යෙදුමෙන් කියවන්න

නියතස‍්ස නියාමකථා

13. 4.

13. 4.

නියතස‍්ස නියාමකථා.

නියතස්ස නියාමකථා

[නියාමය දෙපරිදි වෙයි. එහි ආනන්තර්‍ය්‍ය කර්‍මය මිථ්‍යාත්‍වනියාම වෙයි. ආර්‍ය්‍යමාර්‍ගය සම්‍යක්ත්‍වනියාමය වෙයි. මේ නියාමධර්‍ම දෙක තබා අන්‍ය නියාමයෙක් නැත. සියලු ත්‍රෛභූමකධර්‍මයෝ අනියතයහ. එයින් යුක්ත වූයේත් අනියත මැ වෙයි. බුදුවරුන් විසින් තමන්ගේ ඥානබලයෙන් ‘මේ සත්ත්‍වයා අනාගතයෙහි බුදු වෙති’යි ව්‍යාකෘත වූ බෝධිසත්ත්‍ව තෙමේ අත්‍යන්ත පින් ඇති හෙයින් නියත’ යයි කියනු ලැබේ. මේ ව්‍යවහාර මාත්‍රය ගෙන ‘පශ්චිමභවික බෝධිසත්ත්‍වයා ධර්‍මාභිසමයට භව්‍යය’ යි යන අදහසින් ‘නියත වූයේ ආර්‍ය්‍යමාර්‍ග නියාමයට බැස ගන්නේ වේ ය’ යි පූර්‍ව ශෛලීය අපරශෛලීය නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘නියතස්ස නියාමකථා’ එයි]

1. ස. පු: නියතො නියාමං ඔක‍්කමතී’ති.

1. ස. පු: නියත වූ සත්ත්‍වයා නියාමයට බැසගන්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: මිච‍්ඡත‍්තනියතො සම‍්මත‍්තනියාමං ඔක‍්කමති, සම‍්මත‍්තනියතො මිච‍්ඡත‍්තනියාමං ඔක‍්කමතී’ති.

ස. අනු: මිථ්‍යාත්‍වනියත සත්ත්‍වයා සම්‍යක්ත්‍වනියාමයට බැස ගන්නේ වේ ද? සම්‍යක්ත්‍වනියත සත්ත්‍වයා මිථ්‍යාත්‍වනියාමයට බැසගන්නේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

2. ස. පු. නියතො නියාමං ඔක‍්කමතී’ති.

2. ස. පු: නියත සත්ත්‍වයා නියාමයට බැසගන්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: පුබ‍්බෙ මග‍්ගං භාවෙත්‍වා පච‍්ඡා නියාමං ඔක‍්කමතී’ති.

ස. අනු: පෙර මාර්‍ගය භවා පසු වැ නියාමයට බැසගන්නේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පු: එසේ නො කියැයුතු යැ ...

ස. අනු: පුබ‍්බෙ සොතාපත‍්තිමග‍්ගං භාවෙත්‍වා පච‍්ඡා සොතාපත‍්තිනියාමං ඔක‍්කමතී’ති.

ස. අනු: පෙර ශ්‍රෝතාපත්ති මාර්‍ග භවා පසු වැ ශ්‍රෝතාපත්ති නියාමයට බැසගන්නේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පු: එසේ නො කියැයුතු යැ ...

ස. අනු: පුබ‍්බෙ සකදාගාමිමග‍්ගං -පෙ- අනාගාමිමග‍්ගං -පෙ- අරහත‍්තමග‍්ගං භාවෙත්‍වා පච‍්ඡා අරහත‍්තනියාමං ඔක‍්කමතී’ති.

ස. අනු: පෙර සෙදගැමි මග ... අනගැමි මග ... රහත්මග භවා පසු වැ අර්‍හත්ත්‍වනියාමයට බැසගන්නේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පු: එසේ නො කියැයුතු යැ ...

ස. අනු: පුබ‍්බෙ සතිපට‍්ඨානං -පෙ- සම‍්මප‍්පධානං -පෙ- ඉද‍්ධිපාදං -පෙ- ඉන්‍ද්‍රියං -පෙ- බලං -පෙ- බොජ‍්ඣඞ‍්ගං භාවෙත්‍වා පච‍්ඡා නියාමං ඔක‍්කමතී’ති.

ස. අනු: පෙර සතිපට්ඨාන ... සම්‍යක්ප්‍රධාන ... ඍද්ධිපාද ... ඉන්‍ද්‍රිය ... බල ... බෝධ්‍යඞ්ග භවා පසු වැ නියාමයට බැසගන්නේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

3. ප. පු: න වත‍්තබ‍්බං නියතො නියාමං ඔක‍්කමතී’ති.

3. ප. පු: ‘නියත සත්ත්‍වයා නියාමයට බැසගන්නේ ය’යි නො කියැයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. අනු. භබ‍්බො බොධිසත‍්තො තාය ජාතියා ධම‍්මං නාභිසමෙතුන‍්ති.

ප. අනු: බෝධිසත්ත්‍ව තෙමේ ඒ ජාතියෙහි ධර්‍මාභිසමයට භව්‍ය නොවන්නේ වේ ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු යැ ...

ප. ආ: තෙන හි “නියතො නියාමං ඔක‍්කමතී”ති.

ප. ආ: එකරුණින් නියතසත්ත්‍වයා නියාමධර්‍මයට බැසගන්නේ යැ.

නියතස‍්ස නියාමකථා නිට‍්ඨිතා.

නියතස්ස නියාමකථා නිමි.