සළායතනුප්පත්තිකථා
14. 2.
14. 2.
සළායතනුප්පත්තිකථා.
සළායතනුප්පත්තිකථා
[‘උපපත්තෙසිය - පිළිසඳ සිත සමග මැ ඕපපාතිකයනට ෂඩායතන උපදනේ යැ. ජරායුජ සත්ත්වයනට ප්රතිසන්ධික්ෂණයෙහි මනායතන කායායතන දෙදෙන මැ උපදනාහ. ආධ්‍යාත්මික ආයතනයන් කෙරෙහි ඉතිරි සතර ආයතන සත්සැත්තෑරැසෙහි උපදිති. ඔහු ද ඒ ප්රතිසන්ධිකර්මය හෝ අනෙක් කර්මයක් හෝ කළ හෙයිනැ’යි ස්වසමයෙහි වාද යි. එතෙකුදු වුව ‘ඒකකර්මසම්භවතාහේතුයෙන් ශාඛාවිටපසම්පන්න වෘක්ෂාදීන්ගේ අඞ්කුරෝද්ගමනය සෙයින් මවුකුසැ ප්රතිසන්ධික්ෂණයෙහි දී මැ බිජමාත්ර ෂඩායතන ඇති’යි පූර්‍වශෛලිය නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘සළායතනුප්පත්තිකථා’ එයි.]
1. ස. පු: සළායතනං අපුබ්බං අචරිමං මාතුකුච්ඡිස්මිං සණ්ඨාතී’ති.
1. ස. පු: ෂඩායතන පෙර පසු නො වැ මවුකුසැ පිහිටා ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සබ්බඞ්ගපච්චයා අහීනින්ද්රියො මාතුකුච්ඡිස්මිං ඔක්කමතී’ති.
ස. අනු: හැම අඟපසඟ ඇති වැ අනූන ඉඳුරන් ඇති වැ මවුකුසැ සිටුනේ වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: උපපත්තෙසියෙන චිත්තෙන චක්ඛායතනං සණ්ඨාතී’ති.
2. ස. පු: උප්පත්තෙසිය (ප්රතිසන්ධි) සිතින් චක්ෂුරායතනය පිහිටන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: උපපත්තෙසියෙන චිත්තෙන හත්ථා සණ්ඨන්ති, පාදා සණ්ඨන්ති, සීසං සණ්ඨාති, කණ්ණො සණ්ඨාති, නාසිකා සණ්ඨාති, මුඛං සණ්ඨාති, දන්තා සණ්ඨන්තී’ති.
ස. අනු: උපපත්තෙසිය සිතින් හස්තයෝ පිහිටත් ද, පාදයෝ පිහිටත් ද, ශීර්ෂය පිහිටා ද, කර්ණය පිහිටා ද, නාසිකාව පිහිටා ද, මුඛය පිහිටා ද, දන්තයෝ පිහිටත් ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: උපපත්තෙසියෙන චිත්තෙන සොතායතනං -පෙ- ඝානායතනං -පෙ- ජිව්හායතනං සණ්ඨාතී’ති.
3. ස. පු: උපපත්තෙසිය සිතින් ශ්‍රෝත්‍රායතනය ... ඝ්‍රාණායතනය ... ජිහ්වායතනය පිහිටන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: උපපත්තෙසියෙන චිත්තෙන හත්ථා සණ්ඨන්ති, පාදා සණ්ඨන්ති, සීසං සණ්ඨාති, කණ්ණො සණ්ඨාති, නාසිකා සණ්ඨාති, මුඛං සණ්ඨාති, දන්තා සණ්ඨන්තී’ති.
ස. අනු: උපපත්තෙසිය සිතින් හස්තයෝ පිහිටත් ද, පාදයෝ පිහිටත් ද, ශීර්ෂය පිහිටා ද, කර්ණය පිහිටා ද, නාසිකාව පිහිටා ද, මුඛය පිහිටා ද, දන්තයෝ පිහිටත් ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ප. පු: මාතුකුච්ඡිගතස්ස පච්ඡා චක්ඛායතනං උප්පජ්ජතී’ති.
4. ප. පු: මාතෘකුක්‍ෂිගතයාහට පසු වැ චක්‍ෂුරායතන උපදනේ වේ ද?
ස. පටිඤ්ඤා: ආමන්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: මාතුකුච්ඡිස්මිං චක්ඛුපටිලාභාය කම්මං කරොතී’ති.
ප. අනු: මාතෘකුක්‍ෂියෙහි දී චක්ෂුෂ්ප්රතිලාභ පිණිස කර්ම කරන්නේ වේ ද?
ස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ප. පු: මාතුකුච්ඡිගතස්ස පච්ඡා සොතායතනං -පෙ- ඝානායතනං -පෙ- ජිව්හායතනං උප්පජ්ජතී’ති.
5. ප. පු: මාතෘකුක්‍ෂිගතයාහට පසු වැ ශ්‍රෝත්‍රායතන ... ඝ්‍රාණායතන ... ජිහ්වායතන උපදනේ වේ ද?
ස. පටිඤ්ඤා: ආමන්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: මාතුකුච්ඡිස්මිං ජිව්හායතනපටිලාභය කම්මං කරොතී’ති.
ප. අනු: මාතෘකුක්‍ෂියෙහි ජිහ්වායතන ප්රතිලාභ පිණිස කර්ම කරන්නේ වේ ද?
ස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ප. පු: මාතුකුච්ඡිගතස්ස පච්ඡා කෙසා ලොමා නඛා දන්තා අට්ඨි උප්පජ්ජන්තී’ති.
6. ප. පු: මාතෘකුක්‍ෂිගතයාහට පසු වැ කෙස් ලොම් නිය දත් ඇට උපදනේ වේ ද?
ස. පටිඤ්ඤා: ආමන්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: මාතුකුච්ඡිස්මිං අට්ඨිපටිලාභාය කම්මං කරොතී’ති.
ප. අනු: මාතෘකුක්‍ෂියෙහි දී අස්ථිප්රතිලාභ පිණිස කර්ම කරන්නේ වේ ද?
ස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
7. ස. පු: න වත්තබ්බං මාතුකුච්ඡිගතස්ස පච්චයා කෙසා ලොමා නඛා දන්තා අට්ඨි උප්පජ්ජන්තී’ති.
7. ස. පු: ‘මාතෘකුක්‍ෂිගතයාහට පසු වැ කෙස් ලොම් නිය දත් ඇට උපදනේ යැ’යි කියැයුතු නො වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු වුත්තං භගවතා.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු:
“පඨමං කලලං හොති කලලා හොති අබ්බුදං අබ්බුදා ජායතෙ පෙසී පෙසී නිබ්බත්තතී ඝනො ඝනා පසාඛා ජායන්ති කෙසා ලොමා නඛා’පි ච.
“පළමු වැ කලලරූපය වෙයි. කලලරූපයෙන් අර්බුද වෙයි. අර්බුදයෙන් පේශි උපදි. පෙශියෙන් ඝන වෙයි. ඝනයෙන් ප්රශාඛයෝ ද කෙස් ලොම් නිය ද උපදිත්.
යඤ්චස්ස භුඤ්ජතෙ. මාතා අන්නං පානඤ්ච භොජනං තෙන සො තත්ථ යාපෙති මාතුකුච්ඡිගතො නරො’ති”
ඔහුගේ මව ආහාරපාන සඞ්ඛ්‍යාත යම් මැ බොජුනක් බුදී ද, ඒ මාතෘකුක්‍ෂිගත සත්ත්වයා එයින් යැපේ”යයි
අත්ථෙ’ව සුත්තන්තො’ති.
වදාළ සුත්‍රාන්තයක් ඇත්තේ මැ නු?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පු: එසේ යැ.
ස. ආ: තෙන හි “මාතුකුච්ඡිගතස්ස පච්ඡා කෙසා ලොමා නඛා දන්තා අට්ඨි උප්පජ්ජන්තී”ති.
ස. ආ: එකරුණින් ‘මාතෘකුක්‍ෂිගතයාහට පසු වැ කෙස් ලොම් නිය දත් ඇට උපදනාහු වෙත්.
සළායතනුප්පත්තිකථා නිට්ඨිතා.
සළායතනුප්පත්තිකථා නිමි.