යෙදුමෙන් කියවන්න

ඉද‍්ධිබලකථා

11. 5.

11. 5.

ඉද‍්ධිබලකථා

ඉද්ධිබලකථා

[ඍද්ධිපාදභාවනානෘශංසයාගේ අර්‍ත්‍ථය නුනුවණින් ගෙන ඍද්ධිබලයෙන් සමන්‍වාගත වූයේ කපක් සිටුනේ යැ යි මහාසඞ්ඝික නිකාය වාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ඉද්ධිබලකථා එයි.]

1. ස. පු: ඉද‍්ධිබලෙන සමන‍්නාගතො කප‍්පං තිට‍්ඨෙය්‍යාති.

1. ස. පු: ඍද්ධිබලයෙන් සමන්‍වාගත වූයේ (මහ) කපක් සිටුනේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: ඉද‍්ධිමයිකො සො ආයු, ඉද‍්ධිමයිකා සා ගති, ඉද‍්ධිමයිකො සො අත‍්තභාවපටිලාභො’ති.

ස. අනු: ඒ ආයු ඍද්ධිමය වේ ද, ඒ ගති ඍද්ධිමය වේ ද, ඒ ආත්මභාවප්‍රතිලාභ ඍද්ධිමය වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

2. ස. පු: ඉද‍්ධිබලෙන සමන‍්නාගතො කප‍්පං තිට‍්ඨෙය්‍යාති.

2. ස. පු: ඍද්ධිබලයෙන් සමන්‍වාගත වූයේ කපක් සිටුනේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: අතීතං කප‍්පං තිට‍්ඨෙය්‍ය, අනාගතං කප‍්පං තිට‍්ඨෙය්‍යා’ති.

ස. අනු: අතීත කල්පයක් සිටුනේ ද, අනාගත කල්පයක් සිටුනේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

3. ස. පු: ඉද‍්ධිබලෙන සමන‍්නාගතො කප‍්පං තිට‍්ඨෙය්‍යා’ති.

3. ස. පු: ඍද්ධිබලයෙන් සමන්‍වාගත වූයේ කපක් සිටුනේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: ද‍්වෙ කප‍්පෙ තිට‍්ඨෙය්‍ය, තයො කප‍්පෙ තිට‍්ඨෙය්‍ය, චත‍්තාරො කප‍්පෙ තිට‍්ඨෙය්‍යා’ති.

ස. අනු: දෙකපක් සිටුනේ වේ ද, තුන්කපක් සිටුනේ වේ ද, සතරකපක් සිටුනේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

4. ස. පු: ඉද‍්ධිබලෙන සමන‍්නාගතො කප‍්පං තිට‍්ඨෙය්‍යා’ති.

4. ස. පු: ඍද්ධිබලයෙන් සමන්‍වාගත වූයේ කපක් සිටුනේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: සති ජීවිතෙ ජීවිතාවසෙසෙ තිට‍්ඨෙය්‍ය, අසති ජීවිතෙ ජීවිතාවසෙසෙ තිට‍්ඨෙය්‍යා’ති.

ස. අනු: ජීවිතය ඇති කල්හි ජීවිතාවශේෂයෙහි සිටුනේ ද, ජීවිතය නැති කල්හි ජීවිතාවශේෂයෙහි සිටුනේ ද?

ප. පටිඤ‍්ඤා: සති ජීවිතෙ ජීවිතාවසෙසෙ තිට‍්ඨෙය්‍යා’ති.

ප. පටිඤ්‍ඤා: ජීවිතය ඇති කල්හි ජීවිතාවශේෂයෙහි සිටුනේ යැ.

අනු. ඨ: හඤ‍්චි සති ජීවිතෙ ජීවිතාවසෙසෙ තිට‍්ඨෙය්‍ය,

අනු. ඨ: ඉදින් දිවි ඇති කල්හි ජීවිතාවශේෂයෙහි සිටුනේ නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ “ඉද‍්ධිබලෙන සමන‍්නාගතො කප‍්පං තිට‍්ඨෙය්‍යා”ති.

අනු. පා: භවත ‘ඍද්ධිබලයෙන් සමන්‍වාගත වූයේ කපක් සිටුනේ යැ’ යි නො කියැයුතු මැ යැ.

අසති ජීවිතෙ ජීවිතාවසෙසෙ තිට‍්ඨෙය්‍ය, මතො තිට‍්ඨෙය්‍ය, කාලං කතො තිට‍්ඨෙය්‍යා’ති

දිවි නැති කල්හි ජීවිතාවශේෂයෙහි සිටුනේ නම්, මළේ සිටුනේ යැ, කලුරිය කෙළේ සිටුනේ යි.

5. ස. පු: ඉද‍්ධිබලෙන සමන‍්නාගතො කප‍්පං තිටෙඨය්‍යා’ති.

5. ස. පු: ඍද්ධිබලයෙන් සමන්‍වාගත වූයේ කපක් සිටුනේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: උප‍්පන‍්නො ඵස‍්සො මා නිරුජ‍්ඣී’ති ලබ‍්භා ඉද‍්ධියා පග‍්ගහෙතුන‍්ති.

ස. අනු: උපන් ස්‍පර්‍ශය ‘නහමක් නිරුද්ධ වේව’ යි ඍද්ධියෙන් ප්‍රග්‍රහ කරන්නට (අල්ලා නවතා ගන්නට) හැකි වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

ස. අනු: උප‍්පන‍්නා වෙදනා -පෙ- උප‍්පන‍්නා සඤ‍්ඤා -පෙ- උප‍්පන‍්නා චෙතනා -පෙ- උප‍්පන‍්නං චිත‍්තං -පෙ- උප‍්පන‍්නා සද‍්ධා -පෙ- උප‍්පන‍්නං විරියං -පෙ- උප‍්පන‍්නා සති -පෙ- උප‍්පන‍්නො සමාධි, -පෙ- උප‍්පන‍්නා පඤ‍්ඤා මා නිරුජ‍්ඣි’ති ලබ‍්භා ඉද‍්ධියා පග‍්ගහෙතුන‍්ති.

ස. අනු: උපන් වේදනා ... උපන් සංඥා ... උපන් චේතනා ... උපන් සිත ... උපන් ශ්‍රද්ධා ... උපන් වීර්‍ය්‍යය ... උපන් ස්‍මෘතිය ... උපන් සමාධිය ... උපන් ප්‍රඥාව නහමක් නිරුද්ධ වේ ව යි ඍද්ධියෙන් ප්‍රග්‍රහ කරන්නට (අල්ලාගන්නට) ලැබේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

6. ස. පු: ඉද‍්ධිබලෙන සමන‍්නාගතො කප‍්පං තිට‍්ඨෙය්‍යා’ති.

6. ස. පු: ඍද්ධිබලයෙන් සමන්‍වාගත වූයේ කපක් සිටුනේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: රූපං නිච‍්චං හොතූ’ති ලබ‍්භා ඉද‍්ධියා පග‍්ගහෙතුන‍්ති.

ස. අනු: ‘රූපය නිත්‍ය වේව’ යි ඍද්ධියෙන් ප්‍රග්‍රහ කරන්නට (අනිත්‍යබව නවතා ලන්නට) ලැබේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

ස. අනු: වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං නිච‍්චං හොතූ’ති ලබ‍්භා ඉද‍්ධියා පග‍්ගහෙතුන‍්ති.

ස. අනු: ‘වේදනා ... සංඥා ... සංස්කාරයෝ ... විඥානය නිත්‍ය වේව’ යි ඍද්ධියෙන් ප්‍රග්‍රහ කරන්නට ලැබේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

7. ස. පු: ඉද‍්ධිබලෙන සමන‍්නාගතො කප‍්පං තිට‍්ඨෙය්‍යා’ති.

7. ස. පු: ඍද්ධිබලයෙන් සමන්‍වාගත වූයේ කපක් සිටුනේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: ජාතිධම‍්මා සත‍්තා මා ජායිංසූ’ති ලබ‍්භා ඉද‍්ධියා පග‍්ගහෙතුන‍්ති.

ස. අනු: ‘ජාතිස්වභාවය ඇති සත්ත්‍වයෝ නහමක් උපදිත්ව’ යි ඍද්ධිබලයෙන් ප්‍රග්‍රහ කරන්නට ලැබේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

ස. අනු: ජරාධම‍්මා සත‍්තා මා ජීයිංසූ’ති -පෙ- ව්‍යාධිධම‍්මා සත‍්තා මා ව්‍යාධියිංසූ’ති -පෙ- මරණධම‍්මා සත‍්තා මා මීයිංසූ’ති ලබ‍්භා ඉද‍්ධියා පග‍්ගහෙතුන‍්ති.

ස. අනු: ‘ජරාස්වභාව ඇති සත්ත්‍වයෝ නහමක් දිරත්ව’ යි ... ‘ව්‍යාධිස්වභාව ඇති සත්ත්‍වයෝ නහමක් ව්‍යාධිත වෙත්වයි ... මරණස්වභාව ඇති සත්ත්‍වයෝ නහමක් මියෙත්ව’යි ඍද්ධිබලයෙන් ප්‍රග්‍රහ කරන්නට ලැබේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

8. ප. පු: න වත‍්තබ‍්බං ඉද‍්ධිබලෙන සමන‍්නාගතො කප‍්පං තිට‍්ඨෙය්‍යා’ති.

8. ප. පු: ‘ඍද්ධිබලයෙන් සමන්‍වාගත වූයේ කපක් සිටුනේ යැ’ යි නො කියැයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. අනු: නනු වුත‍්තං භගවතා “යස‍්ස කස‍්සචි ආනන්‍ද චත‍්තාරො ඉද‍්ධිපාදා භාවිතා බහුලීකතා යානීකතා වත්‍ථුකතා අනුට‍්ඨිතා පරිචිතා සුසමාරද‍්ධා සො ආකඞ‍්ඛමානො කප‍්පං වා තිට‍්ඨෙය්‍ය කප‍්පාවසෙසං වා”ති අත්‍ථෙව සුත‍්තන‍්තො’ති.

ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු: “ආනන්‍දය, යම් කිසිවක්හු විසින් සතර ඍද්ධිපාදයෝ භාවිත වෙත් ද, බහුලීකෘත වෙත් ද, යෙදූ යානයක් මෙන් කරන ලද වෙත් ද, ප්‍රතිෂ්ඨා කරන ලද වෙත් ද, අධිෂ්ඨිත වෙත් ද, පරිචිත වෙත් ද, මනාකොට ප්‍රගුණ කරන ලද වෙත් ද, හේ කැමැතියේ කල්පයක් හෝ කල්පාවශේෂයක් හෝ සිටුනේ යැ” යි වදාළ සුත්‍රාන්තයක් ඇත්තේ මැ නු?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. ආ: තෙන හි ඉද‍්ධිබලෙන සමන‍්නාගතො කප‍්පං තිට‍්ඨෙය්‍යා’ති.

ප. ආ: එකරුණින් ඍද්ධිබලයෙන් සමන්‍වාගත වූයේ කපක් සිටුනේ යැ.

9. ස. පු: ඉද‍්ධිබලෙන සමන‍්නාගතො කප‍්පං තිට‍්ඨෙය්‍යා’ති.

9. ස. පු: ඍද්ධිබලයෙන් සමන්‍වාගත වූයේ කපක් සිටුනේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: නනු වුත‍්තං භගවතා “චතුන‍්නං භික‍්ඛවෙ ධම‍්මානං නත්‍ථි කොචි පාටිභොගො සමණො වා බ්‍රාහ‍්මණො වා දෙවො වා මාරො වා බ්‍රහ‍්මා වා කොචි වා ලොකස‍්මිං. කතමෙසං චතුන‍්නං: ජරාධම‍්මො මා ජීරී’ති නත්‍ථි කොචි පාටිභොගො සමණො වා බ්‍රාහ‍්මණො වා දෙවො වා මාරො වා බ්‍රහ‍්මා වා කොචි වා ලොකස‍්මිං. ව්‍යාධිධම‍්මො මා ව්‍යාධීයීති -පෙ- මරණධම‍්මො මා මීයීති -පෙ- යානි ඛො පන තානි පුබ‍්බෙ කතානි පාපකානි කම‍්මානි සංකිලෙසිකානි පොනොභවිකානි නිස‍්සාරානි දුක‍්ඛවිපාකානි ආයතිං ජාති ජරා මරණීයානි, තෙසං විපාකො මා නිබ‍්බත‍්තී’ති නත්‍ථි කොචි පාටිභොගො සමණො වා බ්‍රාහ‍්මණො වා දෙවො වා මාරො වා බ්‍රහ‍්මා වා කොචි වා ලොකස‍්මිං. ඉමෙසං ඛො භික‍්ඛවෙ චතුන‍්නං ධම‍්මානං නත්‍ථි කොචි පාටිභොගො සමණො වා බ්‍රාහ‍්මණො වා දෙවො වා මාරො වා බ්‍රහ‍්මා වා කොචි වා ලොකස‍්මිං”න‍්ති අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති.

ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු: “මහණෙනි, සතරධර්‍ම කෙනකුන්ට-ශ්‍රමණ වේවයි බ්‍රාහ්මණ වේවයි දේව වේවයි මාර වේවයි බ්‍රහ්ම වේවයි ලෝකයෙහි අනෙකෙක් වේවයි ඇපවන කිසිවෙක් නැත. කවර සතර දෙනකුනට යත්: ‘ජරාස්වභාව ඇතියේ නහමක් දිරාව’ යි කියා මහණ හෝ බමුණු හෝ දෙවි හෝ මර හෝ බඹ හෝ ලොව අන් කිසිවෙක් හෝ ඇපවන කිසිවෙක් නැත. ‘ව්‍යාධිස්වභාව ඇතියේ නහමක් ව්‍යාධිත වේව’ යි ... ‘මරණස්වභාව ඇතියේ නහමක් මියේව’ යි ... සංක්‍ලේශයට හිත වූ පුනර්‍භවයට වැටෙන නිස්සාර දුඃඛවිපාක ඇති අනායෙහි ජාති ජරා මරණයට හිත පෙර කළ යම් පාපකර්‍මයෝ ඇද්ද, උන්ගේ විපාක නහමක් උපදීව’යි කියා ශ්‍රමණ හෝ බ්‍රාහ්මණ හෝ දේව හෝ මාර හෝ බ්‍රහ්ම හෝ ලෝකයෙහි අන් කිසිවෙක් හෝ ඇපවන කිසිවෙක් නැත. මහණෙනි, මේ සතර ධර්‍මයනට ඇපවන ශ්‍රමණ හෝ යැ බ්‍රාහ්මණ හෝ යැ දේව හෝ යැ මාර හෝ යැ බ්‍රහ්ම හෝ යැ ලෝකයෙහි අන් කිසිවෙක් හෝ නැති” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. ආ. තෙන හි න වත‍්තබ‍්බං ‘ඉද‍්ධිබලෙන සමන‍්නාගතො කප‍්පං තිට‍්ඨෙය්‍යා’ති.

ස. ආ: එකරුණින් ඍද්ධිබලයෙන් සමන්‍වාගත වූයේ කපක් සිටුනේ යයි නො කියැයුතු යැ.

ඉද‍්ධිබලකථා නිට‍්ඨිතා.

ඍද්ධිබලකථා නිමි.