අසාතරාගකථා
13. 8.
13. 8.
අසාතරාගකථා.
අසාතරාගකථා
[‘යං කිඤ්චි වේදනං වේදියති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, සො තං වේදනං අභිනන්‍දති අභිවදති - සුඛ වේවයි දුඃඛ වේවයි අදුඃඛාසුඛ වේවයි යම් මැ වේදනාවක් විඳුනේ වේ ද, හේ ඒ වේදනාව අභිනන්‍දන කෙරෙයි. එයට ස්තුති කෙරෙයි’ යන සූත්‍රපාඨයෙහි දෘෂ්ටි අභිනන්‍දන වශයෙන් වදාළ ‘අභිනන්‍දති’ යන වචනය ගෙන දුඃඛ වේදනාව පිළිබඳවත් රගාස්වාද වශයෙන් අභිනන්‍දනයෙක් ඇත්නු යි අසාතරාගය පිළිගත් උත්තරාපථකයන්ගේ වාද බිඳුනට ‘අසාතරාගකථා’ එයි.]
1. ස. පු: අත්‍ථි අසාතරාගො’ති.
1. ස. පු: අසාතරාගය (දුඃඛවේදනායෙහි මේ වේදනා මට ඇත් නම් මැනැවැයි රජ්ජනායෙක්) ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: දුක‍්ඛාභිනන්‍දිනො සත‍්තා අත්‍ථි කෙචි දුක‍්ඛං පත්‍ථෙන‍්ති පිහෙන‍්ති එසන‍්ති ගවෙසන‍්ති පරියෙසන‍්ති, දුක‍්ඛං අජ‍්ඣොසාය තිට‍්ඨන‍්තී’ති.
ස. අනු: දුක පතන කැමැති වන සොයන ගවේෂණය කරණ පර්‍ය්‍යෙෂණ කරණ, දුකෙහි බැස සිටුනා දුක අභිනන්‍දනා කරන යම් මැ සත්ත්‍ව කෙනෙක් ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ.
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: නනු සුඛාභිනන්‍දිනො සත‍්තා අත්‍ථි කෙචි සුඛං පත්‍ථෙන‍්ති පිහෙන‍්ති එසන‍්ති ගවෙසන‍්ති පරියෙසන‍්ති, සුඛං අජ‍්ඣොසාය තිට‍්ඨන‍්තී’ති.
ස. අනු: සුව පතන කැමැති වන ඒෂණා ගවේෂණා පර්‍ය්‍යෙෂණා කරන සුවයෙහි බැස සිටුනා සුවය අභිනන්‍දනා කරන යම් මැ සත්ත්‍ව කෙනෙක් ඇත්තාහු නො?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි සුඛාභිනන්‍දිනො සත‍්තා අත්‍ථි කෙචි සුඛං පත්‍ථෙන‍්ති පිහෙන‍්ති එසන‍්ති ගවෙසන‍්ති පරියෙසන‍්ති, සුඛං අජ‍්ඣොසාය තිට‍්ඨන‍්ති,
අනු. ඨ: ඉදින් සුව පතන කැමැති වන ඒෂණා ගවේෂණා පර්‍ය්‍යෙෂණා කරන සුඛයෙහි බැසසිටුනා සුඛය අභිනන්‍දනා කරන යම් මැ සත්ත්‍ව කෙනෙක් ඇත්තාහු නම්,
අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ: අත්‍ථි අසාතරාගො’ති.
අනු. පා: භවත, ‘අසාතරාගයෙක් ඇත’ යනු නො කියැයුතු මැ යැ.
2. ස. පු: අත්‍ථි අසාතරාගො’ති.
2. ස. පු: අසාතරාගයෙක් ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: දුක‍්ඛාය වෙදනාය රාගානුසයො අනුසෙති, සුඛාය වෙදනාය පටිඝානුසයො අනුසෙතී’ති.
ස. අනු: (තොප මතයෙහි,) දුඃඛවේදනායෙහි රාගානුශය ලුහුබඳී, සුඛවේදනායෙහි ප්‍රතිඝානුශය ලුහුබඳනේ වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ.
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: නනු සුඛාය වෙදනාය රාගානුසයො අනුසෙති, දුක‍්ඛාය වෙදනාය පටිඝානුසයො අනුසෙතී’ති.
ස. අනු: සුඛවේදනායෙහි රාගානුශය ලුහුබඳනේ දුඃඛවේදනායෙහි ප්‍රතිඝානුශය ලුහුබඳනේ නො වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි සුඛාය වෙදනාය රාගානුසයො අනුසෙති, දුක‍්ඛාය වෙදනාය පටිඝානුසයො අනුසෙති,
අනු. ඨ: ඉදින් සුඛවේදනායෙහි රාගානුශය ලුහුබඳනේ වේ නම්, දුඃඛවේදනායෙහි ප්‍රතිඝානුශය ලුහුබඳනේ වේ නම්,
අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ “අත්‍ථි අසාතරාගො”ති.
අනු. පා: භවත ‘අසාතරාගයෙක් ඇත’ යනු නො කියැයුතු මැ යැ.
3. ප. පු: න වත‍්තබ‍්බං “අත්‍ථි අසාතරාගො”ති.
3. ප. පු: ‘අසාතරාගයෙක් ඇත’ යනු නො කියැයුතු වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: නනු වුත‍්තං භගවතා “සො එවං අනුරොධවිරොධං සමාපන‍්නො යං කිඤ‍්චි වෙදනං වෙදියති. සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා, සො තං වෙදනං අභිනන්‍දති අභිවදති අජ‍්ඣොසාය තිට‍්ඨතී”ති අත්‍ථෙව සුත‍්තන‍්තො’ති.
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු? “හේ මෙසේ අනුරෝධවිරෝධයට පැමිණියේ සුඛ වේවයි දුඃඛ වේවයි අදුඃඛාසුඛ වේවයි යම් මැ වේදනාවක් විඳුනේ වේ ද, හේ ඒ වේදනාව අභිනන්‍දන කෙරෙයි, බෙණෙයි, බැසගෙන සිටී” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. ආ: තෙන හි ‘අත්‍ථි අසාතරාගො’ති.
පටි. ආ: එකරුණින් ‘අසාතරාගයෙක් ඇත’.
(දිට්ඨිමඤ්ඤනා වශයෙන් දුඃඛවේදනා අභිනන්‍දන කෙරෙයි. එය අසාතරාගයට සාධක නො වේ.)
අසාතරාගකථා නිට‍්ඨිතා.
අසාතරාගකථා නිමි.