදී. එහි යමෙකුගේ නියත අණ කිරිමෙන් අණකරන ලද ඒ කර්මය කරන්නේය. හේ අර්ථසාධක චේතනාවෙන් උපදින ලද බැවින් මච්ඡත්තනියත වේ. සම්මත්ත නියාමයට බැසගැනීමට නො සුදුසු වේ. යමෙකුගේ අනියත ආණත්තියෙන් අණ කරන ලද ඒ කර්මය කරන්නේය. හේ අර්ථසාධක චේතනාවෙන් නූපදන ලද බැවින් මිච්ඡතෙ නියත නොවේ. සම්මත්ත නියාමයට බැසගැනීමට සුදුසු වේ. මෙය ස්ව සමයෙහි නිශ්චයයි. අනියත ආණත්තියෙන් ද සම්මත්ත නියාමයට බැසගැනීමට නුසුදුසු වේ යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ උත්තරාපථකයන්ගේ මෙනි. ඔවුන්ගේ ලබ්ධිය බිඳීමට සකවාදියා පූර්ව පක්ෂය දී අනන්තරා පයුත්තො යයි පරවාදියා විසින් තමාගෙන් විචාරවයි. එයින් මෙහි පළමු විචාරීම පරවාදියාටය. අර්ථසාධක චේතනාවේ අභාවය සඳහා ප්‍රතිඥාව සකවාදියාටය. ඉන්පසු පරවාදියා මාතුඝාත ආදි කර්මයේ අණ ලද බැවින් හේ මිච්ඡත්ත නියත යයි සිතයි. එහෙයින් මිච්ඡත්ත නියාමං යන ප්රශ්නය විචාරයි. සකවාදියා එක් පුද්ගලයෙකුගේ නියාම දෙකක් බැස නො ගැනීම සඳහා න හෙවං යයි ප්‍රතික්ෂේප කරයි.
නනු තං කම්මන්ති මාතුඝාතාදිකම්මං. තත්ථ අනියතාණත්තිං සන්ධාය “ආමන්තා”ති පටිඤ්ඤා සකවාදිස්ස. අනියතම්පි හි ආණත්තිං පයොජෙත්වා ඨිතස්ස “අනනුච්ඡවිකං මයා කත”න්ති කුක්කුච්චං උප්පජ්ජතෙව, විප්පටිසාරො ජායතෙව. හඤ්චීතිආදි කුක්කුච්චුප්පත්තිමත්තං ගහෙත්වා පරවාදිනා ලද්ධිපතිට්ඨාපනත්ථං වුත්තං.
නනු තං කම්මං යනු මාතුඝාතාදි කර්මය. එහි අනියත ඇණවීම සඳහා ආමන්තා යයි ප්‍රතිඥාව සකවාදියාගේය. අනියත වූද ඇණවීම යොදවා සිටියහුට මා විසින් නුසුදුසු දෙයක් කරන ලදැයි කුකුස් ඉපදී විපිළිසර බවට පත්වේ. හඤ්චි යනාදිය කුකුස් ඉපදීම පමණක් ගෙන පරවාදියා විසින් ලබ්ධිය පිහිටුවීමට කියන ලදී.
ඉදානි යස්ස අනියතාණත්තිකස්සාපි අනන්තරාපයුත්තස්ස පරවාදිනා සම්මත්තනියාමොක්කමනං පටිසිද්ධං, තමෙව පුග්ගලං ගහෙත්වා අනන්තරාපයුත්තො පුග්ගලො අභබ්බොති පුච්ඡා සකවාදිස්ස, අත්තනො ලද්ධිවසෙන පටිඤ්ඤා ඉතරස්ස. අථ නං සකවාදී “අභබ්බො නාම මාතුඝාතාදිකම්මානං කාරකො, කිං තෙ තෙන තානි කම්මානි කතානී”ති චොදෙතුං මාතා ජීවිතා වොරොපිතාතිආදිමාහ. ඉතරො තෙසං වත්ථූනං අරොගතාය තථාරූපං කිරියං අපස්සන්තො “න හෙව”න්ති පටික්ඛිපති.
දැන් යමෙකුගේ අනියත ආණත්තිකයකුගේ අනන්තර පුථුක්ත පරාදීනව සම්මත්ත නියමයට බැසගැනීම වන්නේය. ඒ පුද්ගලයා ගෙන අනන්තර, පයුත්තො පුග්ගලො අභබ්බො යයි විචාරීම සකවාදියාටය. තමාගේ ලබ්ධි වශයෙන් ප්‍රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට සකවාදියා මාතුඝාතාදි කර්ම කරන්නා නුසුදුසු වේ. කිම ඔබගේ එයින් ඒ කර්ම කළවුන් යයි චෝදනා කිරීමට මාතා ජීවිතා වොරොපිතා යනාදිය කීය. අනෙකා ඒ වස්තූන්ගේ අරෝගය පිණිස එබඳු ක්‍රියාවක් නොදක්නේ න හෙවං යයි ප්‍රතික්ෂේප කරයි.
තං කම්මං පටිසංහරිත්වාති අනියතාණත්තිකම්මං සන්ධාය වුත්තං. තඤ්හි “මා ඛො මයා ආණත්තං ආකාසී”ති ආණත්තං නිවාරෙන්තෙන පටිසංහටං නාම හොති. පටිසංහටත්තායෙව චෙත්ථ කුක්කුච්චං පටිවිනොදිතං, විප්පටිසාරො පටිවිනීතො නාම හොති. එවං සන්තෙපි පනෙත්ථ පුරිමාණත්තියායෙව නියතභාවං මඤ්ඤමානො පරවාදී “ආමන්තා”ති පටිජානාති. අථ නං සකවාදී තස්ස කම්මස්ස පටිසංහටභාවං සම්පටිච්ඡාපෙත්වා අත්තනො ලද්ධිං පතිට්ඨාපෙත්වා හඤ්චීතිආදිමාහ.
තං කම්මං පටිසංහරිත්වා යයි අනියත ආණත්ති කර්මය සඳහා කියන ලදී. එය මා විසින් කළ අණ නිවාරණයෝ හැකිළීම වේ. හකුලන ලද හෙයින්ම මෙහි කුකුස දුරුවිය. එනිසා විපිළිසර බව දුරුවීම වේ. මෙසේ ඇති කල්හිද පෙර ඇණවීමෙන්ම නියතභාවය සිතන්නේ පරවාදියා ආමන්තා යයි පිළිගනී. ඉක්බිති ඔහුට සකවාදියා ඒ කර්මයේ හකුලන ලද බව පිළිගන්වා තමාගේ ලබ්ධිය පිහිටුවා හඤ්චි යනාදිය කීය.
පුන අනන්තරාපයුත්තොති පරියොසානපඤ්හෙ පඨමපඤ්හෙ විය පුච්ඡා පරවාදිස්ස, පටිඤ්ඤා සකවාදිස්ස. නනු තං කම්මන්ති අනුයොගො පරවාදිස්ස, පටිසංහටකාලතො පුබ්බෙ පයුත්තකාලං සන්ධාය පටිඤ්ඤා සකවාදිස්ස. පයුත්තපුබ්බතාමත්තං ගහෙත්වා අනියතාණත්තිවසෙන හඤ්චීති ලද්ධිපතිට්ඨාපනං පරවාදිස්ස. අයං පන ලද්ධි අයොනිසො පතිට්ඨිතත්තා අප්පතිට්ඨිතාව හොතීති.
නැවත අනන්තරා පයුත්තො යයි අවසාන ප්‍රශ්නයෙහි පළමු ප්‍රශ්නයෙහි මෙන් විචාරීම පරවාදියාටය. ප්‍රතිඥාව සකවාදියාටය. ප්‍රයුක්ත පූර්වතා පමණක් ගෙන අනියත ආණත්ති වශයෙන් හඤ්චි යයි ලබ්ධිය පිහිටුවීම පරවාදියාගේය. මේ ලබ්ධිය වනාහි නුනුවණින් පිහිටුවන ලද හෙයින් නොපිහිටුවන ලද්දේම වේ.
අනන්තරාපයුත්තකථාවණ්ණනා.
නියතස්ස නියාමකථාවණ්ණනා
120. නියාම කථා
ඉදානි නියතස්ස නියාමකථා නාම හොති. තත්ථ දුවිධො නියාමො – මිච්ඡත්තනියාමො ච ආනන්තරියකම්මං, සම්මත්තනියාමො ච අරියමග්ගො. ඉමෙ ද්වෙ නියාමෙ ඨපෙත්වා අඤ්ඤො නියාමො නාම නත්ථි. සබ්බෙපි හි සෙසා තෙභූමකධම්මා අනියතා නාම. තෙහි සමන්නාගතොපි අනියතොයෙව. බුද්ධෙහි පන අත්තනො ඤාණබලෙන “අයං සත්තො අනාගතෙ බොධිං පාපුණිස්සතී”ති බ්යාකතො බොධිසත්තො පුඤ්ඤුස්සදත්තා නියතොති වුච්චති. ඉති ඉමං වොහාරමත්තං ගහෙත්වා “පච්ඡිමභවිකො බොධිසත්තො තාය ජාතියා භබ්බො ධම්මං අභිසමෙතු”න්ති අධිප්පායෙන “නියතො නියාමං ඔක්කමතී”ති යෙසං ලද්ධි, සෙය්යථාපි පුබ්බසෙලියාපරසෙලියානං; තෙ සන්ධාය පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස. මිච්ඡත්තනියතොතිආදි අඤ්ඤෙන නියාමෙන නියතස්ස අඤ්ඤනියාමාභාවදස්සනත්ථං වුත්තං. පුබ්බෙ මග්ගං භාවෙත්වාතිආදි නියාමප්පභෙදදස්සනත්ථං වුත්තං. සතිපට්ඨානන්තිආදි එකස්මිම්පි නියාමෙ ධම්මප්පභෙදදස්සනත්ථං වුත්තං. භබ්බො බොධිසත්තොති වචනං කෙවලං බොධිසත්තස්ස භබ්බතං දීපෙති, න නියතස්ස නියාමොක්කමනං, තස්මා අසාධකං. සො හි පුබ්බෙ එකෙනපි නියතධම්මෙන අනියතො බොධිමූලෙ සච්චදස්සනෙන නියාමං ඔක්කන්තොති.
දැන් නිපාතයේ නියාම කථා නම් වේ. එහි මිච්ඡත්ත නියාම ආනන්තරිය කර්මය සහ සම්මත්ත නියාම ආර්ය මාර්ගය යයි නියාම දෙකකි. මේ නියාම දෙක හැර අනිත් නියාමයක් නැත. සෙසු සියළු ත්‍රෛභූමික ධර්ම අනියත නම් වේ. ඒවායින් යුක්ත වූ ඒවාද අනියත වේමය. බුදුවරුන් විසින් වනාහි ස්වකීය ඤාණ බලයෙන් මේ සත්ත්වයා අනාගතයෙහි බෝධියට පැමිණෙන්නේ යයි ප්‍රකාශ කරන බෝධිසත්ත්වයා පින් පිරුණ බැවින් නියත යයි කියනු ලැබේ. මෙසේ මේ ව්‍යවහාර මාත්‍රය ගෙන බෝධිසත්ත්වයා පශ්චිම භවිකය. ඒ සමයේ ධර්මය අවබෝධ කිරීමට සුදුසුය යන අදහසින් නියත වූ නියාමයට බැසගන්නේ යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ පුබ්බසේලී අපරසේලියන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. මිච්ඡත්ත නියතො යනාදි අනිත් නියාමයෙන් නියත වූ අන්‍ය නියාමභාව දැක්වීම සඳහා කියන ලදී. පුබ්බෙ මග්ගං භාවෙත්වා යනාදිය නියාම ප්‍රභේද දැක්වීමට කියන ලදී. භබ්බො බොධිසත්තො යන වචනය හුදෙක් බෝසතුන්ගේ සුදුසු බව දක්වයි. නියතයාගේ නියාමයට බැසගැනීම ඒ නිසා අසාධ වේ. හේ වනාහි පෙර එක් නියත ධර්මයකින් අනියතය. බෝමැඩදී සත්‍ය දර්ශනයෙන් නියාමයට බැස ගන්නේය.
නියතස්ස නියාමකථාවණ්ණනා.
නිවුතකථාවණ්ණනා
121. නිවුත කථා
ඉදානි නිවුතකථා නාම හොති. තත්ථ සුද්ධස්ස සුද්ධකිච්චාභාවතො නීවරණෙහි නිවුතො ඔඵුටො පරියොනද්ධො ච නීවරණං ජහතීති යෙසං ලද්ධි, සෙය්යථාපි උත්තරාපථකානං; තෙ සන්ධාය නිවුතොතිපුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස. රත්තො රාගන්තිආදි නිවුතස්ස නීවරණජහනෙ දොසදස්සනත්ථං වුත්තං. පරිසුද්ධෙ පරියොදාතෙතිආදි වික්ඛම්භනවිසුද්ධියා විසුද්ධස්ස සමුච්ඡෙදවිසුද්ධිදස්සනත්ථං වුත්තං. තස්ස එවං ජානතොතිආදි ජානතො පස්සතො ආසවක්ඛයං දීපෙති, න නිවුතස්ස නීවරණජහනං, තස්මා අසාධකන්ති.
දැන් නිවුත කතා නම් වේ. එහි පිරිසිදු පුද්ගලයාට පිරිසිදු කෘත්‍ය නැති බැවින් නීවරණයන්ගේ යටකරන ලද පැතිර ඇති ගැවසීගත් පුද්ගලයාට නීවරණ දුරුකිරීම වේ යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ උත්තරාපථකයන්ගේ මෙනි. ඔවුන් සඳහා නිවුතො යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. රත්තො රාගං යනාදිය නිවුතයාගේ (වටකළහුගේ) නීවරණ දුරුකිරිමෙහි දොස් දැක්වීමට කියන ලදී. පරිසුද්ධෙ පරියොදාතෙ යනාදිය විෂ්කම්භන විසුද්ධියෙන් පිරිසිදු වූවහුගේ සමුච්ඡෙද විසුද්ධිය දැක්වීමට කියන ලදී. තස්ස එවං ජානතො යනාදිය දැනීමෙන් දැකීමෙන් නිවන දක්වයි. නිවුත්තයාගේ නීවරණ දුරකිරීම නොවේ. එහෙයින් අසාධක වේ.
නිවුතකථාවණ්ණනා.
සම්මුඛීභූතකථාවණ්ණනා
122. සම්මුඛීභූත කථා
ඉදානි සම්මුඛීභූතකථා නාම හොති. තත්ථ සම්මුඛීභූතොති සංයොජනානං සම්මුඛීභාවං තෙහි සමඞ්ගීභාවං උපගතො. සෙසමෙත්ථ නිවුතකථාසදිසමෙවාති.
දැන් සම්මුඛී භූත කථා නම් වේ. එහි සම්මුඛීභූතො සංයෝජනවල සම්මුඛභාවයයි. ඒවායින් යුක්ත බවට පැමිණියේය. මෙහි සෙස්ස නිවුත කථා හා සමාන වේමය.
සම්මුඛීභූතකථාවණ්ණනා.
සමාපන්නො අස්සාදෙතීතිකථාවණ්ණනා
123. ආශ්වාදන කථා
ඉදානි සමාපන්නො අස්සාදෙතීතිකථා නාම හොති. තත්ථ “පඨමං ඣානං උපසම්පජ්ජ විහරති, සො තදස්සාදෙතී”තිආදිවචනං (අ· නි· 4.123) නිස්සාය “සමාපන්නො අස්සාදෙති, සා චස්ස ඣානනිකන්ති ඣානාරම්මණා හොතී”ති යෙසං ලද්ධි, සෙය්යථාපි අන්ධකානං, තෙ සන්ධාය සමාපන්නොති පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස. තං ඣානං තස්ස ඣානස්ස ආරම්මණන්ති පඤ්හෙසු තස්සෙව තදාරම්මණතං අපස්සන්තො සුත්තවිරොධභයෙන පටික්ඛිපති, “තදස්සාදෙතී”තිවචනමත්තෙන පටිජානාති. සො තදස්සාදෙතීති සුත්තං ඣානලාභිනො ඣානා වුට්ඨාය ඣානස්සාදං සාධෙති, න අන්තොසමාපත්තියංයෙව ඣානනිකන්තියා ඣානාරම්මණතං, තස්මා අසාධකන්ති.
දැන් සමාපන්න වූයේ ආශ්වාදනය කෙරේ යයි කථා නම් වේ. එහි පළමු ධ්‍යානයට සමවැදී වාසය කරයි. හේ එය ආශ්වාදනය කෙරේ යයි ආදි වචන නිසා සමාපන්න ආශ්වාදනය කරයි. එය ඔහුගේ ධ්‍යාන ආශාව යයි ධ්‍යාන අරමුණ වේයයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ අන්ධකයින්ගේ මෙනි. ඔවුන් සඳහා සමාපන්නො යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. තං ඣහං තස්ස ඣානස්ස ආරම්මණං යන ප්රශ්නවල එයම ඒ අරමුණ නොදක්නේ සූත්‍ර විරෝධ බියෙන් ප්‍රතික්ෂේප කරයි. ‘තදස්සාදෙති’ වචන මාත්‍රයෙන් පිළිගනී. සො තං අස්සාදෙති යන සූත්‍රය ධ්‍යානලාභියා ධ්‍යානයෙන් නැගිට ධ්‍යාන ආශ්වාදය සාධයි. සමාපත්තිය තුළදීම ධ්‍යාන ආශාව ධ්‍යාන අරමුණු බව නොවේ. එහෙයින් සාධක නොවේ.
සමාපන්නො අස්සාදෙතීතිකථාවණ්ණනා.
අසාතරාගකථාවණ්ණනා
124. අසාත රාග කථා
ඉදානි අසාතරාගකථා නාම හොති. තත්ථ “යංකිඤ්චි වෙදනං වෙදෙති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, සො තං වෙදනං අභිනන්දති අභිවදතී”ති (ම· නි· 1.409) සුත්තෙ දිට්ඨාභිනන්දනවසෙන වුත්තං. “අභිනන්දතී”තිවචනං නිස්සාය “දුක්ඛවෙදනායපි රාගස්සාදවසෙන අභිනන්දනා හොති. තස්මා අත්ථි අසාතරාගො”ති යෙසං ලද්ධි, සෙය්යථාපි උත්තරාපථකානං; තෙ සන්ධාය අත්ථි අසාතරාගොති පුච්ඡා සකවාදිස්ස. තත්ථ අසාතරාගොති අසාතෙ දුක්ඛවෙදයිතෙ “අහො වත මෙ එතදෙව භවෙය්යා”ති රජ්ජනා. ආමන්තාති ලද්ධිවසෙන පටිඤ්ඤා ඉතරස්ස. සෙසමෙත්ථ උත්තානත්ථමෙව.
දැන් අසාත රාග කථා නම් වේ. එහි ‘යං කිංචි වෙදතං වෙදෙති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා සො තං වෙදනං අභිනන්දති අභිවදති’ (යම්කිසි සැප හෝ දුක් හෝ අදුක්ඛමසුඛ හෝ වේදනාවක් විඳීද හෙතෙම ඒ වේදනාවට සතුටු වේ. ප්‍රකාශ කරයි.) යන සූත්‍රයෙහි මෙලොව වශයෙන් සතුටුවීම කියන ලදී. අභිනන්දති යන වචනය නිසා දුක්වේදනාවේ ද රාග ආශ්වාද වශයෙන් සතුටු වේ. එනිසා ආසාත රාගය ඇතැයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ උත්තරාපථකයන්ගේ මෙනි ඔවුන් සඳහා අත්ථි අසාත රාගො විචාරීම සකවාදියාටය. එහි අසා රාග යනු දුක්වේදනා විඳින කල්හි අහෝ මට මෙය වන්නේ යයි ඇලීම. ආමන්තා යයි ලබ්ධි වශයෙන් ප්‍රතිඥාව පරවාදියාටය.
සො තං වෙදනං අභිනන්දතීති සුත්තෙ පන විනිවට්ටෙත්වා දුක්ඛවෙදනමෙව ආරබ්භ රාගුප්පත්ති නාම නත්ථි, සමූහග්ගහණෙන පන වෙදයිතලක්ඛණං ධම්මං දුක්ඛවෙදනමෙව වා අත්තතො සමනුපස්සන්තො දිට්ඨිමඤ්ඤනාසඞ්ඛාතාය දිට්ඨාභිනන්දනාය වෙදනං අභිනන්දති, දුක්ඛාය වෙදනාය විපරිණාමං අභිනන්දති, දුක්ඛාය වෙදනාය අභිභූතො තස්සා පටිපක්ඛං කාමසුඛං පත්ථයන්තොපි දුක්ඛවෙදනං අභිනන්දති නාම. එවං දුක්ඛවෙදනාය අභිනන්දනා හොතීති අධිප්පායො. තස්මා අසාධකමෙතං අසාතරාගස්සාති.
සො තං වෙදනං අභිනන්දති යන සූත්‍රයෙහි වෙනස්වී දුක්වේදනාව අරබයා රාගය ඉපදීමක් නම් නැත. සමූහ වශයෙන් ගැනීමෙන් වනාහි විදීම් ලක්ෂණ වූ ධර්මය දුක්වේදනාවම හෝ ආත්ම වශයෙන් බලන්නේ දිටු හැඟීම් වූ දුටු අභිනන්දනයෙන් සතුටු වේ. දුකින් වෙනස්වන වේදනාවෙන් සතුටු නොවේ. දුක් වේදනාවෙන් යුක්ත වූ ඊට ප්රතිපක්ෂ වූ කාම සුව පතන්නේ දුක් වේදනාව සතුටු වේ. මෙසේ දුක් වේදනාවෙන් සතුටුවේ යන අදහසයි. එනිසා මේ අසාත රාගය අසාධක වේ.
අසාතරාගකථාවණ්ණනා.
ධම්මතණ්හාඅබ්යාකතාතිකථාවණ්ණනා
125. ධම්ම තණ්හා අබ්යාකතා කථා
ඉදානි ධම්මතණ්හා අබ්යාකතාතිකථා නාම හොති. තත්ථ රූපතණ්හා…පෙ… ධම්මතණ්හාති ඉමාසු ඡසු තණ්හාසු යස්මා සබ්බපච්ඡිමා තණ්හා ධම්මතණ්හාති වුත්තා, තස්මා සා අබ්යාකතාති යෙසං ලද්ධි, සෙය්යථාපි පුබ්බසෙලියානං; තෙ සන්ධාය පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස. සෙසපඤ්හානං පාළියා අත්ථො නිය්යාති. කාමතණ්හාතිආදීහි තීහි කොට්ඨාසෙහි ඡපි තණ්හා සඞ්ඛිපිත්වා දස්සිතා. රූපාදීසු හි ඡසු ආරම්මණෙසු කාමස්සාදවසෙන පවත්තා තණ්හා කාමතණ්හා. “භවිස්සති අත්තා ච ලොකො චා”ති සස්සතදිට්ඨිසහගතා තණ්හා භවතණ්හා. “න භවිස්සතී”ති උච්ඡෙදදිට්ඨිසහගතා තණ්හා විභවතණ්හාති. නනු සා ධම්මතණ්හාති පදං තණ්හාය ධම්මාරම්මණං ආරබ්භ පවත්තිං දීපෙති, න අබ්යාකතභාවං තස්මා අසාධකන්ති.
දැන් ධම්ම තණ්හා අඛ්‍යාකතා කථා නම් වේ. එහි රූප තෘෂ්ණාව -පෙ- ධර්ම තෘණා යයි මේ තෘෂ්ණා සයේ යම්සේ සියල්ලටම පසු තෘෂ්ණාව ධර්ම තෘෂ්ණා යයි කියන ලදී. එහෙයින් එය අව්‍යාකෘත යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම් පුබ්බසේලියන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. සෙසු ප්රශ්නවල පෙළෙන් අර්ථය පමුණුවයි. කාම තෘෂ්ණාදි කොටස් තුනෙන් තෘෂ්ණා සය හකුළුවා දක්වන ලදී. රූපාදි අරමුණු සයෙහි කාමාශ්වාද වශයෙන් පවතිනා තෘෂ්ණාව කාම තෘෂ්ණා වේ. ආත්මය ද ලෝකය ද යයි ශාස්වත දෘෂ්ටි සහගත තෘෂ්ණාව භව තෘෂ්ණා වේ. නොවන්නේ යයි උච්ඡේද දෘෂ්ටි සහගත තෘෂ්ණාව විභව තෘෂ්ණා වේ. නනු සා ධම්ම තණ්හා යන පද තෘෂ්ණාවෙන් ධර්ම අරමුණු අරබයා පැවතීම දක්වයි. අව්‍යාකෘතභාවය නොවේ. එහෙයින් සාධක නොවේ.
ධම්මතණ්හා අබ්යාකතාතිකථාවණ්ණනා.
ධම්මතණ්හානදුක්ඛසමුදයොතිකථාවණ්ණනා
126. ධම්ම තණ්හා න දුක්ඛ සමුදයොති කථා
ඉදානි ධම්මතණ්හා නදුක්ඛසමුදයොතිකථා නාම හොති. තත්රාපි යස්මා සා ධම්මතණ්හාති වුත්තා, තස්මා න දුක්ඛසමුදයොති යෙසං ලද්ධි, සෙය්යථාපි පුබ්බසෙලියානංයෙව; තෙ සන්ධාය පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස. සෙසං පුරිමකථාසදිසමෙවාති.
දැන් ධර්ම තෘෂ්ණාව දුක්ඛ සමුදය නොවේය කථා නම් වේ. එහිද යම්හෙයකින් එය ධර්ම තෘෂ්ණාව යයි කියන ලදී. එහෙයින් දුක්ඛ සමුදය නොවේ යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ පුබ්බසේලියන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. සෙස්ස පෙරකථාව හා සමාන වේ.
ධම්මතණ්හා නදුක්ඛසමුදයොතිකථාවණ්ණනා.
තෙරසමො වග්ගො.
තෙළෙස්වැනි වර්ගය නිමයි.