යෙදුමෙන් කියවන්න

අනන‍්තරාපයුත‍්තකථා

13. 3.

13. 3.

අනන‍්තරාපයුත‍්තකථා.

අනන්තරාපයුත්තකථා

[“කාබුන් මරණින් අනන්තර වැ විපාකදායක වූ ආනන්තර්‍ය්‍ය කර්‍මයක් පිණිස නියත ආණත්තියෙන් ඇණැවුම් ලැබූවෙක් මාතුඝාතකාදි ඒ කර්‍ම කෙරේ නම්, ඇණැවුම් කළ තැනැත්තේ අර්‍ත්‍ථසාධකචේතනා උපදවාලූයෙන් මිථ්‍යාත්‍වනියත වෙයි. සම්‍යක්ත්‍වනියාමයට බැසගන්නට අභව්‍ය වෙයි. අනියතාණත්තියකින් ඇණැවුම් ලැබූවෙක් ඒ කර්‍මය කෙරේ නම්, අණ කළ තැනැත්තේ අර්‍ත්‍ථසාධකචේතනා නූපදවාලූයෙන් මිථ්‍යාත්‍වනියත නො වෙයි. සම්‍යක්ත්‍ව නියාමයට බැසගන්නට භව්‍ය වෙයි” යනු ස්වසමය යි. එතෙකුදු වුව අනියතාණත්තියෙන් අණ කළ ද සම්‍යක්ත්‍වනියාමයට බැසගන්නට හේ අභව්‍ය වේ යයි උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘අනන්තරාපයුත්තකථා’ එයි.]

1. ප. පු: අනන‍්තරාපයුත‍්තො පුග‍්ගලො සම‍්මත‍්තනියාමං ඔක‍්කමෙය්‍යා’ති.

1. ප. පු: අනන්තරාප්‍රයුක්ත පුද්ගලයා සම්‍යක්ත්‍වනියාමයට (ආර්‍ය්‍යමාර්‍ගයට) බැසගන්නේ වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. අනු: මිච‍්ඡත‍්තනියාමඤ‍්ච සම‍්මත‍්තනියාමඤ‍්ච උභො ඔක‍්කමෙය්‍යා’ති.

ප. අනු: මිථ්‍යාත්‍වනියාම (ආනන්තර්‍ය්‍යකර්‍ම) හා සම්‍යක්ත්‍වනියාම හා දෙකට මැ බැසගන්නේ වේ ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු යැ ...

2. ප. පු: අනන‍්තරාපයුත‍්තො පුග‍්ගලො සම‍්මත‍්තනියාමං ඔක‍්කමෙය්‍යා’ති.

2. ප. පු: අනන්තරාප්‍රයුක්ත පුද්ගලයා සම්‍යක්ත්‍ව නියාමයට බැසගන්නේ වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. අනු: නනු තං කම‍්මං පයුත‍්තං කුක‍්කුච‍්චං උප‍්පාදිතං විප‍්පටිසාරියං ජනිතන‍්ති.

ප. අනු: ඒ ආනන්තර්‍ය්‍යකර්‍මය ප්‍රයුක්ත නො වේ ද, කුකුස් උපදවනලද නො වේ ද, විපිළිසර උපදවනලද නො වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි තං කම‍්මං පයුත‍්තං කුක‍්කුච‍්චං උප‍්පාදිතං විප‍්පටිසාරියං ජනිතං,

අනු. ඨ: ඉදින් කර්‍මය ප්‍රයුක්ත නම්, කුකුස් උපදවන ලද නම්, විපිළිසර උපදවන ලද නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ “අනන‍්තරාපයුත‍්තො පුග‍්ගලො සම‍්මත‍්තනියාමං ඔක‍්කමෙය්‍යා”ති.

අනු. පා: භවත, ‘අනන්තරාප්‍රයුක්ත පුද්ගල සම්‍යක්ත්‍වනියාමයට බැස ගන්නේ යැ’ යි නො කියැයුතු මැ යැ.

3. ස. පු: අනන‍්තරාපයුත‍්තො පුග‍්ගලො අභබ‍්බො සම‍්මත‍්තනියාමං ඔක‍්කමිතුන‍්ති.

3. ස. පු: අනන්තරාප්‍රයුක්ත (අතියතාණත්තිකළ) පුද්ගලයා සම්‍යක්ත්‍වනියාමයට බැසගන්නට අභව්‍ය වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: මාතා ජීවිතා වොරොපිතා, පිතා ජීවිතා වොරොපිතො, අරහා ජීවිතා වොරොපිතො, දුට‍්ඨෙන චිත‍්තෙන තථාගතස‍්ස ලොහිතං උප‍්පාදිතං සඞ‍්ඝො භින‍්නො’ති.

ස. අනු: (ඔහු විසින්) මවු දිවි තොර කරන ලදු ද, පියේ දිවි තොර කරන ලද්දේ ද, රහත් දිවි තොර කරන ලද්දේ ද, දුෂ්ට චිත්තයෙන් තථාගතයන් වහන්සේගේ සිරුරෙහි ලෙහෙ සලන ලද්දේ ද, සඞ්ඝයා බිඳින ලද ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

4. ස. පු: අනන‍්තරාපයුත‍්තො පුග‍්ගලො තං කම‍්මං පටිසංහරිත්‍වා කුක‍්කුච‍්චං පටිවිනොදෙත්‍වා විප‍්පටිසාරියං පටිවිනෙත්‍වා අභබ‍්බො සම‍්මත‍්තනියාමං ඔක‍්කමිතුන‍්ති.

4. ස. පු: අනන්තරාප්‍රයුක්ත පුද්ගලයා ඒ අතියතාණත්ති කර්‍මය හකුළුවා කුකුස් දුරු කොට විපිළිසර බැහැර කොට සම්‍යක්ත්‍වනියාමයට බැසගන්නට අභව්‍ය වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: මාතා ජීවිතා වොරොපිතා පිතා ජීවිතා වොරොපිතො -පෙ- සඞ‍්ඝො භින‍්නො’ති.

ස. අනු: (ඔහු විසින්) මවු දිවි තොර කරන ලදු ද? පියේ දිවි තොර කරන ලද්දේ ද, ... සඞ්ඝයා බිඳින ලද්දේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

5. ස. පු: අන‍්තරාපයුත‍්තො පුග‍්ගලො තං කම‍්මං පටිසංහරිත්‍වා කුක‍්කුච‍්චං පටිවිනොදෙත්‍වා විප‍්පටිසාරියං පටිවිනෙත්‍වා1 අභබ‍්බො සම‍්මත‍්තනියාමං ඔක‍්කමිතුන‍්ති.

5. ස. පු: අනන්තරාප්‍රයුක්ත පුද්ගලයා ඒ කර්‍මය හකුළුවා කුකුස් දුරු කොට විපිළිසර බැහැර කොට සම්‍යක්ත්‍වනියාමයට බැසගන්නට අභව්‍ය වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: නනු තං කම‍්මං පටිසංහතං කුක‍්කුච‍්චං පටිවිනොදිතං විප‍්පටිසාරියං පටිවිනීතන‍්ති.

ස. අනු: ඒ කර්‍මය හකුළුවන ලද්දේ නො වේ ද? කුකුස දුරු කරන ලද්දේ නො වේ ද, විපිළිසර බැහැර කරන ලද්දේ නො වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි තං කම‍්මං පටිසංහතං කුක‍්කුච‍්චං පටිවිනොදිතං විප‍්පටිසාරියං පටිවිනීතං,

අනු. ඨ: ඉදින් ඒ කර්‍මය හකුළුවන ලද වේ නම්, කුකුස් දුරු කරන ලද වේ නම්, විපිළිසර බැහැර කරන ලද වේ නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ “අන‍්තරාපයුත‍්තො පුග‍්ගලො තං කම‍්මං පටිසංහරිත්‍වා කුක‍්කුච‍්චං පටිවිනොදෙත්‍වා විප‍්පටිසාරියං පටිවිනෙත්‍වා අභබ‍්බො සම‍්මත‍්තනියාමං ඔක‍්කමිතු”න‍්ති.

අනු. පා: භවත, ‘අනන්තරාප්‍රයුක්ත පුද්ගලයා ඒ කර්‍මය හකුළුවා කුකුස් දුරු කොට විපිළිසර බැහැර කොට සම්‍යක්ත්‍වනියාමයට බැසගන්නට අභව්‍ය වෙයි’ යනු නො කියැයුතු මැ යැ.

6. ප. පු: අනන‍්තරාපයුත‍්තො පුග‍්ගලො සමත‍්තනියාමං ඔක‍්කමෙය්‍යා’ති.

6. ප. පු: අනන්තරාප්‍රයුක්ත පුද්ගලයා සම්‍යක්ත්‍වනියාමයට බැසගන්නේ වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. අනු: නනු තං කම‍්මං පයුත‍්තො ආසී’ති.

ප. අනු: ඒ ආනන්තර්‍ය්‍ය කර්‍මය ප්‍රයුක්ත වූයේ නො?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි තං කම‍්මං පයුත‍්තො ආසී,

අනු. ඨ: ඉදින් ඒ කර්‍මය ප්‍රයුක්ත වී නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ “අන‍්තරාපයුත‍්තො පුග‍්ගලො සම‍්මත‍්තනියාමං ඔක‍්කමෙය්‍යා’ති.

අනු. පා: භවත, ‘අනන්තරාප්‍රයුක්ත පුද්ගලයා සම්‍යක්ත්‍වනියාමයට බැසගන්නේ යැ’ යනු නො කියැයුතු මැ යැ.

අනන‍්තරාපයුත‍්තකථා නිට‍්ඨිතා.

අනන්තරාපයුත්තකථා නිමි.