කුසලපටිලාභකථා
13. 2.
13. 2.
කුසලපටිලාභකථා.
කුසලපටිලාභකථා
[‘කල්පස්ථයා කාමාවචර කුශලයක් මැ ලබා’ යනු ස්වසමය යි. ‘කුසල්සිත් නො ලබා’ යයි උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘කුසලපටිලාභකථා’ එයි.]
1. ස. පු: කප‍්පට‍්ඨො කුසලං චිත‍්තං න පටිලභෙය්‍යා’ති.
1. ස. පු: කල්පස්ථයා කුශලචිත්තය නො ලබන්නේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කප‍්පට‍්ඨො දානං දදෙය්‍යා’ති.
ස. අනු: කල්පස්ථයා දන් දෙන්නේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි කප‍්පට‍්ඨො දානං දදෙය්‍ය,
අනු. ඨ: ඉදින් කල්පස්ථයා දන් දෙන්නේ වේ නම්,
අනු පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ “කප‍්පට‍්ඨො කුසලං චිත‍්තං න පටිලභෙය්‍යා”ති.
අනු. පා: භවත, කල්පස්ථයා කුශලචිත්තය නොලබන්නේ යැ යනු නො කියැයුතු මැ යැ.
2. ස. පු: කප‍්පට‍්ඨො කුසලං චිත‍්තං න පටිලභෙය්‍යා’ති.
2. ස. පු: කල්පස්ථයා කුශලචිත්තය නො ලබන්නේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කප‍්පට‍්ඨො චීවරං දදෙය්‍ය -පෙ- පිණ‍්ඩපාතං දදෙය්‍ය -පෙ- සෙනාසනං දදෙය්‍ය -පෙ- ගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරං දදෙය්‍ය -පෙ- ඛාදනීයං දදෙය්‍ය -පෙ- භොජනීයං දදෙය්‍ය -පෙ- පානීයං දදෙය්‍ය -පෙ- චෙතියං වන්‍දෙය්‍ය -පෙ- චෙතියෙ මාලං ආරොපෙය්‍ය -පෙ- ගන්‍ධං ආරොපෙය්‍ය -පෙ- විලෙපනං ආරොපෙය්‍ය -පෙ- චෙතියං පදක‍්ඛිණං කරෙය්‍යා’ති.
ස. අනු: කල්පස්ථයා සිවුරු දෙන්නේ ... පිඬුවා දෙන්නේ ... සෙනසුන් දෙන්නේ ... ගිලන්පසබෙහෙත්පිරිකර දෙන්නේ ... ඛාද්‍ය දෙන්නේ ... භෝජ්‍ය දෙන්නේ ... පැන් දෙන්නේ ... සෑ වඳනේ ... සෑයෙහි මල් පළඳනේ ... සුවඳ නංවන්නේ ... විලෙවුන් රුවන්නේ ... සෑ පැදකුණු කරන්නේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි කප‍්පට‍්ඨො චෙතියං පදක‍්ඛිණං කරෙය්‍ය,
අනු. ඨ: ඉදින් කල්පස්ථයා සෑ පැදකුණු කරන්නේ වේ නම්,
අනු පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ “කප‍්පට‍්ඨො කුසලං චිත‍්තං න පටිලභෙය්‍යා’ති.
අනු. පා: භවත, ‘කල්පස්ථයා කුශලචිත්තය නොලබන්නේ යැ’ යනු නො කියැයුතු මැ යැ.
3. ප. පු: කප‍්පට‍්ඨො කුසලං චිත‍්තං පටිලභෙය්‍යා’ති.
3. ප. පු: කල්පස්ථයා කුශලචිත්තය ලබන්නේ වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: තතො වුට‍්ඨානං කුසලං චිත‍්තං පටිලභෙය්‍යා’ති.
ප. අනු: එයින් උත්‍ථාන කුශලචිත්තය ලබන්නේ වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: රූපාවචරං -පෙ- අරූපාවචරං -පෙ- ලොකුත‍්තරං කුසලං චිත‍්තං පටිලභෙය්‍යා’ති.
ප. අනු: රූපාවචර ... අරූපාවචර ... ලෝකෝත්තරචිත්තය ලබන්නේ වේ ද?
ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
කුසලපටිලාභකථා නිට‍්ඨිතා.
කුශලපටිලාභකථා නිමි.