යෙදුමෙන් කියවන්න

සද‍්දො විපාකොතිකථා

12. 3.

12. 3.

සද‍්දො විපාකොතිකථා.

සද්දො විපාකොතිකථා

[“සො තස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා උස්සනතත්තා විපුලත්තා බ්‍රහ්මස්සරො හොති” ආදි සූත්‍ර නුනුවණින් ගෙන “ශබ්දය විපාක වෙති” යි මහාසාඞ්ඝිකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘සද්දො විපාකො’ති කථා එයි.]

1. ස. පු: සද‍්දො විපාකො’ති.

1. ස. පු: ශබ්දය විපාක වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: සුඛවෙදනීයො දුක‍්ඛවෙදනීයො අදුක‍්ඛමසුඛවෙදනීයො, සුඛාය වෙදනාය සම‍්පයුත‍්තො දුක‍්ඛාය වෙදනාය සම‍්පයුත‍්තො අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තො, ඵස‍්සෙන සම‍්පයුත‍්තො වෙදනාය සම‍්පයුත‍්තො සඤ‍්ඤාය සම‍්පයුත‍්තො චෙතනාය සම‍්පයුත‍්තො චිත‍්තෙන සම‍්පයුත‍්තො සාරම‍්මණො. අත්‍ථි තස‍්ස ආවට‍්ටනා ආභොගො සමන‍්නාහාරො මනසිකාරො චෙතනා පත්‍ථනා පණිධී’ති.

ස. අනු: (ශබ්දය) සුඛවේදනීය වේ ද? දුඃඛවේදනීය, අදුඃඛාසුඛවේදනීය, සුඛවේදනා හා සම්ප්‍රයුක්ත, දුඃඛාවේදනා හා සම්ප්‍රයුක්ත, අදුඃඛාසුඛවේදනා හා සම්ප්‍රයුක්ත, ස්‍පර්‍ශය හා සම්ප්‍රයුක්ත, වේදනාව හා සම්ප්‍රයුක්ත, සංඥාව හා සම්ප්‍රයුක්ත, චේතනාව හා සම්ප්‍රයුක්ත, චිත්තය හා සම්ප්‍රයුක්ත වේ ද? සාලම්බන වේ ද? එයට ආවර්‍තනා ආභෝග සමන්‍වාහාර මනස්කාර චේතනා ප්‍රාර්‍ත්‍ථනා ප්‍රණිධි ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

ස. අනු: නනු න සුඛවෙදනීයො න දුක‍්ඛවෙදනීයො -පෙ- අනාරම‍්මණො. නත්‍ථි තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධී’ති,

ස. අනු: සුඛවේදනීය නො වනුයේ දුඃඛවේදනීය නො වනුයේ ... අනාලම්බන වනුයේ නො? එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැත්තේ මැ නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි න සුඛවෙදනීයො -පෙ- අනාරම‍්මණො. නත්‍ථි තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධි,

අනු. ඨ: ඉදින් සුඛවේදනීය නො වී නම් ... අනාලම්බන වී නම්, එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැත් නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ ‘සද‍්දො විපාකො’ති.

අනු. පා: භවත, ‘ශබ්දය විපාක වේය’ යි නො කියැයුතු මැ යැ.

2. ස. පු: ඵස‍්සො විපාකො, ඵස‍්සො සුඛවෙදනීයො -පෙ- සාරම‍්මණො. අත්‍ථි තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධී’ති.

2. ස. පු: ස්‍පර්‍ශය විපාක වෙයි. ස්‍පර්‍ශය සුඛවේදනීය ... සාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: සද‍්දො විපාකො, සද‍්දො සුඛවෙදනීයො -පෙ- සාරම‍්මණො. අත්‍ථි තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධී’ති.

ස. අනු: (තොප මතයෙහි) ශබ්දය විපාක වෙයි. ශබ්දය සුඛවේදනීය ... සාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

3. ස. පු: සද‍්දො විපාකො, සද‍්දො න සුඛවෙදනීයො -පෙ- අනාරම‍්මණො. නත්‍ථි තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධී’ති.

3. ස. පු: (තොප මතයෙහි) ශබ්දය විපාක වෙයි. ශබ්දය සුඛවේදනීය නො වනුයේ ... අනාලම්බන වනුයේ වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: ඵස‍්සො විපාකො, ඵස‍්සො න සුඛවෙදනීයො න දුක‍්ඛවෙදනීයො -පෙ- අනාරම‍්මණො. නත්‍ථි තස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධී’ති.

ස. අනු: ස්‍පර්‍ශය විපාක වෙයි. ස්‍පර්‍ශය සුඛවේදනීය නො වනුයේ දුඃඛවේදනීය නො වනුයේ ... අනාලම්බන වනුයේ වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

4. ප. පු: න වත‍්තබ‍්බං ‘සද‍්දො විපාකො’ති.

4. ප. පු: ‘ශබ්දය විපාක වේය’ යි නො කියැයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. අනු: නනු වුත‍්තං භගවතා: “සො තස‍්ස කම‍්මස‍්ස කතත‍්තා උපචිතත‍්තා උස‍්සන‍්නත‍්තා විපුලත‍්තා බ්‍රහ‍්මස‍්සරො හොති කරවීකභාණී”ති. අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති.

ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: ‘හේ එ කම් කළ බැවින් රැස්කළ බැවින් උත්සන්න බැවින් විපුල බැවින් කුරවිකෙවිල්ලනට බඳු වචන ඇතියේ බ්‍රහ්මස්වර වේ’ යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. ආ: තෙන හි ‘සද‍්දො විපාකො’ති.

ප. ආ: එ කරුණින් ‘ශබ්දය විපාක’ වෙයි.

සද‍්දො විපාකොතිකථා නිට‍්ඨිතා.

සද්දො විපාකොතිකථා නිමි.