යෙදුමෙන් කියවන්න

දුග‍්ගතිකථා

12. 9.

12. 9.

දුග‍්ගතිකථා.

දුග්ගතිකථා

[දුර්‍ගතිය හා දුර්‍ගතිසත්ත්‍වයන්ගේ රූපාදිය අරමුණු කොට ඇති තෘෂ්ණාව හා දෙක මැ දුර්‍ගති විසින් ගෙන නැවත ඒ විභාග නො කොට - ඒ වෙන වෙන නො ගෙන අවශේෂයෙන් ‘දෘෂ්ටිසම්පන්න පුද්ගලයාහට දුර්‍ගති ප්‍රහීණ’යැ යි උත්තරාපථක නිකායවාසීන් සෙයින් වාද ගත්තවුන්ගේ ඒ වාද බිඳුනට දුර්‍ගතිකථා එයි.]

1. ස. පු: දිට‍්ඨිසම‍්පන‍්නස‍්ස පුග‍්ගලස‍්ස පහීනා දුග‍්ගතී’ති.

1. ස. පු: දෘෂ්ටිසම්පන්න පුද්ගලයාහට දුර්‍ගති ප්‍රහීණ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: දිට‍්ඨිසම‍්පන‍්නො පුග‍්ගලො ආපායිකෙ රූපෙ රජ‍්ජෙය්‍යා’ති.

ස. අනු: දෘෂ්ටිසම්පන්න පුද්ගල ආපායික රූපයෙහි ඇලේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි දිට‍්ඨිසම‍්පන‍්නො පුග‍්ගලො ආපායිකෙ රූපෙ රජ‍්ජෙය්‍ය,

අනු. ඨ: ඉදින් දෘෂ්ටිසම්පන්න පුද්ගල ආපායික රූපයෙහි ඇලේ නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ “දිට‍්ඨිසම‍්පන‍්නස‍්ස පුග‍්ගලස‍්ස පහීනා දුග‍්ගතී”ති.

අනු. පා: භවත ‘දෘෂ්ටිසම්පන්න පුද්ගලහට දුර්‍ගති ප්‍රහීණ’ යැයි නො කියැයුතු මැ යැ.

2. ස. පු: දිට‍්ඨිසම‍්පන‍්නස‍්ස පුග‍්ගලස‍්ස පහීනා දුග‍්ගතී’ති.

2. ස. පු: දෘෂ්ටිසම්පන්න පුද්ගලයාහට දුර්‍ගති ප්‍රහීණ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: දිට‍්ඨිසම‍්පන‍්නො පුග‍්ගලො ආපායිකෙ සද‍්දෙ -පෙ- ගන්‍ධෙ -පෙ- රසෙ -පෙ- ඵොට‍්ඨබ‍්බෙ රජ‍්ජෙය්‍ය -පෙ- අමනුස‍්සිත්‍ථියා තිරච‍්ඡානගතිත්‍ථියා නාගකඤ‍්ඤාය මෙථුනං ධම‍්මං පටිසෙවෙය්‍ය, අජෙළකං පටිගණ‍්හෙය්‍ය, කුක‍්කුටසූකරං පටිගණ‍්හෙය්‍ය, හත්‍ථිගවාස‍්සවළවං පටිගණ‍්හෙය්‍ය, තිත‍්තිරවට‍්ටකං මොරකපිඤ‍්ජලං පටිගණ‍්හෙය්‍යා’ති.

ස. අනු: දෘෂ්ටිසම්පන්න පුද්ගල ආපායික ශබ්දයන් ... ගන්‍ධයන් ... රසයන් ... ස්ප්‍රෂ්ටව්‍යයන් කෙරෙහි ඇලේ ද ... අමනුෂ්‍ය ස්ත්‍රිය හා සමග, තිරිසන්ගිය ස්ත්‍රිය හා සමග, නාගකන්‍යාව හා සමග මෙවුන්දම් සෙවුනේ වේ ද? එළුතිරෙළුවන් පිළිගන්නේ වේ ද, කුකුළුහූරන් පිළිගන්නේ වේ ද, ඇත් අස් වෙළඹුන් පිළිගන්නේ, තිත්වටු වටුවන් පිළිගන්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි දිට‍්ඨිසම‍්පන‍්නො පුග‍්ගලො -පෙ- තිත‍්තිරවට‍්ටකං මොරකපිඤ‍්ජලං පටිගණ‍්හෙය්‍ය,

අනු. ඨ: ඉදින් දෘෂ්ටිසම්පන්න පුද්ගල ... තිත්වටු වටු මයුරකපිඤ්‍ජර පිළිගන්නේ වේ නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ “දිට‍්ඨිසම‍්පන‍්නස‍්ස පුග‍්ගලස‍්ස පහීනා දුග‍්ගතී”ති.

අනු. පා: භවත ‘දෘෂ්ටිසම්පන්න පුද්ගලයාහට දුර්‍ගති ප්‍රහීණ යැ’ යි නො කියැයුතු මැ යැ.

3. ස. පු: දිට‍්ඨිසම‍්පන‍්නස‍්ස පුග‍්ගලස‍්ස පහීනා දුග‍්ගති, දිට‍්ඨිසම‍්පන‍්නො පුග‍්ගලො ආපායිකෙ රූපෙ රජ‍්ජෙය්‍යා’ති.

3. ස. පු: දෘෂ්ටිසම්පන්න පුද්ගලයාහට (තොප මතයෙහි) දුර්‍ගති ප්‍රහීණ යැ. දෘෂ්ටිසම්පන්න පුද්ගල ආපායික රූපයෙහි ඇලේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: අරහතො පහීනා දුග‍්ගති, අරහා ආපායිකෙ රූපෙ රජ‍්ජෙය්‍යා’ති.

ස. අනු: රහත්හට දුර්‍ගති ප්‍රහීණ යැ. රහත් ආපායික රූපයෙහි ඇලේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

4. ස. පු: දිට‍්ඨිසම‍්පන‍්නස‍්ස පුග‍්ගලස‍්ස පහීනා දුග‍්ගති, දිට‍්ඨිසම‍්පන‍්නො පුග‍්ගලො ආපායිකෙ සද‍්දෙ -පෙ- ගන්‍ධෙ -පෙ- රසෙ -පෙ- ඵොට‍්ඨබ‍්බෙ -පෙ- තිත‍්තිරවට‍්ටකං මොරකපිඤ‍්ජලං පටිගණ‍්හෙය්‍යා’ති.

4. ස. පු: දෘෂ්ටිසම්පන්න පුද්ගලයාහට දුර්‍ගති ප්‍රහීණ යැ. දෘෂ්ටිසම්පන්න පුද්ගල ආපායික ශබ්දයෙහි ... ගන්‍ධයෙහි ... රසයෙහි ... ස්ප්‍රෂ්ටව්‍යයෙහි ඇලේ ද ... තිත්වටු වටු මයුරකපිඤ්‍ජර පිළිගන්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: අරහතො පහීනා දුග‍්ගති. අරහා -පෙ- තිත‍්තිරවට‍්ටකං මොරකපිඤ‍්ජලං පටිගණ‍්හෙය්‍යා’ති.

ස. අනු: රහත්හට දුර්‍ගති ප්‍රහීණ යැ. රහත් තිත්වටුවටුවන් මයූරකපිඤ්‍ජරයන් පිළිගන්නේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

5. ස. පු: අරහතො පහීනා දුග‍්ගති. න ච අරහා ආපායිකෙ රූපෙ රජ‍්ජෙය්‍යා’ති.

5. ස. පු: රහත්හට දුර්‍ගති ප්‍රහීණ යැ. රහත් ආපායික රූපයෙහි නො ඇලෙන්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: දිට‍්ඨිසම‍්පන‍්නස‍්ස පුග‍්ගලස‍්ස පහීනා දුග‍්ගති, න ච දිට‍්ඨිසම‍්පන‍්නො පුග‍්ගලො ආපායිකෙ රූපෙ රජ‍්ජෙය්‍යා’ති.

ස. අනු: දෘෂ්ටිසම්පන්න පුද්ගලයාහට දුර්‍ගති ප්‍රහීණ යැ. දෘෂ්ටිසම්පන්න පුද්ගල ආපායික රූපයෙහි නො ඇලෙන්නේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

6. ස. පු: අරහතො පහීනා දුග‍්ගති. න ච අරහා ආපායිකෙ සද‍්දෙ -පෙ- ගන්‍ධෙ -පෙ- රසෙ -පෙ- ඵොට‍්ඨබ‍්බෙ රජ‍්ජෙය්‍ය, අමනුස‍්සිත්‍ථියා තිරච‍්ඡානගතිත්‍ථියා නාගකඤ‍්ඤාය මෙථුනං ධම‍්මං පටිසෙවෙය්‍ය, අජෙළකං පටිගණ‍්හෙය්‍ය, කුක‍්කුටසූකරං පටිගණ‍්හෙය්‍ය, හත්‍ථිගවාස‍්සවළවං පටිගණ‍්හෙය්‍ය තිත‍්තිරවට‍්ටකං මොරකපිඤ‍්ජලං පටිගණ‍්හෙය්‍යා’ති.

6. ස. පු: රහත්හට දුර්‍ගති ප්‍රහීණ යැ. රහත් ආපායික ශබ්දයෙහි ... ගන්‍ධයෙහි ... රසයෙහි ... ස්ප්‍රෂ්ටව්‍යයෙහි නො ඇලෙන්නේ වේ ද? නො මිනිස් මාගමක හා තිරිසන්ගිය මාගමක හා නාමෙණෙවියක හා ද මෙවුන්දම් නො සෙවුනේ වේ ද? එළු බැටළු නො පිළිගන්නේ වේ ද? කුකුළුහූරු නො පිළිගන්නේ වේ ද? ඇත්ගවඅස්වළඹුන් නො පිළිගන්නේ වේ ද? ... තිත්වටුවටුවන් මයුරකපිඤ්‍ජර නො පිළිගන්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: දිට‍්ඨිසම‍්පන‍්නස‍්ස පුග‍්ගලස‍්ස පහීනා දුග‍්ගති, න ච දිට‍්ඨිසම‍්පන‍්නො පුග‍්ගලො -පෙ- තිත‍්තිරවට‍්ටකං මොරකපිඤ‍්ජලං පටිගණ‍්හෙය්‍යා’ති.

ස. අනු: දෘෂ්ටිසම්පන්න පුද්ගලයාහට දුර්‍ගති ප්‍රහීණ යැ. දෘෂ්ටිසම්පන්න පුද්ගල ... තිත්වටුවටුවන් මයුරකපිඤ්‍ජර නො පිළිගන්නේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

7. ස. පු: න වත‍්තබ‍්බං “දිට‍්ඨිසම‍්පන‍්නස‍්ස පුග‍්ගලස‍්ස පහීනා දුග‍්ගතී”ති.

7. ප. පු: ‘දෘෂ්ටිසම්පන්න පුද්ගලයාහට දුර්‍ගති ප්‍රහීණ යැ’ යි නො කියයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. අනු: දිට‍්ඨිසම‍්පන‍්නො පුග‍්ගලො නිරයං උපපජ‍්ජෙය්‍ය -පෙ- තිරච‍්ඡානයොනිං උපපජ‍්ජෙය්‍ය -පෙ- පෙත‍්තිවිසයං උපපජ‍්ජෙය්‍යා’ති.

ප. අනු: දෘෂ්ටිසම්පන්න පුද්ගල නිරයට එළඹෙන්නේ වේ ද ... තිරිසන් යොනට එළැඹෙන්නේ වේ ද ... ප්‍රේතවිෂයට එළඹෙන්නේ වේ ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු යැ ...

ප. ආ: තෙනෙහි “දිට‍්ඨිසම‍්පන‍්නස‍්ස පුග‍්ගලස‍්ස පහීනා දුග‍්ගතී”ති.

ප. ආ: එකරුණින් දෘෂ්ටිසම්පන්න පුද්ගලයාහට දුර්‍ගති ප්‍රහීණ වෙයි. (මෙයින් දුර්‍ගතිප්‍රහාණය හෝ දුර්‍ගතිගාමීතෘෂ්ණාප්‍රහාණය දැක්වූයේ වෙයි. දුර්‍ගතිසත්ත්‍වයන්ගේ රූපාදිය කෙරෙහිවූ තෘෂ්ණාප්‍රහාණය නොවේ. එහෙයින් අසාධකයි.)

දුග‍්ගතිකථා නිට‍්ඨිතා.

දුර්‍ගතිකථා නිමි.