යෙදුමෙන් කියවන්න

සමාධිකථා

11. 6.

11. 6.

සමාධිකථා

සමාධිකථා

[ඒකචිත්තක්‍ෂණයෙහි උපන් ඒකාග්‍රතාව සමාධානාර්‍ත්‍ථයෙන් ‘සමාධි වෙති’යි නො ගෙන චිත්තසන්තතිය සමාධි නමි’යි ලබ්ධි ගත් සර්‍වාස්තිවාද උත්තරාපථක නිකායවාසීන් ගේ ලබ්ධි බිඳුනට සමාධිකථා එයි.]

1. ස. පු: චිත‍්තසන‍්තති සමාධී’ති.

1. ස. පු: චිත්තසන්තති සමාධි වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: අතීතා චිත‍්තසන‍්තති සමාධී’ති.

ස. අනු: අතීත චිත්තසන්තති සමාධි වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

2. ස. පු: චිත‍්තසන‍්තති සමාධී’ති.

2. ස. පු: චිත්තසන්තති සමාධි වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: අනාගතා චිත‍්තසන‍්තති සමාධී’ති.

ස. අනු: අනාගත චිත්තසන්තති සමාධි වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

3. ස. පු: චිත‍්තසන‍්තති සමාධී’ති.

3. ස. පු: චිත්තසන්තති සමාධි වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: නනු අතීතං නිරුද‍්ධං අනාගතං අජාතන‍්ති.

ස. අනු: අතීතය නිරුද්ධ වූයේ අනාගතය නූපන්නේ නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි අතීතං නිරුද‍්ධං අනාගතං අජාතං,

අනු. ඨ: ඉදින් අතීතය නිරුද්ධ වී නම් අනාගතය නූපන්නේ වී නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ “චිත‍්තසන‍්තති සමාධී”ති.

අනු. පා: භවත “චිත්තසන්තති සමාධි වේ” යයි නො කියැයුතු මැ යැ.

4. ප. පු: එකචිත‍්තක‍්ඛණිකො සමාධී’ති.

4. ප. පු: සමාධි ඒකචිත්තක්‍ෂණික වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. අනු: චක‍්ඛ‍්විඤ‍්ඤාණසමඞ‍්ගී සමාපන‍්නො’ති.

ප. අනු: චක්‍ෂුර්විඥානසමඞ්ගී වූයේ සමාපන්න(සමාහිත) වේ ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු යැ ...

ප. අනු: සොතවිඤ‍්ඤාණසමඞ‍්ගී -පෙ- ඝානවිඤ‍්ඤාණසමඞ‍්ගී -පෙ- ජිව‍්හාවිඤ‍්ඤාණසමඞ‍්ගී -පෙ- කායවිඤ‍්ඤාණසමඞ‍්ගී -පෙ- අකුසලචිත‍්තසමඞ‍්ගී -පෙ- රාගසහගතං -පෙ- දොසසහගතං -පෙ- මොහසහගතං -පෙ- අනොත‍්තප‍්ප සහගතං චිත‍්තසමඞ‍්ගී සමාපන‍්නො’ති.

ප. අනු: ශ්‍රෝතවිඥානසමඞ්ගී වූයේ ... ඝ්‍රාණවිඥානසමඞ්ගී වූයේ ... ජිහ්වාවිඥානසමඞ්ගී වූයේ ... කාය විඥානසමඞ්ගී වූයේ අකුසලචිත්තසමඞ්ගී වූයේ ... රාගසහගත ... ද්වේෂසහගත මෝහසහගත ... අනපත්‍රපාසහගත චිත්තසමඞ්ගී වූයේ සමාපන්න වේ ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු යැ ...

5. ස. පු: චිත‍්තසන‍්තති සමාධී’ති.

5. ස. පු: චිත්තසන්තති සමාධි වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: අකුසලචිත‍්තසන‍්තති සමාධී’ති.

ස. අනු: අකුශලචිත්තසන්තති සමාධි වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

ස. අනු: රාගසහගතා -පෙ- දොසසහගතා -පෙ- මොහසහගතා -පෙ- අනොත‍්තප‍්පසහගතා චිත‍්තසන‍්තති සමාධී’ති.

ස. අනු: රාගසහගත ... ද්වේෂසහගත ... මෝහසහගත ... අනපත්‍රපාසහගත චිත්තසන්තති සමාධි වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

6. ප. පු: න වත‍්තබ‍්බං ‘චිත‍්තසන‍්තති සමාධී’ති.

6. ප. පු: ‘චිත්තසන්තති සමාධි වෙති’යි නො කියැයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. අනු: නනු වුත‍්තං භගවතා: “අහං ඛො ආවුසො නිගණ‍්ඨා පහොමි අනිඤ‍්ජමානො කායෙන, අභාසමානො වාචං, සත‍්ත රත‍්තින්‍දිවානි එකන‍්තසුඛපටිසංවෙදී විහරිතු”න‍්ති අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති.

ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු: “ඇවැත්නි නිගණ්‍ඨයෙනි, මම වනාහි කයින් නො සැලෙනුයෙම්, බස් නො බණනුයෙම්, සත් දවරැයක් මුළුල්ලෙහි ඒකාන්තසුඛ විඳිනුයෙම් වාස කරන්නට පොහොසත්මි” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. ආ: තෙන හි ‘චිත‍්තසන‍්තති සමාධී’ති.

ප. ආ: එකරුණින් ‘චිත්තසන්තති සමාධි වෙයි.’

සමාධිකථා නිට‍්ඨිතා.

සමාධිකථා නිමි.