කප්පට්ඨකථා
13. 1.
13. 1.
කප‍්පට‍්ඨකථා.
කප්පට්ඨකථා
[“සඞ්ඝං සමග්ගං හෙත්‍වාන කප්පං නිරයම්හි පච්චති” යනු ගෙන සඞ්ඝභේදක කපක් පුරා නිරයෙහි සිටුනේ’යි රාජගිරිකයන් සෙයින් ලබ්ධි ගතුවන්ගේ වාද බිඳුනට කප්පට්ඨකථා එයි.]
1. ස. පු: කප‍්පට‍්ඨො කප‍්පං තිට‍්ඨෙය්‍යා’ති.
1. ස. පු: කල්පස්ථයා (සම්පූර්‍ණ මහා) කපක් සිටුනේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කප‍්පො ච සණ‍්ඨාති, බුද‍්ධො ච ලොකෙ උප‍්පජ‍්ජතී’ති.
ස. අනු: කල්පයත් සිටුනේ වේ ද? බුදුහු ද ලොව උපදනාහු වෙත් ද? (සඞ්ඝභේදය බුදුන් ඇති කලැමැ වන බව හැඟවී.)
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: කප‍්පට‍්ඨො කප‍්පං තිට‍්ඨෙය්‍යා’ති.
2. ස. පු: කල්පස්ථයා කල්පයක් සිටුනේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කප‍්පො ච සණ‍්ඨාති, සඞ‍්ඝො ච භිජ‍්ජතී’ති.
ස. අනු: කපක් හටගනී. ඒ හා මැ සඞ්ඝයාත් බිඳේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: කප‍්පට‍්ඨො කප‍්පං තිට‍්ඨෙය්‍යා’ති.
3. ස. පු: කල්පස්ථයා කපක් සිටුනේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කප‍්පො ච සණ‍්ඨාති, කප‍්පට‍්ඨො ච කප‍්පට‍්ඨියං කම‍්මං කරොතී’ති.
ස. අනු: කප හටගන්නා හා මැ කල්පස්ථයා කල්පස්ථායී කර්‍ම කෙරේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: කප‍්පට‍්ඨො කප‍්පං තිට‍්ඨෙය්‍යා’ති.
4. ස. පු: කල්පස්ථයා කපක් සිටුනේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කප‍්පො ච සණ‍්ඨාති, කප‍්පට‍්ඨො ච පුග‍්ගලො කාලං කරොතී’ති.
ස. අනු: කල්පය හටගන්නා හා මැ කල්පස්ථ පුද්ගලයා කලුරිය කෙරේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: කප‍්පට‍්ඨො කප‍්පං තිට‍්ඨෙය්‍යා’ති.
5. ස. පු: කල්පස්ථයා කපක් සිටුනේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අතීතං කප‍්පං තිට‍්ඨෙය්‍ය, අනාගතං කප‍්පං තිට‍්ඨෙය්‍යා’ති.
ස. අනු: අතීතකල්පය සිටුනේ වේ ද? අනාගතකල්පය සිටුනේ වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: කප‍්පට‍්ඨො කප‍්පං තිට‍්ඨෙය්‍යා’ති.
6. ස. පු: කල්පස්ථයා කපක් සිටුනේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ද‍්වෙ කප‍්පෙ තිට‍්ඨෙය්‍ය, තයො කප‍්පෙ තිට‍්ඨෙය්‍ය. චත‍්තාරො කප‍්පෙ තිට‍්ඨෙය්‍යා’ති.
ස. අනු: දෙකපක් සිටුනේ වේ ද? තෙකපක් සිටුනේ වේ ද? සිවුකපක් සිටුනේ වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
7. ස. පු: කප‍්පට‍්ඨො කප‍්පං තිට‍්ඨෙය්‍යා’ති.
7. ස. පු: කල්පස්ථයා කපක් සිටුනේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කප‍්පට‍්ඨො කප‍්පෙ ඩය‍්හන‍්තෙ කත්‍ථ ගච‍්ඡතී’ති.
ස. අනු: කල්පස්ථයා කප දන කලැ කොහි යේ ද?
ප. පටිඤ‍්ඤා: අඤ‍්ඤං ලොකධාතුං ගච‍්ඡතී’ති.
ප. පටිඤ්‍ඤා: අන්‍ය ලෝකධාතුවකට යෙයි.
ස. අනු: මතො ගච‍්ඡති, වෙහාසං ගච‍්ඡතී’ති.
ස. අනු: මළේ යේ ද, නොහොත් අහසින් යේ ද?
ප. පටිඤ‍්ඤා: මතො ගච‍්ඡතී’ති.
ප. පටි: මළේ යෙයි.
ස. අනු: කප‍්පට‍්ඨියං කම‍්මං අපරාපරියවෙපක‍්කන‍්ති.
ස. අනු: කල්පස්ථායී කර්‍මය අපරාපරිය වේදනීය වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
8. ස. පු: වෙහාසං ගච‍්ඡතී’ති.
8. ස. පු: අහසට යේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කප‍්පට‍්ඨො ඉද‍්ධිමා’ති.
ස. අනු: කල්පස්ථයා ඍද්ධිමත් වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ... (භාවනාමය ඍද්ධි නැති හෙයින් ප්‍රතික්‍ෂිප්තයි.)
9. ස. පු: කප‍්පට‍්ඨො ඉද‍්ධිමා’ති.
9. ස. පු: කල්පස්ථයා ඍද්ධිමත් වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ. (ජාතිඍද්ධි ඇතියි ප්‍රතිඥාතයි.)
ස. අනු: කප‍්පට‍්ඨෙන ඡන්‍දිද‍්ධිපාදො භාවිතො විරියිද‍්ධිපාදො භාවිතො චිත‍්තිද‍්ධිපාදො භාවිතො වීමංසිද‍්ධිපාදො භාවිතො’ති.
ස. අනු: කල්පස්ථයා විසින් ඡන්‍දිද්ධිපාද භාවිත වේ ද, වීරියිද්ධිපාද භාවිත වේ ද, චිත්තිද්ධිපාද භාවිත වේ ද, වීමංසිද්ධිපාද භාවිත වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ... (ජාතිඍද්ධිපාද ඇති කල්හි ඍද්ධිපාදභාවනා කුමටැයි ප්‍රතික්‍ෂිප්තයි.)
10. ප. පු: න වත‍්තබ‍්බං ‘කප‍්පට‍්ඨො කප‍්පං තිට‍්ඨෙය්‍යා’ති.
10. ප. පු: ‘කල්පස්ථයා කපක් සිටුනේ යැ’යි නො කියයුතු වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: නනු වුත‍්තං භගවතා.
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු:
“ආපායිකො නෙරයිකො කප‍්පට‍්ඨො සඞ‍්ඝභෙදකො, වග‍්ගරතො අධම‍්මට‍්ඨො යොගක‍්ඛෙමතො ධංසති. සඞ‍්ඝං සමග‍්ගං භෙත්‍වාන කප‍්පං නිරයම‍්හි පච‍්චතී”ති.
“ආපායික වූ නේරයික වූ කල්පස්ථායී වූ වර්‍ගරත වූ අධර්‍මස්ථ වූ සඞ්ඝභේදක පුද්ගලයා යෝගක්‍ෂේමයෙන් පිරිහෙයි. සමග සඟුන් බිඳ කපක් දවස් නිරයෙහි පැසේ” යයි
අත්‍ථෙව සුත‍්තන‍්තො’ති.
වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. ආ: තෙන හි “කප‍්පට‍්ඨො කප‍්පං තිට‍්ඨෙය්‍යා”ති.
ප. ආ: එකරුණින් කල්පස්ථයා කපක් සිටුනේ යැ. (කල්පය අසූවට බෙදා එයින් භාගයක් පමණ කල් නිරයෙහි සිටී. ඒ නිරයෙහි ආයුෂ්කල්පය සඳහා කියුයෙන් අසාධක ය.)
කප‍්පට‍්ඨකථා නිට‍්ඨිතා.
කප්පට්ඨකථා නිමි.