සත්තක්ඛත්තුපරමකථා
12. 5.
12. 5.
සත්තක්ඛත්තුපරමකථා
සත්තක්ඛත්තුපරමකථා
[‘සත්තක්ඛත්තුපරම’ යනු නුනුවණින් ගෙන සත්තක්ඛත්තුපරම සෝතාපන්නපුද්ගල සත්තක්ඛත්තුපරමතායෙන් නියත යැයි (සත්වරක්ම ඉපද පිරිනිවේ යයි) උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘සත්තක්ඛත්තුපරමකථා’ එයි.]
1. ස. පු. සත්තක්ඛත්තුපරමො පුග්ගලො සත්තක්ඛත්තුපරමතා නියතො’ති.
1. ස. පු: සත්තක්ඛත්තුපරම පුද්ගල සත්තක්ඛත්තුපරමතායෙන් නියත වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මාතා ජීවිතා වොරොපිතා, පිතා ජීවිතා වොරොපිතො, අරහා ජීවිතා වොරොපිතො, දුට්ඨෙන චිත්තෙන තථාගතස්ස ලොහිතං උප්පාදිතං, සඞ්ඝො භින්නො’ති.
ස. අනු: (ඔබ විසින්) මව දිවියෙන් ගළවන ලද වේ ද, පියා දිවියෙන් ගළවන ලද වේ ද, රහත් දිවියෙන් ගළවන ලද වේ ද, දුෂ්ට සිතින් තථාගතයන් වහන්සේගේ සිරිරින් ලෙහෙ සලනලද වේ ද, සඞ්ඝයා බිඳුනාලද වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ... (මේ මිච්ඡත්තනියාමය ඔහුට නැත.)
2. ස. පු: සත්තක්ඛත්තුපරමො පුග්ගලො සත්තක්ඛත්තුපරමතානියතො’ති.
2. ස. පු: සත්තක්ඛත්තුපරම පුද්ගල සත්තක්ඛත්තුපරමතායෙන් නියත වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අභබ්බො අන්තරා ධම්මං අභිසමෙතුන්ති.
ස. අනු: සත්වර අතර ධර්මය අභිසමය කරන්නට අභව්‍ය වේ ද?
ප. පටි: න හෙවං පත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: අභබ්බො අන්තරා ධම්මං අභිසමෙතුන්ති.
3. ස. පු: අතර ධර්මය අභිසමය කරන්නට අභව්‍ය වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මාතා ජීවිතා වොරොපිතා, පිතා ජීවිතා වොරොපිතො, අරහා ජීවිතා වොරොපිතො, දුට්ඨෙන චිත්තෙන තථාගතස්ස ලොහිතං උප්පාදිතං, සඞ්ඝො භින්නො’ති.
ස. අනු: (සත්තක්ඛත්තුපරම විසින්) මව දිවියෙන් ගළවන ලද වේ ද, පියා දිවියෙන් ගළවන ලද වේ ද, රහත් දිවියෙන් ගළවන ලද වේ ද, දුෂ්ට සිතින් තථාගතයන් වහන්සේගේ සිරිරින් ලෙහෙ සලනලද වේ ද, සඞ්ඝයා බිඳුනාලද වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ... (මේ අභව්‍ය කරුණු ඔහුට නැත.)
4. ස. පු: සත්තක්ඛත්තුපරමො පුග්ගලො සත්තක්ඛත්තුපරමතානියතො’ති.
4. ස. පු: සත්තක්ඛත්තුපරම පුද්ගල සත්තක්ඛත්තුපරමතායෙන් නියත වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අත්ථි සො නියාමො යෙන නියාමෙන සත්තක්ඛත්තුපරමො පුග්ගලො සත්තක්ඛත්තුපරමතානියතො’ති.
ස. අනු: යම් නියාමයෙකින් සත්තක්ඛත්තුපරම පුද්ගල සත්තක්ඛත්තුපරමතායෙන් නියත වේ නම් එබඳු (සම්මත) නියාමයෙන් (ඔහුට) ඇද්ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: අත්ථි තෙ සතිපට්ඨානා -පෙ- සම්මප්පධානා -පෙ- ඉද්ධිපාදා -පෙ- ඉන්ද්රියා -පෙ- බලා -පෙ- තෙ බොජ්ඣඞ්ගා යෙහි බොජ්ඣඞ්ගෙහි සත්තක්ඛත්තුපරමො පුග්ගලො සත්තක්ඛත්තුපරමතානියතො’ති.
ස. අනු: ඒ සතිපට්ඨානයෝ ... සම්මප්පධානයෝ ... ඍද්ධිපාදයෝ ... ඉන්ද්රියයෝ ... බලයෝ ... සම්බෝධ්‍යඞ්ග කෙනකුන්ගෙන් සත්තක්ඛත්තුපරම පුද්ගල සත්තක්ඛත්තුපරමතායෙන් නියත වේ නම්, ඒ බෝධ්‍යඞ්ගයෝ ඇද්ද? (සතිපට්ඨානාදි යම් මාර්ගධර්ම නියාමයෙක් (ඔහුට) ඇද්ද? )
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: නත්ථි සො නියාමො යෙන නියාමෙන සත්තක්ඛත්තුපරමො පුග්ගලො සත්තක්ඛත්තුපරමතානියතො’ති.
5. ස. පු: යම් නියාමයෙකින් සත්තක්ඛත්තු පරම පුද්ගල සත්තක්ඛත්තු පරමතායෙන් නියත වේ නම් එබඳු නියාමයෙක් නැද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ්චි නත්ථි සො නියාමො යෙන නියාමෙන සත්තක්ඛත්තුපරමො පුග්ගලො සත්තක්ඛත්තුපරමතා නියතො,
අනු. ඨ: ඉදින් යම් නියාමයෙකින් සත්තක්ඛත්තුපරම පුද්ගල සත්තක්ඛත්තුපරමතායෙන් නියත වේ නම් එබඳු නියාමයෙක් නැත් නම්,
අනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ “සත්තක්ඛත්තුපරමො පුග්ගලො සත්තක්ඛත්තුපරමතානියතො”ති.
අනු. පා: භවත, සත්තක්ඛත්තුපරම පුද්ගල සත්තක්ඛත්තු පරමතායෙන් නියත වේය’ යි නො කියැයුතු මැ යැ.
6. ස. පු: නත්ථි තෙ සතිපට්ඨානා -පෙ- තෙ බොජ්ඣඞ්ගා යෙහි බොජ්ඣඞ්ගෙහි සත්තක්ඛත්තුපරමො පුග්ගලො සත්තක්ඛත්තුපරමතානියතො’ති.
6. ස. අනු: ඒ සතිපට්ඨානයෝ ... යම් බෝධ්‍යඞ්ගයෙකින් සත්තක්ඛත්තුපරම පුද්ගල සත්තක්ඛත්තුපරමතායෙන් නියත වේ නම් ඒ බෝධ්‍යඞ්ගයෝ නැද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ්චි නත්ථි තෙ බොජ්ඣඞ්ගා යෙහි බොජ්ඣඞ්ගෙහි සත්තක්ඛත්තුපරමො පුග්ගලො සත්තක්ඛත්තුපරමතානියතො,
අනු. ඨ: ඉදින් යම් බෝධ්‍යඞ්ගයෙකින් සත්තක්ඛත්තුපරම පුද්ගල සත්තක්ඛත්තුපරමතායෙන් නියත වේ නම්, ඒ බෝධ්‍යඞ්ගයෝ නැත් නම්,
අනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ “සත්තක්ඛත්තුපරමො පුග්ගලො සත්තක්ඛත්තුපරමතානියතො”ති.
අනු. පා: භවත, සත්තක්ඛත්තුපරම පුද්ගල සත්තක්ඛත්තු පරමතායෙන් නියත වේය’ යි නො කියැයුතු මැ යැ.
7. ස. පු: සත්තක්ඛත්තුපරමො පුග්ගලො සත්තක්ඛත්තුපරමතානියතො’ති.
7. ස. පු: සත්තක්ඛත්තුපරම පුද්ගල සත්තක්ඛත්තුපරමතායෙන් නියත වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සකදාගාමිනියාමෙනා’ති.
ස. අනු: සකෘදාගාමීනියාමයෙන් වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: අනාගාමිනියාමෙනා’ති.
ස. අනු: අනාගාමීනියාමයෙන් වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: අරහත්තනියාමෙනා’ති.
ස. අනු: අර්හත්ත්වනියාමයෙන් වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: කතමෙන නියාමෙනා’ති.
ස. අනු: කවර නියාමයෙකින් වේ ද?
ප. පටිඤ්ඤා: සොතාපත්තිනියාමෙනා’ති.
ප. පටි: ශ්රෝතාපත්තිනියාමයෙන් මැ වෙයි.
8. ස. පු: සත්තක්ඛත්තුපරමො පුග්ගලො සත්තක්ඛත්තුපරමතානියතො’ති.
8. ස. පු: සත්තක්ඛත්තුපරම පුද්ගල සත්තක්ඛත්තුපරමතායෙන් මැ නියත වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: යෙ කෙචි සොතාපත්තිනියාමං ඔක්කමන්ති සබ්බෙ තෙ සත්තක්ඛත්තුපරමතානියතො’ති.
ස. අනු: යම් කිසි කෙනෙක් ශ්රෝතාපත්තිනියාමයට බසිත් නම් එ හැම සත්තක්ඛත්තුපරමතායෙන් නියත වෙත් ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
9. ප. පු: න වත්තබ්බං “සත්තක්ඛත්තුපරමො පුග්ගලො සත්තක්ඛත්තුපරමතානියතො’ති.
9. ප. පු: ‘සත්තක්ඛත්තුපරම පුද්ගල සත්තක්ඛත්තුපරමතායෙන් නියත වේය’ යි නො කියයුතු වේද?
ස. පටිඤ්ඤා: ආමන්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: නනු සො සත්තක්ඛත්තුපරමො’ති.
ප. අනු: හෙ සත්තක්ඛත්තුපරම නො?
ස. පටිඤ්ඤා: ආමන්තා.
ස. පටි: එසේ යැ.
අනු. ඨ: හඤ්චි සො සත්තක්ඛත්තුපරමො,
අනු. ඨ: ඉදින් හෙ සත්තක්ඛත්තුපරම වේ නම්,
අනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ “සත්තක්ඛත්තුපරමො පුග්ගලො සත්තක්ඛත්තුපරමතානියතො”ති.
අනු. පා: භවත, එ කරුණින් ‘සත්තක්ඛත්තුපරම පුද්ගල සත්තක්ඛත්තුපරමතානියත වේ’ ය යි කියයුතු මැ යැ.
(භාග්‍යවතුන් වහන්සේ ‘සත්තක්ඛත්තුපරම’ යනු සෝතාපන්නයා සත්වරකට වඩා නූපදින බව කියනු සඳහා මිස භවනියමයක් සඳහා නො වදාළ හෙයින් සාධක නොවේ.)
සත්තක්ඛත්තුපරමකථා නිට්ඨිතා.
සත්තක්ඛත්තුපරමකථා නිමි.