සමාපන‍්නො අස‍්සාදෙතිකථා
13. 7.
13. 7.
සමාපන‍්නො අස‍්සාදෙතිකථා.
සමාපන්නෝ අස්සාදෙති කථා
[‘පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. සෝ තදස්සාදෙති - ප්‍රථමධ්‍යාන උපයා වාස කෙරෙයි. ඒ ධ්‍යානලාභී පුද්හල එය ආස්වාද කෙරෙයි’ යනාදි වචන නිසා ‘සමවන්නේ ආස්වාද කෙරේ යයි ද, ඔහුගේ ඒ ධ්‍යානතිකාන්තිය ධ්‍යානාලම්බන වේ’ යයි ද අන්‍ධක නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘සමාපන්නෝ අස්සාදෙති’ කථා එයි.]
1. ස. පු: සමාපන‍්නො අස‍්සාදෙති, ඣානනිකන‍්ති ඣානාරම‍්මණා’ති.
1. ස. පු: සමවන්නේ ආස්වාද කෙරෙයි. ඒ ධ්‍යානතිකාන්තිය (ධ්‍යානාශාව) ධ්‍යානාලම්බන වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: තං ඣානං තස‍්ස ඣානස‍්ස ආරම‍්මණන‍්ති.
ස. අනු: ඒ ධ්‍යානය ඒ ධ්‍යානයට ආලම්බන වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: තං ඣානං තස‍්ස ඣානස‍්ස ආරම‍්මණන‍්ති.
2. ස. පු: ඒ ධ්‍යානය ඒ ධ්‍යානයට ආලම්බන වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: තෙන ඵස‍්සෙන තං ඵස‍්සං ඵුසති, තාය වෙදනාය තං වෙදනං වෙදෙති, තාය සඤ‍්ඤාය තං සඤ‍්ඤං ජානාති, තාය චෙතනාය තං චෙතනං චෙතෙති, තෙන චිත‍්තෙන තං චිත‍්තං චින‍්තෙති, තෙන විතක‍්කෙන තං විතක‍්කං විතක‍්කෙති, තෙන විචාරෙන තං විචාරං විචාරෙති, තාය පීතියා තං පීති පියායති, තාය සතියා තං සතිං සරති, තාය පඤ‍්ඤාය තං පඤ‍්ඤං පජානාතී’ති.
ස. අනු: ඒ ස්‍පර්‍ශයෙන් ඒ ස්‍පර්‍ශය ස්‍පර්‍ශ කෙරේ ද? ඒ වේදනායෙන් ඒ වේදනාව විඳුනේ වේ ද? ඒ සංඥායෙන් ඒ සංඥාව දන්නේ වේ ද? ඒ චේතනායෙන් ඒ චේතනාව සිතා ද? ඒ චිත්තයෙන් ඒ චිත්තය චින්තන කෙරේ ද? ඒ විතර්‍කයෙන් ඒ විතර්‍ක තර්‍කණ කෙරේ ද? ඒ විචාරයෙන් විචාරය විචාරනා කෙරේ ද? ඒ ප්‍රීතියෙන් ඒ ප්‍රීතිය පියායනා කෙරේ ද? ඒ ස්මෘතියෙන් ඒ ස්මෘතිය ස්මරණ කෙරේ ද? ඒ ප්‍රඥායෙන් ඒ ප්‍රඥාව දනී ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: ඣානනිකන‍්ති චිත‍්තසම‍්පයුත‍්තා, ඣානං චිත‍්තසම‍්පයුත‍්තන‍්ති.
3. ස. පු: ධ්‍යානතිකාන්තිය චිත්තසම්ප්‍රයුක්ත වේ ද, ධ්‍යානය චිත්තසම්ප්‍රයුක්ත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ද‍්වින‍්නං ඵස‍්සානං -පෙ- ද‍්වින‍්නං චිත‍්තානං සමොධානං හොතී’ති.
ස. අනු: ස්‍පර්‍ශයන් දෙදෙනකුන්ගේ ... චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: ඣානනිකන‍්ති අකුසලං, ඣානං කුසලන‍්ති.
4. ස. පු: ධ්‍යානනිකාන්තිය අකුශල යි. ධ්‍යානය කුශල වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කුසලාකුසලා සාවජ‍්ජානවජ‍්ජා හීනප‍්පණීතා කණ‍්හසුක‍්කසප‍්පටිභාගා ධම‍්මා සම‍්මුඛීභාවං ආගච‍්ඡන‍්තී’ති.
ස. අනු: කුශලාකුශල වූ සාවද්‍යානවද්‍ය වූ හීනප්‍රණීත වූ කෘෂ්ණශුක්ල සප්‍රතිභාග වූ ධර්‍මයෝ සම්මුඛී භාවයට එත් ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: කුසලාකුසලා සාවජ‍්ජානවජ‍්ජා හීනප‍්පණීතා කණ‍්හසුක‍්කසප‍්පටිභාගා ධම‍්මා සම‍්මුඛීභාවං ආගච‍්ඡන‍්තී’ති.
5. ස. පු: කුශලාකුශල වූ සාවද්‍යානවද්‍ය වූ හීනප්‍රණීත වූ කෘෂ්ණශුක්ල සප්‍රතිභාග වූ ධර්‍මයෝ සම්මුඛීභාවයට එත් ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: නනු වුත‍්තං භගවතා “චත‍්තාරිමානි භික‍්ඛවෙ සුවිදූරවිදූරානි. කතමානි චත‍්තාරි: නභඤ‍්ච භික‍්ඛවෙ පඨවී ච, ඉදං පඨමං සුවිදූර විදූරං -පෙ- තස‍්මා සතං ධම‍්මො අසබ‍්භි ආරකා”ති අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු: “මහණෙනි, මේ සුවිදූරවිදූරස්ථානයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්: මහණෙනි, අහස හා පොළොව හා මේ පළමු වන සුවිදූරවිදූර ස්ථාන යි. ... එහෙයින් සත්පුරුෂයන්ගේ ධර්‍මය අසත්පුරුෂයන් කෙරෙන් දුරු වෙයි” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ආ: තෙන හි න වත‍්තබ‍්බං: කුසලාකුසලා සාවජ‍්ජානවජ‍්ජා හීනප‍්පණීතා කණ‍්හසුක‍්කසප‍්පටිභාගා ධම‍්මා සම‍්මුඛීභාවං ආගච‍්ඡන‍්තී’ති.
ස. ආ: එකරුණින් ‘කුශලාකුශල වූ සාවද්‍යානවද්‍ය වූ හීනප්‍රණීත වූ කෘෂ්ණශුක්ලසප්‍රතිභාග වූ ධර්‍මයෝ සම්මුඛීභාවයට එති’ යි නො කියැයුතු මැ යැ.
6. ප. පු: න වත‍්තබ‍්බං “සමාපන‍්නො අස‍්සාදෙති. ඣානනිකන‍්ති ඣානාරම‍්මණා”ති.
6. ප. පු: ‘සමවන්නේ ආස්වාද කෙරෙයි. ඒ ධ්‍යානතිකාන්තිය ධ්‍යානාලම්බන වෙයි’ යනු නො කියැයුතු වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: නනු වුත‍්තං භගවතා “ඉධ භික‍්ඛවෙ භික‍්ඛු විවිච‍්චෙව කාමෙහි විවිච‍්ච අකුසලෙහි ධම‍්මෙහි සවිතක‍්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමංඣානං උපසම‍්පජ‍්ජ විහරති. සො තං අස‍්සාදෙති. තං නිකාමෙති. තෙන ච විත‍්තිං ආපජ‍්ජති. විතක‍්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්‍ථං ඣානං උපසම්පජ්ජ විහරති. සො තං අස‍්සාදෙති. තං නිකාමෙති. තෙන ච විත‍්තිං ආපජ‍්ජතී”ති අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති.
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු: “මහණෙනි, මෙ සස්නෙහි මහණ කාමයෙන් වෙන් වැ මැ අකුසල්දහමින් වෙන් වැ සවිතර්‍ක සවිචාර විවේකජ ප්‍රීතිසුඛ ඇති ප්‍රථමධ්‍යාන උපයා වාස කෙරෙයි. හේ ඒ දැහැන ආස්වාද කෙරෙයි. ඒ දැහැන කැමැති වෙයි. එයිනුදු ප්‍රීතියට පැමිණෙයි. විතර්‍කවිචාරයන්ගේ ව්‍යුපශමයෙන් ... ද්විතීයධ්‍යාන ... තෘතීයධ්‍යාන ... චතුර්‍ත්‍ථධ්‍යාන උපයා වාස කෙරෙයි. හේ එය ආස්වාද කෙරෙයි. හේ ඒ කැමැති වෙයි. එයිනුදු ප්‍රීතියට පැමිණෙ’ යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. ආ: තෙන හි “සමාපන‍්නො අස‍්සාදෙති, ඣානනිකන‍්ති ඣානාරම‍්මණා”ති.
ප. ආ: එකරුණින් සමවන්නේ ආස්වාද කෙරෙයි. ඒ ධ්‍යානතිකාන්තිය ධ්‍යානාලම්බන වෙයි.
(ධ්‍යානලාභියා ධ්‍යානයෙන් නැගීසිට ධ්‍යානාස්වාද කෙරෙයි. සමවත්තුළ ධ්‍යානතිකාන්තිය ධ්‍යානාලම්බන නොවෙයි. එහෙයින් අසාධකයි.)
සමාපන‍්නො අස‍්සාදෙතිකථා නිට‍්ඨිතා.
සමාපන්නෝ අස්සාදෙතිකථා නිමි.