යෙදුමෙන් කියවන්න

සළායතනකථා

12. 4.

12. 4.

සළායතනකථා.

සළායතනකථා

[යම් හෙයෙකින් කර්‍මය කළ බැවින් ෂඩායතනය උපන්නේ වේ ද, එහෙයින් ‘ෂඩායතනය විපාක වේය’ යි මහාසාඞ්ඝිකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘සළායතනකථා’ එයි.]

1. ස. පු: චක‍්ඛායතනං විපාකො’ති.

1. ස. පු: චක්‍ෂුරායතනය විපාක වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: සුඛවෙදනීයං දුක‍්ඛවෙදනීයං -පෙ- සාරම‍්මණං. අත්‍ථි තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධී’ති.

ස. අනු: (චක්‍ෂුරායතනය) සුඛවේදනීය දුඃඛවේදනීය ... සාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

ස. අනු: නනු න සුඛවෙදනීයං -පෙ- අනාරම‍්මණං. නත්‍ථි තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධී’ති.

ස. අනු: සුඛවේදනීය නො වනුයේ ... අනාලම්බන වනුයේ නො? එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැත්තේ නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි න සුඛවෙදනීයං -පෙ- අනාරම‍්මණං. නත්‍ථි තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධි,

අනු. ඨ: ඉදින් සුඛවේදනීය නො වේ නම් ... අනාලම්බන වේ නම්, එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැත් නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ: ‘චක‍්ඛායතනං විපාකො’ති.

අනු. පා: භවත, ‘චක්‍ෂුරායතන විපාක වේය’ යි නො කියැයුතු මැ යැ.

2. ස. පු: ඵස‍්සො විපාකො, ඵස‍්සො සුඛවෙදනීයො -පෙ- සාරම‍්මණො. අත්‍ථි තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධී’ති.

2. ස. පු: ස්‍පර්‍ශය විපාක වෙයි. ස්‍පර්‍ශය සුඛවේදනීය ... සාලම්බන වේ ද, එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: චක‍්ඛායතනං විපාකො, චක‍්ඛායතනං සුඛවෙදනීයං -පෙ- සාරම‍්මණං. අත්‍ථි තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධී’ති.

ස. අනු: (තොප මතයෙහි) චක්‍ෂුරායතන විපාක වෙයි, චක්‍ෂුරායතනය සුඛවේදනීය වේ ද ... සාලම්බන වේ ද, එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

3. ස. පු: චක‍්ඛායතනං විපාකො, චක‍්ඛායතනං න සුඛවෙදනීයං -පෙ- අනාරම‍්මණං. නත්‍ථි තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධී’ති.

3. ස. පු: චක්‍ෂුරායතනය විපාක වෙයි. චක්‍ෂුරායතනය සුඛවේදනීය නො වනුයේ ... අනාලම්බන වනුයේ වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: ඵස‍්සො විපාකො, ඵස‍්සො න සුඛවෙදනීයො -පෙ- අනාරම‍්මණො. නත්‍ථි තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධී’ති.

ස. අනු: ස්‍පර්‍ශය විපාක වෙයි. ස්‍පර්‍ශය සුඛවේදනීය නො වනුයේ වේ ද, ... අනාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

4. ස. පු: සොතායතනං -පෙ- ඝානායතනං -පෙ- ජිව‍්හායතනං -පෙ- කායායතනං විපාකො’ති.

4. ස. පු: ශ්‍රෝත්‍රායතනය ... ඝ්‍රාණායතනය ... ජිහ්වායතනය ... කායායතනය විපාක වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: සුඛවෙදනීයං දුක‍්ඛවෙදනීයං -පෙ- සාරම‍්මණං, අත්‍ථි තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධී’ති.

ස. අනු: (කායායතනය) සුඛවේදනීය දුඃඛවෙදනිය ... සාලම්බන වේ ද, එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

ස. අනු: නනු සුඛවෙදනීයං -පෙ- අනාරම‍්මණං. නත්‍ථි තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධී’ති.

ස. අනු: සුඛවේදනීය නො ... අනාලම්බන නො, එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැත් නු?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි සුඛවෙදනීයං -පෙ- අනාරම‍්මණං. නත්‍ථි තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධි,

අනු. ඨ: ඉදින් සුඛවේදනීය නො වී නම් ... අනාලම්බන වී නම්, එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැත් නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ ‘කායායතනං විපාකො’ති.

අනු. පා: භවත, ‘කායායතන විපාක වේය’ යි නො කියැයුතු මැ යැ.

5. ස. පු: ඵස‍්සො විපාකො, ඵස‍්සො සුඛවෙදනීයො -පෙ- සාරම‍්මණො. අත්‍ථි තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධී’ති.

5. ස. පු: ස්‍පර්‍ශය විපාක වෙයි. ස්‍පර්‍ශය සුඛවේදනීය වේ ද ... සාලම්බන වේ ද, එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: කායායතනං විපාකො, කායායතනං සුඛවෙදනීයං -පෙ- සාරම‍්මණං. අත්‍ථි තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධී’ති.

ස. අනු: (තොප මතයෙහි) කායායතනය විපාක වෙයි, කායායතනය සුඛවේදනීය වේ ද, සාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

6. ස. පු: කායායතනං විපාකො, කායායතනං න සුඛවෙදනීයං -පෙ- අනාරම‍්මණං. නත්‍ථි තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධී’ති.

6. ස. පු: (තොප මතයෙහි) කායායතනය විපාක වෙයි, කායායතනය සුඛවේදනීය නො වේ ද ... අනාලම්බන වේ ද, එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: ඵස‍්සො විපාකො, ඵස‍්සො න සුඛවෙදනීයො -පෙ- අනාරම‍්මණො. නත්‍ථි තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධී’ති.

ස. අනු: ස්‍පර්‍ශය විපාක වෙයි, ස්‍පර්‍ශය සුඛවේදනීය නො වේ ද, ... අනාලම්බන වේ ද, එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

7. ප. පු: න වත‍්තබ‍්බං සළායතනං විපාකො’ති.

7. ප. පු: ‘සළායතනය විපාක වේය’ යි නො කියැයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. අනු: නනු සළායතනං කම‍්මස‍්ස කතත‍්තා උප‍්පන‍්නන‍්ති.

ප. අනු: සළායතනය කර්‍මය කළ බැවින් උපන්නේ නො?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි සළායතනං කම‍්මස‍්ස කතත‍්තා උප‍්පන‍්නං,

අනු. ඨ: ඉදින් සළායතනය කර්‍මය කළ බැවින් උපන්නේ වී නම්,

අනු. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ “සළායතනං විපාකො”ති.

අනු. පා: භවත, එකරුණින් “සළායතනය විපාක වේය” යි කියැයුතු මැ යැ. (මනායතනය විපාක වෙයි. සෙස්ස හුදෙක් කම්මසමුට්ඨානය විපාක නො වේ. එයින් අසාධකයි.

සළායතන කථා නිට‍්ඨිතා.

සළායතනකථා නිමි.