යෙදුමෙන් කියවන්න

11. එකාදසමවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

11. එකොළොස්වෙනි වර්ගය

තිස‍්සොපි අනුසයකථාවණ‍්ණනා

102. තිස්සො අනුසය කථා

ඉදානි අනුසයා අබ්‍යාකතා, අහෙතුකා, චිත‍්තවිප‍්පයුත‍්තාති තිස‍්සොපි අනුසයකථා නාම හොන‍්ති. තත්‍ථ යස‍්මා පුථුජ‍්ජනො කුසලාබ්‍යාකතෙ චිත‍්තෙ වත‍්තමානෙ “සානුසයො”ති වත‍්තබ‍්බො, යො චස‍්ස තස‍්මිං ඛණෙ හෙතු, න තෙන හෙතුනා අනුසයා සහෙතුකා, න තෙන චිත‍්තෙන සම‍්පයුත‍්තා, තස‍්මා “තෙ අබ්‍යාකතා, අහෙතුකා, චිත‍්තවිප‍්පයුත‍්තා”ති යෙසං ලද‍්ධි, සෙය්‍යථාපි මහාසංඝිකානඤ‍්චෙව සම‍්මිතියානඤ‍්ච; තෙ සන්‍ධාය තීසුපි කථාසු පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස. සෙසං හෙට‍්ඨා වුත‍්තනයත‍්තා සක‍්කා පාළිමග‍්ගෙනෙව ජානිතුන‍්ති, තස‍්මා න විත්‍ථාරිතන‍්ති.

දැන් අනුසය අඛ්‍යාකතා, අහෙතුකා, චිත්ත විප්පයුත්තා යයි අනුසය කථා තුනෙක් වේ. එහි යම්සේ පෘථග්ජනයා කුසල අඛ්‍යාකත සිත පවත්නා කල අනුසය සහිත යයි කිවයුතුය. ඒ ක්‍ෂණයෙහි යම් හේතුවක් ඔහුගේ ඒ හේතුවෙන් අනුසය සහේතුක නොවේ. එය සිත සමග සම්ප්‍රයුක්ත නොවේ. එහෙයින් එය අබ්‍යාකත, අහේතුක, චිත්ත විප්‍රයුක්ත යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ මහා සංඝිකයන්ගේ ද සම්මිතියන්ගේ ද මෙනි. ඔවුන් සඳහා කථා තුනේම විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. සෙස්ස යට කියන ලද නය අනුව පෙළ මගින්ම දැනගැනීමට හැකි නිසා විස්තර නොකරන ලදී.

තිස‍්සොපි අනුසයකථාවණ‍්ණනා.

ඤාණකථාවණ‍්ණනා

103. ඤාණ කථා

ඉදානි ඤාණකථා නාම හොති. තත්‍ථ මග‍්ගඤාණෙන අඤ‍්ඤාණෙ විගතෙපි පුන චක‍්ඛුවිඤ‍්ඤාණාදිවසෙන ඤාණවිප‍්පයුත‍්තචිත‍්තෙ වත‍්තමානෙ යස‍්මා තං මග‍්ගචිත‍්තං න පවත‍්තති, තස‍්මා “න වත‍්තබ‍්බං ඤාණී”ති යෙසං ලද‍්ධි, සෙය්‍යථාපි මහාසංඝිකානං; තෙ සන්‍ධාය පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස. අථ නං “යදි අඤ‍්ඤාණෙ විගතෙ ‘ඤාණී’ති පඤ‍්ඤත‍්ති න සියා, රාගාදීසු විගතෙසු වීතරාගාදිපඤ‍්ඤත‍්තිපි න සියාති පුග‍්ගලපඤ‍්ඤත‍්තියං අකොවිදොසී”ති චොදෙතුං රාගෙ විගතෙතිආදිමාහ. ඉතරො තෙසු විගතෙසු සරාගාදිභාවෙ යුත‍්තිං අපස‍්සන‍්තො පටික‍්ඛිපති. පරියොසානෙ යස‍්මා ඤාණපටිලාභෙන සො ඤාණීති වත‍්තබ‍්බතං අරහති, තස‍්මා න හෙවන‍්ති පටික‍්ඛෙපො සකවාදිස‍්සාති.

දැන් ඤාණ කථා නම් වේ. එහි මාර්ග ඤාණයෙන් අඥානය ඉවත්වූ කල්හි ද නැවත චක්‍ඛු විඤ්ඤාණාදි වශයෙන් ඤාණ විප්‍රයුක්ත සිත පවතිනවිට ඒ මාර්ග සිත නොපවතී. එහෙයින් ඤාණය ඇතැයි නොකිවයුතු යනු යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ මහා සංඝිකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට අඥානය ඉවත්වූ කල්හි ඤාණ යයි පැණවීමක් නොවන්නේය. රාගාදිය ඉවත්වූ කල්හි වීතරාගාදි පැණවීමක් ද නොවන්නේ යයි පුද්ගල පැණවීමෙහි අදක්‍ෂයයි චෝදනා කිරීමට රාගෙ විගතෙ යනාදිය කීය. පරවාදියා ඒවා ඉවත්වූ කල්හි සරාගාදි භාවයෙහි යුක්තිය නොදක්නේ ප්‍රතික්‍ෂේප කරයි. අවසානයෙහි යම්සේ ඤාණලාභයෙන් එය ඤාණය යයි කිවයුතු බව සුදුසු වේ. එහෙයින් න හෙවං ප්‍රතික්‍ෂේපය සකවාදියාටය.

ඤාණකථාවණ‍්ණනා.

ඤාණං චිත‍්තවිප‍්පයුත‍්තන‍්තිකථාවණ‍්ණනා

104. ඤාණ චිත්තවිප්පයුත්ත යයි කථා

ඉදානි ඤාණං චිත‍්තවිප‍්පයුත‍්තන‍්තිකථා නාම හොති. තත්‍ථ යස‍්මා අරහා චක‍්ඛුවිඤ‍්ඤාණාදිසමඞ‍්ගී පටිලද‍්ධං මග‍්ගඤාණං සන්‍ධාය “ඤාණී”ති වුච‍්චති, න චස‍්ස තං තෙන චිත‍්තෙන සම‍්පයුත‍්තං, තස‍්මා “ඤාණං චිත‍්තවිප‍්පයුත‍්ත”න‍්ති යෙසං ලද‍්ධි, සෙය්‍යථාපි පුබ‍්බසෙලියානං; තෙ සන්‍ධාය පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස. අථ නං “යදි තෙ ඤාණං චිත‍්තවිප‍්පයුත‍්තං චිත‍්තවිප‍්පයුත‍්තෙසු රූපාදීසු අඤ‍්ඤතරං සියා”ති චොදෙතුං රූපන‍්තිආදිමාහ. ඉතරො පටික‍්ඛිපති. සෙසං හෙට‍්ඨා වුත‍්තනයමෙව. පරියොසානෙ පන පඤ‍්ඤවාති පුට‍්ඨො පටිලාභවසෙන තං පවත‍්තිං ඉච‍්ඡති, තස‍්මා පටිජානාතීති.

දැන් ඤාණය චිත්ත විප්‍රයුක්ත යයි කථා නම් වේ. යම්සේ රහතන් වහන්සේ චක්‍ඛු විඤ්ඤාණාදියෙන් යුත් ලැබූ මාර්ග ඤාණය නිසා ඤාණී යයි කියනු ලැබේ. උන්වහන්සේ ඒ සිතෙන් සම්ප්‍රයුක්ත නැත. එහෙයින් ඤාණය චිත්ත විප්‍රයුක්ත යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ පුබ්බසේලියන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඉදින් ඔබේ ඤාණය චිත්ත විප්‍රයුක්ත වේනම් චිත්ත විප්‍රයුක්ත රූපාදියෙහි එකක් වන්නේ යයි චෝදනා කිරීමට රූපං යනාදිය කීය. අනෙකා ප්‍රතික්‍ෂේප කරයි. සෙස්ස යට කියන ලද නය අනුවමය. අවසානයෙහි වනාහි පඤ්ඤවා යයි විචාරණ ලද්දේ ප්‍රතිලාභ වශයෙන් ඒ පැවැත්ම කැමති වේ. එනිසා පිළිගනී.

ඤාණං චිත‍්තවිප‍්පයුත‍්තන‍්තිකථාවණ‍්ණනා.

ඉදං දුක‍්ඛන‍්තිකථාවණ‍්ණනා

105. ඉදං දුක්‍ඛන්ති කථා

ඉදානි ඉදං දුක‍්ඛන‍්තිකථා නාම හොති. තත්‍ථ යෙසං “ලොකුත‍්තරමග‍්ගක‍්ඛණෙ යොගාවචරො ඉදං දුක‍්ඛන‍්ති වාචං භාසති, එවමස‍්ස ඉදං දුක‍්ඛන‍්ති වාචං භාසතො ච ඉදං දුක‍්ඛන‍්ති ඤාණං පවත‍්තතී”ති ලද‍්ධි, සෙය්‍යථාපි අන්‍ධකානං; තෙ සන්‍ධාය පුච‍්ඡා සකවාදිස‍්ස, මග‍්ගක‍්ඛණෙ තථා වාචාභාසනං ඤාණප‍්පවත‍්තිඤ‍්ච සන්‍ධාය පටිඤ‍්ඤා ඉතරස‍්ස. යස‍්මා පන සො සෙසසච‍්චපටිසංයුත‍්තං වාචං පුථුජ‍්ජනොව භාසති , න ච තස‍්ස තථා ඤාණප‍්පවත‍්තීති ඉච‍්ඡති, තස‍්මා සමුදයාදිපඤ‍්හෙසු පටික‍්ඛිපති. රූපං අනිච‍්චන‍්තිආදි දුක‍්ඛපරියායදස‍්සනවසෙන වුත‍්තං. ඉතරො පන සකසමයෙ තාදිසං වොහාරං අපස‍්සන‍්තො පටික‍්ඛිපති. ඉති ච දන‍්ති චාතිආදි යදි තස‍්ස දුක‍්ඛෙ ඤාණං පවත‍්තති, ඉ-කාර දං-කාර දු-කාර ඛ-කාරෙසු පටිපාටියා චතූහි ඤාණෙහි පවත‍්තිතබ‍්බන‍්ති දස‍්සෙතුං වුත‍්තං. ඉතරො පන තථා න ඉච‍්ඡති, තස‍්මා පටික‍්ඛිපති.

දැන් මේ දුක් සහ කථා නම් වේ. එහි යමෙකුගේ ලෝකෝත්තර මාර්ග ක්‍ෂණයෙහි යෝගාවචරයා මෙසේ දුක් යයි කියයි. මෙසේ ඔහුගේ මේ දුකයයි වචන කීමද මේ දුකයයි ඤාණය පවතී යයි ලබ්ධිය වේ. යම්සේ අන්ධකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. මාර්ග ක්‍ෂණයෙහි එසේ වචන කීම ඤාණය පැවතීම ද සඳහා ප්‍රතිඥාව අනෙකාටය. යම්සේ හේ සෙසු සත්‍ය පටිසංයුක්ත වචන පෘථග්ජනව කියයි ද, ඔහුගේ එබඳු ඤාණ පැවතුම් කැමති නොවේ. එනිසා සමුදයාදි ප්‍රනවල ප්‍රතික්‍ෂේප කරයි. රූපං අනිච්චං ආදි දුකට ඇතුළත් දැකීම් වශයෙන් කියන ලදී. අනිකා වනාහි ස්ව සමයෙහි එබඳු ව්‍යවහාර නොදක්නේ ප්‍රතික්‍ෂේප කරයි. ඉති වදන්ති යනාදිය ඉදින් ඔහුගේ දුකෙහි ඤාණය පවතී. ඉදං දුක්‍ඛං යන පිළිවෙළින් සතර ඤාණයෙහි පැවතිය යුතුයයි දැක්වීමට කියන ලදී. අනෙකා එසේ කැමති නොවේ. එහෙයින් ප්‍රතික්‍ෂේප කරයි.

ඉදං දුක‍්ඛන‍්තිකථාවණ‍්ණනා.

ඉද‍්ධිබලකථාවණ‍්ණනා

106. ඉද්ධි බල කථා

ඉදානි ඉද‍්ධිබලකථා නාම හොති. තත්‍ථ ඉද‍්ධිපාදභාවනානිසංසස‍්ස අත්‍ථං අයොනිසො ගහෙත්‍වා “ඉද‍්ධිබලෙන සමන‍්නාගතො කප‍්පං තිට‍්ඨෙය්‍යා”ති යෙසං ලද‍්ධි, සෙය්‍යථාපි මහාසංඝිකානං; තෙ සන්‍ධාය ඉද‍්ධිබලෙන සමන‍්නාගතො කප‍්පං තිට‍්ඨෙය්‍යාති පුච‍්ඡා සකවාදිස‍්ස. තත්‍ථ කප‍්පො නාම මහාකප‍්පො, කප‍්පෙකදෙසො, ආයුකප‍්පොති තිවිධො. “චත‍්තාරිමානි, භික‍්ඛවෙ, කප‍්පස‍්ස අසඞ‍්ඛ්‍යෙය්‍යානී”ති (අ· නි· 4.156) එත්‍ථ හි මහාකප‍්පොව කප‍්පොති වුත‍්තො. “බ්‍රහ‍්මකායිකානං දෙවානං කප‍්පො ආයුප‍්පමාණ”න‍්ති (අ· නි· 4.123) එත්‍ථ කප‍්පෙකදෙසා. “කප‍්පං නිරයම‍්හි පච‍්චති, කප‍්පං සග‍්ගම‍්හි මොදතී”ති (චූළව· 354) එත්‍ථ ආයුකප‍්පො. ආයුකප‍්පනං ආයුවිධානං කම‍්මස‍්ස විපාකවසෙන වා වස‍්සගණනාය වා ආයුපරිච‍්ඡෙදොති අත්‍ථො. තෙසු මහාකප‍්පං සන්‍ධාය පුච‍්ඡති, ඉතරො පටිජානාති.

දැන් ඉද්ධිබල කථා නම් වේ. එහි ඉද්ධිපාද භාවනා ආනිසංස අනුවණින් ගෙන ඉද්ධි බලයෙන් යුක්ත කල්පයක් ඇතැයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ මහිංසාසකයන්ගේ මෙනි. ඔවුන් සඳහා ඉද්ධිබලෙන සමන්නාගතො කප්පං තිට්ඨෙය්‍ය යයි විචාරීම සකවාදියාටය. එහි කල්ප නම් මහා කල්ප, කල්ප ඒක දේස, ආයුෂ කල්ප යයි ත්‍රිවිධය. ‘මහණෙනි, මේ කල්පයේ අසංඛ්‍ය සතරකි’ යන තැන මහා කල්පය කල්පයයි කියන ලදී. ‘බ්‍රහ්ම කායික දෙවියන්ගේ ආයු ප්‍රමාණය කල්පය’යි මෙතැන කල්‍යෙක දෝෂයයි. ‘නිරයෙහි කල්පයක් පැසේ.’ මෙතැන ආයු කල්පයයි. ආයු කල්පය, ආයු විධානයයි. කර්ම විපාක වශයෙන් හෝ වර්ෂ ගණනින් හෝ ආයු පිරිසිඳීම යන අර්ථය වේ. ඒවායින් මහා කල්පය සඳහා විචාරයි. අනෙකා පිළිගනී.

අථ නං සකවාදී “සචෙ තෙ ඉද‍්ධිබලෙන සමන‍්නාගතො, ‘යො චිරං ජීවති, සො වස‍්සසතං අප‍්පං වා භිය්‍යො’ති (සං· නි· 2.143) එවං පරිච‍්ඡින‍්නා ආයුකප‍්පා උද‍්ධං මහාකප‍්පං වා මහාකප‍්පෙකදෙසං වා ජීවෙය්‍ය ඉද‍්ධිමයිකෙනස‍්ස ආයුනා භවිතබ‍්බ”න‍්ති චොදෙතුං ඉද‍්ධිමයිකො සො ආයූතිආදිමාහ. ඉතරො “ජීවිතින්‍ද්‍රියං නාම ඉද‍්ධිමයිකං නත්‍ථි, කම‍්මසමුට‍්ඨානමෙවා”ති වුත‍්තත‍්තා පටික‍්ඛිපති. කො පනෙත්‍ථ ඉද‍්ධිමතො විසෙසො, නනු අනිද‍්ධිමාපි ආයුකප‍්පං තිට‍්ඨෙය්‍යාති? අයං විසෙසො – ඉද‍්ධිමා හි යාවතායුකං ජීවිතප‍්පවත‍්තියා අන‍්තරායකරෙ ධම‍්මෙ ඉද‍්ධිබලෙන පටිබාහිත්‍වා අන‍්තරා අකාලමරණං නිවාරෙතුං සක‍්කොති, අනිද‍්ධිමතො එතං බලං නත්‍ථි. අයමෙතෙසං විසෙසො.

ඉක්බිති ඔහුට සකවාදියා ඉදින් ඔබගේ ඉද්ධි බලයෙන් යුක්ත වූයේ ‘යමෙක් අවුරුදු සීයක් හෝ ඊට අඩුවෙන් හෝ වැඩියෙන් හෝ මෙසේ සීමාවන ආයු කල්පය, වැඩියෙන් මහා කල්පයක් හෝ මහා කල්‍යෙක දේශයක් හෝ ජීවත් වන්නේ ද ඉද්ධියෙන් ඔහුගේ ආයුෂය වේදැයි චෝදනා කිරීමට ඉද්ධිමයී කො සො ආයු යනාදිය කීය. අනෙකා ඍද්ධිමය ජීවිතේන්‍ද්‍රියක් නැත. කර්මයෙන්ම හටගන්නා ලදැයි කියන ලද හෙයින් ප්‍රතික්‍ෂේප කරයි. මෙහි ඍද්ධිමතාගේ විශේෂය කුමක්ද? ඍද්ධිය නැතිවද ආයු කල්පය සිටින්නේ නොවේද? විශේෂය මෙයයි. ඍද්ධිමතාට ආයු ඇති තෙක් ජීවිතය පවත්වන්නේ අන්තරායකර කරුණු සෘද්ධි බලයෙන් බැහැර කර අනතුරු අකාල මරණ වැලැක්වීමට හැකි වේ. ඍද්ධි නැත්තාට මෙබඳු බලයක් නැත.

අතීතං අනාගතන‍්ති ඉදං අවිසෙසෙන කප‍්පං තිට‍්ඨෙය්‍යාති පටිඤ‍්ඤාතත‍්තා චොදෙති. ද‍්වෙ කප‍්පෙතිආදි “යදි ඉද‍්ධිමා ජීවිතපරිච‍්ඡෙදං අතික‍්කමිතුං සක‍්කොති, න කෙවලං එකං අනෙකෙපි කප‍්පෙ තිට‍්ඨෙය්‍යා”ති චොදනත්‍ථං වුත‍්තං. උප‍්පන‍්නො ඵස‍්සොතිආදි න සබ‍්බං ඉද‍්ධියා ලබ‍්භති, ඉද‍්ධියා අවිසයොපි අත්‍ථීති දස‍්සෙතුං වුත‍්තං. සෙසමෙත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.

අතීතං අනාගතං යයි මෙය අවිශේෂයෙන් කල්පය සිටී යයි ප්‍රතිඥාත හෙයින් චෝදනා කරයි. ද්වෙ කප්පෙ ආදිය ඉදින් ඍද්ධිවන්තයා ජීවිත කාලය ඉක්මවීමට සමත් වේ. එකක් නොව අනෙක් කල්ප සිටී යයි චෝදනාව පිණිස කියන ලදී. උප්පන්නො ඵස්සො ආදි සියල්ල ඍද්ධියෙන් නොලබයි. ඍද්ධියට අවිෂයද ඇතැයි දැක්වීමට කියන ලදී. මෙහි සෙස්ස පැහැදිලිය.

ඉද‍්ධිබලකථාවණ‍්ණනා.

සමාධිකථාවණ‍්ණනා

106. සමාධි කථා

ඉදානි සමාධිකථා නාම හොති. තත්‍ථ යෙසං එකචිත‍්තක‍්ඛණෙ උප‍්පන‍්නාපි එකග‍්ගතා සමාධානට‍්ඨෙන සමාධීති අග‍්ගහෙත්‍වා “සත‍්ත රත‍්තින්‍දිවානි එකන‍්තසුඛපටිසංවෙදී විහරිතු”න‍්තිආදිවචනං (ම· නි· 1.180) නිස‍්සාය “චිත‍්තසන‍්තති සමාධී”ති ලද‍්ධි, සෙය්‍යථාපි සබ‍්බත්‍ථිවාදානඤ‍්චෙව උත‍්තරාපථකානඤ‍්ච; තෙ සන්‍ධාය චිත‍්තසන‍්තතීති පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස. අථ නං “යදි චිත‍්තසන‍්තති සමාධි, චිත‍්තසන‍්තති නාම අතීතාපි අත්‍ථි, අනාගතාපි අත්‍ථි. න හි එකං පච‍්චුප‍්පන‍්නචිත‍්තමෙව චිත‍්තසන‍්තති නාම හොති, කිං තෙ සබ‍්බාපි සා සමාධී”ති චොදෙතුං අතීතාතිආදිමාහ, ඉතරො තථා අනිච‍්ඡන‍්තො පටික‍්ඛිපති.

දැන් සමාධි කථා නම් වේ. එහි යමෙකුගේ ඒක චිත්තක්‍ෂණයෙහි ඉපදුනද ඒකග්ගතාව සමාධාන අර්ථයෙන් සමාධියයි නොගෙන ‘සත්ත රත්තින්‍ධිවාති එකත්ත සුඛ පටිසංවෙදි විහරිතුං’ ආදි වචන නිසා චිත්ත සන්තතිය සමාධියයි ලබ්ධි වේ. යම්සේ සර්වාස්තිවාදීන්ගේ ද උත්තරා පථකයන්ගේ ද මෙනි. ඔවුන් සඳහා චිත්ත සන්තති යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඉදින් චිත්ත සන්තතිය සමාධි චිත්ත සන්තති නමි. අතීතය ද ඇත. අනාගතය ද ඇත. වර්තමාන සිත පමණක් චිත්ත සන්තති නොවේ. කිම ඔබගේ ඒ සියළු සමාධියයි චෝදනා කිරීමට අතීත යනාදිය කීය. අනෙකා එසේ අකැමැත්තේ ප්‍රතික්‍ෂේප කරයි.

නනු අතීතං නිරුද‍්ධන‍්තිආදි “චිත‍්තසන‍්තතියං පච‍්චුප‍්පන‍්නමෙව චිත‍්තං කිච‍්චකරං, අතීතානාගතං නිරුද‍්ධත‍්තා අනුප‍්පන‍්නත‍්තා ච නත්‍ථි, කථං තං සමාධි නාම හොතී”ති දස‍්සෙතුං වුත‍්තං. එකචිත‍්තක‍්ඛණිකොති පුච‍්ඡා පරවාදිස‍්ස. තතො යා සකසමයෙ “සමාධිං, භික‍්ඛවෙ, භාවෙථා”තිආදීසු පච‍්චුප‍්පන‍්නකුසලචිත‍්තසම‍්පයුත‍්තා එකග‍්ගතා සමාධීති වුත‍්තා, තං සන්‍ධාය පටිඤ‍්ඤා සකවාදිස‍්ස. චක‍්ඛුවිඤ‍්ඤාණසමඞ‍්ගීතිආදි “එකචිත‍්තක‍්ඛණිකො”ති වචනමත‍්තං ගහෙත්‍වා ඡලෙන වුත‍්තං, තෙනෙව සකවාදිනා පටික‍්ඛිත‍්තං. නනු වුත‍්තං භගවතාති සුත‍්තං පුරිමපච‍්ඡිමවසෙන පවත‍්තමානස‍්ස සමාධිස‍්ස අබ‍්බොකිණ‍්ණතං සාධෙති, න සන‍්තතියා සමාධිභාවං, තස‍්මා අසාධකන‍්ති.

නනු අතීතං නිරුද්ධං යනාදි චිත්ත සන්තතියේ වර්තමාන සිතම කෘත්‍ය කරයි. අතීත අනාගත නිරුද්ධ බැවින් නූපන්නේ ද නැත. කෙසේ නම් එය සමාධි නම් වේදැයි දැක්වීමට කියන ලදී. එක චිත්තක්‍ඛණිකො යයි විචාරීම පරවාදියාටය. එයින් ස්ව සමයෙහි ‘සමාධිං භික්‍ඛවෙ භාවෙථ’ යනාදියෙහි වර්තමාන කුසල සිතින් යුත් ඒකග්ගතාව සමාධිය යයි කියන ලදී. ඒ සඳහා ප්‍රතිඥාව සකවාදියාටය. චක්‍ඛු විඤ්ඤාණ සමංගී යනාදි ‘ඒක චිත්ත ක්‍ෂණික’ යයි වචනය පමණක් ගෙන ජලයෙන් කියන ලදී. එයින් සකවාදියා විසින් ප්‍රතික්‍ෂේප කරන ලදී. නනු වුත්තං භගවතා යන සූත්‍රය පෙරපසු වශයෙන් පවතින සමාධිය අමිශ්‍රව සිදුකරයි. සන්තතියෙන් සමාධිභාවය නැත. එහෙයින් සාධක නොවේ.

සමාධිකථාවණ‍්ණනා.

ධම‍්මට‍්ඨිතතාකථාවණ‍්ණනා

108. ධම්මට්ඨිතතා කථා

ඉදානි ධම‍්මට‍්ඨිතතාකථා නාම හොති. තත්‍ථ “ඨිතාව සා ධාතූ”ති වචනං නිස‍්සාය “පටිච‍්චසමුප‍්පාදසඞ‍්ඛාතා ධම‍්මට‍්ඨිතතා නාම එකා අත්‍ථි, සා ච පරිනිප‍්ඵන‍්නා”ති යෙසං ලද‍්ධි, සෙය්‍යථාපි අන්‍ධකානං; තෙ සන්‍ධාය පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස. අථ නං “යදි පරිනිප‍්ඵන‍්නානං අවිජ‍්ජාදීනං අඤ‍්ඤා ධම‍්මට‍්ඨිතතා නාම පරිනිප‍්ඵන‍්නා අත්‍ථි, තායපි ච තෙ ධම‍්මට‍්ඨිතතාය අඤ‍්ඤා ඨිතතා පරිනිප‍්ඵන‍්නා ආපජ‍්ජතී”ති චොදෙතුං තාය ඨිතතාතිආදිමාහ. පරවාදී එවරූපාය ලද‍්ධියා අභාවෙන පටික‍්ඛිපති. දුතියං පුට‍්ඨො අනන‍්තරපච‍්චයතඤ‍්චෙව අඤ‍්ඤමඤ‍්ඤපච‍්චයතඤ‍්ච සන්‍ධාය පටිජානාති. සෙසං හෙට‍්ඨා වුත‍්තනයත‍්තා උත‍්තානත්‍ථමෙවාති.

දැන් ධම්මට්ඨිතතා කථා නම් වේ. එහි ‘ඨිතාව සා ධාතු’ යන වචනය නිසා පටිච්ච සමුප්පාද සංඛ්‍යාත ධම්මට්ඨිතතා නම් එකක් ඇත. එයද පරිනිෂ්පත්තය යනු යමෙකුගේ ලබ්ධියයි. යම්සේ අන්ධකයින්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඉදින් පරිනිෂ්පන්න වූ අවිජ්ජාදීන්ගේ අන්‍ය වූ ධම්මට්ඨිත්තා නම් පරිනිෂ්පන්නයක් ඇත්ද? ඔබගේ ඒ ධම්මට්ඨිතායෙන් අන්‍ය වූ ස්ථිතියක් පරිනිෂ්පන්න වේදැයි චෝදනා කිරීමට තාය ඨිතාය යනාදිය කීය. පරවාදියා මෙබඳු වූ ලබ්ධියක් නැති බැවින් ප්‍රතික්‍ෂේප කරයි. දෙවනුව විචාරණ ලද්දේ අනන්තර ප්‍රත්‍යය ද අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යය ද සඳහා පිළිගනී. සෙස්ස යට කියන ලද නය අනුව පැහැදිලිය.

ධම‍්මට‍්ඨිතතාකථාවණ‍්ණනා.

අනිච‍්චතාකථාවණ‍්ණනා

109. අනිච්චතා කථා

ඉදානි අනිච‍්චතාකථා නාම හොති. තත්‍ථ “අනිච‍්චානං රූපාදීනං අනිච‍්චතාපි රූපාදයො විය පරිනිප‍්ඵන‍්නා”ති යෙසං ලද‍්ධි, සෙය්‍යථාපි අන්‍ධකානං; තෙ සන්‍ධාය පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස. අථ නං “යදි තෙ රූපාදයො විය අනිච‍්චතා පරිනිප‍්ඵන‍්නා, තස‍්සාපි අඤ‍්ඤාය පරිනිප‍්ඵන‍්නාය අනිච‍්චතාය භවිතබ‍්බ”න‍්ති චොදෙතුං තාය අනිච‍්චතායාතිආදිමාහ. ඉතරො ද‍්වින‍්නං අනිච‍්චතාය එකතො අභාවෙන පටික‍්ඛිපිත්‍වා පුන යස‍්මා සා අනිච‍්චතා නිච‍්චා න හොති, තෙනෙව අනිච‍්චෙන සද‍්ධිං අන‍්තරධායති, තස‍්මා පටිජානාති. අථස‍්ස සකවාදී ලෙසොකාසං අදත්‍වා යා තෙන දුතියා අනිච‍්චතා පටිඤ‍්ඤාතා , තායපි තතො පරායපීති පරම‍්පරවසෙන අනුපච‍්ඡෙදදොසං ආරොපෙන‍්තො තාය තායෙවාතිආදිමාහ. ජරා පරිනිප‍්ඵන‍්නාතිආදි යස‍්මා උප‍්පන‍්නස‍්ස ජරාමරණතො අඤ‍්ඤා අනිච‍්චතා නාම නත්‍ථි, තස‍්මා අනිච‍්චතාවිභාගානුයුඤ‍්ජනවසෙන වුත‍්තං. තත්‍රාපි පරවාදිනො පුරිමනයෙනෙව පටිඤ‍්ඤා ච පටික‍්ඛෙපො ච වෙදිතබ‍්බො.

දැන් අනිච්චතා කථා නම් වේ. එහි අනිත්‍ය වූ රූපාදීන්ගේ අනිත්‍යය ද රූපාදිය මෙන් පරිනිෂ්පන්න යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ අන්ධකයින්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඉදින් ඔබගේ රූපාදිය මෙනම් අනිත්‍ය පරිනිෂ්පන්නය. එයින් අන්‍ය වූ පරිනිෂ්පන්න අනිත්‍යතාවක් විය යුතුයයි චෝදනා කිරීමට තාය අනිච්චතාය යයි කීය. අනෙක් අනිත්‍යතා දෙකක් එකවිට නොවීමෙන් ප්‍රතික්‍ෂේප කොට, නැවත යම්සේ ඒ අනිත්‍යතාව නිත්‍ය නොවේ. එහෙයින්ම අනිත්‍ය සමග අතුරුදහන් වේ. එහෙයින් පිළිගනී. ඉක්බිති ඔහුට සකවාදියා සුළු අවසරයක්වත් නොදී යම් දෙවන අනිත්‍යතාවක් ප්‍රතිඥාතය. එයට ද එයින් පසුව වූ දෙයටද පරම්පරා වශයෙන් නොකැඩුණු දෝෂය ආරෝපනය කරන්නේ තාය තායෙව යනාදිය කීය. ජරා පරිනිප්පන්නා යනාදිය යම්හෙයකින් උපන් ජරාමරණයෙන් අන්‍ය වූ අනිත්‍යතාවක් නම් නැත. එහෙයින් අනිත්‍යතාව විභාගයට යෙදීම් වශයෙන් කියන ලදී. එහිද පරවාදියාගේ ප්‍රතිඥාව ද ප්‍රතික්‍ෂේපය ද දතයුතුය.

රූපං පරිනිප‍්ඵන‍්නන‍්තිආදි යෙසං සා අනිච‍්චතා, තෙහි සද‍්ධිං සංසන්‍දනත්‍ථං වුත‍්තං. තත්‍ථ “යථා පරිනිප‍්ඵන‍්නානං රූපාදීනං අනිච‍්චතාජරාමරණානි අත්‍ථි, එවං පරිනිප‍්ඵන‍්නානං අනිච‍්චතාදීනං තානි නත්‍ථී”ති මඤ‍්ඤමානො එකන‍්තෙන පටික‍්ඛිපතියෙවාති.

රූපං පරිනිප්පන්නං යනාදිය යමෙකුගේ ඒ අනිත්‍යතාවය. ඒවා සමග සැසඳීම සඳහා කියන ලදී. එහි පරිනිෂ්පන්න රූපාදීන්ගේ අනිත්‍යතා ජරාමරණ ඇත. මෙසේ පරිනිෂ්පන්න අනිත්‍යාදියේ ඒවා නැතැයි සිතන්නේ ඒකාන්තයෙන් ප්‍රතික්‍ෂේප කෙරේමය.

අනිච‍්චතාකථාවණ‍්ණනා.

එකාදසමො වග‍්ගො.

එකොළොස්වෙනි වර්ගයයි.