යෙදුමෙන් කියවන්න

සම‍්මුඛීභූතකථා

13. 6.

13. 6.

සම‍්මුඛීභූතකථා.

සම්මුඛීභූතකථා

[මෙහි නිදානය ද නිවුත්කථායෙහි මෙනි.]

1. ස. පු: සම‍්මුඛීභූතො සඤ‍්ඤොජනං ජහතී’ති.

1. ස. පු: (සංයෝජනයන්ගේ) සම්මුඛීභාවයට පැමිණියේ සංයෝජන හැරපියන්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: රත‍්තො රාගං ජහති, දුට‍්ඨො දොසං ජහති, මූළ‍්හො මොහං ජහති, කිලිට‍්ඨො කිලෙසෙ ජහතී’ති.

ස. අනු: රක්ත වූයේ රාගය හැරපියා ද? දුෂ්ට වූයේ ද්වේෂය හැරපියා ද? මූඨ වූයේ මෝහය හැරපියා ද? ක්ලිෂ්ට වූයේ ක්ලේශයන් හැරපියා ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

ස. අනු: රාගෙන රාගං ජහති, දොසෙන දොසං ජහති, මොහෙන මොහං ජහති, කිලෙසෙහි කිලෙසෙ ජහතී’ති.

ස. අනු: රාගයෙන් රාගය හැරපියා ද? ද්වේෂයෙන් ද්වේෂය හැරපියා ද? මෝහයෙන් මෝහය හැරපියා ද? ක්ලේශයෙන් ක්ලේශයන් හැරපියා ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

2. ස. පු: රාගො චිත‍්තසම‍්පයුත‍්තො, මග‍්ගො චිත‍්තසම‍්පයුත‍්තො’ති.

2. ස. පු: රාගය චිත්තසම්ප්‍රයුක්ත යැ. මාර්‍ගය චිත්තසම්ප්‍රයුක්ත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: ද‍්වින‍්නං ඵස‍්සානං -පෙ- ද‍්වින‍්නං චිත‍්තානං සමොධානං හොතී’ති.

ස. අනු: ස්‍පර්‍ශයන් දෙදෙනකුන්ගේ ... චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

3. ස. පු: රාගො අකුසලො, මග‍්ගො කුසලො’ති.

3. ස. පු: රාගය අකුශල යැ. මාර්‍ගය කුශල වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: කුසලාකුසලා සාවජ‍්ජානවජ‍්ජා හීනප‍්පණීතා කණ‍්හසුක‍්කසප‍්පටිභාගා ධම‍්මා සම‍්මුඛීභාවං ආගච‍්ඡන‍්තී’ති.

ස. අනු: කුශලාකුශල වූ සාවද්‍යානවද්‍ය වූ හීනප්‍රණීත වූ කෘෂ්ණශුක්ලසප්‍රතිභාග වූ ධර්‍මයෝ සම්මුඛීභාවයට පැමිණෙත් ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

4. ස. පු: කුසලාකුසලා -පෙ- සම‍්මුඛීභාවං ආගච‍්ඡන‍්තී’ති.

4. ස. පු: කුශලාකුශල වූ ... ධර්‍මයෝ සම්මුඛීභාවයට පැමිණෙත් ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: නනු වුත‍්තං භගවතා “චත‍්තාරිමානි භික‍්ඛවෙ සුවිදූරවිදූරානි. කතමානි චත‍්තාරි: නභඤ‍්ච භික‍්ඛවෙ පඨවී ච, ඉදං පඨමං සුවිදූරවිදූරං -පෙ- තස‍්මා සතං ධම‍්මො අසබ‍්භි ආරකා”ති. අත්‍ථෙව සුත‍්තන‍්තො’ති.

ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැනු: “මහණෙනි, මේ සුවීදූරවිදූරස්ථානයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්: මහණෙනි, අහස හා පොළොව හා මේ පළමු වන සුවිදූරවිදූරස්ථාන යි ... එහෙයින් සත්පුරුෂයන්ගේ ධර්‍මය අසත්පුරුෂයන් කෙරෙන් දුරු යැ” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැනු?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. ආ: තෙන හි වත‍්තබ‍්බං “කුසලාකුසලා -පෙ- සම‍්මුඛීභාවං ආගච‍්ඡන‍්තී”ති.

ස. ආ: එකරුණින් ‘කුශලාකුශල වූ ... ධර්‍මයෝ සම්මුඛීභාවයට එති’ යි නො කියැයුතු මැ යැ ...

5. ස. පු: සම‍්මුඛීභූතො සඤ‍්ඤොජනං ජහතී’ති.

5. ස. පු: සංයෝජනයන්ගේ සම්මුඛීභාවයට පැමිණියේ සංයෝජන හැරපියා ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: නනු වුත‍්තං භගවතා “සො එවං සමාහිතෙ චිත‍්තෙ පරිසුද‍්ධෙ -පෙ- ආසවානං ඛයඤාණාය චිත‍්තං අභිනින‍්නාමෙතී”ති. අත්‍ථෙව සුත‍්තන‍්තො’ති.

ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු: “හේ මෙසේ සමාහිත චිත්තය පරිශුද්ධ වත් මැ ... ආස්‍රවක්‍ෂයඥානය පිණිස චිත්තය නතු කෙරෙයි” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?

ප. පටි: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. ආ: තෙන හි න වත‍්තබ‍්බං “සම‍්මූඛීභුතො සඤ‍්ඤොජනං ජහතී’ති.

ස. ආ: එකරුණින් ‘සම්මුඛීභූත වූයේ සංයෝජන හරනේ යැ’ යනු නො කියැ යුතු යැ.

6. ප. පු: න වත‍්තබ‍්බං “සම‍්මුඛීභූතො සඤ‍්ඤොජනං ජහතී”ති.

6. ප. පු: ‘සම්මුඛීභූත වූයේ සංයෝජන හරනේ යැ’ යනු නො කියැයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: නනු වුත‍්තං භගවතා: තස‍්ස එවං ජානතො එවං පස‍්සතො කාමාසවා’පි චිත‍්තං විමුච‍්චති -පෙ- අවිජ‍්ජාසවා’පි චිත‍්තං විමුච‍්චතී”ති. අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති.

ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මෙසේ දන්නා මෙසේ දක්නා ඔහුගේ සිත කාමාස්‍රව කෙරෙනුදු මිදෙයි ... අවිද්‍යාස්‍රව කෙරෙනුදු මිදේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?

ස. පටි: ආමන‍්තා.

ස. පටි: එසේ යැ.

ප. ආ: තෙන හි සම‍්මුඛීභූතො සඤ‍්ඤොජනං ජහතී”ති.

ප. ආ: එකරුණින් සම්මුඛීභූත වූයේ සංයෝජන හරනේ යැ.

සම‍්මුඛීභූතකථා නිට‍්ඨිතා.

සම්මුඛීභූතකථා නිමි.