යෙදුමෙන් කියවන්න

නිවුතකථා

13. 5.

13. 5.

නිවුතකථා.

නිවුතකථා

[‘ශුද්ධපුද්ගලයාහට ශුද්ධිකෘත්‍ය නැති බැවින් නීවරණයෙන් නිවෘත වූයේ (වෙළුණු පුද්ගලයා) නීවරණ දුරු කෙරේ’ යයි උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘නිවුතකථා’ එයි.]

1. ස. පු. නිවුතො නීවරණං ජහතී’ති.

1. ස. පු: නීවරණයෙන් නිවෘත වූයේ නීවරණ හැරපියන්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: රත‍්තො රාගං ජහති. දුට‍්ඨො දොසං ජහති. මූළ‍්හො මොහං ජහති. කිලිට‍්ඨො කිලෙසෙ ජහතී’ති.

ස. අනු: රක්ත වූයේ රාගය හැරපියා ද? දුෂ්ට වූයේ ද්වේෂය හැරපියා ද? මූඪ වූයේ මෝහය හැරපියා ද? ක්ලිෂ්ට වූයේ ක්ලේශ හැරපියා ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

ස. අනු: රාගෙන රාගං ජහති, දොසෙන දොසං ජහති, මොහෙන මොහං ජහති, කිලෙසෙහි කිලෙසෙ ජහතී’ති.

ස. අනු: රාගයෙන් රාගය හැරපියා ද? ද්වේෂයෙන් ද්වේෂය හැරපියා ද? මෝහයෙන් මෝහය හැරපියා ද? ක්ලේශයෙන් ක්ලේශය හැරපියා ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

2. ස. පු: රාගො චිත‍්තසම‍්පයුත‍්තො, මග‍්ගො චිත‍්තසම‍්පයුත‍්තො’ති.

2. ස. පු: රාගය චිත්තසම්ප්‍රයුක්ත වේ ද? මාර්‍ගය චිත්තසම්ප්‍රයුක්ත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: ද‍්වින‍්නං ඵස‍්සානං -පෙ- ද‍්වින‍්නං චිත‍්තානං සමොධානං හොතී’ති.

ස. අනු: ස්‍පර්‍ශයන් දෙදෙනකුන්ගේ ... චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

3. ස. පු: රාගො අකුසලො, මග‍්ගො අකුසලො’ති.

3. ස. පු: රාගය අකුශල වේ ද? මාර්‍ගය කුශල වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: කුසලාකුසලා සාවජ‍්ජානවජ‍්ජා හීනප‍්පණීතා කණ‍්හසුක‍්කසප‍්පටිභාගා ධම‍්මා සම‍්මුඛීභාවං ආගච‍්ඡන‍්තී’ති.

ස. අනු: කුශලාකුශල, සාවද්‍යානවද්‍යා, හීනප්‍රණීත, කෘෂ්ණශුක්ලසප්‍රතිභාග ධර්‍මයෝ සම්මුඛීභාවයට එද් ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

4. ස. පු: කුසලාකුසලා සාවජ‍්ජානවජ‍්ජා හීනප‍්පණීතා කණ‍්හසුක‍්කසප‍්පටිභාගා ධම‍්මා සම‍්මුඛීභාවං ආගච‍්ඡන‍්තී’ති.

4. ස. පු: කුශලාකුශල, සාවද්‍යානවද්‍යා, හීනප්‍රණීත, කෘෂ්ණශුක්ලසප්‍රතිභාග ධර්‍මයෝ සම්මුඛීභාවයට එත් ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: නනු වුත‍්තං භගවතා “චත‍්තාරිමානි භික‍්ඛවෙ සුවිදූරවිදූරානි කතමානි චත‍්තාරි: නභඤ‍්ච භික‍්ඛවෙ පඨවී ච ඉදං පඨමං සුවිදූරවිදූරං -පෙ- තස‍්මා සතං ධම‍්මො අසබ‍්භි ආරකා’ති අත්‍ථෙව සුත‍්තන‍්තො’ති.

ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මහණෙනි, මේ සුවිදූරවිදූරයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්: මහණෙනි, අහසත් පොළොවත් යන මෙදෙක පළමු වන සුවිදූරවිදූරය යි. ... එහෙයින් සත්පුරුෂයන්ගේ ධර්‍මය අසත්පුරුෂයන් කෙරෙන් දුරු වේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. ආ: තෙන හි න වත‍්තබ‍්බං “කුසලාකුසලා -පෙ- සම‍්මුඛීභාවං ආගච‍්ඡන‍්තී’ති.

ස. ආ: එකරුණින් ‘කුශලාකුශල ... ධර්‍මයෝ සම්මුඛීභාවයට එති’ යි නො කියැයුතු මැ යැ.

5. ස. පු: නිවුතො නීවරණං ජහතී’ති.

5. ස. පු: නිවෘත වූයේ නීවරණ හැරපියන්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: නනු වුත‍්තං භගවතා “සො එවං සමාහිතෙ චිත‍්තෙ පරිසුද‍්ධෙ පරියොදාතෙ අනඞ‍්ගණෙ විගතූපක‍්කිලෙසෙ මුදුභූතෙ කම‍්මනියෙ ඨිතෙ අනෙඤ‍්ජප‍්පත‍්තෙ ආසවානං ඛයඤාණාය චිත‍්තං අභිනින‍්නාමෙතී’ති අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති.

ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු: “හේ මෙසේ සමාධිගත සිත පරිශුද්ධ වූ කල්හි පර්‍ය්‍යවදාත වූ කල්හි අනඞ්ගණ වූ කල්හි විගතෝපක්ලේශ වූ කල්හි මෘදු වූ කල්හි කර්‍මණ්‍ය වූ කල්හි ස්ථිතිප්‍රාප්ත කල්හි අකම්ප්‍යභාවයට පැමිණි කල්හි ආස්‍රවක්‍ෂයඥානය පිණිස සිත නමන්නේ යැ” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. ආ: තෙන හි න වත‍්තබ‍්බං “නිවුතො නීවරණං ජහතී”ති.

ස. ආ: එකරුණින් ‘නිවෘත වූයේ නීවරණ හැරපියා’යි නො කියැයුතු මැ යැ.

6. ප. පු: න වත‍්තබ‍්බං නිවුතො නීවරණං ජහතී’ති.

6. ප. පු: “නිවෘත වූයේ නීවරණ හැරපියන්නේ වේ” යයි නො කියැයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. අනු: නනු වුත‍්තං භගවතා “තස‍්ස එවං ජානතො එවං පස‍්සතො කාමාසවා’පි චිත‍්තං විමුච‍්චති -පෙ- අවිජ‍්ජාසවා’පි චිත‍්තං විමුච‍්චතී”ති. අත්‍ථෙව සුත‍්තන‍්තො’ති.

ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මෙසේ දන්නා මෙසේ දක්නා ඔහට කාමාස්‍රවයෙනුදු සිත මිදෙයි ... අවිද්‍යාස්‍රවයෙනුදු සිත මිදේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු.

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. ආ: තෙන හි නිවුතො නීවරණං ජහතී’ති.

ප. ආ: එකරුණින් ‘නිවෘත වූයේ නීවරණ හැරපියන්නේ වෙයි.

(සූත්‍රපාඨයෙන් දැක්වෙන්නේ ආස්‍රවක්‍ෂය මිස නිවෘතයාගේ නීවරණ හැරලීමෙක් නොවේ. එහෙයින් අසාධකයි.)

නිවුතකථා නිට‍්ඨිතා.

නිවුතකථා නිමි.