12. ද්වාදසමවග්ගො අට්ඨකථා
12. දොළොස්වෙනි වර්ගය
සංවරො කම්මන්තිකථාවණ්ණනා
110. සංවරො කම්මන්ති කථා
ඉදානි සංවරො කම්මන්තිකථා නාම හොති. තත්ථ “චක්ඛුනා රූපං දිස්වා නිමිත්තග්ගාහී හොති, න නිමිත්තග්ගාහී හොතී”ති සුත්තං නිස්සාය “සංවරොපි අසංවරොපි කම්ම”න්ති යෙසං ලද්ධි, සෙය්යථාපි මහාසංඝිකානං; තෙ සන්ධාය පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස.
දැන් සංවර කම්මං කථා නම් වේ. එහි ‘ඇසින් රූප දැක නිමිති ගන්නේ වේ. නිමිති නොගන්නේ වේ’ යන සූත්‍රය නසා සංවරය ද අසංවරය ද කර්මය යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ මහා සංඝිකයන්ගේ මෙන් ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය.
අථ නං යා සකසමයෙ චෙතනා “කම්ම”න්ති වුත්තා යථා සා කායවචීමනොද්වාරෙසු පවත්තමානා කායකම්මාදිනාමං ලභති, තථා “යදි තෙ සංවරො කම්මං, සොපි චක්ඛුන්ද්රියාදීසු පවත්තමානො චක්ඛුකම්මාදිනාමං ලභෙය්‍යා”ති චොදෙතුං චක්ඛුන්ද්රියසංවරො චක්ඛුකම්මන්තිආදිමාහ. ඉතරො තාදිසං සුත්තපදං අපස්සන්තො චතූසු ද්වාරෙසු පටික්ඛිපිත්වා පඤ්චමෙ කායද්වාරෙ පසාදකායං සන්ධාය පටික්ඛිපති, විඤ්ඤත්තිකායං සන්ධාය පටිජානාති. සො හි පසාදකායම්පි විඤ්ඤත්තිකායම්පි කායින්ද්රියන්ත්වෙව ඉච්ඡති. මනොද්වාරෙපි විපාකද්වාරං සන්ධාය පටික්ඛිපති, කම්මද්වාරං සන්ධාය පටිජානාති. අසංවරෙපි එසෙව නයො. “චක්ඛුනා රූපං දිස්වා”ති සුත්තං තෙසු ද්වාරෙසු සංවරාසංවරමෙව දීපෙති, න තස්ස කම්මභාවං, තස්මා අසාධකන්ති.
ඉක්බිති ඔහුට ඒ සමයෙහි යම් චේතනාවක් කර්මයයි කියන ලදී. යම්සේ එය කාය වචී මනෝ ද්වාරවල පවතින කාය කර්ම ආදි නම් ලබයි. ඔබේ සංවර කර්මය එසේද එය ද චක්ෂු ඉන්‍ද්‍රියාදියෙහි පවතින්නේ චක්ඛු කම්ම ආදි නම ලබන්නේ යයි චෝදනා කිරීමට චක්ඛුන්ද්රියං සංවරො චක්ඛු කම්මං යනාදිය කීය. අනෙකා එබඳු සූත්‍ර පද නොදක්නේ සතර දොරවල ප්‍රතික්ෂේප කොට පස්වන කායද්වාරයෙහි ප්‍රසාද කය සඳහා ප්‍රතික්ෂේප කරයි. විඤ්ඤත්ති කය සඳහා පිළිගනියි. හේ වනාහි ප්‍රසාද කය ද විඤ්ඤත්ති කයද කාය ඉන්ද්රියෙහිම කැමති වේ. මනෝ ද්වාරයේ ද විපාක දොර සඳහා ප්‍රතික්ෂේප කරයි. කර්ම ද්වාරය සඳහා පිළිගනී. අසංවරය ද මේ නයම වේ. චක්ඛුනා රූපං දිස්වා යන සූත්‍රය ඒ දොරවල සංවරයම දක්වයි. එහි කර්මභාවය එහෙයින් අසාධක වේ.
සංවරො කම්මන්තිකථාවණ්ණනා.
කම්මකථාවණ්ණනා
111. කම්ම කථා
ඉදානි කම්මකථා නාම හොති. තත්ථ “නාහං, භික්ඛවෙ, සඤ්චෙතනිකානං කම්මාන”න්ති (අ· නි· 10.217) සුත්තපදං නිස්සාය “සබ්බං කම්මං සවිපාක”න්ති යෙසං ලද්ධි, සෙය්යථාපි මහාසංඝිකානං; තෙසං “චෙතනාහං, භික්ඛවෙ, කම්මං වදාමී”ති (අ· නි· 6.63) සත්ථාරා අවිසෙසෙන චෙතනා “කම්ම”න්ති වුත්තා; සා ච කුසලාකුසලාව සවිපාකා, අබ්යාකතා අවිපාකාති ඉමං විභාගං දස්සෙතුං සබ්බං කම්මන්ති පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස. පුන සබ්බා චෙතනාති පඤ්හෙසු අබ්යාකතං සන්ධාය පටික්ඛෙපො, කුසලාකුසලෙ සන්ධාය පටිඤ්ඤා වෙදිතබ්බා . විපාකාබ්යාකතාතිආදි සවිපාකාවිපාකචෙතනං සරූපෙන දස්සෙතුං වුත්තං. සෙසමෙත්ථ උත්තානත්ථමෙව. “නාහං, භික්ඛවෙ”ති සුත්තං සති පච්චයෙ දිට්ඨධම්මාදීසු විපාකපටිසංවෙදනං සන්ධාය වුත්තං, තස්මා අසාධකන්ති.
දැන් කම්ම කථා නම් වේ. එහි ‘නාහං භික්ඛවෙ සඤ්චෙතනිකානං කම්මං’ යන සූත්‍ර පදය නිසා සියළු කර්ම විපාක සහිතය යනු යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ මහා සංඝිකයන්ගේ මෙනි. ‘චෙතනාහං භික්ඛවෙ කම්මං වදාමි’ යයි ශාස්තෲන් වහන්සේ විසින් අවිශේෂයෙන් චේතනාව කර්මය යයි කියන ලදී. එය කුසල අකුසලම විපාක සහිතය. අව්‍යාකෘත අවිපාකය. මේ විභාගය ඔවුන්ට දැක්වීමට සබ්බං කම්මං යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. නැවත සබ්බා චෙතනා යයි ප්රශ්නවල අව්‍යකෘත සඳහා ප්රතික්ෂේපය. කුසල අකුසල සඳහා ප්‍රතිඥාව දතයුතුය. විපාකාබ්‍යාකතා යනාදි සවිපාක අවිපාක චේතනා ස්වරූපයෙන් දැක්වීමට කියන ලදී. මෙහි සෙස්ස පැහැදිලිය. නාහං භික්ඛවෙ සූත්‍රය ඇති කල්හි දිට්ඨ ධම්මාදියෙහි විපාක විඳීම සඳහා කියන ලදී. එහෙයින් එය සාධක නොවේ.
කම්මකථාවණ්ණනා.
සද්දො විපාකොතිකථාවණ්ණනා
112. සද්දො විපාකොති කථා
ඉදානි සද්දො විපාකොතිකථා නාම හොති. තත්ථ “සො තස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා උස්සන්නත්තා විපුලත්තා බ්රහ්මස්සරො හොතී”තිආදීනි (දී· නි· 3.236) අයොනිසො ගහෙත්වා “සද්දො විපාකො”ති යෙසං ලද්ධි, සෙය්යථාපි මහාසංඝිකානං; තෙසං “කම්මසමුට්ඨානා අරූපධම්මාව විපාකාති නාමං ලභන්ති. රූපධම්මෙසු පනායං වොහාරො නත්ථී”ති දස්සෙතුං පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස. සුඛවෙදනීයොතිආදි “විපාකො නාම එවරූපො හොතී”ති දස්සනත්ථං වුත්තං. “සො තස්ස කම්මස්සා”ති සුත්තං ලක්ඛණපටිලාභදස්සනත්ථං වුත්තං. මහාපුරිසො හි කම්මස්ස කතත්තා සුචිපරිවාරොපි හොති, න ච පරිවාරො විපාකො, තස්මා අසාධකමෙතන්ති.
දැන් ශබ්දය විපාක යයි කථා නම් වේ. එහි ‘හේ ඒ කර්මය කරන ලද හෙයින් රැස්කරන ලද හෙයින් උස්සන්න හෙයින් මහත් හෙයින් බ්රහ්මස්වර වේ යයි ආදිය අනුවණින් ගෙන සද්දය විපාක යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ මහා සංඝිකයන්ගේ මෙනි. ඔවුන්ගේ කර්මය හටගැනීම අරූප ධර්මයට විපාකයයි නම් ලබයි. රූප ධර්මවල වනාහි මේ ව්‍යවහාරය නැතැයි දැක්වීමට විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. සුඛවෙදනීයො යනාදි විපාකය නම් මෙබඳු වේ යයි දැක්වීමට කියන ලදී. සො තස්ස කම්මස්ස යන සූත්‍රය ලක්ෂණ ප්රතිලාභ දැක්වීමට කියන ලදී. මහා පුරුෂයා කර්ම කළ බැවින් පිරිසිදු පිරිවරද වේ. පිරිවර විපාක නොවේ. එහෙයින් මෙය සාධක නොවේ.
සද්දො විපාකොතිකථාවණ්ණනා.
සළායතනකථාවණ්ණනා
113. සළායතන කථා
ඉදානි සළායතනකථා නාම හොති. තත්ථ යස්මා සළායතනං කම්මස්ස කතත්තා උප්පන්නං, තස්මා “විපාකො”ති යෙසං ලද්ධි, සෙය්යථාපි මහාසංඝිකානං; තෙ සන්ධාය චක්ඛායතනං විපාකොති පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස. සෙසං හෙට්ඨා වුත්තනයමෙව. සළායතනං විපාකොති එත්ථ මනායතනං සියා විපාකො. සෙසානි කෙවලං කම්මසමුට්ඨානානි, න විපාකො. තස්මා අසාධකමෙතන්ති.
දැන් සළායතන කථා නම් වේ. එහි යම්සේ කර්ම කළ හෙයින් සළායතන ඇතිවිය. එහෙයින් සළායතන විපාකයයි. යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ මහා සාංඝිකයන්ගේ මෙනි. ඔවුන් සඳහා චක්ඛායතනං විපාකො යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. සෙස්ස යට කියන ලද නය අනුවම වේ. සළායතනං විපාකො යන මෙහි මනායතනය විපාක වන්නේය. සෙසු ඒ හුදෙක් කාමයෙන් හටගත්තේය. විපාක නොවේ. එහෙයින් මෙය සාධක නොවේ.
සළායතනකථාවණ්ණනා.
සත්තක්ඛත්තුපරමකථාවණ්ණනා
114. සත්තක්ඛත්තු පරම කථා
ඉදානි සත්තක්ඛත්තුපරමකථා නාම හොති, තත්ථ යස්මා “සත්තක්ඛත්තුපරමො”ති වුත්තං, තස්මා “සත්තක්ඛත්තුපරමො පුග්ගලො සත්තක්ඛත්තුපරමතාය නියතො”ති යෙසං ලද්ධි, සෙය්යථාපි උත්තරාපථකානං; තෙසං ඨපෙත්වා “අරියමග්ගං අඤ්ඤො තස්ස නියමො නත්ථි, යෙන සො සත්තක්ඛත්තුපරමතාය නියතො භවෙය්යා”ති ඉමං විභාගං දස්සෙතුං පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස.
දැන් සත්තක්ඛත්තු පරම කථා නම් වේ. එහි යම්හෙයකින් ‘සත්තක්ඛත්තු පරම’ යයි කියන ලදී. එහෙයින් සත්තක්ඛත්තු පරම පුද්ගලයා සත්තක්ඛත්තු පරමතාවෙන් නියත යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ උත්තරාපථකයන්ගේ මෙනි. ආර්ය මාර්ගය ඔවුන් හැර අන්‍ය කෙනෙකුට නියම නැත. යමකින් හෝ සත්තක්ඛත්තු පරමාතවෙන් නියත වන්නේ යයි මේ විභාගය දැක්වීමට විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය.
මාතා ජීවිතාතිආදීසු අයමධිප්පායො – ද්වෙ නියාමා සම්මත්තනියාමො ච මිච්ඡත්තනියාමො ච. සම්මත්තනියාමො අරියමග්ගො. සො අවිනිපාතධම්මතඤ්චෙව ඵලුප්පත්තිඤ්ච නියමෙති. මිච්ඡත්තනියාමො ආනන්තරියකම්මං. තං අනන්තරා නිරයූපපත්තිං නියමෙති. තත්ථ සත්තක්ඛත්තුපරමො සොතාපත්තිමග්ගෙන අවිනිපාතධම්මතාය ච ඵලුප්පත්තියා ච නියමිතො. සෙසමග්ගනියාමො පනස්ස නත්ථි අනධිගතත්තා, ආනන්තරියම්පි කාතුං සො අභබ්බො. ත්වං පනස්ස නියාමං ඉච්ඡසි, තෙන තං වදාම – “කිං තෙ සො ඉමිනා මිච්ඡත්තනියාමෙන නියමිතො”ති.
මාතා ජීවිතා යනාදියෙහි අදහස මෙසේය. සම්මත හා මිච්ඡත්ත යයි නියත දෙයකි. ආර්ය මාර්ගය සම්මත නියතයයි. එය යහපත් ධර්මයකි. එහි පල උපතද විපාක නියම වේ. ආනන්තරිය කර්මය මිච්ඡත්ත නියාමය වේ. එය අනතුරුව නිරයේ උපත වේ. එහි සත්තක්ඛත්තු පරම සෝවාන් මාර්ගයෙන් අවිනිපාත ධර්මතාවෙන් ද විපාකය ද නියමිතය. සෙසු මාර්ගවල නියමයක් නැත. අධිගත නොවන හෙයිනි. හේ ආනන්තරිය කර්ම කිරීමට නුසුදුසු වේ. ඔබ නියාමයක් කැමති වෙහි. එයින් ඔබට කියමි. ඔබගේ මේ මිච්ඡත්ත නියාමයෙන් ඒ නියමය කුමක්ද?
අභබ්බො අන්තරාති පඤ්හෙසු ආනන්තරියාභාවං සන්ධාය පටික්ඛිපති, සත්තක්ඛත්තුපරමං සන්ධාය පටිජානාති. අත්ථි සො නියාමොති පඤ්හෙ සත්තක්ඛත්තුපරමතාය නියාමං අපස්සන්තො පටික්ඛිපති. අත්ථි තෙ සතිපට්ඨානාතිආදි නියාමසඞ්ඛාතෙ මග්ගධම්මෙ දස්සෙතුං වුත්තං. තස්ස පන පුන පඨමමග්ගානුප්පත්තිතො තෙපි නත්ථි, තස්මා පටික්ඛිපති. සෙසමෙත්ථ උත්තානත්ථමෙව. නනු සො සත්තක්ඛත්තුපරමොති එත්ථ භගවා “අයං පුග්ගලො එත්තකෙ භවෙ සන්ධාවිත්වා පරිනිබ්බායිස්සති, අයං එත්තකෙ”ති අත්තනො ඤාණබලෙන බ්යාකරොති, න භවනියාමං නාම කිඤ්චි තෙන සත්තක්ඛත්තුපරමො, කොලංකොලො, එකබීජී වාති වුත්තං, තස්මා අසාධකමෙතන්ති.
අභබ්බො අන්තරා යන ප්රශ්නවල ආනන්තරියභාවය සඳහා ප්‍රතික්ෂේප කරයි. සත්තක්ඛත්තු පරමය සඳහා පිළිගනී. අත්ථි සො නියාමො යන ප්රශ්නයෙනි. සත්තක්ඛත්ත පරමතාවෙන් නියමයක් නො දක්නේ ප්‍රතික්ෂේප කරයි. අත්ථි තෙ සතිපට්ඨානා ආදි නියාම සංඛ්‍යාත මාර්ග ධර්මය දැක්වීමට කියන ලදී. ඔවුන්ගේ වනාහි නැවත පළමු මාර්ගයට පැමිණීමෙන් ඒවාද නැත. එනිසා ප්‍රතික්ෂේප කරයි. මෙහි සෙස්ස පැහැදිලිය. නනු සො සත්තක්ඛත්තු පරමො යයි මෙහි භාග්‍යවතුන් වහන්සේ මේ පුද්ගලයා මෙපමණ භවවල ඇවිද පිරිනිවන් පාන්නේය. මේ තෙම මෙපමණයයි තමන් වහන්සේගේ ඤාණ බලයෙන් ප්‍රකාශ කරති. කිසි භව නියමයක් නම් නැත. එහෙයින් සත්තක්ඛත්තුපරම කොලංකොල එකබීජි යයි කියන ලදී. එහෙයින් මෙය සාධක නොවේ.
සත්තක්ඛත්තුපරමකථාවණ්ණනා.
කොලංකොලඑකබීජිකථායොපි ඉමිනාවුපායෙන වෙදිතබ්බා.
කොලංකොල එකබීජි කථාද මේ උපායෙන්ම දතයුතුය.
කොලංකොලඑකබීජිකථාවණ්ණනා.
ජීවිතාවොරොපනකථාවණ්ණනා
115. ජීවිතා වොරොපන කථා
ඉදානි ජීවිතාවොරොපනකථා නාම හොති. තත්ථ යස්මා දොසසම්පයුත්තෙන චිත්තෙන පාණාතිපාතො හොති, දොසො ච දිට්ඨිසම්පන්නස්ස අප්පහීනො, තස්මා “දිට්ඨිසම්පන්නො සඤ්චිච්ච පාණං ජීවිතා වොරොපෙය්යා”ති යෙසං ලද්ධි, සෙය්යථාපි පුබ්බසෙලියාපරසෙලියානං; තෙ සන්ධාය දිට්ඨිසම්පන්නොති පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස. සඤ්චිච්ච මාතරන්තිආදිපඤ්හෙසු පන “අට්ඨානමෙතං අනවකාසො”ති සුත්තභයෙන පටික්ඛිපති. සත්ථරි අගාරවොතිආදි සත්ථාරාදීසු සගාරවස්ස සික්ඛාපදස්ස වීතික්කමාභාවදස්සනත්ථං වුත්තං. ඉතරො පන අකුසලවසෙන තස්ස අගාරවො නාම නත්ථීති පටික්ඛිපිත්වා සගාරවභාවඤ්ච සම්පටිච්ඡිත්වා පුන අගාරවොති පුට්ඨො තෙසු තෙසු කිච්චෙසු පසුතතාය වික්ඛිත්තානං අසතියා අමනසිකාරෙන චෙතියෙ අභිවාදනපදක්ඛිණකරණාභාවං සන්ධාය පටිජානාති. පුන ඔහදෙය්යාතිආදිනා නයෙන පුට්ඨො තාදිසාය කිරියාය සඤ්චිච්ච අකරණතො පටික්ඛිපති. සෙසමෙත්ථ උත්තානත්ථමෙවාති.
දැන් ජීවිත තොරකරන කථා නම් වේ. එහි යම්හෙයකින් ද්වේෂ සම්ප්‍රයුක්ත සිතින් ප්‍රාණය අනිපාත වේ. ද්වේශය ද දෘෂ්ටි සම්පන්න වූයේ ප්‍රහීන නොවූයේ, එහෙයින් දෘෂ්ටියෙන් යුක්තව දැන දිවි ඇති ප්‍රාණියෙකුගේ ජීවිතය තොර කරන්නේ යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ පුබ්බසේලිය අපරසේලියන්ගේ මෙනි. ඔවුන් සඳහා දිට්ඨි සම්පන්නො යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. සඤ්චිච්ච මාතරං ආදි ප්රශ්නවල ‘අට්ඨානමෙතං අනවකාසො’ යයි සූත්‍රයෙන් ප්‍රතික්ෂේප කරයි. සත්ථරි අගාරවො යනාදි ශාස්තෲන් කෙරෙහි භෙරව ශික්ෂා පදවල ව්‍යතික්‍රමණ භාවය දැක්වීමට කියන ලදී. අනෙකා වනාහි අකුසල වශයෙන් ඔහුගේ අගෞරවයක් නැතැයි ප්‍රතික්ෂේප කොට ගෞරව සහිත බව ද පිළිගෙන නැවත අගාරවො යයි විචාරණ ලද්දේ ඒ ඒ කෘත්‍යවල යෙදුණු වික්ෂිප්ත නැති මෙනෙහි නොකිරීමෙන් සෑය වඳින පැදකුණු කරන බව සඳහා පිළිගනී. නැවත ඔදහෙය්ය යනාදි නයින් විචාරණ ලද්දේ එබඳු කිරියාවන් දැන දැන නොකිරීමෙන් ප්‍රතික්ෂේප කරයි. මෙහි සෙස්ස පැහැදිලිය.
ජීවිතාවොරොපනකථාවණ්ණනා.
දුග්ගතිකථාවණ්ණනා
116. දුග්ගති කථා
ඉදානි දුග්ගතිකථා නාම හොති. තත්ථ යෙ දුග්ගතිඤ්ච දුග්ගතිසත්තානං රූපාදිආරම්මණං තණ්හඤ්චාති උභයම්පි දුග්ගතීති ගහෙත්වා පුන තථා අවිභජිත්වා අවිසෙසෙනෙව “දිට්ඨිසම්පන්නස්ස පහීනා දුග්ගතී”ති වදන්ති, සෙය්යථාපි උත්තරාපථකා; තෙ සන්ධාය පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස. ආපායිකෙ රූපෙ රජ්ජෙය්යාතිආදි පරවාදිනො ලද්ධියා දිට්ඨිසම්පන්නස්ස දුග්ගති අප්පහීනා, තස්ස වසෙන චොදෙතුං වුත්තං. සෙසමෙත්ථ උත්තානත්ථමෙව. නිරයං උපපජ්ජෙය්යාතිආදි දුග්ගතිපහානමෙව දුග්ගතිගාමිනිතණ්හාපහානං වා දීපෙති, න දුග්ගතිසත්තානං රූපාදිආරම්මණාය තණ්හාය පහානං, තස්මා අසාධකන්ති.
දැන් දුග්ගති කථා නම් වේ. එහි යමෙකු දුග්ගතිය ද දුර්ගති සත්ත්වයන්ගේ රූපාදි අරමුණු තෘෂ්ණාවදැයි දෙකම දුග්ගති යයි ගෙන නැවත එසේ නොබෙදා විශේෂයක් නැතිව දෘෂ්ටි සම්පන්නයාට දුර්ගති ප්‍රහීන යයි කියති. යම්සේ උත්තරාපථකයන් මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ආපායිකෙ රූපෙ රජ්ජෙය්ය යනාදි පරවාදියාගේ ලබ්ධියෙන් දෘෂ්ටි සම්පන්නයාට දුර්ගතිය අප්රහීනයයි චෝදනා කිරීමට කියන ලදී. මෙහි සෙස්ස පැහැදිලිය. නිරයං උප්පජ්ජෙය්ය යනාදිය දුග්ගති ප්රහානයම දුගතිගාමී තෘෂ්ණා ප්‍රහානය හෝ දක්වයි. දුගති සත්ත්වයන්ගේ රූපාදි අරමුණෙන් තෘෂ්ණා ප්‍රහානය නොවේ. එනිසා සාධක නොවේ.
දුග්ගතිකථාවණ්ණනා.
සත්තමභවිකකථායපි එසෙව නයොති.
සප්තම භවිකයා පිළිබඳවද මෙම ක්‍රමයමයි.
ද්වාදසමො වග්ගො.
දොළොස්වෙනි වර්ගයයි.