යෙදුමෙන් කියවන්න

ධම‍්මතණ‍්හා අබ්‍යාකතාති කථා

13. 9.

13. 9.

ධම‍්මතණ‍්හා අබ්‍යාකතාති කථා.

ධම්මතණ්හා අබ්‍යාකතාතිකථා

[‘රූපාදි සවැදෑරුම් තෘෂ්ණා කෙරෙහි හැමට පසු තෘෂ්ණාව යම් හෙයෙකින් ‘ධම්මතණ්හා’ යි කියන ලද ද, එහෙයින් ‘ධර්‍මතෘෂ්ණාව අව්‍යාකෘතය’ යි පූර්‍වශෛලිය නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘ධම්මතණ්හා අඛ්‍යාකතාති කථා’ එයි.]

1. ස. පු: ධම‍්මතණ‍්හා අබ්‍යාකතා’ති.

1. ස. පු: ධර්‍මතෘෂ්ණා (මනෝද්වාරයෙන් සිතවන් අරමුණු කෙරෙහි තෘෂ්ණාව) අව්‍යාකෘත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: විපාකාබ්‍යාකතා කිරියාබ්‍යාකතා, රූපං නිබ‍්බානං චක‍්ඛායතනං -පෙ- ඵොට‍්ඨබ‍්බායතන’න‍්ති.

ස. අනු: විපාකයෝ අව්‍යාකෘත වෙති, ක්‍රියා අව්‍යාකෘත යැ, රූපය නිර්‍වාණය චක්‍ෂුරායතනය ... ස්‍ප්‍රෂ්ටව්‍යායතනත් අව්‍යාකෘත වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

2. ස. පු: ධම‍්මතණ‍්හා අබ්‍යාකතා’ති.

2. ස. පු: ධර්‍මතෘෂ්ණා අව්‍යාකෘත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: රූපතණ‍්හා අබ්‍යාකතා’ති.

ස. අනු: රූපතෘෂ්ණා අව්‍යාකෘත වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

3. ස. පු: ධම‍්මතණ‍්හා අබ්‍යාකතා’ති.

3. ස. පු: ධර්‍මතෘෂ්ණා අව්‍යාකෘත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: සද‍්දතණ‍්හා -පෙ- ගන්‍ධතණ‍්හා -පෙ- රසතණ‍්හා -පෙ- ඵොට‍්ඨබ‍්බතණ‍්හා අබ්‍යාකතා’ති.

ස. අනු: ශබ්දතෘෂ්ණා ... ගන්‍ධතෘෂ්ණා ... රසතෘෂ්ණා ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණා අව්‍යාකෘත වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

4. ස. පු: රූපතණ‍්හා අකුසලා’ති.

4. ස. පු: රූපතෘෂ්ණා අකුශල වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: ධම‍්මතණ‍්හා අකුසලා’ති.

ස. අනු: ධර්‍මතෘෂ්ණා අකුශල වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

5. ස. පු: සද‍්දතණ‍්හා -පෙ- ඵොට‍්ඨබ‍්බතණ‍්හා අකුසලා’ති.

5. ස. පු: ශබ්දතෘෂ්ණා ... ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණා අකුශල වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: ධම‍්මතණ‍්හා අකුසලා’ති.

ස. අනු: ධර්‍මතෘෂ්ණා අකුශල වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

6. ස. පු: ධම‍්මතණ‍්හා අබ්‍යාකතා’ති.

6. ස. පු: ධර්‍මතෘෂ්ණා අව්‍යාකෘත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: නනු තණ‍්හා අකුසලා වුත‍්තා භගවතා’ති.

ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් තෘෂ්ණා අකුශල යයි වදාරනලද නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. ඨ: හඤ‍්චි තණ‍්හා අකුසලා වුත‍්තා භගවතා,

ස. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින් තෘෂ්ණා අකුශල යයි වදාරනලද නම්,

ස. පා: නො ච වත රෙ, වත‍්තබ‍්බෙ ධම‍්මතණ‍්හා අබ්‍යාකතා’ති.

ස. පා: භවත ‘ධර්‍මතෘෂ්ණා අව්‍යාකෘත වේ ය’ යි නො කියැයුතු මැ යැ.

7. ස. පු: ධම‍්මතණ‍්හා අබ්‍යාකතා’ති.

7. ස. පු: ධර්‍මතෘෂ්ණා අව්‍යාකෘත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: නනු ලොභො අකුසලො වුත‍්තො භගවතා, ධම‍්මතණ‍්හා ලොභො’ති.

ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ලෝභය අකුශල යයි වදාරනලද නො, ධර්‍මතෘෂ්ණා ලෝභ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. ඨ: හඤ‍්චි ලොභො අකුසලො වුත‍්තො භගවතා, ධම‍්මතණ‍්හා ලොභො.

ස. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින් ලෝභය අකුශල යයි වදාරනලද වේ නම්, ධර්‍මතෘෂ්ණාත් ලෝභ වේ නම්,

අනු. පා: නො ච වත රෙ, වත‍්තබ‍්බෙ ‘ධම‍්මතණ‍්හා අබ්‍යාකතා’ති.

අනු. පා: භවත ‘ධර්‍මතෘෂ්ණා අව්‍යාකෘත වේ ය’ යි නො කියැයුතු මැ යැ.

8. ස. පු: ධම‍්මතණ‍්හා ලොභො අබ්‍යාකතො’ති.

8. ස. පු: ධර්‍මතෘෂ්ණාව ලෝභ වූයේ අව්‍යාකෘත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: රූපතණ‍්හා ලොභො අබ්‍යාකතො’ති.

ස. අනු: රූපතෘෂ්ණාව ලෝභ වූයේ අව්‍යාකෘත වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

9. ස. පු: ධම‍්මතණ‍්හා ලොභො අබ්‍යාකතො’ති.

9. ස. පු: ධර්‍මතෘෂ්ණා ලෝභ වූයේ අව්‍යාකෘත වේ ද?

ප. පටිඤ‍්ඤා ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: සද‍්දතණ‍්හා -පෙ- ගන්‍ධතණ‍්හා -පෙ- රසතණ‍්හා -පෙ- ඵොට‍්ඨබ‍්බතණ‍්හා ලොභො අකුසලො’ති.

ස. අනු: ශබ්දතෘෂ්ණා ... ගන්‍ධතෘෂ්ණා ... රසතෘෂ්ණා ... ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණා ලෝභ වූයේ අව්‍යාකෘත වේ ද?

ප. පටි න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

10. ස. පු: සද‍්දතණ‍්හා -පෙ- ඵොට‍්ඨබ‍්බතණ‍්හා ලොභො අකුසලො’ති.

10. ස. පු: ශබ්දතෘෂ්ණා ... ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණා ලෝභ වූයේ අකුශල වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: ධම‍්මතණ‍්හා ලොභො අකුසලො’ති.

ස. අනු: ධර්‍මතෘෂ්ණා ලෝභ වූයේ අකුශල වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

11. ස. පු: ධම‍්මතණ‍්හා අබ්‍යාකතා’ති.

11. ස. පු: ධර්‍මතෘෂ්ණා අව්‍යාකෘත වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: නනු වුත‍්තං භගවතා: “යායං තණ‍්හා පොනොභවිකා නන්‍දිරාගසහගතා තත්‍රතත්‍රාභිනන්‍දිනී සෙය්‍යථීදං: කාමතණ‍්හා භවතණ‍්හා විභවතණ‍්හා”ති අත්‍ථෙව සුත‍්තන‍්තො’ති.

ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “පුනර්‍භවය පිණිස වැටෙන නන්‍දිරාග සහගත වූ ඒ ඒ ගතියෙහි අභිනන්‍දනය කරන යම් තෘෂ්ණායෙක් ඇද්ද, ඔහු නම් කාමතෘෂ්ණා යැ භවතෘෂ්ණා යැ විභවතෘෂ්ණා යැ” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?

ප. පටිඤ‍්ඤා. ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. ආ: තෙන හි න වත‍්තබ‍්බං “ධම‍්මතණ‍්හා අබ්‍යාකතා”ති.

ස. ආ: එකරුණින් “ධර්‍මතෘෂ්ණා අව්‍යාකෘත යැ’ යි නො කියැයුතු යැ.

12. ප. පු: න වත‍්තබ‍්බං “ධම‍්මතණ‍්හා අබ්‍යාකතා”ති.

12. ප. පු: ‘ධර්‍මතෘෂ්ණාව අව්‍යාකෘත යැ’යි නො කියැයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. අනු: නනු සා ධම‍්මතණ‍්හා’ති.

ප. අනු: ඔ ධර්‍මතෘෂ්ණා නො?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි සා ධම‍්මතණ‍්හා,

අනු. ඨ: ඉදින් ඔ ධර්‍මතෘෂ්ණා වේ නම්,

අනු. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ “ධම‍්මතණ‍්හා අබ්‍යාකතා”ති.

අනු. පා: භවත, එකරුණින් ‘ධර්‍මතෘෂ්ණා අව්‍යාකෘත යැ’ යි කියැයුතු මැ යැ.

(‘තනු සා ධම්මතණ්හා’ යන පදයෙන් ධර්‍මාලම්බන නිසා පවත්නා තෘෂ්ණාව කියැ වේ. අව්‍යාකෘතභාවය නො වේ. එහෙයින් අසාධක යි.)

ධම‍්මතණ‍්හා අබ්‍යාකතාතිකථා නිට‍්ඨිතා.

ධම්මතණ්හා අඛ්‍යාකතාතිකථා නිමි.